ගෑස්ට්‍රයිටිස් නිට්ටාවටම සුවකරගන්න ආහාර වට්ටෝරු 3 ක්

බඩේ පිපුම, බඩේ දැවිල්ල, බඩේ ඇසිඩ් ගතිය, බඩ පපුව දැවිල්ල යනාදී විවිධ ආකාරයට හඳුන්වනු ලබන ආමාශයේ ප්‍රධාහයන්. ආමාශයේ ග්‍රහනියේ සහ ගලනාලයේ කල්පවතින ප්‍රධාහයන් හෝ අධික ආම්ලිකතාව නිසා හටගන්නා තුවාල, කලාතුරකින් හටගන්නා අර්බුද සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන් ආමාශගත රෝගාබාධ ලෙස හඳුන්වයි. මුලින්ම අපි ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වය හඳුනා ගනිමු.

ආමාශයේ, ග්‍රහනියේ, ගලනාලයේ පහළ කොටසේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා මෙම අම්ල පිත්තය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිවීමට පුළුවනි. නිතර නිතර ඇතිවන බඩ පිපුම, ආහාර අරුචිය, බඩ පපුව දැවිල්ල, බඩේ ඉහළ කොටසේ සහ පපුවේ ඇතිවන දැවිල්ල, වරින් වර ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට ඇතිවන ඔක්‌කාරය සහ වමන ගතිය, ආහාර ගත් විගසම වැසිකිළි යැමට අවශ්‍යතාව ඇතිවීම රෝග ලක්‍ෂණ සමහරකි.

අද පවතින කාර්යය බහුල සමාජයේ ජීවන රටාවත් සමඟ මිනිසුන්ගේ ආහාර ගැනීමේ රටාව විකෘති තත්ත්වයට පත්ව ඇත. නිසි පෝෂණයෙන් සපිරි සමබර ආහාර වේලක්‌ වෙනුවට ශරීරයට කිසිම ආකාරයකට ශක්‌තියක්‌ බලයක්‌ ලබා නොදෙන කෘත්‍රිම රසකාරක හා වර්ණක අඩංගු කෙටි ආහාර ගැනීමට මිනිසුන් හුරුපුරුදු වී සිටිති. අධික කාර්ය බහුලත්වය නිසා හටගන්නා මානසික පීඩනය (ආතතිය) සහ මෙවන් කෙටි ආහාර ගැනීම වැනි කරුණු නිසා බොහෝ දෙනා ගැස්‌ට්‍රයිටිස්‌a හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිනු දක්‌නට ලැබේ.

මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වන්නේ මෙම රෝග ලක්‍ෂණවලින් සමහරක්‌ හෝ කිහිපයක්‌ ඔබට ඇතිනම් එය නොසලකා හැරීම නුවණට හුරු නොවන බවයි. රෝගය නොසලකා හැරීමෙන් එය උත්සන්න තත්ත්වයට පත්වුවහොත් උදරයේ අදාළ කොටස්‌වල ඇතිවිය හැකි තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වන්නට පුළුවන. රුධිරය ගලායැම වැඩි වුවහොත් සමහර අවස්‌ථාවල ශල්‍යකර්මවලට භාජන කිරීමටත් සිදුවනු ඇත. එම නිසා ඉහත රෝග ලක්‍ෂණ කිහිපයක්‌ ඔබට ඇත්නම් වහාම ඒ සඳහා ප්‍රතිකාර ගැනීම සහ රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු දින චර්යාවට හැඩගැසීම ඉතාමත් වැදගත් වේ.

අර්තාපල් වලින්-
අර්තාපල් අල ගෙඩියක්, සුදුහදුන් කුඩු මේස හැදි දෙකක්, නැවුම් මුට්ටියක්

උදේ පාන්දර හිස් බඩ අර්තාපල් අලය පෙති කපා අමුවෙන් කන්න. පෙර දින රාත්‍රියේ මුට්ටියට ලොකු වතුර විදුරැ දෙකක් දාලා සදුහදුන් කුඩු ටික දාලා රෙදි කැල්ලකින් බැදලා මිදුලේ පින්නේ තියන්න. උදේට විදුරැවකට දාලා අලගෙඩිය කෑමෙන් සපු හිස් බඩ වතුර විදුරැවක් බොන්න. අනිත් විදුරැව රැ නින්දට පෙර බොන්න..මේවගේ සතියට දවස් තුනක් කරන්න නිට්ටාටම ගෑස්ටිස් සුවයි.

දිය බත් – උයා ඉතිරි උන බත් ටිකක් (රතු කැකුළු සහල් නම් වඩාත් හොදයි),ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්,අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ,පොල් බෑයක කිරි,දෙහි බෑවක ඇඹුල්,ලූණු ස්වල්පයක්,උම්බලකඩ 20 ට පමණපෙරදින රාත‍්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප‍්‍රමාණයකට බත් ටික වැසෙන ප‍්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න.එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්‍ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න.

වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර බොන්න. කෝමාරිකා මැද ජෙල් කොටස වතුර සමග එකතු කර ජුස් එකක් හදා මී පැණි එකතු කර බොන්න. කිරි කෝප්පයකට බාර්ලි මේස හැදී දෙකක් එකතු කර උයා ගන්න.එයට මී පැණි කුරැදු කුඩු එකතු කර බොන්න.දිය බත් වගේම මේකත් දවස් 7ක් වගේ දීගටම කන්න රස ගුණ පිරුණු උදය ආහාරයක්.

මත්පැන් පානය ද වහාම නතර කළ යුතුය. මෙම කරුණු දෙකම බඩේ තුවාල උත්සන්න කිරීමට හේතුවන බැවිනි.නිතර නිතර උදරයට හානි කරන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුය.අධික මිරිස්‌, තුනපහ, ගම්මිරිස්‌, කුළුබඩු වර්ග, තෙල් වර්ග අඩංගු ආහාරවලින් වැළකිය යුතුය.ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුයඔබ නිතර නිතර දුම් පානය කරන්නේ නම් වහාම එය නතර කළ යුතුය.එකවර වැඩි ආහාර ප්‍රමාණයක්‌ අනුභව නොකළ යුතුය. එම විශාල ආහාර ප්‍රමාණය කොටස්‌ කිහිපයකට බෙදාගෙන වරින් වර සුළු ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගත යුතුය. ටික ටික ආහාර කොටස්‌ ආමාශයට ඇතුළු වන විට එහි ඇති ආම්ලික ස්‍රාවයන් ඒවාට උරා ගන්නා නිසා ආමාශයේ බිත්ති තුවාල වීම වළක්‌වා ගත හැකිය. එම නිසා වෙනදා ආහාර ප්‍රමාණයම අඩු නොකළ යුතුය. එය කොටස්‌ කිහිපයකට බෙදා ආහාර ගන්නා වාර ගණන වැඩි කළ යුතුය.

කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි. ආහාර පිසින විට විවිධ රසකාරක වර්ණක කිසිසේත්ම එකතු නොකළ යුතුය. ආහාර ගැනීමේදී වෙනත් දේවල් ගැන නොසිතා තමන් ගන්නා ආහාරය ගැන සිතා එය තුළින් ශරීරයට සුවතාවක්‌ සැලසිය යුතු යෑයි සිතා ආහාර ගත යුතුය. නැතහොත් ගන්නා ආහාරයෙන් ශරීරයට යහපතක්‌ සිදුවන්නේ නැත. කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි. ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුය.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

පීනස නිට්ටාවටම සුවකරගන්න රතුළූණු තෙල් හිසේ ආලේප කරන්න

අප ‍රටේ ජනතාවෙන් දෙකෙන් කොටසකටත් වැඩි පිරිසක් පීනසෙන් පීඩාවිඳින බව සඳහන් වන අතර ශ්වසන පද්ධති රෝගීන් භයානක ලෙස වැඩිවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද කියා සිටිනවා. පාරම්පරික හා පාරම්පරික නොවන අසාත්මිකතා ලෙස හැඳින්විය හැකි පීනස ,දූවිල්ල සීතල වැනි නොයෙකුත් හේතු අසාත්මිකවීමෙන් වැළඳෙන්නක්. පීනස් රෝග 18 වර්ගයක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.පොදුවේ ගත් කල හිසේබර ගතිය, කිවිසුම් යාම , සොටු දියර ගැලීම, ආදිය එහි මූලික ලක්ෂණයි. අසාත්මිකතාවට අදාලවන හේතුවෙන් ඈත්වූ තරමට රෝගයේ පීඩාවත් අඩුවනවා.

Centella asiatica නමින් හැඳින්වෙන ගොටුකොළ ඉතා වටිනා පැළෑටියක්. ගොටුකොළ මිටක යුෂ වලට මී පැණි හැන්දක් මුසුකර උදෑසන උදෑසන බීමෙන් සියලු රෝග නිවාරණය වන බව සඳහන්. ගොටුකොළ රෝග දුරලීමට මෙන් ම මොළය වර්ධනයටද මතක ශක්තිය වැඩීමට ද දීර්ඝායු ලැබීමටද හේතුවන්නක්.17 වන සියවසේ විසූ චින් යූ එන් නමැති ආත්මාරක්ෂක සටන් කරුවා තමාගේ ප්‍රධාන ආහාර වේල් සඳහා ගොටුකොළ යොදාගත් අතර ඔහු වසර 256 ක- ඇදහිය නොහැකි තරම් දිගු කාල සීමාවක් ජීවත්වූ බවට සඳහනක් දක්නට ලැබෙනවා.

ඖෂධ සඳහා යොදාගත යුත්තේ කුඩා පත්‍ර සහ කුඩා නැටි ඇති ගස් සෙවණේ වැල් ඇදෙමින් සෑදෙන කුඩා ගොටු කො ළ වර්ගයයි. රතුලූනු ත් රෝග ගණනාවකට සුව සදන වටිනා ශාකයක්. අල මෙන්ම පත්‍ර ද ගුණදායකයි. එසේ ම සෙම බුරුල්කරන වාතය සමනය කරන කාශ, කක්කල් කැස්ස ඇදුම වැනි ශ්වසන රෝග වලට විශේෂ ගුණ දෙන්නක්.සෙම් ප්‍රතිශ්‍යාව වැළදීගෙන එනවිට රතුලූනු අහුරක් කෑමෙන් නාසයේ උගුරේ සෙම පිටවී විෂබීජය විනාශවී යන බව සඳහන්.

මෙම රතුලූනු ගොටුකොළ සුසංයෝගය, පීනසට ගුණ දෙන දිව ඔසුවක් ලෙස හැඳින්වෙනවා. ගොටු කොළ කැඳ පීනසට ගුණදායකයි. ගොටු කොළ යුෂ කිතුල් හකුරු හෝ පැණි සමග ආහාරයට ගැනීමත් පීනසට යෝග්‍යයි. .ගොටුකොළ රතුලූනු හා අමුමිරිස් යොදා හදාගන්නා සම්බෝලය නිතර ආහාරයට ගැනීම ද පීනස මැඩ පැවැත්වීමට හේතුවනවා. සාමන්‍ය මට්ටමින් පීනස ඇති අයට මේ සරල කෂාය ගැලපෙනවා.

ගොටු කොළ දඬු සහ වලඟසාල් අහුරබැගින් ගන්න. රතුලූනු ගෙඩි හතක් ගන්න. බඳුනකට දැමූ වතුර කෝප්ප 7 ක් සමග ඒවා ලිපතබා කෝප්පයක් වනසේ සිඳුවා ගන්න. මෙය දවසක් ඇර දවසක් පානයකරන්න. මින් පීනස පාලනය වී සොටු දිය ගැලීම නතරවේවි.

වඩාත් බරපතල ලෙස පිනසෙන් පීඩා විඳින්නේ නම් පහත සඳහන් අත් බෙහෙත සුදුසුයි.
ගොටු කොළ මිටක් හා රතුලූනු ගෙඩි 7ක් ගන්න. වංගෙඩියක දමා හොඳින් කොටා රෙදිකඩක පොට්ටනියක්සේ බැඳ යුෂ මිරිකා ගන්න. මෙය උදේ හවස පානය කිරීමෙන් පීනස පාලනය කරගත හැකියි. මෙය නොකඩවා දින 7 ක් පානය කර මින් ලැබෙන ගුණ වටහාගන්න.

පීනස ඇතිවිට රතුලූනු තෙල් හිස ගැල්වීම ද හිත කරයි එය මෙසේ සකසා ගන්න.
රතුලූනු ග්‍රෑම් 200 ක යුෂ මිරිකා ගන්න. පිරිසුදු පොල්තෙල් කාලක් ළංකරගන්න. මේ දෙවර්ගය එකට දමා, තිබූ ප්‍රමාණයෙන් බාගයක් වනසේ සිඳුවාගන්න. උදේ හිස් මුදුනේ ගාන්න. තේ හැන්දකට වඩා අඩු ප්‍රමාණයක් ගැල්වීම සුදුසුයි.

(මූලාශ්‍ර හා සේයා රූ-වෛද්‍ය ලේඛන හා අන්තර්ජාලය ඇසුරිනි.)

සූද යාම කාන්තාවන්ගේ සිරුර කෙටිටූ වීමට හේතුවක් – කාන්තා රෝග රැසකට පිළිතුරු

මාගේ වයස අවූ. 28 කි. තවම විවාහ වී නොමැත. ටික කලක සිට මට සූද යෑම පවතී. ඇඟ කෙටිටූ වන බවක් ද දැනේ. මේ සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍යද? මෙයට විසඳුම කුමක්ද?
ඔබගේ වයසේ කාන්තාවකට සූද යෑම වශයෙන් බහූලව භාවිත වන යෝනි මාර්ගයෙන් ශ්‍රාවය පිටවීම සාමාන්‍ය දෙයකි. යෝනි මාර්ගය සහ ඊට ඉහළින් ඇති ගර්භාෂ ප්‍රදේශය සාමාන්‍යයෙන් තෙත්ව පවතී. මීට හේතුව එම ප්‍රදේශය වැසී ඇති පටක වල ග්‍රන්ථීන් තිබීමත් එම ග්‍රන්ථීන් මගින් ස්‍රාවයන් පිට කිරීමත්ය. මෙය සිදු නොවූනහොත් එම ප්‍රදේශය වියලී යෑමෙන් වේදනාව ඇතිවිය හැක. මෙවැනි ගැටළු ඇතිවීම වළක්වාලීමට ස්වභාවිකවම ඇති කරන ස්‍රාවයන් වැඩි වූ විට පිටතට ගලා ඒම සාමාන්‍ය දෙයකි. මේ සඳහා වෛද්‍ය උපදෙස් සෙවීම අවශ්‍ය නැත.

නමූත් යම් හෙයකින් මීට අමතරව වෙනත් ගැටළු ඇති නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යූතුයි. ඒ නම් මෙම පිටවන ස්‍රාවයේ විශේෂ පැහැයක් හෝ විශේෂ ගඳක් ඇත්නම් හෝ ඒ සමගම යෝනි මාර්ගයේ දැවිල්ලක් හෝ කැසිල්ලක් ඇත්නම් මෙය විෂබීජ ආසාදනයකින් සිදු වූවක් විය හැක. මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇත්නම් වහාම ප්‍රතිකාර ලබාගත යූතුයි.

ඔබගේ ඇඟ කෙටිටූ වීම කිසිසේත්ම සූද යෑමට සම්බන්ද දෙයක් නොවේ. ඇග කෙටිටූ වීම පැහැදිලිවම දැකිය හැකි ප්‍රමාණයට සිදුවේ නම් හෝ ශරීරයේ බර ක්‍රමයෙන් අඩූ වේ නම් වෛද්‍යවරයකු හමූ වී එයට හේතුව සොයා බැලීම කල යූතුයි.

විවාහ වී වසර හතරකි තවම දරුවන් නොමැත වයස අවූ 33 වන මට දරුවන් නොමැත. විවාහ වී අවූරුදු 4 කි. එක වරක් ගැබ් ගැනීමක් සිදුවිය. මාස 2 කදී එය ගබ්සා විය. ඉන්පසූ මගේ මාසික ශුද්ධ වීම අපිළිවෙල වී ඇත. මම දැන් දරුවකු බලාපොරොත්තුවෙන් සිටිමි. ඔසප් අපිළිවෙල බැවින් නැවත දරුවකු ලැබීමට නොහැකි වේද? ගැබ්ගෙන එය නැතිවීම නැවත සිදුවිය හැකිද?

ඔබගේ ඔසප් වීම අපිළිවෙල වීම කෙතරම් කලක් තිස්සේ ඇත් ද යන්න ඔබගේ ප්‍රශ්නයේ සඳහන් වී නැත. ගැබ් ගැනීමක් සිදු වී එය නැති වූ අලුත ඔසප් වීම අපිළිවෙල වීම සාමාන්‍ය දෙයකි. ගැබ් ගැනීමට පෙර ඔසප් වීම පිළිවෙලට සිදු වූයේ නම් ඒ පිළිබඳ බිය විය යූතු නැත. මාස කීපයක් යන වට එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වේ. එනම් ගර්භනී මවකගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් කම් නිසා ඇයගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවන්නේ නැත. ගර්භය ඉවත් වී ටික කලක් යනතුරු මෙම හෝමෝන ශරීරයේ සාමාන්‍ය තත්ත්වයට පත් වන්නේ නැත.

නමූත් මෙය සිදු වී දැන් වසර කීපයක් නම්, එනම් වසර ගණනාවක්ම ඔසප් වීම අපිළිවෙල නම් බලා සිටීම යෝග්‍ය නොවන්නේ ඔබ වයස් ගතවන බැවිනි. එබැවින් වෛද්‍යවරයකු හමූ වී ප්‍රතිකාර ගැනීම සූදුසූ වේ. කෙසේ වෙතත් ඔබට වරක් ගැබ් ගැනීමක් සිදු වූ කාන්තාවක් බැවින් දරුවකු ලැබීමට නොහැකි මඳසරු තත්ත්වයක් ඔබට නැත. එනම් ඔබගේ ශරීරයේ ගැබ් ගැනීම සම්බන්ධව සරු තත්ත්වයක් ඇති බව ඔප්පූ වී ඇත. එබැවින් ඔබ කල් නොහැර දරුවකු ලැබීමට උත්සාහ කල යූතුය. තවද වරක් ගර්භයක් නැති වූ පමණින් එය නැවත නැවත සිදුවිය යූතු නැත. එබැවින් ඔසප් වීම යථා තත්ත්වයට පත් කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කල යූතුයි. ගැබ් ගැනීමක් සිදු වූ විට වෛද්‍යවරයකු හමූවීම පමා නොකර සිදු කල යූතුයි.

අප විවාහ වී වසර දෙකහමාරක් ක් පමණ වේ. මගේ වයස අවූ( 31 කි. තවම දරුවන් නොමැත. පළමූ වසර එකහමාරක් තුළ අප දරුවකු පිළිබඳ උනන්දු වූයේ නැත. නමූත් දැන් වසරක පමණ කාලයක සිට උත්සාහ කලද දරු පල නොමැත.

වසරක පමණ කාලයක් උත්සාහ කිරීමෙන් පසූ දරුඵල නොමැති නම් එය ගැටලු සහගත තත්ත්වයකි. එබැවින් වෛද්‍යවරයකු හමූවීමට යා යූතුයි. ඔබගේ වයස සලකා බලන කල ඔබ දරුඵල ලැබීමට සූදුසූ වයසේ පසූවන නමූත් ප්‍රතිකාර ගැනීම පමා කිරීම අනූවණ ක්‍රියාවකි. දරුඵල නොමැති කම හෙවත් මඳ සරු භාවයට හේතුන් කාන්තාව තුළ ඇති ගැටලු තුළ ඇති ගැටලු හෝ මේ දෙදෙනාගේම ගැටලුත් විය හැක. බොහෝ විට ඉතාම සරල ප්‍රතිකාර ක්‍රමයකින් මෙම ගැටලු විසඳා ගත හැකි වේ. සමහර අවස්ථාවල දෙපාර්ශවයේම කිසිම ප්‍රශ්නයක් නොමැති වූවද දරුඵල නොමැති අවස්ථා දැකිය හැකිය. මේ සඳහා ද විකල්ප ප්‍රතිකාර ක්‍රම ඇත. එබැවින් ඔබේ ගැටලුව වෛද්‍යවරයකු හමූ වී සාකච්ඡා කිරීම වහාම කළ යූතුය.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

දුර ගමනක් යන විට ඔබටත් කරකැවිල්ල ඔක්කාරය වමනය හා ශාරීරික විඩාව ඇති වෙනවද?

වාහනයක දුර ගමනක් යද්දී ඔබට කරකැවිල්ල ඔක්කාරය වමනය එනවාද? කඳු පල්ලම් සහිත වංගු පාරක යද්දී ඒ ගතිය තවත් වැඩිවනවා ද? එසේ නම් බෝට්ටුවක, නැවක, ගුවන් යානයක යද්දී එය තවත් උග්‍ර වේවි.. ගමන් අසනීපය (travel sickness) ලෙස හැඳින්වෙන මෙම රෝගී තත්ත්වය රටේ ජනතාවෙන් තුනෙන් කොටසක පමණ පිරිසක් පීඩාවට පත් කරන්නක්.  කරකැවිල්ල ඔක්කාරය වමනය ශාරීරික විඩාව එහි ලක්ෂණයි.

එය ඇතිවන්නේ කොහොම ද?
අපගේ ශරීරය චලනය වනවිට එහි සමබරතාව මෙහෙයවීම සඳහා මොළයට පණිවිඩ දෙන්නේ කන ආශ්‍රිත උපකරණ පද්ධතියක් මගින්. ශරීරය සෙලවීමේදීත්, ගමන් කිරීමේදීත් ඇස ට දැනෙනා චලනය සමග එය ගලපා ගන්නා මොළය අවශ්‍ය සමබර තාව සඳහා සිරුර මෙහෙයවනවා. වාහනයකින් ගමන් ගන්නාවිට මෙය මඳක් වෙනස්වනවා. වාහනය සැබැවින් ම ගමන් ගත්තත් වාහනය තුළ සිටින්නා සිටින්නේ එතැනමයි. ඇස වාහනය තුළ දකින්නේ චලනය නොවන පරිසරයක් . කන ඇතුළේ ඇති උපකරණ පද්ධතිය , මොළයට සිරුර ගමන් ගන්නා බව ට වාර්තා කරන අතර ඇස මොළයට පවසන්නේ ගමන් නො ගන්නා බවයි. මේ නො ගැලපෙන වාර්තාවලින් ව්‍යාකූලවන මොළය තේරුම් ගන්නේ ආහාර මාර්ගයට වසක් විසක් ඇතුළු වූවාක් වැනි අමුතුම තත්ත්වයක් ලෙසයි. ප්‍රතිපලය වන්නේ වසවිසෙන් මිදීමට ස්වාභාවික වම ඇතිවන වමන ඔක්කාර තත්ත්වයයි.

ගමනේ දී ඇස් පියා ගෙන සිටීම හෝ නින්දක් ලබාගැනීම මගින් ඇස හා කන අතර විෂමතාව මොළයට නිරාකරණය කරගත හැකිවීමෙන් රෝගය අඩුවනවා. චුයින්ගම් හෝ වෙනත් ආහාරයක් දිගටම සපමින් සිටින්නේ නම් එවිටද තත්ත්වය යහපත් වනවා. ඉඟුරු කෑල්ලක් හෝ ඉඟුරු මිශ්‍ර කිසිවක් නම් වඩාත් සුදුසුයි. වාහනයේ සිට පෙනෙන ඈත ම ස්ථානය දෙසට නෙත් යොමු කොට ගෙන සිටීමෙන්ද අපහසුව අඩුවනවා. වාහනය තුළ ට පිටතින් ගලන නැවුම් සිසිල් වාතය ද රෝගියා ට සුව සලසනවා. වාහනය තුළ පොත්පත් කියවීම, හිස පහතට නමා ගැනීම, හෝ උකුළු මත හිස තබා ගැනීම, රෝගය වැඩිවීමට හේතුවක්. මේ තත්ත්ව‍යෙන් මිදීමට ඇතැමුන් කෙමක් කරනවා. ඒ වාහනයේ හිඳ ගන්නාවිට කතා නො කර ආසනය මත පත්තර පිටුවක් එළා හිඳ ගැනීමයි.

ගමන යාමට පෙර දින රැයේත් ගමන පිටත් වීමට පැය බාගයකට පෙරත් Cinneragine හෝ Promethazine වැනි ඖෂධයක් වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීමෙන් ගමන් අසනීපයට සහන අත්කර ගත හැකියි.

(වෛද්‍ය ලේඛනයක් ඇසුරිනි)

පන්සලකට ගිහින් නිවැරදිව බෝධි පූජාවක් තියන හැටි දැනගන්න

දිවයිනේ බොහෝ විහාරස්ථානවල දිනපතා හෝ සති අන්තවල බෝධිපූජා පවත්වනු දැක ගත හැකිය. බෝධි පූජාව වස් කාලය තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවේ. එය අද ලක්දිව බෞද්ධයන් අතර නිරන්තරයෙන් සිදුවන ජනපි‍්‍රය ආගමික කටයුත්තක් බවට පත්ව ඇත. මේ නිසා ම පෙර පැවති බෝධි පූජාව අද වන විට විවිධ වෙනස් වීම්වලට භාජනය වී ඇත. මෙම වෙනස් වීම් නිසා අද බෝධි පූජාව පැවැත්වීමේ අරමුණු ද වෙනත් මගක් ගෙන ඇත.

බෝධි පූජාවේ ඉතිහාසය බෞද්ධයන් අතර ප්‍රචලිතය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වීම, ආනන්ද බෝධිරෝපණා දී සිද්ධි බුද්ධ කාලීන බෝධි පූජාමය කටයුතුවලට උදාහරණ ලෙස සුලභ ව කථා කෙරේ. පසු කලෙක අශෝක, දේවානම්පියතිස්සා දී රජවරුන්ගේ අනුග්‍රහය ඇති ව ද බෝධි පූජාව ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. විශේෂයෙන් ශශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ බෝධිපූජාව කේන්ද්‍ර කරගනිමින් සිංහල ජන විඥානය හා සාහිත්‍ය කලාව ආදියද නව පණක් ලබා ගෙන ඇත.

අද සිංහල භාෂාවේ ‘බෝධිය’ යන වචනය ගසක නමකි. බෝ ගස යනුවෙන් එය වැහැරේ. නමුත් පාලි භාෂාවේ ‘බෝධි’ යන වචනය අවබෝධය බුද්ධිය වැනි අරුත් දෙන පදයකි. බෞද්ධයන්ගේ වන්දනයට බුහුමනට පාත්‍රවෙන ‘බෝධිය’ වෘක්‍ෂයක් ලෙස ‘අස්සත්ථ, ඇසතු, ඇහැටු’ නමින් පෙර හඳුන්වා ඇත. මෙහිදී අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණය නම් අප පූජාව පවත්වනුයේ ඇසතු ගසට හෝ එහි අරක්ගෙන සිටින දෙවිකෙනෙකුට නොව බෝධියට බවයි. එනම් එය හුදෙක් බෝධිපූජාව වෘක්‍ෂ වන්දනාවක් ද නොවන බවයි.

බෝධි යනු අවබෝධ බැවින් බෝධි පූජාව ද අවබෝධයෙන් කළ යුතු කාර්යයකි. බුදු දහමේ එන ඕනෑම ආගමික කාර්යයක් අවබෝධය, බුද්ධිය, ප්‍රඥාව පදනම් කරගෙන කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් ය. නමුත් අද ඇතැම් අයෙක් බෝධිපූජාව පවත්වනුයේ අවබෝධයෙන් දැයි විමසිය යුතු ය. බෝධි පූජාවට බෝධීන්වහන්සේ වෙත යන බොහෝ අයගේ අරමුණු වනුයේ අපල උපද්‍රව දුරු කරවා ගැනීම හා සෙත ශාන්තිය නිරෝගී සුවය ලබා ගැනීම වැනි කරුණු ය. හදිසි ආබාධවලට ලක්වූවන්ට ආශිර්වාද පිණිස ආගමික කටයුතු කිරීමෙන් ඔවුන් තුළ යහපත් මානසික තත්ත්වයක් ඇති කරලිය හැකි ය. එය කායික නිරෝගී භාවයට ද සෘජු ව බලපානු ඇත. හඳහන පරීක්‍ෂා කරවා ගැනීමෙන් අපල ඇති බව දැනගත් විට හා ඡ්‍යොතිෂවේදීන් බෝධි පූජා පැවැත්වීම නිර්දේශ කළ විට පන්සල බෝධිය සිහිවන බෞද්ධයෝ ද අද සිටිති. මල් පහන් ආදී නෙකවිධ පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කොට ගාථා කවි ගායනා කරමින් දින ගණන් ඇතැම්හු බෝධිය ඉදිරිපට යාඥාවන් පවත්වති. බොහෝ විට එවැනි අවස්ථාවල බුද්ධිය සැඟවී භීතිය, මෝහය වැනි හැඟීම් ඉස්මතු වේ. මෙලෙස පූජාවන් පැවැත්වීමේ දී බොහෝවිට අරුත්සුන් සෝභනකාරී වැඩවල ඇතැම්හු යෙදෙති. ශාස්ත්‍රය නිසි ලෙස නොදත් හා මූල්‍යමය අරමුණු පමණක් ඇති ඡ්‍යොතිෂවේදීහු ද කිසිදු පදනමක් නැතිව දින ගණන් බෝධි පූජාවන් කිරීම නිර්දේශ කරති. සියලු පූජා ද්‍රව්‍යයන් එකම ස්ථානයක තබා පූජාව පැවැත්විය යුතු යැයි ඡ්‍යොතිෂවේදියෙකු නිර්දේශ කළ බැවින් මල් පහන් ආදී සියලු ද්‍රව්‍යයන් බෝධිය අසල බුදුකුටිය තුළ තබා සිදුකළ බෝධිපූජාවක් අවසන් වූයේ මල් ආසන, තිරරෙදි ආදිය ගිනිබත් වීමෙන් බව මෑතක දී අපට සැල විය. ඇතැම් විට බෝධිපූජා පැවැත්විය යුතු කාලවකවානු ද නියම කෙරේ. ඇතැම්හු මධ්‍යම රාත්‍රියේ බෝධිපූජාවට පැමිණෙති. බෝධි පූජාව යනු බුද්ධිය මුල් කරගෙන යෙදිය යුතු ආගමික කාර්යයක් බව බෝධි පූජාව පවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුම තරයේ සිහි තබා ගත යුතු කරුණකි.

බෝධිපූජාවෙන් පමණක් අපල දුරු නොවේ. බෝධියට මෙන්ම අනෙක් වෘක්‍ෂලතාදියට ද ආදරය කළ යුතුය. සොබාදහමට පරිසරයට ලැදිව දිවි ගෙවීමෙන් අපල අනතුරු අවම කරගත හැකි ය. විහාරස්ථානයෙන් ම ඇති තරම් ජලය ගෙන බෝධිය නාවන ඇතැම්හු පිපාසිත සතෙකුට ජල බිඳක් දීමට මැලි වෙති. බුදුරදුන්ගේ නව ගුණ සිහි කරමින් ඒ පිහිටෙන් අපල දුරුවේවායි කවි ගායනා කෙරේ. යමෙකුගේ ගුණ ගායනා කිරීම ස්තුති පූජා ගණයට වැටේ. ඉන් පින් සිදුවේ. “නවගුණ ශාන්තිය” හෝ නවග්‍රහ ශාන්තිය ලෙස නම් කොට ඇති පැරණි කාව්‍ය මාලාව තුළ ඉල්ලීම් රාශියක් ඇතුළත් වේ. බෝධි පූජාවෙන් පමණක් මේ සෑම පැතුමක් ම ඉටුවේ දැයි සැක සහිතය. මල් පහන් ආදිය පුදා බෝධිය ළඟ වන්දනා කිරීමෙන් සියලු පැතුම් ඉටුවෙන බවක් බුදු දහමේ සඳහන් නොවේ. බෝධි පූජාවෙන් ශාන්තිය උදා නොවන බව ඉන් අදහස් නොකෙරේ. බෝධිපූජාවෙන් නියම ප්‍රතිඵල ලැබීමට නම් ශ්‍රද්ධාව හා බුද්ධිය මූලික විය යුතු ය. එසේ ම අවබෝධයෙන් යුතු දීර්ඝකාලීන හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා තිබිය යුතු ය. සම්බුදු නවගුණයන් තුළින් නවග්‍රහයන්ගේ අපල දුරුවේවායි පතන්නා තුළ නව අරහාදී බුදු ගුණ පිළිබඳ සුළුවෙන් හෝ අවබෝධයක් තිබිය යුතු ය. එම ගුණයන් හැකි පමණින් තම ජීවිතයට එකතු කරගෙන තිබිය යුතු ය. රහසින් වත් පව් නොකරන ස්වභාවය ‘අරහං’ බුදුගුණයේ එක් අවස්ථාවකි. එය බුදුරදුන් සතුය. අප හොර රහසේ සියලු පව් කරන අතර බුදු හිමියන්ගේ එම ගුණයේ පිහිටෙන් අපට සෙත සැලසේවායි කරන ඉල්ලීම සාධාරණද? එය ඉටු වේවි ද? මේ පිළිබඳ අප බුද්ධිමත් ව කල්පනා කළ යුතු ය.

පාලි භාෂාව පිළිබඳ අනවබෝධය නිසා බොහෝ විට ගාථාදිය සදොස්ව වහරන අතර අනවබෝධයෙන් මිදීමට හෙළ බසින් පමණක් වන්දනා කරන අවස්ථා ද ඇත. කෙසේ පැවැත්වූවත් බෝධි පූජාව තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතු ය. ඒ කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය.

ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම. පිරිසුදු ව ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම. බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම. යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම. අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම. ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම. බෝධි වන්දනා ගාථා හා කවි ගායනය. තෙරුවන් ක්ෂමා කරවා ගැනීම. දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීම. මෛත්‍රී භාවනාව

පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)
විහාරස්ථාන යනු විලාසිතා ප්‍රදර්ශනය කරන ස්ථාන නොවේ. බෝධි පූජාවට පමණක් නොව ආගමික ස්ථානයකට යන විට චාම් හා සම්පූර්ණ ඇඳුමකින් සැරසීම මුලින් ම කළ යුතු ය. පූජා ද්‍රව්‍යයන් ශ්‍රද්ධාවෙන් හා පිරිසුදුව සකසා ගැනීම කළ යුතු ය. හැම දෙයක් ම මිලට ගැනීමට වඩා අවම වශයෙන් තමා විසින් ම තම නිවසින් මල් ටිකවත් නෙළා ගැනීම කළ හැකි ය. මල් පහන් ආදිය පිදීමට පෙර අදාළ ස්ථාන පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයකි. පූජා ද්‍රව්‍යයන් තැබිය යුත්තේ ද ඒ සඳහා වෙන් කොට ඇති අදාළ ස්ථානවලය. පහන් කපුරු ආදිය දල්වන්නේ නම් ඒවා දැල්විය යුත්තේ ඒ සඳහා පිළියෙළ කොට ඇති ස්ථානවල පමණි. බුදු පිළිමය, බෝධියට ලං වූ තරමට පින හා ප්‍රතිඵල වැඩි වේ යැයි සිතන ඇතැම්හු බෝධිය මුල හෝ පිළිම මත පහන් දල්වති.

එසේ කිරීමෙන් කෙලෙස් රැස්වෙන අතර අපල ද වැඩිවෙනු ඇත. ඇතැම් තැනක පෙරේත තටුවක් මෙන් බුද්ධ පූජාව ද පවත්වනු පෙනේ. කෙසෙල් ගෙඩියේ ලෙලි ඉවත් කොට, සමහර විට ඒ මත හඳුන්කූරු ද ගසා මල් අසුන් උඩ තබති. එය බුදුරදුන්ට තබා සතෙකුටවත් ආහාරයට ගැනීමට නො හැකි ය. එබැවින් මෙවැනි පූජාවන් තැබීමේ දී පිරිසුදුකම ගැන වඩාත් අවධානය යොමුවිය යුතු ය. ඒ සඳහා පිරිසුදු භාජන ද යොදා ගත යුතු ය. අඬු කැඩුණු, බිඳුණු, අපිරිසුදු භාජන සිඟන්නෙකුටවත් පිළිගැන්වීම සිදු නොකළ යුතු ය. එසේ තිබියදී බුද්ධ පූජාවට, බෝධිපූජාවට අපිරිසුදු භාජන යොදා ගැනීම කෙතරම් නුසුදුසුද? වන්දනාවට යොදාගන්නා කවි හා ගාථා පිළිබඳව ද අප තුළ නිසි අවබෝධයක් තිබිය යුතු ය.

අප පංචශීලය සමාදන් වනුයේ පාලි භාෂාවෙනි. අර්ථය මෙනෙහි කරමින් පාලි ගාථා හා පාඨ සජ්ඣායනය කිරීම පින අංග සම්පූර්ණ වීමට බලපායි. භාෂාව පිළිබඳ අනවබෝධය නිසා ඇතැම් ගාථා හා පාඨ සදොස් ව වැහැරීමත් ඒ සඳහා විකල්පයක් ලෙස සිංහලය පමණක් භාවිත කිරීමත් බුද්ධිගෝචර නොවේ. සිංහල කවි හා පාඨ ද භාවිතා කළ හැකිය. ගාථාවේ හෝ පාඨයේ අර්ථය හා ඉන් කෙරෙන කාර්යය පිළිබඳ මෙනෙහි කරමින් ගායනා කිරීම වඩා ඵලදායී වේ. මිහිරි ලෙස හා රිද්මයානුකූල ව ගාථා ගායනය වැදගත් ය. ආගමික වතාවත්වලදී රිද්මයානුකූල ගායනය මානව සංහතියේ ආරම්භයේ සිට ජන විඥානගතව පවතින තත්ත්වයක් බැවින් බුදුදහමේ ද එන මෙවැනි ආගමික කටයුතුවලට එය පොදු වී ඇත.

පූජාව අවසන සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කිරීම හා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම කුසල තීව්‍ර වීමට හේතු වේ. බෝධීන් වහන්සේ නමක් අභියස පහනක් ද දැල්විය හැකි ය. පිරිසුදු අරමුණෙන් යුක්ත වීම හා ශ්‍රද්ධාවෙන් නියැලීම තුළින් පින් රැස් වේ. මල් පිදීම ද එසේ ය. මල් ප්‍රිය උපදවන වස්තුවකි.

උතුම් හා උසස් බවේ සංකේතයකි. පැරණි දඹදිවවාසීහු උසස් කෙනෙක් දක්නට යාමේ දී මල් පොකුරක් ගෙන යති. ඒ අනුව බුදුරදුන් බැලීමට ආ අය ද මල් ගෙන ආහ. මල් පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස පැරැන්නන් සිතූහ. ඒ සිරිත අනුව මල් පූජාව ආරම්භ විය. මල්වලින් උසස් අයට කරන ගෞරවයක් වශයෙන් එය කරන නිසා යහපතක් වේ. පිනක් සිදුවේ. අප පහන් දල්වන්නේ බුදුරදුන් උදෙසාය. උන්වහන්සේට ගෞරවය පිණිස ය. මේ සියලු පූජාවන් සිදු කරනුයේ බුදුරදුන්ට ගෞරවය දැක්වීමේ මාධ්‍යයන් ලෙසය. එබැවින් බෝධි පූජාව වැනි ආගමික වතාවත්වලදී බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.

බලන්ගොඩ මෙත්තානන්ද හිමි
(උපුටාගැනීම බුදුසරණ අන්තර්ජාල කලාපය )

විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කර ගන්න විදිය ගැන හරියටම දැනගන්න

අනුරාධපුරයේ තිබෙනවා රන්මසු උයන නමැති ජල උද්‍යානයක්. මෙය පිහිටා තිබෙන්නේ තිසාවැව සහ ඉසුරුමුණිය අතර ප‍්‍රදේශය තුළයි. රන්මසු උයනේ එක් තැනෙක තිබෙනවා අඩි දහයක් පමණ උස රවුම් ගල් ගෙඩියක් හා සමාන ගල් පර්වතයක්. මෙහි කොටා තිබෙනව විශාල චක‍්‍රයක්. ඒ චක‍්‍රය තුළ තවත් චක‍්‍රයක් සහ එය තුළ තවත් චක‍්‍රයක් යනාදී වශයෙන් චක‍්‍ර කිහිපයක්ම කොටා තිබෙනවා. මේ චක‍්‍රය මත සිරස් අතට සමාන්තර රේඛා කිහිපයක්ද තවත් සංකේත ගණනාවක් ද කොටා තිබෙනවා. මෙයට කියන්නේ සක්වල චක‍්‍රය කියලයි. අපේ චක‍්‍රාවටය සහ එහි තිබෙන සෞරග‍්‍රහ මණ්ඩල එකී සංකේත මගින් නියෝජනය වන බවට ඪස්ාසපසර නදඩ්කිනහ නමැති රුසියානු පර්යේෂකයා සඳහන් කරන බව මෙහි මතක්කර දිය යුතුයි. මේ චක‍්‍රයේ තිබෙනවා විශේෂත්වයක්. මෙය ඉදිරිපිටට ගිහින් එම චක‍්‍රය කෙරෙහි සිත ඒකාග‍්‍ර කරගෙන භාවනා කරන්නට පටන් ගත්තාම එක් අවස්ථාවක ගල මත කොටා ඇති සක්වළ චක‍්‍රය විවෘත වෙලා අපට විශ්වය තුළට ගමන් කිරීමට මඟ පෑදෙනවා.

අතීතයේ සිටි සමහර භික්‍ෂූන් වහන්සේලා විශ්වය හරහා ගමන් කර එහෙමත් නැත්නම් අත්නරීක්‍ෂ ගවේෂණය සිදුකර විශ්වය පිළිබඳ දැනුම ලබා ගන්නේ මෙන්න මේ සක්වල චක‍්‍රය හරහා ගමන් කර බවට පිළිගැනීමක් තිබෙනවා. භාවනාව හොඳින් ප‍්‍රගුණ කළ රහතන් වහන්සේ කෙනකුට නම් මේ චක‍්‍රය නැතිව තමන්ම භාවනා කර හිත එකඟ කරගෙන විශ්වය හරහා ගිහින් එහි තිබෙන ශක්ති කදම්භ සම්පේ‍්‍රක්‍ෂණය කරන්නට පුළුවන්.

ප‍්‍රශ්නය – මෙවැනි චක‍්‍රයකින් තොරව විශ්වය හරහා සිත ගෙන යන්නට ඔබට පුළුවන්ද?
විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – ස්ථිර වශයෙන්ම පුළුවන්. මේ සඳහා මම ශක්තීන් කිහිපයක් පරිහරණය කරනවා. ඊට අමතරව ඔබේ හිතට එබී බලන්නටත් ඒ තුළ තැන්පත්ව තිබෙන දුක් කරදර හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමටත් මට පුළුවන්. ඔබේ සිතට එබී බලන්නට මා පරිහරණය කරන්නේ ටෙලිපති ක‍්‍රමයයි.

ප‍්‍රශ්නය – ටෙලිපති කියන්නේ බටහිර විද්‍යාවට අයත් සිද්ධාන්තයක් නේද?
විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – Ttelepathy කියන්නේ ගී‍්‍රක වචනයක්. Tele කියන එකේ තේරුම ‘දුර’ යන්නයි. Pathy කියන්නේ හැඟීම හෝ අත්දැකීම කියන එකයි. මෙහි නවීන විද්‍යාත්මක අර්ථකථනය තමයි කිසිදු භෞතික මාධ්‍යයක් ප‍්‍රයෝජනයට ගන්නෙ නැතිව හිස් අවකාශය හරහා චිත්ත තරංග යැවීම. ඔබට පණිවුඩයක් දීමට මට අවශ්‍ය නම් එය දුරකථන ඇමතුමක් මගින් කරනවා වගේම චිත්ත තරංග මගිනුත් මට කරන්නට පුළුවන්. දුරකථන ඇමතුමට වැඩිය චිත්ත තරංග ඉතා ප‍්‍රබලයි. දුරකථන ඇමතුම ඇහෙන්නේ කනටයි. චිත්ත තරංගය කෙළින්ම ඔබේ යටි හිතටම ගමන් කරනවා. යටි හිතට ගමන් කර එහි තැන්පත් වෙනවා. එසේ තැන්පත් වන චිත්ත තරංග ඉතාම ප‍්‍රබලයි. කනට ඇහෙන පණිවුඩයට වඩා හිතට දැනෙන පණිවුඩය ඉතා ප‍්‍රබලයි.

එය මනසේ පතුලටම කිඳා බහිනවා. ස්ථිරසාර පණිවුඩයක් ලෙස පවතිනවා. හිතමු ඔබට දරුණු ලෙඩක් තිබෙනවා කියලා. එය සුවපත් කර ගැනීමට නම් ඔබේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් විය යුතුයි. සිත සවිමත් කර ගන්නට හැකිනම් ඒ මගින් ප‍්‍රතිශක්තිකරණ පද්ධතියත් සවිමත් කර ගන්නට පුුළුවන්. එසේනම් ටෙලිපති මාර්ගයෙන් චිත්ත තරංග මනසට යවා මනස සවිමත් කරන්නට පුළුවන්. මම ටෙලිපති මාර්ගයෙන් රෝගයක් සුව කරන විට මගේ මනස හරහා ඒ තරංග සියල්ල මගේ දකුණු අතට ලබා ගන්නවා. ඉන්පසු ඒ තරංග සමූහය ඔහුගේ හෝ ඇයගේ මනසට කාවද්දනවා. මෙය තරංග සම්පේ‍්‍රක්‍ෂණය කිරීමක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. එසේ තරංග යවන විට මගේ දකුණු අත සම්පූර්ණයෙන්ම සුදු පැහැයට හැරෙනවා. මා වෙත එන අයට මේ අත්දැකීම ලැබෙනවා.

ප‍්‍රශ්නය – ඔබ තවත් පාර්ශ්වයක් වෙත චිත්ත තරංග සම්පේ‍්‍රක්‍ෂණය කරන විට ඔබේ ශරීරයට කිසියම් වෙනසක් දැනෙනවාද?
විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – විශාල වෙනසක් දැනෙනවා. මොකද, මම ටෙලිපති තරංග සමග විශ්ව ශක්තියත් මුදාහරිනවා. ඒ වගේ වෙලාවට මගේ ශරීරය තුළ අධික උණුසුමක් හටගන්නා බව මට දැනෙනවා. මගේ ඒ වෙනස මගෙන් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගියාටත් දැනෙනවා.

විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මේ ව්‍යායාම ටික කරනවනම් ඔබේ ඇස් පෙනීම වර්ධනය කරගන්න පුළුවන්

මිනිස් ඇසේ ප්‍රධානම කොටස වන අක්ෂි ගෝලයට සම්බන්ධ පේෂි 6ක් ඇත. ඉන් හතරක් ඇසේ හතර පැත්තේ තිරස් අතර සම්බන්ධ වී ඇති අතර එයට ඇස පස්සට අදින්නට හැකිය. එම පේෂි වල එක් එක් පේෂිය වැඩියෙන් සංකෝචනය වීම මගින් අදාල පේෂියේ පැත්තට ඇස හැරවේ. මෙය ඇස් දෙකේම එකවර සිදුවන අතර එය මොළය මගින් පාලනය කරයි. මේ නිසා එක් එක් පේෂිය ක්‍රමාණුකූලව සංකෝතනය කිරීමත් විරුද්ධ පැත්තේ පේෂිය ඉහිල් කිරීමත් මගින් ඇස වටේටම කරකැවිය හැකිය. නමුත් ඉතිරි පේෂි දෙක ඇත්තේ කුමකටද? ඇස කරකවන්නට නම් මුලින් කී තිරස් අතට ඇති පේෂි හතර පමණක් තිබීම සෑහේ. නමුත් මේ තිරස් අතට ඇති පේෂිය මගින් කුමණ කර්තව්‍ය්‍යක් කරයිද?

බැළුමකට වතුර පුරවා අතේ තබා ගෙන මැදින් පටියකින් වෙලා ටිකක් තද කලොත් කුමක් වේවිද? බැලුමේ ෂේප් එක වෙනස් වෙනවා නේද?
ෆුට් බෝලයක් සේ තිබුන බැලුම දැන් රගර් පන්දුවක් වගේ වෙනවා නේද? ඇසට එවැනි යාන්ත්‍රනයක් කුමටද? ඇසේ තිබිය යුත්තේ ගෝලාකාර හැඩයක් නම් මෙවැනි පේෂි පිහිටියේ ඇයි. මා පසුගිය ලිපියෙන් ගෙන ආ අදාල වෛද්‍ය වරයා වන වෛද්‍ය බේට්ස්ගේ මතය වුයේ අපේ ඇසේ නාභිය මත වැටෙන ප්‍රතිබිම්භය එතන හරියට නාභිගත නොවන්නේ නම් අක්ෂි ගෝලයට පිටින් සිරස්ව පිහිටන පේෂි දෙක සංකෝචනය වීහෝ ඉහිල් වී කැමරාවක ලෙන්ස් එක සේ අදාල ප්‍රතිබිම්බය නාභිගත කරගන්නා බවය. නමුත් යම් හේතුවක් නිසා මේ දේ කරගන්නට නොහැකි වීම පෙනීම දුර්වල වීමට ප්‍රධානම හේතුව වේ. එසේ දුර්වල නොවුනා නම් කැමරාවක ලෙන්ස් එක ඉස්සරහට පස්සට කර ෆෝකස් කරගන්නවා වගේ ඇස මත පතිත වන රූපයේ ප්‍රතිබිම්බයද නිසි තැනට පතිත කරගන්නට ඇසේ පේෂි ඉහිල්වී සංකෝචනය වි මග පාදා දෙයි.

මේ පේෂි දුර්වල වීම නිසා ඇසේ නාභිගත කරගැනීම අපහසු වන නිසා අදාල පේෂි එලෙසම තිබියදී දැනට නාභිගත කල යුතු ස්ථානයට ආලෝක කදම්බය නාභිගත කරන්නට හැකි වන ලෙස පිටතින් කාචයක් සවිකර ඇලෝකය ඇසට වැටෙන්නට සැලැසිවීම කණ්නාඩි පැලදීමේ ක්‍රමයයි. එයින්ද ඇස් පෙනිම ලැබෙන බව අපි අත්දැකීමෙන් දනිමු. නමුත් කාලයක් යන විට කණ්නාඩියේ පවර් එක වැඩි කල යුතු බවත් ඔබ දන්නා කාරණයකි. එයට හේතුව කුම්ක්ද? අදාල පේෂි ක්‍රියාකාරි නොවන නිසා පේෂි වලට රුධිරය සැපයීම නවතී. යම් කෙනෙකුට අංශ භාගය සැදුනු පසු එක පැත්තක් පන නැති වෙනවා ඔබ දැක ඇති. මේ පැත්ත කාලයක් යන විට කෙට්ටු වෙන්නට හේතුව ඔබ දන්නවාද? එම පැත්තෙන් වැඩ ගන්නේ නැති නිසා මොලය එම පැත්තට රුධිරය සැයයුම අඩු කිරීම නිසා පෝෂණය නැතිවීම ඊට හේතුවයි. දැන් ඇසටද මේ මුලධර්මයම යොදා බලන්න. ඔබ හිතන්නේ ඇසට පෝෂනය ලැබීම නවතින එකක් නැහැ කියලාද? තම ණුවනින්ම විමසා බලා තීරණය කරන්න. ඔබට හිතෙනවා නම් නැහැ එහෙම වෙන්න බැහැ කියලා ඔබ සිටින මතයේ සිටින්නට කිසිම බාදාවක් නැත. මා සිදුකරන්නේ ඔබට සිතන්නට යමක් ඉතිරි කිරීම පමණි.

දිය වැඩියාව තියෙන කෙනෙකුට ව්‍යායාම කරන්නට කියන්නේ ඇයි. දියවැඩියාව දෙවන වර්ගය ඇති අයගේ ලේ වල ග්ලූකෝස් තිබුනත්, ඉන්සියුලින් තිබුනත් සෛල වලට ග්ලූකෝස් ඇතුලත් කරගැනීම සිදු නොවේ. නමුත් ව්‍යයාම කිරීම මගින් සෛල ඇතුලත ඇති ග්ලූකෝස් දහනය කරන නිසා අදාල අඩුපාඩුව සපුරාලන්නට රුධිරයේ ඇති ගලූකෝස් සෛල ඇතුලට ගමන් කරයි. මේ විදිහට රිුධිරයේ ඇති යම් ග්ලූකෝස් ප්‍රමාණයක් සෛල ඇතුලට ගමන් කරයි. දැන් රුධිරයේ ග්ලූකෝස් අඩුවි යම් සහනයක් රෝගියාට ගෙන දේ. නමුත් එය තාවකාලික බව කිව යුතුය. මා හාට මෙහිදි කියන්නට වුවමනා වුයේ ඇසේ මාංශ පේෂි ක්‍රියාත්මක නොවේනම් දිය වැඩියාව ඇති කෙනෙකුට ඇසේ රුධිර නාල වල ඇති ග්ලූකෝස් අඩු කරගන්නට නොහැකි වෙයි. මේ නිසාම දියවැඩියාව ඇති කෙනෙකුට ඇස් පෙනිම දුර්වල වීම සිදුවේ. මේ නිසා ඉන් මිදීමටද මෙම ව්‍යයාම කිරීම උචිතය.

ඇසේ රුධිර නාල දුර්වල වීම සහ මෙම පේෂි ක්‍රියාත්මක වන්නේ නැතැයි කියන සංඥාව මොලයට සැපයීම නිසා ඇසට සපයන රුධීරය එන්න එන්නම අඩුවේ. මේනිසා ඇස පෝෂණය කිරීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ඇසට සැපයීමද අඩුවේ. මේ අනුව අක්ෂි රෝග ගණනාවක් හටගනී..ඇසේ සුද සිට ග්ලූකෝමා දක්වා රෝග මේ හේතුවෙන් හටගනී.

ව්‍යායාම කරන ආකාරය.
පහත පින්තූරයේ ඇති ආකාරයට ඇසට වයායාම ලබා දෙන්න. දිනකට දෙවතාවක්වත් එක වරකට විනාඩි 10 බැගින් මෙම ව්‍යායාම කරන්න. පලමු දින කිහිපය ඇසේ වේදනාවක් දැනේවි. කාලෙකට පස්සේ පිට්ටනියට ගොස් සෙල්ලම් කලාම එන වේදනාව දන්නා අයට මේ වෙදනාව සුබාදායක බව කිව යුතුය. දින කිහිපයක් සෙල්ලම් කරන විට ඒ වේදනාව පහව යව බව ඔබ දන්නවා ඇති.

හැකි සෑම විටම කන්ණාඩි භාවිතයෙන් වැලකී ස්වභාවිකව පරිසරය සමග ගණුදෙනු කරන්න. ‍මෙම ක්‍රියාවලියට රේඛි සාස්ත්‍රයට අනුව තමන්ටම සිදු කරගත හැකි හිලිං ක්‍රමයක් ඇති අතර ඒ ක්‍රමයද සමග මෙම ව්‍යායාම සිදු කිරීම තුලින් ප්‍රතිඵල ඉතාම ඉක්මනින් ලබා ගත හැකි වුවත් ඒවා මෙවැනි මාද්‍යයක පල කරන්නට නොහැකි වීම ගැන කණගාටු වෙමි. ඉදිරියේදී මෙම ක්‍රමවේදයන් පුද්ගලිකව විඩියෝ මගින් පෙනවීමට කටයුතු කරන්නම්. රේඛී වැනි විශයක් මෙවැනි මාද්‍යයකින් ඉගැන්වීම සුදුසු නොවීම ගැන මාගේ කණගාටුව ප්‍රකාෂ කරමි.

ව්‍යයාම කරන අතර තුර අපි සිදුකරන්නට අවශ්‍ය ඉතාමත් වැදගත් කාරණය නම් ඇසට ලබාදිය යුතු වන පෝෂණය නොඅඩුව ලබා දීමයි. මේගැන අපි ඊලග ලිපියෙන් දැනුවත් වෙමු. පහත රූපයේ හැටියට දැනට ව්‍යායාම කරන්න.

මෙත් සිතිනි…

(උපුටා ගැනීම -‎ හෝලිස්ටික් වෙදකම Nayana Thenuwara)

විශ්වයේ ඇති බලවත්ම ස්ථානයවූ අති පූජනීය රුවන්වැලි මහාසෑ රජාණන් වහන්සේ

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත.

රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත.

රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි.

මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්.

රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ.

දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි.

පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි.

මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

උපුටා ගැනීම (Wishmaya.com – විශ්මය.කොම්)

මොකද්ද මේ කිරි දානය කියන්නේ? හරියටම කිරි දානයක් දෙන හැටි දැනගන්න

දේශීය බෞද්ධ සමාජය තුල කිරි අම්මාවරුන් පිදීම හා කිරි දාන දීම විශේෂ අරමුණු පදනම් කරගෙන පවත්වනු ලබයි. දරුවන් අපේක්ෂාවෙන්, දරුවන් බිහි වී තුන් මසකින්, වසන්ගත රෝග සුව වීමෙන් පසු, කෙත් වතු සරුසාර වීම පතා, නව වසරක් එලඹීමේදී..

මෙහිලා පත්තිනි දෙවියන් ප්‍රධාන වන අතර එ සදහා භාර හාර විම සිදුකොට වු භාරය සපල වු පසු දානය දිමට ගැමියන් අමතක නොකරයි කුඩා දරුවන්ට වැළඳෙන රෝග දේවියගේ දොසින් වැළඳෙන රෝග පත්තිනි දේවියගේ නාමයෙන් සුව වන බවත් වසර පුරා දියහැකි දානයක් ලෙසත් අලුත් අවුරුදු තෙල් වළන් ලිප තැබිමට පෙර කරන පුණ්‍ය ක්‍රියවක් ලෙසද මෙය පවත්වයි.

පට්ටි සතේ කිරි අම්මාවරුනේ.. පට්ටි සතේ සිට දිවැස් බලන්නේ.. දුන්නු මෙ කිරි දන වරද නොගන්නේ.. පට්ටි සතේන් කිරි බිසවු වඩින්නේ……

ප්‍රධාන කිරි අම්මාට බුලත් අතක් දි කිරි දානයට ආරාධනා කල යුතු අතර පහතරට ප්‍රදේශවල ( පත්තිනි මහතෙකු හො කපු මහතෙකුට ) එම රාජකාරිය පවරනු ලබයි බදාදා හො සෙනසුරාදා දිනයක් මෙහිලා යොදාගනියි. මෙම දානයට වාඩිවීම සඳහා සිල්වත්,ගුණවත් කිරි මවුවරුන් තෝරාගත යුතු අතර ඒ සදහා නුසුදුසු අය සේ සැලකෙන්නේ…

අංග විකල වුවන්, සිය දරුවන් මියගිය අය, වැන්දඹු කාන්තාවන්, දරුවන් නොලද කාන්තාවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නියන්, ගණිකාවන්ය

අළුයම දානය සදහා සම්බන්ධ වන සියලුදෙනා එකට පැමිණීම,ගේ ඉදිරිපිට ඇති දෙහි හා කහ මිශ්‍ර ජලයෙන් මුහුන කට සොදා ගෙට ඇතුල්විම, පත්තිනි දෙවියන්ගේ රුපය මල් යහනේ තැම්පත් කිරීම කරනු ලබයි. උඩු වියන් ඇද පැදුරු එලා කෙසේ කොල 7ක් පැදුරු මත එලා එහි බුලත් 7ක් හා පඬුරු 7ක් තබම්න් පිනිදියර, ලද පස්මල්, පොරි ඉස කපුරු සුවඳ දුම් අල්ලා කෙසෙල් කොල මත කිරි බත්, කිරියා, කැවුම්, කෙසෙල්, හකුරු, අඹ, තල, අතිරස, ආස්මී ආදිය තැම්පත් කරයි.

පුජා විදි රටාව..
පහන් පත්තු කිරීම, පන්සිල් ගැනිම, තෙරුවන් වන්ඳනාව, පත්තිනි දෙවියන් හට කන්නලව් කිරීම, අට කොන හා සිරස පාද කවි ගායනාව, නිවැසියන් අශිර්වාද කිරීම, සෙත් පිරිත් සජ්ඣායනය, දෙවියන්ට පිංදීම.

කිරි අම්මාවරුන් විසින් දානය ඉඳුල් කිරීමට ප්‍රථම කොටසක් සතුන්ට අයින් කිරීමක් කරයි ඉන්පසු දානය ඉඳුල් කරයි. දල්වන ලද පහන් තිර අතැතිව කිරි අම්මාවරුන් විසින් දොස් දුරුකිරීම කොට එම තිර කිරි බඳුනකට දමනු ලබයි. දානය දකුණතට ගන්නා අම්මාවරු පසුපස නොබලා ගෙයින් පිට විමත් නිවසියන්හට අපි යනවා කියා නොකීමටත් මතක තබා ගනි නිවසින් එළියට පැමිනෙණ කිරි අම්මාවරුන් වතුර කළයක් පෙරලා එහි දිය නිවසියන්ට පෑගීමට සලස්වයි එයින් ඇස්වහ, කටවහ, හෝවා, අඬවැඩියා දොස් දුරුවන බව විස්වාස කරයි.

අඹේ පලමු උපතකි පෙර සත්පතිනි නම තැබුවේ.. ලොබේ වඩන පඬ් නුවරට ගිනි දී රට වැනසුවේ.. සුබේ පතිනි දෙවිඳු ගෙ අණ මොහු සියොගත පැලඳුවේ.. ඔබේ සියලු ගත පිරිපත පතිනි අණට දුරලුවේ…

කොතරම් දියුණු තාක්ෂණික සම්පත් නවින විද්‍යා බාහුල වුවද මිනිසුන් සිය භක්තිපුර්ව ආධ්‍යාත්මික සුව පතා අද්‍යතනයේ වුව කිරි අම්මාවරුන් හට දානය පුදා දේ…

ජනශ්‍රැති විමසුමක් (ශ්‍රීනාත් දන්දෙනිය නෘත්‍ය ශ්‍රී) 0716062767
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව පාලනය කර අක්මාව පිරිසිදු කරවන අමිල ඔසුව ‘මසං’

පැඟිරි ශාකයකටත් වඩා විටමින් C සහිත මසං ගෙඩි තුනක් ආහාරයට ගැන්මෙන් දිනකට සිරුරට අවශ්‍ය C විටමින් ප්‍රමාණය සපුරා ගත හැකි බව සඳහන්වෙනවා. දබර, මහ දබර, ඩෙබර, මහ ඩෙබර ලෙස, මසං නම්කෙරෙනවා ඉන්දියානු මූලාශ්‍ර මගින් එය බදර ලෙස හඳුන්වනවා. රාජ බදර, බදර හා ක්ෂුද්‍ර බදර ලෙස ප්‍රභේද කර දැක්වෙනවා. චරක මහ ඉසිවරයා හදවත් රෝග වළක්වන ආහාර ලෙස නම්කර ඇති සුවිශේෂ ශාක දහයට මහ මසං අයත්.

ඉන්දියාව, චීනය භූතානය, මලයාසියාව මියන්මාර් තායිලන්ත,ආදි ආසියානු රටවලත් ඕස්ට්‍රේලියානු ප්‍රදේශවලත් මසං දක්නට ලැබෙනවා. එය Rhamna,eae කුලයට අයත්වන්නක්. Ber, chinese date, chinee apple, indian jujube, lndian plums Hanti ආදි නම් ගණ්නාවකින් හඳුන්වනු ලබනවා.

මීටර් 5 ක් පමණ උසට වැඩෙන ශාකය කොළ මුසු සුදු පැහැති කුඩා මල්වලින් යුක්තයි. රවුම් ගෙඩි ඉදෙනවිට කහ තැඹිලි රතු වර්ණ ගැන්වෙනවා. දේශීය මසං, ගෙඩියක් ග්‍රෑම් 5-8, ,බරකින් යුතුයි. ගන්නොරුව 1 2 වශයෙන් වගාකෙරෙන වර්ග හා බැංකොක් ප්‍රභේදවල ගෙඩි වඩාත් විශාලයි. රස ගුණ,පෙනුම අනුව ලංකා ඇපල් ලෙසත් හඳුන්වනු ලබනවා. ගෙඩි ආහාරයට ගැන්මෙන් සිරුරට ප්‍රතිලාභ රාශියක් අත්කර ගත හැකියි. ගෙඩි මෙන්ම කොළ ඇට පොතු මුල් ආදි සියලු කොටස් ඔසු ගුණ සහිත වන අතර විවිධ රෝග පාලනයට යොදා ගන්නවා.

විටමින් C A B ප්‍රභේද පොටැසියම් කැල්සියම් ප්‍රෝටීන් යකඩ මැග්නීසියම් පොස්පරස් මැන්ගනීස් කොපර්, සින්ක්, ආදි පෝෂක ගණනාවකින්, මෙන් ම බ්‍රෝමලේන් එන්සයිම, ඇල්කොලයිඩ ෆ්ලේවනොයිඩ, අම්ල හා , ප්‍රති ඔක්සිකාරක ගුණවලින් ශාකය පොහොසත්.
එය ප්‍රතිශක්තිය වර්ධනය කරන්නක් මෙන් ම බැක්ටීරියා ආසාදනවලට එරෙහිව ක්‍රියා කරන්නක්. දාහය නිවන්නක්, විෂනාශකයක්, ආහාර රුචි වර්ධකයක්, මාංශ පේශි ශක්තිමත් කරන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, නිද්‍රාකාරකයක් මෙන් ම මනස සන්සුන් කරන්නක් ලෙස ද සිරුරේ ක්‍රියාත්මකවනවා.

මසං හදවතට හිතකරයි. හදවත් රෝග , අධි රුධිර පීඩනය අධි කොලෙස්ටරෝල් තත්ත්ව පාලනය කිරීමේ හැකියාවෙන් යුක්තයි.
එය රුධිර ධාවන පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට සහායවෙමින් රුධිර කැටි ගැසීම් වළකනවා. රුධිරය පිරිසිදුකරමින් නීරක්තිය දුරුකරනවා . සිරුරේ අධික. විඩාපත් බව දුරුකර හරිනවා.

තන්තු බහුල මසං ආහාරයට ගැන්මෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ද මනා ක්‍රියාකාරිත්වයක් ඇතිවෙනවා. එය සිරුරේ බර සමබර කර දෙනවා.
ආමාශය හා අන්ත්‍ර යහපත් තත්ත්වයක තබමින් මල පහසුව ඇතිකරන අතර අර්ශස් පාචන වැනි රෝග තත්‍ත්වද පාලනය කර දෙනවා. වේදනා දෙන අර්ශස්ගෙඩි ,ගිල්වා තැබීම සඳහා,මසං කොළපොතු තැම්බූ ජලය යොදා ගන්නවා. අතීසාරයට ,මුලේ පොතු චූර්ණය මීපැණි සමග ලබා දෙනවා. රක්තාතීසාරයට පොතු, කල්කය එළකිරෙන් අඹරා දෙනවා.

ශාකය උණ කැස්ස ඉක්කා බ්‍රොන්කයිටිස් මැඩ පැවැත්වීමේ හැකියාවෙන්ද යුක්තයි, උණ පාලනය කිරීමට, ශාකයේ මුල්වලින් ලබා ගන්නා කුඩු උපයෝගි කරගන්නවා. ටයි පොයිඩ් සරම්ප පැපොල ආදියේදී ඇතිවන උණ ට ශාක පත්‍ර ද ප්‍රතිචාර දක්වන බව සඳහන් වෙනවා. උගුරේ බැරැන්ඩි ගතියට ස්වර භේදයට, මසං කොළ කල්කය ගිතෙලින් බැද සහිඳ ලුණු සමග ලේහ කරන බවත් වෛද්‍ය ලේඛන වල සඳහන්. ශාකය ඇදුම ක්ෂය රෝග වැනි ශ්වසන, පද්ධති රෝගවලට එරෙහිව ක්‍රියකරන්නක්. කාස රෝගයට ඇට චූර්ණය දීකිරි සමග ලබා දෙනවා.

මසං අක්මාවට හිතකරයි.
ජපාන පර්‍යේෂකයන් පිරිසක් චීන අක්මා රෝගීන් 12 දෙනකු යොදාගෙන කෙරුණු පර්‍යේෂණයකදී මසං රටකජු හා දුඹුරු සීනි සමග සති 4ක් තිස්සේ ලබා දීමෙන් යහපත් ප්‍රතිපල ලබාගත හැකිවූ බව සඳහන්. විස දුරුකිරීමේ හැකියාව ශාකයට ඇති අතර මකුළුවන් කෑ විෂ දුරුකිරීමට මසං කොළ තලා බඳිනවා. ඉදුණු මසං කොළ වාතය පිත නසන ගුණ සහිත වන අතර අමු කොළ සෙම පිත වඩවන බවද සඳහන්වනවා.

දාහය නිවීමට පත්‍ර කල්කය සමෙහි ගල්වනවා. මසං කොළ මෙන්ම මුල් ද හිසකේ වර්ධනයට ත් යොදා ගන්නා බව සඳහන්. දියවැඩියාව පාලනයට මසංවල ඇති හැකියාවත් ශාකය පිළිබඳ සෙවීම්වලදී අනාවරණයවුණා. මුත්‍රා අඩස්සියට ප්‍රතිකාර කිරීමට එය යොදාගනු ලබනවා.

මසං සම සුරැකීමේ විශේෂ කාර්‍ය භාරයක් ඉටු කරනවා.
සමේ ඇතිවන වණ තුවාල ඉක්මනින් සුවපත් කිරීම, සූර්‍ය රශ්මියෙන් සමට වන හානි වැළැක්වීම සම වියළීමෙන් වළක්වාලීම, ඉන් කීපයක්.
එය සමෙහි ඇතිවන රැලි දුරලා වයසින් අඩු පෙනුමක් ලබාදෙනවා. මසං මුලේ කුඩු තුවාල සුවකිරීමට යොදාගන්නවාද සමේ පිළිස්සීම් සුවකිරීමට ඔසුවක් ලෙස ද මසං යොදාගන්නා බව සඳහන්.

අස්ථි හා දත් නිරෝගීව තැබීමටද එය සහායවනවා .අස්ථි දුර්වලතාවෙන් ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වය පාලනය කිරීමට සහායවනවා. කාන්තා රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට ද ඊට හැකියි. ශ්වේත රක්ත ප්‍රදර රෝග සඳහා ගෙඩි චූර්ණය මීපැණි හෝ හකුරු සමග ලබා දෙන බව සඳහන්වෙනවා.

ඒ හැරුණුවිට ප්‍රදාහ තත්ත්වයන් පාලනය කිරීමටත් මසං වලට හැකියි. එය ස්නායු පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට උපකාරිවෙමින් ඒ ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග ද වළක්වනවා. එසේ ම පිළිකා සෛල වර්ධනය වළකාලන ගුණ ද මසංවල ඇති බව සඳහන්.

ශාරීරික රෝග ගණනාවක් පාලනය කර දෙන මසං මානසික සෞඛ්‍යය රැකීමට ද දායක වන්නක්. මොළය කෙරෙහි බලපෑමේ ශක්තියෙන් ඇල්ෂයමර් ඩිමෙන්ෂියා වැනි අමතකවීමේ රෝග පාලනයට ද ඊට හැකියි. එසේම කාන්සාව මැඩ පැවැත්වීමට ත් මානසික ආතතිය දුරුකිරීමත් උපකාරිවනවා. මෙසේ මනස කෙරේ බලපෑමට ඇති හැකියාවත් සමග නින්ද නො යෑමේ ඉන්සොම්නියා තත්ත්වය මග හැර සුවපත් නින්දක් ලබා දීමේ හැකියාව ද එහි පවතිනවා.

මසං ශාකය බත්තරමුල්ල දියත උයනේ සති අග පැල ප්‍රදර්ශන වලින් හා පලතුරු තවාන් වලින් බද්ද කල පැලයක් රුපියල් 450 පමණ මිලට ගන්න පුළුවන්. 1920 ට දුරකතන ඇමතුමක් දී උදෑසන 8.30- 4.15 ඇතුළත නොමිලේ කෘෂි වගා උපදෙස් ලබාගතහැකි වෙයි.

ලිපිය සැකසුම Indra kumari Rathnayake
(මූලාශ්‍ර හා සේයාරූ – අන්තර්ජාලය අපේ ඔසුපැළ හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)

වියපත් වීමත් සමඟ ඇති වන ආතරයිටීස් රෝගයෙන් මිදෙන්න හොඳම ක්‍රමය මෙන්න

වේදනාකාරී මාතෘකාවක් තමයි අපිට අද කතා කරන්නට වෙලා තියෙන්නේ. හේතුවට ප්‍රතිකාර කරනවා වෙනුවට ඵලයට පැලැස්තර දැමීමේ කලාව නිසා ආතරයිටීස් රෝගීන් ඉතාම අසරණ වී ඇත. ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ වැරදි ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසට මෙම තත්වය ඇතිවෙනවා කියා කිව්වොත් ඔබ පිලිගන්නවාද?

ආතරයිටීස් වරග් ගණනාවක් ඇති අතර මුලින්ම අපි මුලින්ම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔස්ටියෝ ආතරයිටීස් ගැනයි. ඔස්ටියෝ අතරයිටීස් වලට හේතුව වන්නේ අස්ථි බව රෝගයේ නමින්ම පෙනෙනවා නේද? මේ වර්ගයේ ආතරයිටීස් ඇති අය තම අස්ථි වල යම් අඩුපාඩුවක් ඇති බව දැනගත යුතු වෙනවා.

අපි ඔන්චිල්ලාවක් බඳින්න හොඳ කඹයක් සොයා ගන්නවා නේද? ඇයි නැත්නම් ඔන්චිල්ලාව පැද්දෙනකොට ළණුව කඩාගෙන වැටෙන්නට පුලුවන් නේ. අපේ ශරීරයෙත් මේ වගේ කඹ තියෙනවා. ඒ ඔන්චිලි පදින්න නොවුනත් යම් චලනයකට අවශ්‍ය ආධාරය ලබා දෙන්නටයි. ඒ තමයි ටෙන්ඩන් කියලා අපි කියන අස්ථි තවත් අස්ථියකට හෝ මාංශ පේෂියකට සම්බන්ධකරන සම්බන්ධක පඨකය. එසේම තවත් එක් සම්බන්ධක පඨකයක් තියෙනවා ලිගමන්ට්ස් කියලා. ඒවා සම්බන්ධ වන්නේ අස්ති අස්ථි අතර පමණයි. ඒ කියන්නේ ටෙන්ඩනස් අස්ථී අස්ථි සහ අස්ථි මාංශ පේෂි යන දෙකම සම්බන්ධ කරනවා. මේවා හරියට අර ඔන්චිල්ලාව බඳින්න ගත්ත කඹේවගේ. හරි හයියට තියෙන්න ඕනි.

දැන් මේ සම්බන්ධක පටක ගිහින් සම්බන්ධ වෙනවා අස්ථියේ බාහිර ස්ථරයට. අස්ථියේ බාහිර ස්තරය හරියට ඔන්චිල්ලාව බඳින ගහේ අත්ත වගේ. අත්ත දුර්වල නම් ඒත් සිදුවන්නේ විනාශයක් මයි. ඉතිං යම් කෙනෙකුගේ අස්ථි දුර්වල නම් සිදු වන දේ ඔබට සිතා ගත හැකිය. ටෙන්ඩන්ස් සහ ලිගමන්ට්ස් වලට නිසි ලෙස ශක්තිමත්ව අස්ථියට සම්බන්ධ විය නොහැකිය.

අස්ථි අස්ථි සම්බන්ධ කරන තවත් එක් පටකයක් තියෙනවා. ඒ තමයි කාටිලේජ. කාටිලේජ වලටද අස්ථිය ඉහත කී ආකාරයටම තදින් සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් අස්ථිය දුර්වල වන්න දුර්වල වන්න කාටිලේජය සහ අස්ථිය අතර ඇති සම්බන්ධයද දර්වල වෙනවා.

‍මෙවැනි අවස්ථාවක සන්ධි වල ක්‍රියාකාරීත්වය කෙසේ විය හැකිද? මේතාක් ශක්තිමත්ව තිබූ සම්බන්ධක පඨක දුර්වල වීම නිසා සන්ධි වලදී අස්ථි එහා මෙහා විය නොහාකිද? සම්බන්ධක පඨක වලට දරාගතනොහැකි බරක් එන්නට නොහැකිද? දැන් හරියට බාගෙට ලෙහුණු දර මිටියක් වගේ තමයි මේ සන්ධිය. එහා මෙහා කරන්න හරි අමාරුයි. මේ අපහසු තාවය මැද අදාල ස්ථානයේ ඇති ස්නායුද තෙරපෙන්න ගන්නවා. ඉතිං වේදනාව ඉවසගන්නත් බැහැ.

‍මේ තත්වයට තමයි ඔස්ටියෝ ආතරයිටීස් කියන්නේ. නමුත් මෙය හැඳින්වෙන්නේ කාටිලේජ සහ අදාල ස්ථානයේ අස්ථිය ගෙවී යෑම නිසා ඇතිවන ආසාදනයක් ලෙසයි. අපි මෙහිදී කතා කලේ ඒ ආසාධනය ඇතිවෙන්නට හේතු වන කාරණය ගැනයි. නැතිනම් අස්ථිය දුර්වල වීම නිසා අදාල සම්බන්ධක පඨක දුර්වල වන බවයි. ඇත්තටම ඔන්චිල්ලාව බැඳලා තියෙන අත්ත දිරා යෑමක් වගේ කියලා තමයි හිතාගන්න වෙන්නේ. දැන් ඔන්චිලි පදින්න බැහැ. එක තැන ඉන්න වෙනවා.
බර දෙන්න බැහැ වේදනාවයි. ස්නායු තෙරපෙනවානේ මොකද අස්ථි එහා මෙහා යනවානේ.

‍මෙසේ සම්බන්ධක පඨක කාලයක් හරියට පාවිච්චි කලේ නැතිනම් ඒවා දුර්වල වෙනවා. එසේම අනවශ්‍ය තෙරපුමක් එනවිට ටෙන්ඩන්ස් ලිගමන්ට්ස් සහ මාංශ පේෂි ඉදිමෙන්නට බලනවා. ඉදිමුම කියන්නේද සිරුර අපිට ලබා දී තිබෙන ආරක්ෂිත උපක්‍රමයක්. අපි ඒගැන වෙනම කතා කරමු. දැන් අවශ්‍ය වෙන්නේ අස්ථි දුර්වල වූයේ ඇයි දැයි සොයා බැලීමයි.

අස්ථි දුර්වල වන්නට ප්‍රධානම හේතුව අන්ථි සෛල නිපදවන්නට අවශ්‍ය පෝෂණය නොමැති වීම කිව්වොත් ඔබ මා සමග එකග වේ යැයි සිතනවා. එසේනම් අපි ඒ පෝෂණය ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්. අපි ඒ ගැන කතා කරමු.

අස්ථි පෝෂණයට වැදගත් වන පෝෂ්‍ය කොටස් 7ක් පහත දක්වා තියෙනවා. ඉන් 5 ක්ම මිනරල් වර්ග වන අතර දෙකක් විටමින් වෙනවා.
කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, මැංගනීස්‍‍, ‍බෝරෝන් මිනරල් වර්ග වන අතර විටමින් ඩී3 සහ විටමින් කේ ඉතිරි විටමින් දෙකයි.

මෙම ලිස්ට් එකේ නැති තවත් මිනරල් වර්ගයක් සහ විටමින් වර්ගයක් තියෙනවා.
‍පොටෑසියම් සහ විටමින් සී ඒ මගහැරී ඇති පෝෂ්‍ය කොටස් දෙකයි. පොටෑසියම් නැතිව අස්ථි නිර්මාණය වන්නේ නැත. එහෙත් ඒ ගැන දැනුම ලබෘ දීම හරිම විරලය. පහත ඇති වාර්ථා වලින් ඔබට පොටෑසියම් ගැන යම් දැනුමක් ලබා ගත හැකිවේවි. පොටෑසියම් අඩු වූ විට අස්ථි දුර්වල වල බව මෙම වාර්ථා වලින් ගම්‍ය වන බව හොදින්ම පෙනී යයි.

අපගේ සිරුරේ රුධිරය භාෂ්ඹික විය යුතු වන අතර එය pH 7.38 ක පමණ අගයක් පවත්වාගත යුතුය. යම් ලෙසකින් මෙය 0.2 කින් අඩු වුවහොත් කෝමා තත්වයක් හො මරණය පවා අත්විය හැකිය. මේ නිසා අපගේ ශරීරය සෑම විටම අදාල pH 7.38 ක භාෂ්මික තාවයක් රුධීරයේ පවත්වා ගනී. අපි ගන්නා ආහාර නිසා මෙම මට්ටම අඩු වන්නට හේතු වන සෑම අවස්ථාවකම අප ශරිරය ඊට අවශ්‍ය පිලිතුර ලබා දීමට ශරිරයේ තැන්පත්ව ඇති පොටෑසියම් රුධිරයට ගෙන එන්නට වෙර දරයි. අපි දෛනිකව කැලිසියම් මිලි ග්‍රෑම් 1200 ක් පමණ අවශෝෂනය කරගත යුතු වන අතර පොටෑසියම් මිළ ග්‍රෑම් 4500 ක් දෛනිකව අවශෝෂණය කරගත යුතුය.

ඔබ ග්ලූටන් සහිත ආහාර ගන්නා අයෙක් නම් ඔබගේ අන්ත්‍ර වල අංගුලිකා එම ග්ලූටන්නිසා විනාශ වී ඇති බවට සැකයක් නැත. දැන් ඔබ ගන්නා ආහාරයේ ඇති පෝෂණය සම්පූර්ණයෙන් අවශෝෂණය කරගන්නට නෙැහැකි වේ. අපි හිතමු 50% ක් අවශෝෂණය කරගත්තා කියලා. එසේ නම් ඔබ දවසකට කෙසෙල් ගෙඩ් 16කින් පොටෑසියම් ලබා ගත යුතුය. කොළපාට එලවලු කප් 14ක එළවලු දිනකට ආහාරයට ගත යුතුය. ඔබගේ අන්ත්‍ර වල අංගුලිකා නිසි ලෙස නිරෝගීව පිහිටා තිබුනා නම් ඔබ ආහාරයට ගත යුතු වන්නේ මින් අඩක් පමණි. රුධිරයේ pH 7.38 ක අගය නිශ්චිතව පවත්වාගෙන යෑම අස්ථියේ ශක්තිය පවත්වාගෙන යෑමටවඩා අපේ සිරුර විසින් වැදගත් කොට සලකන නිසාම අදාල භාෂ්මිකතාව පවත්වාගැනීමට අවශ්‍ය වූ විට අස්ථි වලින් පෙැටෑසියම් ගලවා රුධිරයට නිදහස් කරයි. එවිට කැල්සියම් බන්ධන දුර්වල වී අස්ථි දුර්වල වේ. මෙම තත්වය නිසා ඔස්ටියෝ පොරෝසිස් තත්වයන්ද, වැඩි පුර කැල්සියම් රුධිරයේ පැවතීම නිසා වකුගඩු වල ගල්ද ඇතිවීමේ අවදානමක් ඇතිවේ.

පොටෑසියම් සහිතආහාර ගැන විස්තරයක් මීට පෙර මා විසින් ලියූ pH ලිපියේ ඇත. එයද කියවන්න. මේ අනුව පොටෑසියම් වල අවශ්‍යතාවය ඔබට ඉතා හොදින් වැටහෙනු ඇතැයි සිතමි. එසේම විටමින් සී. කැල්සියම් හොදින් අවශෝෂනය කරගන්නට විටමින් සී අත්‍යවශ්‍ය සාධකයකි. විටමින් ඩී පමණක් නොව විටමින් සීද අපි දෛනිකව ලබා ගත යුතුය. විටමින් ඩී අපට උදේ අව්රශ්මිය ආධාරයෙන් නිපදවා ගත හැකි බව අපි කුඩා කල සියම ඉගෙන ගත්තා මතක ඇති. නමුත් වීදුරුවක් හරහා එන අව්රශ්මියෙන් මේ දේ සිදු වන්නේ නැති බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. ඒ නිසා වාහනයේ යන විට වැටෙන හිරු රැස් හෝ බිල්ඩිමක් ඇතුලට වැටෙන හිරු රැස් වලින් අපට ප්‍රෙයා්ජන ගත නොහැකි බව තේරුම් ගන්න. මේ අනුව විශාල පෝෂ්‍ය කොටස් ප්‍රමාණයක් අස්ථි වර්ධනයට දායක වේ. අපි යම් හෙයකින් මෙයින් එක් වර්ගයක් හෝ අඩු කලහොත් අවසානයේ එය අස්ථි වල ශක්තිය දුර්වල වන්නට බලපායි.

දැන් අස්ථි දුර්වල වීම ගැන යම් දැනුමක් ඇතැයි සිතනවා. අස්ථි දුර්වල වීම හරිහට ඔන්චිල්ලාව බදින අත්ත දිරායෑමක් වැනියි. දැන් කඹය තිබුනාට වැඩක් නැත. එය වැඩකට ගන්නට නොහැකිය. මේවිදිහට කාලයක් යන විට අදාල පඨක පලට පෝෂණය සැපයීම නතර වේ අපි යම් පේෂියක් හෝ යම් පඨකයක් නිසි ලෙස භාවිතා කරන්නේ නැතිනම් අදාල ස්ථාන වලට රුදිරය සහ පෝෂණය සැපයීම අඩාල වේ. උදාහරණයක් ලෙස අංශභාගය හැදුන කෙනෙක් බලන්න. ඇත්තේ ස්නායු ආබාධයක් වුවත් ටික කාලයක් යන විට රෝගයට ගොදුරු වූ පැත්තේ පේශි දුර්වල වෙනවා නේද? එසේ වන්නේ පාවිච්චි නොකරන පඨකයකට අපගේ ශරීරය පෝෂනය ලබා නොදීම නිසයි.

‍මෙතනත් මේ දේම සිදු වෙනවා. කාටිලේජ වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන එක දැන් නවතිනවා. ලිගමන්ට්ස්, ඩෙන්ඩන්ස් වලට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. හේතුව අත්ත දිරලා . ශක්තිමත් කඹයක් තිබුනට දැන් වැඩක් නැහැ. ඒ පෝෂණය අවශ්‍ය තැනකට යොමු වෙනවා. මේ දේ දැන් පෙනෙන්නේ ටෙන්ඩන්ස් දිරලා, කාටිලේජ දිරලා, ලිගමන්ටස් දිරලා කියලයි. අස්ථියත් දිරලා කියලා පේනවා. ඉතිං හොද කරන්නට බැහි කියලා තමයි කියන්නවෙන්නේ. නැත්නම් කපලා ඇණදාලා කෘතිම සන්ධියක් දානවා. එයත් වසර තුනක් පමණ යනවිට අක්‍රිය වෙනවා. ඒවා එලියට එන්නේ නැහැ. ලක්ෂ ගානක් වියදම් කරලා මෙවැනි රිප්ලේස්මන්ට් කල අය වසර කීයක් හොදින් සිටියාදැයි සොයා බලන්න. සත්‍ය්‍ය වැටහේවි.

දැන් අපි මොකද කරන්නේ මේ තත්වය සමනය කරගන්න.
මුල්න්ම අපි ගන්නා ආහාර අවශෝෂනය වන තැනට අපගේ අන්ත්‍ර නිරෝගීව තබා ගත යුතුයි. ඒ සදහා පාන්පිටි කන එක අදම නවතාලිය යුතුයි. මේ අනුව අපි ආහාරයට ගන්නා ග්ලූටන් අවම කල හැකිය. ග්ලූටන් නොමැති නම් අංගුලිකා විනාශ වන ප්‍රධානම දොරටුව වැසී යනු ඇත. දැන් ඔබ ගන්නා ආහාර වල නිසි පෝෂනය අවශෝෂනය කරගන්නට හැකිවනු ඇත.

‍දෙවැනි කාරණ්‍ය pH 7.38 ක අපගේ රුධිරයේ භාෂ්මිකතාවය පවත්වාගන්නට නොහැකි වන ආහාර වලින් වැලකීම. සහ අදාල භාෂ්මිකතාවය පවත්වාගෙන යෑමට හේතු වන ආහාර ගැනීමත් රුධිරයේ නිසි හිමොග්ලොබින් මට්ටමක්පවත්වා ගැනීමත් වේ. භාවිතයෙන් ඉවත් කල යුතු ප්‍රධානම ආහාර වන්නේ

කාබනේටඩ් බීම වර්ග, ගැඹුරු තෙලේ බදින කෑම, කෘතිම මස් වර්ග, බාබකියු වැනි ආහාර වේ. දිනපතා ආහාර වේලට එක්කර ගත යුතු වන ග්රැම් 50 ක ප්‍රෝටින් ප්‍රමාණය පවත්වාගෙන යෑමද රුධිරයේ භාශ්මිකතාවය පවත්වාගෙන යෑමට ඉවහල් වේ.

එසේම ප්‍රෝටින් ජීරණ කරන්නට අවශ්‍ය ආම්ලික තාවය ආමාශයේ පවත්වාගෙන යෑමද ඉතාමත් වැදගත්වේ. මේ ගැන අපි ගැස්ට්‍රයිටීස් ගැන ලියූ ලිපියේ කතා කලා. නිවාඩුව කියවා බලන්න.

‍මේ සියලු කාරනා අවසානයේ අස්ථි දුර්වල වන්නට හෝ ශක්තිමත්ව තබා ගන්නට බලපායි. ඔබ ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වාගෙන යන්නේ නම් දෛනික ආහාර වේල තුල නිසි පෝෂණය ඇත්නම් ඔස්ටියෝ අාතරිටිස් හැදෙන්නට හේතු නැත.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් මෙැවැනි රෝග සුව කරන්නට නොහැකි අතර සිදු කල හැක්කේ වේදනාව අඩු කර රෝගය කළමණා කරනය කිරීම පමණී. අවසානයේ අවශ්‍ය යැයි හැගේනම් කෘතිම සන්ධියක් බද්ද කිරීමට නිර්දේශ කරනවා.

‍හෙළ වෙදකමට අනුව අදාල ස්ථානයට පත්තු බැද යම් ප්‍රතිකාර ක්‍රම ලබා දෙන අතර ආමාශයේ සහ අන්ත්‍රවල ඇති තත්වයන් මුලින්ම සුව කරනවා. ඉන්පසු තමයි රෝගයට බෙහෙත් ලැබෙන්නේ. ඒ ක්‍රමය හරිම සාර්ථකයි

අපි මේ රටවලදී එවනි හෙළ ඔසු ලබා දෙන්නට නොහැකි නිසා සිදු කරන්නේ ස්වභාවිකව ලබා ගත් පෝෂ්‍ය කොටස් ආධාරයෙන් අදාල පෝෂණය මාස හතරක් පමණ සිරුරට ලබා දීමයි. එවිටද අදාල තත්වයන් මග හැරෙනවා.

‍කෙසේ වෙතත් ආහාර රටාව වෙනස් කරගැනීම සහ අවශ්‍ය නිසි පෝෂනය ලබා දීම තුල පමණයි රෝගය නිට්ටාවට සුව කරන්නට හැකි වන්නේ. බාම්, ක්‍රීම් වගේ දේවල් වලින් තාවකාලික සහනයක් ලැබෙන්නට පුලුවන්. එයද සමහර විට අවශ්‍ය වෙනවා. මොකද රෝගය සුව කරගන්නකම් ඉන්න වෙන නිසා. නමුත් බාම් ක්‍රීම් වලින් දැනෙන සහනය තාවකාලික බව දැනගත යුතුවේ.

ප්‍රශ්න ඇත්නම් කමෙන්ට් වලින් දක්වන්න. මා සමග පුද්ගලිකව කතා කරන්නට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ Telegram app එකඩවුන්ලෝට් කරගනෙ මාගේ පුද්ගලික ගෘප් එකට සම්බන්ධ වෙන්න. අන් අයටත් දෙැනගන්නට සලස්වා ඒඅයටද යම් දෙයක් දෙන්නට කැමතිනම් ෂෙයාර් කරන්න. එය ඔබට පිනක් වේවි.

උපුටා ගැනීම – මෙත් සිතිනි.

ඔබෙත් විලුඹ පැලෙනවද? විලුඹ පැලීමට හේතු සහ එය නිට්ටාවටම සුවකරගන්න හැටි

ගොඩක් අයට විලුබ පැලීම නිසා ඇවිදීමට ගොඩක් දුරට අපහසුතා ඇතිවෙනවා. මෙය මේ වන විට සුලභව පවතින රෝග තත්වයක්. ගොඩක් අයගේ ශරීර උෂ්ණ ගතියකින් යුතු නිසාත් වෙනයම් රෝග තත්වයන නිසාත් ගොඩක් වෙලාවට පළුදුවීම් ඇතිවෙලා ලේ ගැලීම් පවා සිදු වෙනවා.බාල, මහලු , කුඩා, තරුණ අයට පොදුවේ පවා ඇතිවෙන්න පුළුවන්.

මෙහි ඉතාමත් භායනක සංකුලතාවයක් විදියට දක්නට ලබන්නේ වේදනාව සහ ලේගැලිමත්, අසාත්මික තාවයන් ඉතාමත් හනිදායකයි. මේ නිසා මානසික පීඩාවලට ද ගොදුරු වෙනවා ගොඩක් අය එමෙන්ම ඇවිදීමේ අපහසුතා ද ඇතිවේ.

විලුබ පැලීමට හේතු සදාහක වශයෙන් – බාහිර පරිසරයට පවතින පාරිසරික බලපෑම්, ආහාර රටාවට උෂ්ණ සහිත ආහාර එක් කර ගැනීම.

උදා; බලමාලු, කෙලවල්ලෝ, දැල්ලෝ, ඉස්සෝ පොකිරිස්සෝ, කකුළුවෝ, මැන්ගුස්, රබුටන්, අන්නාසි, රසායනික දේවල් අඩංගු සබන් සහ ආල්පෙන වර්ග භාවිතය හානි වීම, රෙදි සෝදන කුඩුවල රසායනික බලපෑම නිසා

විටමින් උනතා
සිරුරේ පවතින හෝමන දුර්වලතා උදා : හයිපොතයිරොයිඩ් වැඩිවීම, දීර්ඝව සිටගෙන සිටීම, ශරීරයේ ඇති අධික ස්ථුල තාවය නිසා, උණු ජලය දිර්ඝව ස්නානය කිරීම,

මහලු වියට පා තබන විට ඇතිවන සංකුලතා
ගර්භනී කාලයේ දී ඇතිවන තත්ව, පාවහන් භාවිතා නොකර වැඩි දුර ඇවිදීම.

මෙම තාවය මගහරවා ගැනීමට නම්
පිරිසිදු පෝෂධයි ආහාර ගැනීම වැදගත්. ශරිරයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස පානය කල යුතුයි. දිගු කාලීනව හිටන් සිටීමෙන් වලකින්න. අධික උෂ්ණ ආහාර ගැනීම වලකින්න. විටමින් උනතා හෝ හෝමන දුර්වලතා ඇත්නම් බෙහෙත් ගත යුතු වෙනවා.

මෙම තත්වය මෙසේ දරුණු වීමට පෙර කල යුතු ප්‍රතිකාර වශයෙන්
තෙතමනය ආරක්ෂා කර ගැනීම, තල තෙල් ගැලවීම, එමෙන් එළගි තෙල් වලින් ද සුව කල හැක. පාදය පිරිස්දුව හොදා හොදින් තෙත මාත්තු කර මි පැණි ගල්වන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හැමදාම තරුණ බව රඳවා තබන ලොව වටිනාම ස්වාභාවික පානය ‘පොල් වතුර’

අමෙරිකාවේ දී ලීටරයක් රුපියල් හත්සිය පනහකින් මෙහා මිලට ගත නො හැකි වටිනා පානයක, ලීටර් 6500000 ක ප්‍රමාණයක් දිනපතා අප රටෙහි විසිකර දමනවා කීවොත් ඔබට විශ්වාස කළ හැකි ද? දවසකට පොල් ගෙඩියක්වත් නොබිඳෙන්නේ අප රටේ කොයි ගෙදරක ද? ඉස්සර අත්තම්මලා පොල් ගෙඩියක් බිඳින ගමන් එහි වතුර ටිකත් බිව්වා. ඉන් සමහරෙක් දැනුත් සුවෙන් ජීවත්වෙනවා, කෘත්‍රිම රසායනික බීමවලට ඇබ්බැහිවුණු දරු මුණුබුරන් මිය ගියාට පස්සෙත්. එහි රහස නොයෙක් රටවල කෙරුණු පර්යේෂණ මගින් සොයාගෙන තියනවා. ඒ පොල්වතුරවල අඩංගු සයිටොකයිනින් යව්වනය දිගු කිරීමටත්, වියපත්වන විට ඇතිවන විවිධ සංකූලතා දුරු කිරීමටත්, දීර්ඝායුෂ ලබා දීමටත් හේතුවන්නක් නිසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් වටිනා පානයක් ලෙස පිළිගෙන ඇති පොල් වතුර, සිරුරේ අභ්‍යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය ඇත්තක්. විටමින් බී සී ඊ, යකඩ, කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන වැනි පෝෂක හා ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි, දිව්‍යමය ඖෂධීය පානයක්. එය ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වනු ලබනවා. පොල්/ තැඹිලි/කුරුම්බා වශයෙන් නිතර උදෑසන පානය කිරීමෙන් එහි ඇති දිව්‍යමය ගුණ බොහොමයක් ලබාගත හැකියි.

පොල් වතුර වල පොටෑසියම් බහුලයි.
කෙසෙල්වලට වඩා ප්‍රබල බවත්, දොඩම් වීදුරුවකට ත්, එළකිරි වීදුරුවකටත්, වඩා ගුණයක් පොල්වතුර කෝප්පයක ඇති බවත් සඳහන්. දෙවන ලෝක යුද්ධ සමයෙහි මෙම ඖෂධිය දියරය සේලයින් ලෙස යොදා ගැන්මෙන් 50000 ක් පමණ පිරිසක් සුවපත් කරගත් බවට වාර්තාවනවා.

දේශීය වෛද්‍යක්‍රමවල නොයෙක් ප්‍රතිකාර සඳහා පොල්වතුර යොදා ගැනෙනවා, ඉරමුසු, ගොටු කොළ, රතුලූනු වැනි විවිධ ඖෂධ තැඹිලි ගෙඩියක ඇස්ස කපා දමා රැය එළිවනතුරු පින්නේ තබා බීම ඉන් එක් ක්‍රමයක්.

පානීය ජලයටත් වඩා සජලත්වය ඇතිකිරීමේ හැකියාවැති පොල්වතුර, පාචනය, අතීසාරය වැනි රෝග තත්ත්වලදී ඇතිවන විජලනය සුවපත් කිරීමේ ගුණයෙන් යුතුයි. එසේ ම සිරුර අධිකව වෙහසීමෙන් ඇතිවන විජලනය දුරු කිරීමට ද සමත්.

පොල්වතුරවලින් මුහුණ සේදීමෙන් පිළිස්සුම් සුව වනවා. සමෙහි ඇති කුරුලෑ ලප කැළැල් මැකීයනවා. වියළි බව දුරුවී , සමේ වියපත්වීම පමාවී, තෙත්බව හා කාන්තිමත් බව ඇතිවෙනවා. තරුණ පෙනුම දිගු කාලයක් රැඳෙනවා.

පොල්වතුර ගල්වා හිස සම්බාහනය කිරීමෙන් දිලීර නාශක ගුණඇති ලෝරික් අම්ලය ස්වාභාවික කන්ඩ්ෂනරයක් සේ ක්‍රියාත්මක වනවා. ඉන් හිසෙහි දිලීර උකුණු බිබිලි තුවාල සුවවී , කෙස් වැටීම වැළකී, නිල්වන් කෙස් කළඹක් වැවෙනවා.

හදවතට හිතකර මේද අම්ල ඇති පොල්වතුර හර්දයාබාධ, හා අධි රුධිරපීඩනය පාලනයකර දීමෙන් තවත් වටිනා මෙහෙයක් ඉටුකරනවා. රුධිර සංසරණ පද්ධතියට හිතකර සේවයක් ලබා දී කොලෙස්ටරෝල් පාලනය කරමින් රුධිර වාර්තා යහපත් තත්ත්වයට පත් කරනවා. අධි රුධිර පීඩන රෝගීන් යොදා ගෙන කෙරුණු එක් අධ්‍යයනයකදී, හෙළිවුණේ පොල්වතුර පානයෙන් රෝගීන්ගේ අධි රුධිර පීඩන මට්ටම 71%කින් අඩුවූ බව යි.

පිලිපීන චයිනීස් රෝහලේ මුත්‍රවාහිනි පද්ධති අංශ බලධාරියෙක් ද තම රෝගීන් ඇසුරින් පොල් වතුරවල අගය වටහා දෙන ප්‍රකාශයක් කළා. ඔහු කියාසිටියේ මුත්‍රා ගල් නිසා ශල්‍යකර්ම අවශ්‍යව සිටි රෝගීන් සතියකට දින කීපයක් පොල්වතුර පානය කිරීම නිසා මුත්‍රා ගල් කැඩී යාම්, කුඩාවීම්, සිදුවී, බෙහෙත් දීමෙන් පමණක් සුව කළ හැකිවූ බවයි.

පොල්වතුරෙන් මුත්‍රා වකුගඩු ආබාධ මෙන්ම දියවැඩියාව පාලනය කිරීමත් සිදුවනවා. එහි ඇති කුස පිරෙන ගතියෙන් අධි ආහාර පරිභෝජනයේ අවශ්‍යතාව නැතිවී තරබාරුව දුරුකෙරෙන අතර, මත්පැන් විෂවීම් අධිමාත්‍ර බෙහෙත් විෂවීම් වලින් ඇතිවන අපහසුතා ද දුරුවී යනවා. 1999 අමෙරිකාවේ යාලේ සරසවියේ කෙරුණු තවත් පර් යේෂණයකදී පොල්වතුර පානයෙන් සීනි කෑමේ කෑදර කම ද පාලනයවන බව සොයා ගැනුණා. මෙම පානයෙහි අඩංගු මොනොලෝරින් වල ව්‍යාධිජනක බැක්ටීරියා වෛරස්, හර්පිස් , HINI දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරසය, විනාශ කිරීමේ ශක්තිය පවතිනවා.

පොල්වතුරෙහි ඇති සෝඩියම් පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවත් සමග, මද සරු භාවය දුරුකර, ලිංගික සක්‍රීයත්වය ඇතිකිරීමට එයට හැකියි. ඇසට හිතකර පොල්වතුර, ඇසේ සුද ඇතිවීම ග්ලූකෝමා වැනි රෝග ඈත්කරමින් ඇස්පෙනීමද වර්ධනය ක ‍රනවා. මස්පිඩු ශක්තිමත් කර කෙන්ඩ පෙරළීම් වැනි තත්ත්වයන් වළකනවා. ගැබිණි මව්වරුනට සහන සලසන අතර ඔවුන්ට ඇතිවන වමනය වැනි අපහසුතා දුරු කිරීමට මෙන්ම දරුවාත් මවත් සෞඛ්‍ය සම්පන්න කිරීමටද සමත්.

පැපොල සරම්ප පලු දැමීම් උෂ්ණ බිබිලිවල පොල්වතුර ගෑමෙන් සහන අත්වෙනවා. වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට වන හානිය වළකන්නත් මෙම ඖෂධීය පානයට හැකියි. මල බද්ධය දුරු කිරීමට පලතුරුවලටත් එහා ගිය සේවයක් එය ඉටු කරනවා. මානසික පීඩනය, විෂාදය, ගැස්ට්‍රයිටිස් ,පිළිකා උදරාබාධ, පනුරෝග වැනි විවිධ රෝග මැඩලන්නට ද පොල්වතුරවලට හැකියි.

ලිපිය සැකසුම Indra Rathnay
(මූලාශ්‍ර හා සේයා රූ – අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)