පෝෂණ ගුණයෙන් අනූන කිකිළි බිත්තර වලට වඩා ගුණ දෙන වටු බිත්තර

යුරෝපය, උතුරු ඇමෙරිකාව, ජපානය, චීනය, කොරියාව, ඉන්දියාව, පාකිස්ථනය, බංග්ලාදේශය, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල බොහෝ කලකට පෙර සිටම වටු බිත්තර ජනප්‍රිය වී ඇතත් ලංකාවේ එය ජනප්‍රිය වෙමින් පවතින්නේ වසර දෙකක් වැනි සුළු කාලයක සිටයි. තවමත් ශ්‍රී ලංකාවේ වටු බිත්තර බහුලව මිලදී ගත හැක්කේ සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව පමණක් වන අතර, තරු පන්තියේ හෝටල් වලට සහ විවිධ රටවල බේකරි නිෂ්පාදනයන් සඳහා ද වටු බිත්තර බහුල ලෙස භාවිතා කරනු ලබනවා.මෙම හේතූන් නිසා වටු බිත්තර පිළිබඳව ලාංකිකයන් තුළ පවතින දැනුම තවමත් ඇත්තේ අඩු මට්ටමක බව හොඳටම පැහැදිළියි.වටු බිත්තර කිකිළි බිත්තරයකට වඩා කිහිප ගුණයකින් කුඩා වුවත් එහි පෝෂණ ගුණය කිකිළි බිත්තරයකට වඩා හතර ගුණයකින් පමණ වැඩිවනවා. මෙහි විටමින් A, E, B1, B2, ප්‍රෝටීන් අඩංගු‍ වන අතර කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් ආදී පෝෂණීය සංඝටකයන්ගෙන් ද අනූනයි. වටු බිත්තර වල මේදය ප්‍රමාණය පමණක් කිකිළි බිත්තර වලට වඩා අඩු නිසා මෙම වටු බිත්තර හෘද රෝගීන්ට ද ගුණදායක යි.

එසේම සෙම් රෝග, ඇදුම, පීනස, ආදී රෝග සඳහා ද වටු බිත්තර දිව්‍ය ඔසුවක්. මීට අමතරව ඇස් පෙනීම වර්ධනය කිරීම,රුධිරයේ අඩංගු වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට, ප්‍රති ඔක්සිකාරක ගණනාවක් අඩංගු නිසා පිළිකා සෑදීමේ අවදානම අඩු කිරීමටත්, වයස්ගත වීම පාලනය කිරීමටත්, ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා ඉහළ නැංවීමටත් වටු බිත්තර මඟින් විශාල දායකත්වයක් සපයනවා.කායවර්ධන ක්ෂෙත්‍රයේ සිටින තරුණ පරපුරට එම උපදේශකයන් කිකිළි බිත්තර ආහාරයට ගැනීමට උපදෙස් දෙනුයේ කහමදය නොමැතිව යි. ඊට හේතුව කිකිළි බිත්තර වල කහමදයේ අඩංගු මේද ප්‍රමාණය සාපේක්ෂව වැඩිවීම යි. නමුත් වටු බිත්තර වල මේද ප්‍රමාණය අවම නිසා සම්පූර්ණ බිත්තරයම ආහාරයට ගත හැකියි. රෝග නොමැති වුවද ඒවායින් පෙර සිටම වැළකී සිටීමට, වටු බිත්තර ආහාරයට ගැනීම සුදුසු යි. ගැබිණි මව්වරුන් හා කුඩා දරුවන් හට ද මෙම වටු බිත්තර එක සේ ගුණදායක වනවා.

වටු බිත්තරය කිකිළි බිත්තරයට සාපේක්ෂව කුඩා බැවින්, දිනකට බිත්තර පහක් පමණ ආහාරයට ගැනීමෙන් ඉහත සම්පූර්ණ පෝෂණය ලබා ගත හැකි වෙනවා. වටු බිත්තරයේ බාහිරින් දුඹුරු පැහැති පුල්ලි දැකිය හැකි අතර, තැම්බූ පසු පෙනුම හා රසය 100% ක්ම කිකිළි බිත්තරයකට සමානකමක් දක්වනවා.හෘදයාබාද, අධි රුධිර පීඩනය, පිළිකා, ඇදුම, පීනස, සෙම් රෝග, දියවැඩියාව, ගැබිණි සමයේ ඇතිවන වේදනාවන්, සම රැළිවැටීම හා සමේ තෙතමනය නොමැති වීම, හිස්හොරි..ආදී රෝග සඳහා වටු බිත්තර ගුණදායක වන අතර , එහි බහුළව දක්නට ලැබෙන විටමින් “E” හේතුවෙන් සමෙහි දීප්තිය වැඩි කරයි. සම පිරිසිදු කරයි. අලංකාර දත් හා නිය පෙළක් ලබා දෙයි.

ජපානය හා චීනය වැනි රටවල තරුණ තරුණියන් අතර වටු බිත්තර ජනප්‍රිය වී ඇත්තේ මෙම හේතුව නිසායි. විශේෂයෙන් තරුණියන් වටු බිත්තර ආහාරයට ගනු ලබන්නේ එහි ඇති රූපලාවණ්‍යය ගුණ හේතුවෙනි.බොහෝ අය වටු බිත්තර පරිභෝජනයට මැලි කමක් දක්වන්නේ එහි ජීවයක් පවතීදැයි යන සැකයෙන්. නමුත් බොහෝ ෆාම් වල නිපදවන වටු බිත්තරත් කිකිළි බිත්තර හා සමානයි. එහි ජීව ගුණයක් පවතින්නේ නැහැ. පිරිමි සතෙකු නොමැතිව සාමාන්‍ය කිකිළියන් මෙන් මොවුන්ද දිනපතා බිත්තර දැමීම සිදුකරනවා.

(උපුටා ගැනීම :- ක්‍රිෂාන්ත දිසානායක හා වෙනත් අන්තර්ජාලීය තොරතුරු)