පෝෂණ ගුණයෙන් අනූන කිකිළි බිත්තර වලට වඩා ගුණ දෙන වටු බිත්තර

යුරෝපය, උතුරු ඇමෙරිකාව, ජපානය, චීනය, කොරියාව, ඉන්දියාව, පාකිස්ථනය, බංග්ලාදේශය, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල බොහෝ කලකට පෙර සිටම වටු බිත්තර ජනප්‍රිය වී ඇතත් ලංකාවේ එය ජනප්‍රිය වෙමින් පවතින්නේ වසර දෙකක් වැනි සුළු කාලයක සිටයි. තවමත් ශ්‍රී ලංකාවේ වටු බිත්තර බහුලව මිලදී ගත හැක්කේ සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව පමණක් වන අතර, තරු පන්තියේ හෝටල් වලට සහ විවිධ රටවල බේකරි නිෂ්පාදනයන් සඳහා ද වටු බිත්තර බහුල ලෙස භාවිතා කරනු ලබනවා.මෙම හේතූන් නිසා වටු බිත්තර පිළිබඳව ලාංකිකයන් තුළ පවතින දැනුම තවමත් ඇත්තේ අඩු මට්ටමක බව හොඳටම පැහැදිළියි.වටු බිත්තර කිකිළි බිත්තරයකට වඩා කිහිප ගුණයකින් කුඩා වුවත් එහි පෝෂණ ගුණය කිකිළි බිත්තරයකට වඩා හතර ගුණයකින් පමණ වැඩිවනවා. මෙහි විටමින් A, E, B1, B2, ප්‍රෝටීන් අඩංගු‍ වන අතර කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් ආදී පෝෂණීය සංඝටකයන්ගෙන් ද අනූනයි. වටු බිත්තර වල මේදය ප්‍රමාණය පමණක් කිකිළි බිත්තර වලට වඩා අඩු නිසා මෙම වටු බිත්තර හෘද රෝගීන්ට ද ගුණදායක යි.

එසේම සෙම් රෝග, ඇදුම, පීනස, ආදී රෝග සඳහා ද වටු බිත්තර දිව්‍ය ඔසුවක්. මීට අමතරව ඇස් පෙනීම වර්ධනය කිරීම,රුධිරයේ අඩංගු වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට, ප්‍රති ඔක්සිකාරක ගණනාවක් අඩංගු නිසා පිළිකා සෑදීමේ අවදානම අඩු කිරීමටත්, වයස්ගත වීම පාලනය කිරීමටත්, ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා ඉහළ නැංවීමටත් වටු බිත්තර මඟින් විශාල දායකත්වයක් සපයනවා.කායවර්ධන ක්ෂෙත්‍රයේ සිටින තරුණ පරපුරට එම උපදේශකයන් කිකිළි බිත්තර ආහාරයට ගැනීමට උපදෙස් දෙනුයේ කහමදය නොමැතිව යි. ඊට හේතුව කිකිළි බිත්තර වල කහමදයේ අඩංගු මේද ප්‍රමාණය සාපේක්ෂව වැඩිවීම යි. නමුත් වටු බිත්තර වල මේද ප්‍රමාණය අවම නිසා සම්පූර්ණ බිත්තරයම ආහාරයට ගත හැකියි. රෝග නොමැති වුවද ඒවායින් පෙර සිටම වැළකී සිටීමට, වටු බිත්තර ආහාරයට ගැනීම සුදුසු යි. ගැබිණි මව්වරුන් හා කුඩා දරුවන් හට ද මෙම වටු බිත්තර එක සේ ගුණදායක වනවා.

වටු බිත්තරය කිකිළි බිත්තරයට සාපේක්ෂව කුඩා බැවින්, දිනකට බිත්තර පහක් පමණ ආහාරයට ගැනීමෙන් ඉහත සම්පූර්ණ පෝෂණය ලබා ගත හැකි වෙනවා. වටු බිත්තරයේ බාහිරින් දුඹුරු පැහැති පුල්ලි දැකිය හැකි අතර, තැම්බූ පසු පෙනුම හා රසය 100% ක්ම කිකිළි බිත්තරයකට සමානකමක් දක්වනවා.හෘදයාබාද, අධි රුධිර පීඩනය, පිළිකා, ඇදුම, පීනස, සෙම් රෝග, දියවැඩියාව, ගැබිණි සමයේ ඇතිවන වේදනාවන්, සම රැළිවැටීම හා සමේ තෙතමනය නොමැති වීම, හිස්හොරි..ආදී රෝග සඳහා වටු බිත්තර ගුණදායක වන අතර , එහි බහුළව දක්නට ලැබෙන විටමින් “E” හේතුවෙන් සමෙහි දීප්තිය වැඩි කරයි. සම පිරිසිදු කරයි. අලංකාර දත් හා නිය පෙළක් ලබා දෙයි.

ජපානය හා චීනය වැනි රටවල තරුණ තරුණියන් අතර වටු බිත්තර ජනප්‍රිය වී ඇත්තේ මෙම හේතුව නිසායි. විශේෂයෙන් තරුණියන් වටු බිත්තර ආහාරයට ගනු ලබන්නේ එහි ඇති රූපලාවණ්‍යය ගුණ හේතුවෙනි.බොහෝ අය වටු බිත්තර පරිභෝජනයට මැලි කමක් දක්වන්නේ එහි ජීවයක් පවතීදැයි යන සැකයෙන්. නමුත් බොහෝ ෆාම් වල නිපදවන වටු බිත්තරත් කිකිළි බිත්තර හා සමානයි. එහි ජීව ගුණයක් පවතින්නේ නැහැ. පිරිමි සතෙකු නොමැතිව සාමාන්‍ය කිකිළියන් මෙන් මොවුන්ද දිනපතා බිත්තර දැමීම සිදුකරනවා.

(උපුටා ගැනීම :- ක්‍රිෂාන්ත දිසානායක හා වෙනත් අන්තර්ජාලීය තොරතුරු)

කපලා ඉවත දාන කෙසෙල් කඳන් මත ගෘහස්ථ එළවළු වගාවක් පටන් ගන්න විදිය

තෙතමනයෙන්-පොහොසත් කෙසෙල් කඳන් මත ගෘහස්ත එළවලු වගාව පාරිසරික යෝග්‍ය ක්‍රමයක් ලෙස භාවිතා වේ. විශේෂයෙන් උග්‍ර ජල හිඟයක් ඇති ප්‍රදේශවල ගොවීන්ට, විවිධ වාරිමාර්ග ක්‍රම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමේ අපහසුතාවයෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට මෙම සුවිශේෂී ක්‍රමය සමත් වේ.ලොව පුරා බහුලව දක්නට ලැබෙන සහ ලාභදායී බෝග වලින් එකක් වන කෙසෙල් ශාකය විශේෂිත කාල වලදී පමණක් වැඩිපුර පල හටගන්නා සෘතුමය පලතුරු ශාක මෙන් නොව ජන විකාශනය නොසලකා සෑම ගෘහයකම පාහේ නිරන්තරයෙන් දක්නට ලැබෙන එක් නිරහංකාර පලතුරකි.කෙසෙල් වල අත්‍යාවශ්‍ය පොටෑසියම්, කැල්සියම්, මැන්ගනීස්, මැග්නීසියම්, යකඩ, ෆෝලේට් (folate), නියාසින් (niacin), රිබොෆ්ලැවින් (riboflavin) සහ බී 6 ඇතුළු විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වේ. මේවා අපගේ ශරීරයේ යහපත් සෞඛ්‍යයට සහ නිසි ක්‍රියාකාරිත්වයට වැඩි වශයෙන් දායක වේ. තවද මෙම පලතුරු වල විශාල වශයෙන් ඇති පෝෂණ අන්තර්ගතය මෙන්ම එහි ප්‍රතිලාභ පලතුරෙන් පමණක් නතර නොවේ.

කෙසෙල් කොළ වලින් ආහාර අනුභව කිරීමේ පරිසර හිතකාමී සම්ප්‍රදාය ඉන්දියානු ශිෂ්ටාචාරය තරම් පැරණි වන අතර උත්සව අවස්ථාවන්හිදී කේරළයේ වර්තමානයේදීද සුලභ දසුනකි.එහෙත් ශාකයේ වඩාත්ම නොසලකා හරින ලද කොටස් වලින් එකක් වන්නේ පලතුරු නිෂ්පාදනයෙන් පසු නොසලකා හැරීමෙන් බොහෝ විට නාස්ති වන එහි කඳයි. කඳේ මෘදු අරටුව ඉන්දීය දේශීය ආහාරවල කොටසක් වන අතර ලොව කෙසෙල් නිෂ්පාදනයේදී එරට ඉදිරියෙන් සිටීන නමුත් කෙසෙල් කඳේ අමතර භාවිතයන් එතරම් ව්‍යාප්තව සිදු නොවේ. ඉන්දුනීසියාව වැනි රටවල කෙසෙල් කඳ, කෙටි හෝ කුඩා මුල් සහිත පැලෑටි වගා කිරීම සඳහා මාධ්‍යක් ලෙස භාවිතා කරයි. මෙම ක්‍රමය වඩාත් ව්‍යාප්තව භාවිතා කිරීමෙන් නිසැකවම රටේ කෘෂිකර්මාන්තය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි අතර නිතිපතා සිදුවන ටොන් ගණනක් වූ කෙසෙල් ගස් ආශ්‍රිත නාස්තිය අඩු කරයි.

අදාළ බෝග හෝ උද්‍යාන පැලෑටි වල ගති ලක්ෂණ අනුව පිහියකින් කඳේ සුදුසු දුරස්ථ ස්ථාන වලින් සිදුරු හෑරීමෙන් පසු ඒවා පසෙන් පුරවා එම වලවල් වල කෙටි/ කුඩා මුල් සහිත (fibrous / shallow roots) බීජ හෝ පැළ රෝපණය කළ හැකිය. නිසි බෝග වාතනය, සමබර වර්ධනය සහ පොකුරු වළක්වා ගැනීම සඳහා බීජ පැල අතර පරතරය අවම වශයෙන් සෙ.මී.30-40 ක් විය යුතුය. පැල සිටුවීමට පෙර සිදුරු පුරවන අතරතුර ඒ සඳහා හොඳ සරු පස් භාවිතා කිරීම මගින් පැළෑටිවල හොඳ වර්ධනයට පහසුකම් සැලසිය යුතුය.කෙසෙල් කඳේ අපූරු ජලය රඳවා ගැනීමේ හැකියාව නිසා එහි ඇති ජලයද වලවල් පුරවා ඇති පසෙන් පෝෂ්‍ය පදාර්ථද උරා ගත හැකි බැවින් කෙසෙල් කඳන් මත වගා කරන බෝග හා පැළෑටි සදහා බාහිරෙන් ජලය සැපයිය යුතු නොවේ. කෙසෙල් කඳ ඉතා දිගු කාලයක් පවතින අතර කඳන් දිරාපත් වූ විට ඒවා පස වඩාත් සාරවත් කරයි. තවද මෙම වගා ක්‍රමය නිසා වල් පැලෑටි ආසාදනය වීමේ සම්භාවිතාව සාපේක්ෂව අඩු වනා අතර ඒ සඳහා කිසිදු ආකාරයක ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. එනිසා මෙම ක්‍රමය ගොවීන්ට හා කෘෂිකාර්මික ආයතනවලට පමණක් සීමා නොවී නාගරික හෝ සීමිත බිම් ප්‍රමාණ වල ගෙවතු වගාවන් සඳහාද යොදා ගත හැකි බව වාර්තා වේ.

(අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර)

ප්‍රෙග්නන්ට්ද කියලා දවස් පහෙන් දැනගන්න පුළුවන් ක්‍රමයක්

දරුවෙක් කියන්නේ අලුත විවාහ වුණු සෑම කෙනකුගෙම ආදරණීය හීනයක්. මේ හීනය උදාවෙන්න ළංවුණාම පුංචි ලක්‍ෂණ පහළවීමත් සාමාන්‍ය දෙයක්. වමනය, ක්ලාන්තය, කෑම අරුචිය, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් නැවැතීමත් සිදුවෙන්න පුළුවන්. නමුත් මේ ලක්‍ෂණ දරුවකු පිළිසිඳ ගැනීම නිසා ඇතිවන රෝග ලක්‍ෂණම නොවෙන්න පුළුවන්. මේ නිසා දරුවකු අපේක්ෂාවෙන් සිටින ඔබට ඔබ ගර්භණීද කියලා දැනගන්න විද්‍යාත්මක ක්‍රමවේද කිහිපයක්ම තිඛෙනවා. දවස් පහෙන් හඳුනාගන්නා ක්‍රමය : දෙදෙනාගේ එක්වීමෙන් පසු කුස තුළ කලලයක් පිළිසිඳ ගත්තා නම් දින පහක් ඇතුළත් රුධිර පරීක්‍ෂණයක් හරහා හඳුනාගන්න පුළුවන්. ඒ වගේම සතියක් ඇතුළත මුත්‍රා පරීක්‍ෂණයක් හරහා හඳුනාගන්න පුළුවන්. රුධිරයේ තිඛෙනවා ඩ්.ඛ්.ට්. නමැති හෝර්මෝනයක්. එම හෝර්මෝනය හරහා දින පහක් ඇතුළත ගර්භණී බව හඳුනාගන්න පුළුවන්.

ප්‍රෙග්නන්සි ස්ක්‍රිප්ට් : ඕනෑම කාන්තාවකට තනියම වුවත් පහසුවෙන්ම ගර්භණී බව පරීක්‍ෂා කරගත හැකි ක්‍රමයක්ද පවතී. එනම් වෙළෙඳපොළේ තිඛෙනවා ප්‍රෙග්නන්සි ස්ක්‍රිප්ට් නමින් හඳුන්වන ඉතා අඩු මුදලකට ලබාගත හැකි උපකරණයක්. මේ සඳහා භාවිත කරන පොදු නම වන්නේ ප්‍රෙග්නන්සි ස්ක්‍රිප්ට් යන්නයි. මුත්‍රා සාම්පලයක් ගෙන එයට මෙම ස්ක්‍රිප්ට් එක තබා මඳ වේලාවක් තැබීම කරනවා. ඉන් පසුව එය රැගෙන බැලූවිට එහි ඉහළ (මුත්‍රාවල පෙඟවූ පැත්තට විරුද්ධ පැත්ත) රතු ඉරි දෙකක් දක්නට ලැබුණොත් එම මුත්‍රා සාම්පලය අයිති තැනැත්තිය ගර්භණී බවට පත්ව ඇත. තනි ඉරක් පමණක් තිබේනම් තත්ත්වය සාමාන්‍ය වේ. ගර්භණී කෙනකු මුල්ම සතිය තුළ මෙම පරීක්‍ෂණය කළ විට ලා පැහැති ඉරක් දක්නට ලැඛෙන අතර දින ගණනක වැඩිවන විට තද පැහැති ඉරක් දක්නට ලැබේ.

යෝනි මාර්ගයේ ස්කෑන් පරීක්‍ෂණය : යෝනි මාර්ගය හරහා ස්කෑන් පරීක්‍ෂණයක් කිරීම දෙවැනි ක්‍රමයයි. දරුවකු පිළිසිඳ ගැනීමෙන් සති තුනකට පසු මෙම ස්කෑන් පරීක්‍ෂණය කිරීමෙන් නිවැරැදි ප්‍රතිඵල ලබාගත හැකිය. යෝනි මාර්ගය හරහා ඇතුළු කරනු ලබන නාළයක් හරහා මෙම පරීක්‍ෂණය කරනවා. මෙහිදී දරුවා වටා ඇති තරල බෑගය හඳුනා ගැනීමට හැකිවෙනවා. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය නැවැතීමෙන් පසු ගර්භණී දැයි යම් සැකයක් ඇති වුවහොත් ඔසප් නතර වී සති පහකට පසුව මෙම පරීක්‍ෂණය කිරීම සුදුසු වේ.

සති හයකින් කරන පරීක්‍ෂණයක් : ඔසප් නතර වීමෙන් පසු ඉහත කී පරිදි යම් සැකයක් ඇති නම් ඔසප් නතර වී සති හයකට පසුව කළ හැකි තවත් පරීක්‍ෂණයකි. එහිදී උදරයට උඩින් උපකරණයක් තබා සිදුකරන ස්කෑන් පරීක්‍ෂාවේදී යන්තම් දරුවා දැකගත හැකිය. සති 7-8ක් වන විට දරුවකු කුස තුළ සිටීම ස්ථිරවම හා පැහැදිලිවම මෙම පරීක්‍ෂණය හරහා සිදුකරගත හැකිය.

ආර්. එන්. ජී. රාජපක්‍ෂ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය ශික්‍ෂණ රෝහල, රාගම
(උපුටාගැනීම මවුබිම පුවත්පත)

පිරිත් නූල අතේ බැන්දම එම බලය ඔබේ සිරුරට ලැබෙන විදිය දැනගන්න

පිරිත් නුල අද කා අතරත් ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධියට පත්ව ඇත. එය ආගමික කටයුතුවලදී පිරිත්හුය ලෙස ව්‍යවහාර කෙරේ. පිරිත් නූලේ ආරම්භය කවදා කෙසේදැයි සඳහන් කිරීමට නොහැකි වුවත් ඒ පිළිබඳ ඉතිහාසගත තොරතුරු අනුව එයට දිගු අතීතයක්‌ ඇති බව පෙනේ.

පිරිත් නූල මීට ටික කාලයකට පෙර අද තරම් භාවිතයක්‌ තිබුණේ නැත. ඒ දිනවල අවස්‌ථා කීපයකදී පමණක්‌ මෙය භාවිතයට ගෙන තිබේ. ඒ අතර යම් ස්‌ථානයක පිරිත් දේශනාවක්‌ පවත්වා ගැනීමෙන් පසුව පිරිත්නූල් ගැටගසා ඇත. එසේම කෙනෙකු බියට පත්වුණු අවස්‌ථාවක පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ඇත.

නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ය. අද බොහෝ දෙනෙක්‌ විහාරස්‌ථානයට එන්නේ පිරිත් නූලක්‌ ලබා ගැනීමට ය. මෑත කාලයේ පිරිත් නූල මෙතරම් ව්‍යාප්තවීමක්‌ දකින්නට ලැබෙන්නේ කුමන හේතුවක්‌ නිසා ද යන්න සොයා බැලිය යුතුය එයට එක්‌ කාරණාවක්‌ ලෙස දැන් මිනිස්‌සු ඉස්‌සරට වඩා පිරිත් අහන්නට හා පිරිත් සඡ්Cධායනය කරන්නට වැඩි කැමැත්තක්‌ ඇතිවීම දැක්‌විය හැකිය. ඉස්‌සර ගෙවල් ආරක්‍ෂාවට හා රෝගී වූ අය සඳහා නිරන්තර තොවිල් හා පිදේනි දීම් සිදුවිණි. ඈත පිටිසර ගමක ඉපදුණු මට ඒ පිළිබඳව මනා අත්දැකීමක්‌ ඇත. කුඩා කාලයේ නිවසේ සිටින විට සෑම දිනකම රාත්‍රි යාමයේ කුමන හෝ ප්‍රදේශයකින් යක්‌ බෙරහඬක්‌ ඇසෙන්නට සැලසිණි.

එහෙත් අද කෙනෙකුගේ උපන්දිනයක්‌ වේවා විභාගයක්‌ වේවා. විදෙස්‌ ගත වීමත් වේවා, මංග්‍යලයයන් වේවා හැකි නම් වෙනත් කුමන හෝ කාරණයක්‌ මුල් කරගෙන සෙත්පිරිත් එනම් වරු පිරිතක්‌වත් දේශනා කරවා ගන්නට සැදී පැහැදී සිටී. ඒ නිසා පිරිත් “නුල්” ද නිරන්තර අවශ්‍ය දෙයක්‌ ලෙස භාවිතා වේ.

අද තරුණ, තරුණියන් ආරක්‍ෂක පිරිත් දේශනාවක්‌ නිරන්තර ඇසුරු කරති. ඒ නිරන්තර ධර්මය අසන්නට සැලසෙන නිසාය. එසේ නම් අද සමාජය ඉස්‌සරට වඩා ආගමික සහනය සොයා යන ආකාරයක්‌ දැකිය හැකිය. ඒ සෙවීම නිසා නිවැරදි අවබෝධයක්‌ හා ඒ ගැන වටිනා බවක්‌ තව තවත් දැන ගෙන ඇත. ඒ නිසාත් පිරිත් නූල් වැඩි භාවිතයක්‌ වී ඇති බව පෙනේ.

එසේම, මෑත කාලයේ පිරිත් නූල ජනප්‍රියවීමට හේතුකාරණා අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්‌ථානය සුවිශේෂත්වයක්‌ ගනී. එනම් ගංඟාරාම පන්සලට පැමිණෙන සෑම දෙනෙකුටම ධාතු කරඬුව හිසමත තබා, පිරිත් නුලක්‌ බැඳ ආශිර්වාද කිරීම සෑම දෙනා අතර සතුටට කාරණයක්‌ විය. මේ නිසා සෑම දෙනෙක්‌ම නිරන්තර ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගෙන ගංඟාරාමයට ගොස්‌ පිරිත් නූලක්‌ බැඳගෙන එන සිරිතක්‌ ඇති වුණේය.

එසේම පිරිත් නූල බැඳීමෙන් ඇති වන ආශිර්වාද ගැන නොදැනුවත්කම නිසා සමහර අයට විශ්වාසයක්‌ තිබුණේ නැත. නමුත් දැන් ඒ පිළිබඳව දැනුවත් ඇති නිසා වඩ වඩාත් ඒ කෙරෙහි නැඹුරු වන ආකාරයක්‌ දැකිය හැකිය.

සමාජයේ ප්‍රසිද්ධියට පත් වූ අය පිරිත් නූල් ගැටගසා විවිධ මාධ්‍යයන් තුළ දැක ගන්නට ලැබීමෙන්ද සමහර දෙනා එයට යොමු වූහ. විශේෂයෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නිරත වූ අය පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා එම තරගවලට යැමේදී එය දකින සමහර අය එයට යොමු වුහ. මෙහි විශේෂත්වය වන්නේ පිරිත් නූල මහතට තිබීමයි. දැන් බොහෝ දෙනෙක්‌ කියන්නේ හාමුදුරුවනේ ටිකක්‌ මහතට පිරිත් නූලක්‌ බඳින්න කියාය.

පිරිත් නූල යනු කුමක්‌ද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්‍ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්‌වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්‍රවලින් ස්‌වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්‌වාරයක්‌ හෝ ඊට වැඩිවාර ගණනක්‌ ජප කිරීමෙන් පිරිත් නූලක්‌ බවට පත්වේ.

පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.

නූල යොදා ගනිමින් ඈත අතීතයේද විවිධ ආරක්‍ෂක විධි භාවිත කර ඇත. ඒ අතර වෛදික ආගමේ තිබෙන පුන නූල ප්‍රධානත්වයක්‌ ගනී. එසේම, යාග හෝම, බලි බිලි ආදියට මෙන්ම යන්ත්‍රමන්ත්‍ර ක්‍රම වලදී ද නූල සම්බන්ධ කර ගෙන ඇත.

පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

න සන්ති මනුජා එත්ථ න ච හෙස්‌සති වෝභයං ඉති වත්වා කුන්ඩිකාය තේ ජලේන නිසිංචිය
(මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.)
සුත්තංච තේසං හතථෙසු ලගෙත්වා නභසාගමා.. පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.

පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.

මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.

කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී ගෝණදෙණියේ සීවලී හිමි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඉක්මනින් කෙට්ටු වෙන්න එක එක බෙහෙත් බොන්න ඕන නෑ නිවැරදි ක්‍රමය මෙන්න

මම දැක්කා ඇඩ්වර්ටීස්ට්මන්ට් දාල තියෙනවා දවස් 10 කෙට්ටු වෙන්න පුලුවන් කියලා. මේ කියන අය එහි ඇති භයාණක කම දන්නේ නැහැ. බිස්නස් එකක් කියන්නේ ඉල්ලුමට සැපයුම ලබාදීමයි කියන මතයේ ඉන්නඅය තමයි මේවගේ බිස්නස් කරන්නේ. ඉල්ලුම කෙට්ටුවීම. ඉක්මණින් කෙට්ටු වීම. ලෝකයේ ඉතාම විශාල මාකට් එකක් මේක. ඉතිං ගාසීනියා, වගේ ඒවාට දැන් ඉතා හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. ඒ වගේ තවත් එක ඖෂධයක් තමයි. DNP (dinitrophenol) කියන්නේ. මෙම ඔසුව අනිවාර්යෙන් ඔබව කෙට්ටු කරල දෙයි. නමුත් ඔබ ඉතා ඉක්මණින්ම මරණයට ලගා වන බව ඔබ දන්නේ නැහැ. මෙය දැන් බොහෝ රටවලින් තහනම් කරලා තියෙන්නේ. නමුත් ඔබ හරියටම දන්නවාද ඔබ දැන් භාවිතා කරන ෆැට්බර්නිං මෙඩිසින් වල මේ ඔසු නැති බව. සමහර රටවල මේ වර්ගයේ ඔසු තේවලට මිශ්‍රකරලා ඒවා ෆැට්බර්නිං ටී කියලා අලෙවි කරනවා. ඉතිං කෙට්ටු වෙනවා තමයි. තම ජීවිතයට වන හානිය ඒ භාවිතා කරන අයදන්නේ නැහැ. සිංගප්පූරුවේ නම් එවැනි නිශ්පාදන ඉතාමත් ඉක්මණින් පරීක්ෂනයට භාජනය කර නතර කරනවා. අපේ රටවල එහෙම නැහැ. ඒවා පරීක්ෂා කරන්න ආයතනයක් වත් නැහැ. තියෙන ඒවගේද පහසුකම් නැහැ. ඒනිසා අපි ඉතාමත් පරිස්සම් විය යුතුයි මේ ෆැට්බර්නිං කියන කාරණයේදී.

තවත් සමහරු මෙට්ෆෙමින් භාවිතා කරනවා තමන් ගන්නා ආහාරයේ ඇති ග්ලූකොස් ප්‍රමාණය ඇවශෝෂනය අවම කරගන්නට. නමුත් ඔවුන්ගේ ශරීරයේ ඇති වෙනත් තත්වයන් නිසා ඔහුට ඉතාමත් ඉක්මනින් දියවැඩියාව හැදෙන බව ඔවුන් දන්නේ නැහැ. මේ කරන්නේ ඇදගෙන නෑමක් නොවේද?

ඔබ සාමාන්‍ය සිරුරක් සහිතව සිටි කාලය මතකද? ඒ කාලයේ සිට අද වන විට ඔබගේ ජීවන රටාව තුල ඇතිවුන වෙනස් කම් ගැන ඔබගේ මනස මෙහෙයවා බලන්න. මා කතා කරන දේවල් වලින් එකක් හෝ ඔබගේ ජීවන රටාවට එකතු වී ඇති. ඒ රටාව ඉවත් කරන්න. ඉන්පසු නිසි පොෂණය සිරුරට ලබා දෙන්න. එපමණයි කරන්නට තියෙන්නේ. අන් කිසිවක් නොවෙයි.

1. කාබෝහයිඩ්රේට අධික ආහාර රටාව.
අපේ රටේ කට්ටිය බත් පිගානට එලවලු චුට්ටක් තමයි දාගන්නේ. නමුත් මේ රටවල එළවලු පිගානට බත් චුටුටක් තමයි දාගන්නේ. බලන්න ජපානය, කොරියාව වගේ රටවල මිනිස්සු. ඒ අයට අපිට වගේ මහත ශරීර නැහැ. ප්‍රධානම හේතුව තමයි කාබෝ හයිඩ්රේට් අඩු ආහාර රටාව.

2. ජංක් ෆූඩ් සහ ෆාස්ට් ෆූූඩ්.
මේ දෙවර්ගයම කිසිම පෝෂනයක් නැති ආහාර වර්ග දෙකක්. ඉකිමණින් පිසලා පාර්සල් කරලා දෙන කෑම ටික තමයි දැක් බොහෝ දෙනෙක් ආහාරයට ගන්නේ. එලවලු ඉතාමත් සුළු ප්‍රමාණයක් සහිත කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් තමයි එතන තියෙන්නේ. මැක්ඩොනල්ඩ් වගේ ජනප්‍රිය ආහාර තමයි ඊලගට. මේවාගේ කන්න තියෙන්නේ සලාද කොල කෑල්ල සහ තක්කාලි පෙත්ත විතරයි. අනෙක් සියලු දේ වස විස. චීස් පෙත්තත් වරදක් නැති වෙන්න පුලුවන්.

3. ඇඩ්රිනලින් සහ කොටිසෝල්
ඔබගේ දෛනික ක්‍රියාකාරීත්වය නිසා දැන් ඔබ සිටින්නේ මානසික ආතතියෙන් වන්නට පුලුවන්. මේ මානසික ආතතිය නිසා ඔබගේ ඇඩ්රිනලින් ග්‍රන්ථියෙන් කෝටිසෝල් සහ ඇඩ්රිනලින් කියන හෝමෝනය සහ නියුරෝට්‍රාන්ස්මිීටරය නිකුත් කරනවා. මේ දෙක අපගේ ශරිරයේ පවතින විට රුධිර ග්ලූකොස් මට්ටම ඉහල යනවා. ඒ නිසා ඉන්සියුලින් මට්ටමත් ඉහල යනවා. මේ ග්ලූකෝස් ලබා ගන්නේ අක්මාවේ සහ මාංශ පේෂි වල ග්ලයිකෝජන් වල බන්ධන කඩලයි. දැන් ගලයිකෝජන් එන්න එන්න අඩු වෙනවා රුධිරයේ ඇති ග්ලූකෝස් නැවත ග්ලයිකොජන් කරන්න නම් පොටෑසියම් කියන මිනරල් එක ඕනි.ඒත් අපි දෛනිකව අවශ්‍ය වන පොටෑසියම් ප්‍රමාණයවත් ලබා ගන්නේ නැහැ. ඉතිං නැවත ග්ලයිකොජන් හදාගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ ග්ලූකෝස් පසුව පාවිච්චි කරන්නට මේදය ලෙසට තැන්පත් කරනවා. මේ මේදය තමයි ෆැට් කියන්නේ. ඉතිං මෙවා බර්න් කරන්න හදනවා.

දැන් හිතලා බලන්න මම මේ කිව්වේ ෆැට් හැදෙන්න එක එහේතුවක්. ඇඩ්රිනලින් සහ කෝටිසෝල්. මේ හෝමෝන ගැන මම ලිපියක් ලියලා ඇති එය කියවා තවත් දැනුම ලබා ගන්න.

දැන් සොයා බලමු මේ හෝමෝන වැඩි වෙන්න අපගේ ජීවිතයේ දී ඇතිවන හේතු ගැන.
පලමු හේතුව තමයි සවස හතේ සිට පටන් ගන්න ටෙලිනාට්‍ය ටික. මේ ටෙලිනාට්‍ය ටික අවසන් වෙනකම් ඔබ ඒ නාට්‍ය ඇතුලේ ජීවත් වෙනවා. ඉතිං අර නලුවා හෝ නිලිය ගේ ආතතිය තමන් ගන්නවා. ඒ අධ්‍යක්ෂවරුන් මාකට් කරන්නේ මානසික ආතතියයි. ඔබ හිතලා බලන්න ඒ ටෙලිනාට්‍යය බලන වෙලාවට ඔබගේ ඇග කෙතරම් රත් වෙනවාද කියලා. බඩට දැනෙන අපහසුතාවය ගැන සිත යොමා බලන්න. මේ සියල්ල සිදුවන්නේ මේ හෝමේන නිසා. ඉතිං ටිකවෙලාවක් යනවිට ඉන්සියුලින් නිකුත් වෙනවා. ඒ සමග නැවතත් බඩගිනි වෙනවා. මෙය නොකඩවා වන විට වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරයට ලබා ගන්නවා අමතරව ගන්නා කැලරි තමයි මේ ෆැට් එක ලෙසට එකතු වෙන්නේ.

තවත් කොටසක් තමයි දරුවන්ගේ අධ්‍යාපනය තරගයක් කරගෙන සිටින මව්වරුන්. ඒ අය තම දරුවා ගැන ඉතාමත් බියෙන් සිටින්නේ. ශිෂ්‍යත්වය ෆේල් වුනොත් ඔක්කොම ඉවරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා දරුවාටද ඉතාමත් තද ආතතියක් ඇති කරවනවා. තමන්ද එයින් විදවනවා. එසේම තම ස්වාමියා ගැන ඇති අවිශ්වාසය නිසා හටගන්නා ආතතිය. තම ස්වාමියා වෙනත් සම්බන්ධකමක් ඇති කරගන්නවා නම් එයටද ඔබගේ දායකත්වයක් ඇති බව මා මින් පෙර ලියූ ලිපිවලින් කියා සිටියා. මේ සියල්ල ඔබගේ වරදින් තමයි සිදුවී ඇත්තේ. තරහා වෙන්න එපා. වරද දකින්නේ නැතිව කොහොමද මිදෙන්නේ. ඒකයි කියලා දෙන්නේ. නිවසේ පෝෂනය ගැන වගකිව යුත්තා ඔබයි. ඉතින් එය නිසි අයුරුන් සකස් කරගත යුතුයි. නැතිනම් මේ ගැටලු විසදෙන්නේ නැහැ.

4 නිදි වැරීම
ඊලග කාරණය තමයි නින්ද නැති වීම. මේ නිසා ඔබ ගේ අක්මාව එන්න එන්න දුර්වල වෙනවා. විශ හරණය කරන ක්‍රියාවලිය නවතිනවා. ඒ නිසා අපි ගන්නා ආහාර වල ඇති වස විෂ අපගේ මේදය තුල තැන්පත් වෙනවා. ඒ මේ වස විස ජලයේ දිය නොවන මේදයේ පමණක් දියවන ඒවා නිසා. මේ කාරණා ඔබව තව තවත් ආහාර ගැනීමට පොළඹවනවා. ඒ නිසා කැලරි ගාන එන්න එන්න වැඩි වෙනවා. කැලරි ගැන මම මින් පෙර ලියා ඇති ලිපි කියවා බලන්න. තමන්ට අවශ්‍ය කාරණාව nittaa.com වෙබ් අඩවියේ සර්ච් එකේ ටයිප් කලාම ඒ ලිපි සොයාගන්න පුලුවන්.

අපි ෆැට් බර්නිං වල ඇති භයාණක කම ගැන ටිකක් කතා කරමු
මම ඉහත දැක්වූවා අපි ගන්නා ආහාර වල ඇති වස විෂ දියවන්නේ මේදයේ බව. මෙදය තමයි අපි එක එක ක්‍රම භාවිතා කරලා දිය කරන්නේ. මේ මේදය දියකරන විට ඒවගේ දියවෙලා තිබුනු විෂද රුධිරයට එක් වෙනවා. ඉතිං මේ විෂ ටික හරණය කරගන්නට අක්මාවට මේවා යොමු වෙනවා. අක්මාවට එන විෂ ප්‍රමාණය ගැන සිතා බලන්න. වසර 20 ක් පමණ එක් කල වස විෂ දවස් 10 ක්වගේ කාලයක් ඇතුලත අක්මාවට එනවා. ඔබ හිතනවාද අක්මාවට මේ විෂ ප්‍රමාණය දරාගන්න පුලුවන් කියලා. අනෙක් කාරණය ඔබ නිදි මරණවා නම් අක්මාවට මේ වැඩේ කෙසේවත් කරගන්න බැහැ. අක්මාව තම විෂ හරණ ක්‍රියාවලිය සිදු කරන්නේ රාත්‍රී 11 සිට 3 පමණ වෙනකම්. ඉතිං මේ වෙලාවට ඔබ තද නින්දේ සිටිය යුතුයි. එසේ නොවුනහොත් සිදුවන්නේ ඒ විෂ නිසාම අක්මාවට හාණි සිදුවීමයි. මේ හාණි වූ තැන්වලට තමයි නැවතත් ෆැට් එක ඇවිල්ලා පිරෙන්නේ. ඉන්පසු ෆැටි ලිවර් සහ සිරෝසිස් කියලා අන්තිමට සුව කරන්නට නොහැකි රෝගයක් කියලා ජීවිත කාලය තුලම විදවනවා. මෙම රෝග ගැන වෙනකම කතා කරමු.

දැන් අපි මොකද කරන්නේ කියලා දැන් ඔබ අසාවි
අපිට කරන්නට තියෙන්නේ ශරිරයට අවධානය යොමු කිරීමයි. තම ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබ ටි වී බලනවා නම් හෝ වෙනත් හේතුවක් නිසා ආතතියකට පත් වි සිටීනම් ඔබගේ රුධීරයට පැමිණි ග්ලූකෝස් නැවතත් ගලයිකෝජන් කරන්නට අවශ්‍ය පොටෑසියම් සිරුරට ලබා දිය යුතුයි. ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්නව නම් ඔබ කොලපාට එලවලු කප් 7 ක්වත් ආහාරයට ගත යුතුයි. ඒ නිසා එක වේලක් තනිකර සැලඩ් එකක් පමණක් ගන්න. එවිට ඒ අනතුර පහව යයි.

අපගේ ශරීරයේ ශක්ති ගබඩා වලින් දෙවැන්න තමයි ෆැට් එක. ෆැට් එක පාවිච්චි නොකරන්නට හේතුව කුමක්ද? ඒ අපි දවසකට වැය කරන කැලර් ගානට වඩා වැඩි කැලරි ගානක් අනුභව කරන නිසයි. එසේ නම් කැලරි අඩු කරන ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි. කැලරි අඩු කරගත හැක්කේ බඩගින්න අඩු කර ගැනීමෙන් පමණයි. මේ නිසා තම ආහාර වේලට ෆයිබර් වැඩියෙන් තියෙන ආහාර ගන්න. එසේම එලවලු වැඩිපුර ගන්න. කාබෝ හය්ඩ්රේට් අඩු කරන්න. හොදට වතුර බොන්න. නිසි පෝෂනය ලබා ගත හැකි ආහාර ගන්න. සැම විටම කාබණික ආහාර වෙත යොමු වෙන්න. එවිට වස විෂ අඩු වෙනවා. ඒ නිසා අක්මාවට වෙහෙ වෙන්නට අවශය නැහැ.

අපිට දෛනිකව අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් 90 ක් තියෙනවා. මේ 90 ම ගත්තත් ග්රැම් 15 ක් නැහැ. අපිට කුස ගින්න ලෙසට දැනෙන්නේ මේ පෝෂන ඌනතාවයයි. එහෙත් එය නොදන්නා අපි කුසගින්න නැතිවෙන්න මොනවා හරි කනවා. ඉතිං අර කාපු ටික ආමාෂයෙන් පහලට ගියාව නැවතත් බඩගිනියි. අපි එයටයි පිලිතුරු දිය යුතු වන්නේ. ඒ සදහා ස්වභාවික සප්ලිමන්ට් භාවිතා කලාට කමක් නැහැ. ඔබ ගන්නා සප්ලිමන්ට් එක සාර්ථක නම් බඩගිනි වීම අවම වෙන්න ඕනි. තමන් ආහාර ගන්නා වාර ගනන අඩු වෙන්න ඕනි. ආහාර ප්‍රමාණය අඩු වෙන්න ඕනි. මේ කාරණා නිසා අපි ගන්නා කැලරි ප්‍රමාණය අඩු වෙනවා. ඒ අඩු වීම නිසාම අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට මේදය දහනය කර අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගන්නවා. ‍මේ නිසා කෙට්ටු වෙන්නට අපි අනුගමනය කල යුතු වන ක්‍රියාමාර්ගය ගැන දැන් ඔබට යම් දැනුමක් ඇති. මේ පෝස්ට් එක ෂෙයාර් කරලා තවත් දහස් ගණනකට මේ තොරතුරු ලබා දෙන්න. මෙත් සිතිනි.!!

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සෙම, පීනස, සහ හතිය නාඩි බලා නිට්ටාවටම සුවකරන රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ

රෝගීන් රැගෙන එන සියලු වෛද්‍ය වාර්තා පසෙක තබා නාඩි බලා රෝග හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාරයක්‌ කරන වෙද හාමුදුරුනමක්‌ හමුවීමට පසුගිය දිනෙක අපි ගියෙමු. පිරිමි පක්‍ෂයේ දකුණතත්, කාන්තා පක්‍ෂයේ වමතත්, ඇතැම් විට දෙඅතත් නාඩි පිරික්‌සීමට ලක්‌කරන උන්වහන්සේ පේන කියන්නාක්‌ මෙන් ශරීරයේ තිබෙන සියලු රෝග හා දෝෂ දකින්නේ පියවි ඇසටත් වඩා නිරවුල්වය. හෙළ වෙදකමේ මූලික අංගයක්‌ තමයි නාඩි පිරික්‌සීම. යම් වෙදැදුරුවරයකුට නාඩි පරීක්‍ෂාවකින් රෝග නිර්ණය කිරීමට නොහැකියාවක්‌ තිබෙනවා නම් ඔහු වට්‌ටෝරු බලා ප්‍රතිකාර කරන අයකු විය යුතුයි. මොකද ඒ තරමට නාඩි පරීක්‍ෂාව හෙළ වෙදකමත් එක්‌ක බද්ධ වෙලා තියෙන එකක්‌. වෙද හාමුදුරුවෝ තිර අදිටනින් ප්‍රකාශ කළහ. මේ රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ වැඩි වශයෙන් ප්‍රසිද්ධව ඇත්තේ සෙම, පීනස හා පපුවේ මහන්සිය වැනි රෝග සඳහා ය. මීට එහා ගිය වෙදකම් ද උන්වහන්සේ ප්‍රගුණ කර සියල්ලට ද ප්‍රතිකාර කළත් සෙම සම්බන්ධයෙන් වැඩි ප්‍රසිද්ධියක්‌ උසුලන්නේය. රෝගීන් කිහිපදෙනකුගේ ඉල්ලීම මත පසුගිය දිනෙක මම උන්වහන්සේ සොයා ගියේ තවත් කිහිපදෙනකු සමගය.

ඒ වෙද අසපුවට අපි ඇතුළු වනවාත් සමඟ වෙද හාමුදුරුවෝ අපව පිළිගනිමින් ලෑලි පෙට්‌ටි දෙකක්‌ තබා අසුන් ගන්නා ලෙස ඉල්ලීමක්‌ කළේ සුහද කතාබහකට සූදානම් වෙමිනි. සෙම, හතිය හා පීනස රෝගවලට ඔබවහන්සේ ප්‍රතිකාර ඉතාමත් නිවැරැදිව කරන බව රෝගීන් කිහිපදෙනකු මට ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් ඔබවහන්සේගේ මේ ප්‍රතිකාරය රටට කියන්නයි ඉල්ලීමක්‌ කළා. ඒ ඉල්ලීම හරහා අපි ඔබවහන්සේ සොයා ගෙන ආවා. අපේ හාමුදුරුවනේ මෙවැනි රෝගීන් ඔබවහන්සේ හඳුනාගත්තේ කොහොමදැයි කියල අපට කිව්වොත්. “නාඩි පරීක්‍ෂාවෙන්. මේ නාඩි පරීක්‍ෂාවෙන් සෙම, හතිය, පීනස නෙවෙයි ඕනෑම රෝගයක්‌ මට හඳුනාගන්න පුළුවන්. පාරම්පරික වෙදෙකුට වෛද්‍ය වාර්තා ඕන නෑ. අපේ වෙද පරම්පරාව මේ තාක්‌ කල් වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කළේ නෑ. වෙදැදුරුවරයකුගේ ස්‌කෑන් යන්තරේ තියෙන්නේ ඇඟිලි තුඩුවල මේ මහත්තයත් එක්‌ක ආපු ඔබතුමා මෙහෙට එන්න. දෙන්න ඔබේ අත.”

වෙද හාමුදුරුවෝ සමාධියට සම වැදුනාක්‌ මෙන් තත්පර කිහිපයක්‌ නිහඬව සිටියහ. ඉන් පසු උන්වහන්සේ යමක්‌ කියවන්නාක්‌ මෙන් මා සමඟ පැමිණි මිත්‍රයාගේ රෝග සියල්ල කියාගෙන යන්නට පටන් ගත්හ. ඔබ අධික සෙම රෝගියෙක්‌. යාර කීපයක්‌ ඇවිද ගන්න බෑ පපුවේ හතිය සහ වේදනාවෙන් විඳවනවා. මේ තත්ත්වය ඉතාමත් අනතුරුදායකයි. ගන්න ඖෂධ ඒ වෙලාවට විතරයි. නැවත නැවත රෝගය මතු වෙනවා. මේ වන විට රෝගය උත්සන්න වෙලා. ඔබ වාර කිහිපයක්‌ රෝහල්ගත වෙලාත් ඉඳලා තියෙනවා. තවත් රෝග තිබුණත් මේ රෝගය ප්‍රධානයි. මගේ මිත්‍රයාට වෙද හාමුදුරුවන්ගේ නාඩි පරීක්‍ෂාව අදහාගත නොහැක. තමන්ට තිබෙන රෝග සියල්ලත් මේ රෝගය නිසා විඳි වේදනාවන් නිවැරැදිව උන්වහන්සේගෙන් පිටවීම පුදුම සහගතය. මා කිසි විටෙක මෙවැනි රෝගියකු සමඟ පැමිණෙන බවක්‌ කීවේ නැත. එමෙන්ම දැන ගැනීමට ඉඩක්‌ තැබුවේ ද නැත. සැබවින් ම ඔහු සෙම රෝගියෙකි. පපුවේ මහන්සිය වසර ගණනාවක සිට තිබූ බව මම ද දනිමි. වරින් වර මතු වූ මේ තත්ත්වයට ඔහු රෝහල්ගත කර සිටි බව ද මම දනිමි.

මේ රෝගියා එක්‌කරගෙන ආවේ මාව පරීක්‍ෂා කරන්නද? වෙද හාමුදුරුවන් අනතුරුව අප දෙස විමසිල්ලෙන් බලා ඇසූහ. නැහැ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගෙන් ප්‍රතිකාරයක්‌ ගන්නයි ආවේ. “ඉතිං ඒ බවක්‌ කලින් කිව්වේ නැත්තේ. කෝ බලන්න මේ නෝනත් එන්න.” උන්වහන්සේ අප සමඟ පැමිණි මිතුරියද නාඩි පරීක්‍ෂාවට ලක්‌ කළහ. දරාගන්න බැරි හිසේ වේදනාවක්‌ වරින්වර මතුවෙනවා. බඩේ රුදාවකුත් සමහර අවස්‌ථාවල මතුවෙනවා. එක දණහිසක තද බල වේදනාවකුත් එනවා. කොන්දේ අමාරුවත් සමහර වෙලාවට එනවා. හිසේ ආමාරුව දැනෙන වෙලාවට ඉවසා ගන්න බැරි තරමට වේදනාවක්‌ ගෙන දෙනවා. උන්වහන්සේ පේන කියන්නාක්‌ මෙන් සියල්ල නිවැරැදිව කියවා ගෙන ගියේ අප මිතුරිය ද විශ්මයට පත් කරවමිනි.

ඔය දෙන්නගේ මේ රෝගී තත්ත්වයන් මම පැය දෙකකදී ඉවත් කරනවා. කිසි දෙයකට බියවිය යුතු නැහැයි කියමින් උන්වහන්සේ ලෑලි ආසනයක්‌ පෙන්වමින් එහි හාන්සිවීමට අප මිතුරන්ට ඉඩ සලසා දුන්හ. ඉන් අනතුරුව රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ අප මිත්‍රයාගේ දෙපයෙහි මහපට ඇඟිලි දෙක අල්ලා නිල තෙරපීමක්‌ කළේ තවත් ප්‍රතිකාරයකට මුල පුරමිනි. ඉන් අනතුරුව දෙඅත්වල ද නිල තෙරපීමක්‌ කර දෙනෙත් වලට‍ තෙල් බින්දු කිහිපයක්‌ දැමූහ. ඉන් පසු දෙකන් වලට ද තෙල් දමා දිවේ කෙළවර තවරා ගැනීමට බෙහෙතක්‌ දුන්හ. මේ සියල්ලට විනාඩි දෙකකට වඩා ගත වන්නට නැත. මගේ මිත්‍රයාගේ පපුවෙහි තිබූ සෙම යන්ත්‍රයකින් අදින්නාක්‌ මෙන් සියල්ල පිට වන්නට පටන් ගත්තේය.

ඉන් පැයකට පමණ පසු තවත් තෙල් බින්දු කිහිපයක්‌ උගුරෙහි තවරා නැවත සෙම ඉවත් කිරීමට උපදෙස්‌ දෙමින් වෙද හාමුදුරුවෝ බලා සිටියහ. මේ අතරතුර මම ද උන්වහන්සේ අසලින් සිට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මගේ මිත්‍රයාගේ මහපට ඇඟිලි දෙක අල්ලා කුමක්‌ කළේ දැයි විමසීය. මේ මහත්තයගෙ පපුවේ සෙම පිරිලා. මේ තත්ත්වය බොහෝම අනතුරුදායකයි. මම ඒ නිල තෙරපීමෙන් කළේ පෙනහැල්ලේ ලොක්‌ කිහිපයක්‌ ඇරීමයි. දැන් ඒ ඇරුණු දොරවල් වලින් සෙම දිගටම පිට වේවි. ඉන් පසු තවත් වේලාවක්‌ යන කොට සියලු සෙම ඉවත් වී අර මම විවෘත කළ ලොක්‌ වැහිල යාවි. මේ අතර තුර තවත් කාන්තාවක්‌ සිය සැමියා සමඟ පැමිණ උන්වහන්සේ ඉදිරිපිට හඬන්නට පටන් ගත්තාය. ඇයගේ දකුණු අතෙහි පහළ කොටස ලී පතුරු කිහිපයක්‌ තබා රෙදි පටි වලින් ගැටගසා තිබූ අතර, ඇඟිලි නැවීමට නොහැකිව වේදනාවෙන් සිටි බවක්‌ පෙනිණි.

“මොකද ඔය වෙලා තියෙන්නෙ අතට..” අපේ හාමුදුරුවනේ වැටුණා… “ඉතිං අත කැඩුනද?” එහෙමයි. තැනකින් වෙදකම් කළා. ඒත් මොනව වෙලාද දන්නෙ නැහැ හරියට ඇදුම් දෙනවා. “කෝ බලමු අත.”

ඉන් අනතුරුව වෙද හාමුදුරුවෝ තෙල් ස්‌වල්පයක්‌ අතට ගෙන මෙම කාන්තාවගේ දකුණු බාහුවේ තවරා එක වරම ඇඟිලි තුඩුවලින් ඇද්දේය. මේ ප්‍රතිකාරයට ද විනාඩි කිහිපයකට වඩා ගත වූයේ නැත. මාස කිහිපයක්‌ ප්‍රතිකාර ගත්ත අත විනාඩි කිහිපයකින් සුවපත් කළහ. මේ සියල්ල මා ඉදිරිපිට සිදුවෙද්දී මාගේ මිත්‍රයා තවමත් පපුවේ සෙම පිට කරමින් සිටියේය. ඔහුට දැන් තරමක සුවයක්‌ තිබෙන නිසා උගුරේ තෙල් ගැල්වීම නතර කරන්න දැයි විමසුවත් ඊට ඉඩ නොදුන් උන්වහන්සේ තව තවත් සෙම පිට කරන ලෙස උපදෙස්‌ දුන්හ.

නාඩි බලා රෝගය හදුනාගෙන විශ්මිත ලෙස සුවකරනා වෙද හාමුදුරුවෝ ගැන හැමෝටම දැනගන්න මේ වටිනා ලිපිය ශෙයා කරන්න.

විමලසිරි අගලකඩ
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දොඩම් ඇට වල තියෙන ගුණ – මේ ලිපිය කියෙවුවොත් ඔබ දොඩම් කාලා ඇට විසිකරන්නේ නෑ

දොඩම් කියන්නේ අපි හැමෝම කැමති පළතුරක්. ඒ වගේම අපේ ශරීරයට විටමින් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ගෙන දෙන දෙයක්. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ දොඩම් ගෙඩියේ ලෙල්ල ඉවත් කර රේණු සහිත කොටස් අහාරයට ගැනීමට. නමුත් දොඩම් ලෙල්ලේ සහ දොඩම් ඇට වල සුවිශේෂී පෝෂණ ගුණයක් අන්තර්ගතයි. දැන් මේ ඔබට කියන්නට සැරසෙන්නේ දොඩම් ඇට වල තිබෙන විශේෂ ගුණ ගැන.

දොඩම් කියන්නේ ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක්
දොඩම් ඵලය මෙන්ම එහි ඇට සතුවත් මිනිස් ශරීරයේ සජලනය ආරක්ෂා කරදී ශරීරය නැවුම්ව සහ සෞඛ්‍යය සම්පන්නව තැබීමට හැකි ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයක් අන්තර්ගත වනවා. උදෑසන දොඩම් ඇට ආහාරයට ගැනීම මගින් ශරීරයේ ප්‍රතිඔක්සිකාරක බලය වර්ධනය කර ශරීරයේ ශක්ති මට්ටම වැඩි කර ගන්නට පුළුවන්.

ආහාර සුවඳවත් කිරීමට දායක වෙනවා
දොඩම් ඇට මගින් ලබා ගන්නා සගන්ධ තෙල් ආහාර සඳහා එක්කර ගැනීම මගින් නැවුම් රසයක් සහ සුගන්ධයක් ආහාර වලට ලබා ගන්නට පුළුවන්. කේක් සඳහා භාවිතා කරන අයිසින් සඳහා දොඩම් ඇට මගින් ලබා ගන්නා තෙල් බහුලවම භාවිතා කරන අතර වෙනත් ආහාර වර්ග බොහෝමයක් සඳහා දොඩම් ඇට මගින් ලබා ගන්නා තෙල් භාවිතා කරනු ලබනවා. මීට අමතරව ස්නානය කිරීම සඳහාත් නිවෙස් පිරිසිදු කිරීමේ කටයුතු සඳහාත් මෙම තෙල් වර්ගය භාවතා කර අමතර සුගන්ධයක් එක්කර ගන්නට පුළුවන්.

දොඩම් ඇට හොඳ ශක්ති ජනකයක්
දොඩම් ඇට ආහාරයට ගැනීම මගින් ශරීරයේ ශක්ති වර්ධනය වනවා. දොඩම් ඇට තුල අන්තර්ගත වන “palmitic”, “oleic” සහ “linoleic” අම්ලයන් විසින් මිනිස් ශරීරයේ සෛල තුල ශක්තිය වැඩි කාලයක් ගබඩා කර තැබීමට සහාය වනවා.

හිසකෙස් සඳහා ද සත්කාරයක්
දොඩම් ඇට තුල අන්තර්ගත වන විටමින් C, ෆෝලික් අම්ලය සහ “bio-flavonoids” මගින් හිස්කබල වෙත සිදු වන රුධිර සංසරණය වේගවත් වී හිසකෙස් සෞඛ්‍යය සම්පන්න කිරීම සිදු වනවා.

පවිත්‍රකාරක ද්‍රව්‍යක් ලෙසත් ක්‍රියා කරනවා
දොඩම් ඇට මගින් ලබා ගන්න තෙල් පවිත්‍රකාරක කටයුතු සඳහාත් භාවිතා කරන්නට පුළුවන්. නැවුම් සුවඳක් නිකුත් කරන දොඩම් ඇට තෙල් ඔබේ නිවසේ පවිත්‍රකාරක කටයුතු සඳහා භාවිතා කර නිවස තුල වාතාශ්‍රය නැවුම් කර ගන්නට පුළුවන්.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)

බයිපාස් සැත්කම් සිදුනොකර, හෘද රෝග නිට්ටාවටම සුව කරන ලංකාවේ වේද හාමිනේ

මම මේ වෙදකම් ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳල. මම කවදාවත්ම සුශ්‍රැතය, චරකය කියවලා නෑ. මම මේ වෙදකම ඉගෙන ගත්තේ මගේ මිත්තණියගෙන්, කට පාඩම් කරලයි ඉගෙන ගත්තේ. මගේ මිත්තණිය රෝගීන්ට වෙදකම් කරන කොට මං ඇයට සහාය වුණා. මගේ කේන්දරේ බලලයි මිත්තණිය මාව මේ වෙදකමට සම්බන්ධ කර ගන්නේ. කේන්දරේ බලපුවම ඇය තේරුම් ගන්න ඇති නවගමුවෙ වෙද පරපුර මම ඉදිරියට ගෙන යාවි කියල.

වෛද්‍යාචාරිනී නවගමුවගේ හෙලේනා පෙරේරා මගේ මිත්තණියගේ නමයි. ඒ කාලේ ඇය ප්‍රසිද්ධ වෙද හාමිනේ කෙනෙක්. ඇය රෝගීන් බොහෝ ගණනක් සුවපත් කරල තියෙනවා. මට මතකයි මොළයේ ගෙඩියක් තිබූ රෝගියෙක් ඇය සුවපත් කළ හැටි. ඒ කාලේ දැන් වගේ නොවෙයි ඖෂධ පැළෑටි ඕනෑ තරම් තිබුණා සොයා ගන්න.

වෛද්‍යාචාරිනී චාන්දනී වික්‍රමාරච්චි මහත්මියගේ මෙම ප්‍රකාශයෙන් ඇයගේ අව්‍යාජත්වය හා නිරහංකාර බව මොනවට ඉස්මතු වන්නේය. සුශ්‍රැතය, චරකය ඇය කියවා නෑ කීවේ ඒ බැවිනි. චරකය යනු චරක සංහිතාවය. චරක, සුශ්‍රැත, අෂ්ටාංග හෘදය ආයුර්වේද මූලික සංහිතා ග්‍රන්ථ වේ. ආයුර්වේද ශාස්ත්‍රය හදාරන්නේ නම් මෙම ග්‍රන්ථ කියවා හැදෑරිය යුතුමය.

එහෙත් වික්‍රමාරච්චි වෙද හාමිනේ මේ පොත් කියවා නැත. ඇය ඒ බව පැවසුවේ නිරහංකාරවය. ඒ ඇය වෙදකම ඉගෙන ගත්තේ ඇයට වයස අවුරුදු 8 සිට තම මිත්තණියගෙන් නිසාය. ඇය ඉගෙන ගත්තේ නවගමු පරම්පරාවට හිමි වෙදකමය. ජීව විද්‍යා අංශයෙන් පාසලේ අ.පො.ස. උසස් පෙළ හැදෑරු ඇය සිය අත්තම්මාගෙන් වෙදකම ඉගෙන ගත්තාය. අත්තම්මා සමග එක්වී රෝගීන්ට ප්‍රතිකාර කළාය. මේ පාරම්පරික වෙදකම ඇය ප්‍රගුණ කළේ එලෙසය.

අපේ රටේ පාරම්පරික වෙදකමෙන් එහෙමත් නැතිනම් සිංහල වෙදකමෙන් සුවපත් කළ නොහැකි රෝගයක් නැති තරම් යැයි ඇයට අවබෝධ වූවාය. ඒ නිසා ඇය අත්හදා බැලීම් කළාය. ඒවා හිතුවාටත් වඩා සාර්ථක විය. ඇයගේ නව සොයා ගැනීම් මගින් රෝගීන් සුවපත් වන විට තම අත්ගුණය ගැන ඇයට ප්‍රබල විශ්වාසයක් ඇති වූවාය.

සිංහල වෙදකමේ ඖෂධ වශයෙන් බහුලව ගැනෙනුයේ පැළෑටිය. පැළෑටිත් මිනිසාත් අතර සමවාසී සම්බන්ධයක් ඇත්තේය. ඊට හේතුව පැළෑටිත් මිනිසාත් එකම පංච භූතයෙන් නිර්මාණය වීමයි. රෝගයක් යනු පංච භූතයන්ගෙන් නිර්මිත ත්‍රිදෝෂයේ විසමතාවකි. එය වැඩියෙක් හෝ අඩුවක් විය හැකිය. පංචභූතය මගින් සිදුවනුයේ ඒ වැඩිය කපා හැරීමයි. නැත්නම් අඩුව පිරීමයි. එසේ තුන්දොස් සම කිරීමෙන් සුවය සැලසේ. මෙය විදුහුරු, මහරු ස්වාභාවික පිළියමකි.

චාන්දනී වික්‍රමාරච්චි වෙද හාමිනේ මේ සත්‍යය හොඳ හැටි අවබෝධ කරගෙන සිටින්නීය. මේ මහ පොළොවේ නිර්මිත සත්ත්වයා ලෙඩ වූ විට මේ මහ පොළොවෙන්ම උපන් පිළියම් ඇත යන සත්‍යය ඇය අවබෝධ කරගෙන තිබිණි. මේ අනුව කළ අත්හදා බැලීම්වලදී රෝග රැසකට පිළියම් සොයා ගැනීමට ඇයට හැකිවිය.

පිත්තාශයේ ගල් ඇතිවීම, වකුගඩුවේ හෝ මුත්‍රාශයේ ගල් ඇතිවීම, අක්මාවේ මේදය තැන්පත්වීම (Fatty Liver )- දියවැඩියාව, පොතුකබර ( Psorisis )රුධිර නාළවල මේදය තැන්පත් වීම ( Cholesterol )වකුගඩු රෝග, පිළිකා, අසාත්මිකතා නිසා ඇතිවන ආබාධ, අංශභාගය ආදී රෝග රැසක් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකළ හැකි බව වික්‍රමාරච්චි වෙද හාමිනේ පවසන්නීය. මේ සෑම රෝගයකටම ඇය පිළියම් සොයාගෙන ඇත. ඒ ඒ රෝග තත්ත්වය අනුව දිනවකවානු ලබාදී රෝගය සුව කිරීමේ දක්‍ෂතාවක් ඇයට ඇත. ඇය තම ප්‍රතිකාර ක්‍රමය කෙරෙහි තබා ඇති විශ්වාසය කෙබඳු වේදැයි ඉන් අපට සිතා ගත හැකිය.

දියවැඩියාව, ජඨර ප්‍රදාහය (Gastritis)හැදිල ආපු රෝගීන් මං නිට්ටාවටම සුව කරල තියෙනවා. ඒ වගේම තමයි පිත්තාශයේ සහ වකුගඩුවේ සහ මුත්‍රාශයේ ගල් තිබුණු රෝගීන්ටත් මං ප්‍රතිකාර කරල සුවවෙලා තියෙනවා.

මේ වෙදකමෙන් සුව කරන්න බැරි ලෙඩක් නෑ. ඒ වගේම ස්නායු රෝගීන් අංශභාග රෝගීන් වෙනුවෙන් මං විශේෂ තෙලක් හදල තියෙනවා. ඒක ඇග ගැල්වූවාම ස්නායු රෝගීන්ටත්, අංශභාග රෝගීන්ටත් ලැඛෙන්නේ පුදුම ගුණයක්. අපි මේ මහ පොළොවේ ඉපදිල මේ මහ පොළොවේ ගුණය උරාගෙන ජීවත් වෙන මිනිස්සු. ඉතින් අපේ ලෙඩ රෝගවලට මේ මහ පොළොවෙම බොහෙත් තියෙන්න ඕනෑ. මම ඒක තදින්ම විශ්වාස කරනවා. මහ පොළොවේ ගුණය උරාගෙන හැදුණු පැළෑටිවල ඒ ඖෂධ ගුණය තියෙනවා. මේ ඖෂධ පැළෑටිවලින් ඛෙහෙත් හදල මම පර්යේෂණ කරල තියෙනවා. ඒවායින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු නිසා තමයි මං විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර කරන්නේ. ඒ විශ්වාසය නිසා තමයි මං ලෙඩාට එයා සනීප වන දින කාලවකවානු ලබා දෙන්නෙ.

අපි ස්වභාව ධර්මයට ආදරය වෙන්න ඕනෑ. එතකොට ස්වභාව ධර්මය අපිව රකිනවා. අද බහුතරය සොබා දහමට පිටුපා යන නිසා සොබාදහම අපිට එරෙහි වෙලා තියෙනවා. අද මිනිස්සු පරිසරය විනාශ කරන නිසා ඖෂධ පැළෑටි හිග වෙලා තියෙනවා. සමහර ඖෂධ පැළෑටි නැත්තටම නැති වෙලා, හොයා ගන්නවත් බැහැ. සනීප කරන්න බැහැයි කියල නිගමනය වන බොහොමයක් රෝග පාරම්පරික වෙදකමෙන් සනීප කරන්න පුළුවන්. නමුත් ඒ රෝගවලට ඕනෑ කරන අත්‍යවශ්‍යම ඛෙහෙත් පැළෑටි හොයා ගන්නවත් බැහැ. ඒවා වඳවෙලා ගිහින්. ස්වභාව ධර්මයට අපි ආදරේ නැති නිසා ස්වභාව ධර්මයට අපිව රකින්න බැරිවෙලා තියෙනවා.

වෛද්‍යතුමිය කියන මේ කතාව ඇත්තය. හෘදයට රුධිරය ගෙන යෑම අවහිර වූ විට කෙරෙන රුධිර නාළිකා බද්ධය බයිපාස් සැත්කම නොකර එම රුධිර නාළිකා අවහිරය පාරම්පරික වෙදකමෙන් සාර්ථකව සුවපත් කළහැකි බව චාන්දනී වික්‍රමාරච්චි වෛද්‍යතුමිය පවසන්නීය. ඇය තම ප්‍රතිකාර මගින් එවැනි රෝගීන් ස්වල්ප දෙනකු නිට්ටාවටම සුවපත් කොට ඇත. ඒත් එම ඖෂධය සෑදීමට ගන්නා ඛෙහෙත් පැළෑටි සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇත. ස්වභාව ධර්මයට එරෙහි වීම නිසා මිනිසාට ලැබුණු එක් දඩුවමකි.

බටහිර වෙදකම මේ දක්වා හාස්කම් පානුයේ ප්‍රතිජෛව ඖෂධ මගිනි. එම ඖෂධ ආසාදන රෝග සඳහා විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන නමුදු ඉවක් බවක් නැතිව සීමා රහිතව යෙදීමෙන් මාරක රෝගද පැනනැ‍ගේ. ඒ මන්ද එම ඖෂධ ක්‍ෂුද්‍ර ජීවීන්ට හුරුවීම නිසා එය මැඩපැවැත්වීමට නොහැකි වීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵලය නොලැබීමෙනි. ඒ ක්‍ෂද්‍ර ජීවීන් ඖෂධ ශක්තිය මැඩ නැගී සිටින නිසාය.

අපේ සිරුර මනහර නුවරක් නම් ක්‍ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා) එම නුවරට කඩා වදින ආක්‍රමණික හමුදාවක් වැන්න. එම හමුදාව නුවරට ඇතුළුවීමෙන් පසු ප්‍රතිජෛව ඖෂධ නමැති බෝම්බවලින් දැඩි ප්‍රහාරයක් එල්ල කොට සුනු විසුනු කිරීම පහසුය. එහෙත් එයින් සිරුර නමැති නුවරටද බරපතළ හානි සිදුවන බව අමතක නොකළ යුතුය. පෙරදිග වෙදකමේ ක්‍ෂුද්‍ර ජීවී හමුදා මැඬීමට බෝම්බ භාවිතා නොකරයි. සිරුර නමැති නුවරට කිසිඳු සතුරකුට ඇතුළු විය නොහැකි සේ සිරුර සියලු අතින් සවිමත් කිරීම පෙරදිග වෙදකමෙන් සිදුවේ. ශක්තිය නම්, බලය නම් නිරෝගී බව යැයි හෙළ වෙදකමේ කීවේ ඒ නිසාය.

අද සමාජයේ පැතිරී ඇති ලෙඩක් තමයි අර්ශස් කියල කියන්නේ. පොදුවේ සියලු දෙනාටම යම් තරමකට අර්ශස් තිබුණත් රෝග ලක්‍ෂණ ප්‍රකටව පවතින අය පමණක් අර්ශස් රෝගීන් ලෙස සැලකෙනවා. මේ ලෙඩේ බහුලව වැලඳුණත් බෝවන ලෙඩක් නම් නොවෙයි. මෙය වැල‍‍දෙන්නට වයිරසයක්, බැක්ටීරියාවක් බලනොපෑවට මේක හරියට වධ දෙන ලෙඩක්.

වික්‍රමාරච්චි වෙද හාමිනේ කියන ලෙස මේ මූලග්ගාය රෝගය (අර්ශස්) සනීප කළ හැකිය. එවැනි රෝගීන් බොහෝ ගණනක් ඇය විසින් සුවපත් කරනු ලැබ ඇත. පාරම්පරික වෙදකමේ අනර්ඝ ඖෂධ මේ සඳහා තිඛෙන බව ඇය පවසන්නීය.

මේ රෝගය වැලඳුණු වි‍ට සතුරකු මෙන් හිංසා කරන නිසා .අර්ශස්. කියාද, කීමට අපහසු නරක නමක් ඇති ලෙඩක් නිසා .දුර්නාම. කියාද, ගුදයේ හටගන්නා ගෙඩි කියන තේරුමෙන් ගුද කීල කියාද වෙද පතපොතෙහි මේ රෝගය හැඳින්වේ. ගැමි වහරේ මේ රෝගය හඳුන්වන්නේ අර්ශස් ගාය නැතිනම් මූලග්ගාය යනුවෙනි.

මිනිසත් බවත් සමග මිනිසාට උරුම වූ රෝගයක් ලෙස මෙය නම් කළ හැකිය. ඒ මිනිස් ගුද මග ගුරුත්වාකර්ෂණයට නිතර අසුවන අයුරෙන් පිහිටීම නිසාය. ගුද මග ආශ්‍රිත මූලාධාර පේශිය දිනපතා වැඩි ‍වෙලාවක් පෙළෙනුයේ මිනිසා වැඩි වේලාවක් වාඩි වී සිටීමේ නරක පුරුද්ද නිසාය. මේ පෙළීම නිසා මේ පේශිය ආශ්‍රිතව ගුද බිත්ති ඇතුළත ගමන් ගන්නා ශිරා පිම්බේ. එසේ පිම්බුණු ශිරාවෝ දැඩි වී ගෙඩි බවට පත්වෙති. මේ ගෙඩි හරියට මිදි පොකුරක් වැනිය. අර්ශස්වල උපත එයයි.

මේ රෝගය හැදුණාම නොරිස්සුම් ගතිය නොසන්සුන් බව ඇතිවෙනවා. කුඩා අර්ශස් ගෙඩි දැඩිවීම සහ මල බද්ධය නිසා ගුද මගඟකෙළවර තදබල දැවිල්ලක් ගන්නවා. ඉන් මොළයේ තාප නියාමක කේන්ද්‍රය උත්තේජනය වෙනවා. ඒ නිසයි අර්ශස් රෝගියාට කෝපයත් නොරිස්සුම් ගතියත් ඇති වෙන්නේ.

එක තැන වාඩිවී සිටින, ව්‍යායාමයෙන් තොර අයට මෙම රෝගය වැලඳිමේ ප්‍රවණතාව වැඩියි. මල බද්ධය ඇත්නම් පරෙස්සම් වෙන්න ඕනෑ. මේ රෝග ආරයට යෑමේ ආකාරයක්ද දකින්න පුළුවන්. මේ රෝගයට ප්‍රතිකාර ගන්න ආව අය මං සුවපත් කර තිඛෙනවා. අසාධ්‍ය අර්ශස් රෝගීන්ටත් මම ප්‍රතිකාර කර තිඛෙනවා. වෙදහාමිනේ පැවැසුවාය.

ඇය මෙවැනි රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ විශේෂ ඖෂධ සකසා ඇත. ඇය රෝගීන් විනිශ්චය කරන කුටියට පිටුපසින් ඇත්තේ කසාය, තෙල් වර්ග, පත්තු වර්ග සාදන කුටියයි. රෝගීන් බලන අතරතුර ඇය විටින් විට ගොස් ඖෂධ සාදන අයුරු නිරීක්‍ෂණය කරයි.

සිද්ධාදි වෙද මැදුර, අංක 345, නගර සීමා මාවත, හෝමාගම යන ස්ථානයේදී වෛද්‍යාචාරිනී චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය හමුවිය හැකි අතර 0759061771 සහ 0113061771 යන දුරකතන අංකවලින් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

පිළිකා සෛල විනාශකර පිළිකාව පැතිරීම වලක්වන පැෂන් වල ඇති ගුණ

පැෂන් – උද්හිද විද්‍යාත්මක නාමය Passiflora edulis, බ්රසීලය, පැරගුවේ හා ආර්ජන්ටිනාව, පැෂන් මල් දේශීය ක මිදි වැල විශේෂ පැමිණෙන්නේ. අද එය නිවර්තන සහ උප නිවර්තන දේශගුණයක් සහිත බොහෝ රටවල වාණිජ වගා කෙරේ. එය මහත් පැණිරස හා tangy රසය ඇති ඉතා ඇරෝමැටික පල වේ. පැෂන් බීජ ගොඩක් සමඟ pulpy අභ්යන්තර ඇත. විට පරිණත, ඔවුන්ගේ කළ බාහිර විවිධ මත පදනම්ව කහ පාට හෝ දම් පාටින් එන්න පුළුවන්.

පැෂන් පළතුර
දම් පැහැති එක් ඉතා ඇරෝමැටික වන අතර ශක්තිමත් රසය වන ෙහයින් ගෝල්ඩන් හෝ කහ පැෂන් ෆෲට් වැඩි බොල් හා ආම්ලික රසය ඇත. මෙම පලතුරු පුළුල් ලෙස සලාද, අතුරුපස දී කොක්ටේල් මිශ්ර පළතුරු පල්ප් සහ, රසකාරක නියෝජිතයා ද, යුෂ ස්වරූපයෙන් පරිභෝජනය කරයි. වර්ණ මත මේ පල පෝෂණ අන්තර්ගතය තුළ සුළු වෙනසක් ඇත. අපි ඔබට පැෂන් සඳහා පොදු සහ සාමාන්යයෙන් පිළිගත් ප්රමිතීන්ට ගෙන ඒමට උත්සාහ කරනු ඇත.

පැෂන් පළතුරු පෝෂණ අගය
පැෂන් ඉතා පෝෂ්යදායී පල වන අතර විටමින් සහ ඛනිජ ද්රව්ය ඕනෑ තරම් අඩංගු වේ. පෝෂණ සටහන පහත සඳහන් මෙම රසවත් සතුටක් සේවය ග්රෑම් 100 ක් දී පෝෂ්ය පදාර්ථ ප්රමාණය සහ සමානුපාතයන් කියවෙනුයේ අන්තර්ගතව ඇති.

පැෂන් පලතුරු තන්තු විශේෂයෙන් ඉහළ වන අතර, එය මෙන්ම විටමින් A අපගේ දෛනික අවශ්යතාව ගැන 43% ක් ඉටු. පැෂන් ෆෲට් ග්රෑම් 100 සමඟ 9.5% ක් 20% ක් හා තඹ, යකඩ දී ඔරලෝසු. එය ද Crpto-xanthin හා Lycopene වැනි phytonutrients පොහොසත් මූලාශ්රය ද මෙය වේ. එය අපගේ එදිනෙදා අවශ්යතාව 18% ක් පමණ අඩු අගයක් කැලරි හා මධ්යස්ථ, කාබෝහයිඩ්රේට ඇත. ශරීරයේ දෛනික අවශ්යතාව 7% සඳහා වන පරිදි මෙම පලතුරු නමුත් පොටෑසියම් පාහේ කිසිදු සෝඩියම් පවතී.

මේවාත් බලන්න: පොළොව මත 45 healthiest පළතුරු ලැයිස්තුව. පැෂන් පළතුරු හා පෝෂණ තොරතුරු සෞඛ්ය ප්රතිලාභ

පිළිකා
මෑත කාලයේ දී පිළිකා රෝගීන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ පවතී. පිළිකා ඕනෑම හේතුවක් නොමැතිව බොහෝ සාධක හා විටම නිසා වේ. එහෙත් පිළිකා ආරම්භය ආරම්භ වන මෙම ක්රියාවලිය ශරීරය තුළ නිදහස් රැඩිකලුන් නිෂ්පාදනය වේ. ඉතින් මේ නොමිලේ රැඩිකලුන් මොනවාද?

අපේ ශරීරය ඔක්සිජන් නිරාවරණය මත එහි කටයුතු නමුත් ඇතැම් අණු සියල්ල සඳහා ඔක්සිජන් අවශ්ය සෙලියුලර් මට්ටමින් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ශුද්ධවන්තකම වෙනස් හා හානි සිදුවිය හැක. මෙම හානි සෛල නිදහස් රැඩිකලුන් ලෙස හැඳින්වේ සහ ඔවුන්ගේ වර්ධනය අපි පිළිකා කියන්නේ. නොකඩවා බෙදා වෙන් කිරීමේ ඔවුන්ගේ සුවිශේෂී දේපල ඔවුන් භයානක වේ. නිදහස් රැඩිකලුන් පිහිටුවීම ස්වභාවික වන අතර ඔවුන් සෞඛ්ය සම්පන්න සෛල වලට හානි කිරීමට පෙර ප්රතිඔක්සිකාරක ඒවා නිතර නිතර පිරිසිදු.

පැෂන් දෙකම ශක්තිමත් විරෝධී වැලකීමට වේ, විටමින් ඒ සහ සී විටමින් ඉතා ඉහළ ප්රමාණයක් අඩංගු වේ. ඔවුන් මෙම නිදහස් රැඩිකලුන් උදාසීන හා පිළිකා ආරක්ෂා කරනවා. ෆ්ලේවනොයිඩ තවදුරටත් සිරුරට ප්රතිඔක්සිකාරක ලබා දීම සහ පිළිකා ආරක්ෂා පැෂන් පලතුරු විභවය තවදුරටත් වැඩිකර ඇත. මෑත අධ්යයනයන් ද පිළිකා රෝගීන් ද, පැෂන් පළතුරු පිළිකා සෛල මරන්න පුළුවන් බව පෙන්වා දී ඇත.

රුධිර පීඩනය
කිසිදු සෝඩියම් මහ පොටෑසියම් අන්තර්ගතයට අධි රුධිර පීඩනය සිට ආරක්ෂා පැෂන් ඉතා ඵලදායී වේ. මහ සෝඩියම් මට්ටම් රුධිර පීඩනය ඉහළ යාම හා ඒ නිසාම හෘදයාබාධයක් හෝ අංශභාගය වැනි අනෙකුත් රෝග නිසා සම්බන්ධ කර ඇත. සෝඩියම් අපගේ ශරීරය තුල ඉතා සීමිත ප්රමාණයක් අවශ්ය වේ නමුත් එය බොහෝ ලුණු අඩංගු අපේ සුපුරුදු ආහාර සිට ව්යුත්පන්න කර ඇත. ඒ නිසා, ඔබේ ආහාර සහ පලතුරු වඩා ඉහලින් ආහාරයට ඕනෑම ලුණු සෝඩියම් වැඩිපුර පරිභෝජනය සඳහා වේ.

පොටෑසියම් විද ත් ඉතිරි ගැන නියාමනය හා හෘද මාංශ පේශී ඇතුළු අපේ මුළු ශරීරයේ පේශි ක්රියාකාරීත්වය පාලනය කරයි. එය ද ඉක්මවා නිකුත් නම් ධමනි තුළ අවහිරතා ඇති විය හැක වන රුධිර සංසරණ කැල්සියම් නිදහස් සඳහා වගකිව යුතු වේ. පොටෑසියම් තුන අංගයන් එය ශරීරය තුළ ප්රශස්ත රුධිර පීඩනය පාලනය කරනු ලබන වක්ර සාධකය කරන්න.

බඩවැලේ දියර
පැෂන් ද්රාව්ය කෙඳි අඩංගු වේ. දියවන කෙඳි සෞඛ්ය සම්පන්න සහ නිත්ය පිටකිරීමේ ව්යාපාරය පහසුකම් මගින් බඩවැලේ තුළ ගබඩා කර විෂ පිරිසිඳු. මීට අමතරව මෙම ෆයිබර් අන්තර්ගත වලින්, පැෂන් දී ප්රතිඔක්සිකාරක ද බඩවැලේ පිරිසිදු සඳහා ආධාර. බඩවැල් සහ ආන්ත්රික පත්රිකාවක් එකතු කරන විෂ ආසාදන සඳහා අර්ධ වශයෙන් වගකිව යුතු වන අතර පිළිකා වර්ධනය වඩාත් නරක අතට. ඔවුන් ද ප්රතිකාර බාධා හා ඖෂධ පරිපාලනය කරමින් බාධා.

පැෂන් පාලනය මෙම සංරචක සහ පෝෂ්ය පදාර්ථ සහ මළපහ සඳහා තොග එකතු සහ ඔවුන් ලිහිල් විසින් බද්ධය වළක්වා. ෆයිබර් වතුර අවශෝෂණය හා ගුද පත්රිකාවක් හරහා ගමන් කිරීමට පහසු වේ යන මළපහ මෘදුයි වන්නේ එබැවිණි. ගොඩවල් සහ ගුද ප්රදේශයේ දැවිල්ල සිට සිදුවීම් හා ආරක්ෂාව අඩු අපේ ශරීරය ප්රතිඵල තන්තු මෙම සුවිශේෂ කාර්යභාරයක්.

අක්ෂි සහ දැක්ම සඳහා
ඔබගේ දැක්ම හා අක්ෂි සෞඛ්ය වයස හා ආසාදන සහ ඔප්ටිකල් ස්නායු වල දුර්වලතාවය නිසා සමහර තරුණ ජනතාවට පිරිහීමට සමාධිගත කිරීම. අද කාලයේ ඔබ රූපවාහිනී සහ පරිගණක හා ඉතිරි ස්වරූපයෙන් පසින් පුංචි තිරය වෙත අධික නිරාවරණය වන්නේ සෞඛ්යයට අහිතකර ආහාර පුරුදු පිළිබඳ චෝදනා කළ හැකි ඝන ඇස් කණ්ණාඩි පැළඳ දරුවන් පවා සොයා ගත හැකි වනු ඇත. ශුභාරංචිය ඇස් පෙනීම දී අක්ෂි දැක්ම අහිමි හා සාමාන්ය වැඩිදියුණු ආහාරයට සෞඛ්ය සම්පන්න ආහාර ඇතුළු විසින් සාක්ෂාත් කල හැකි බව ය.

පැෂන් ඇසට වාසිදායක බව ඔප්පු බව එම සෞඛ්ය සම්පන්න ආහාර අතර වේ. එය විටමින් A, විටමින් C සහ ෆ්ලේවනොයිඩ වැනි ප්රතිඔක්සිකාරක, ඉතා ඉහළ ප්රමාණයක් අන්තර්ගත වේ. මෙම පෝෂක නිදහස් රැඩිකල් හානි වලින් ඇස් ආරක්ෂා කිරීම සහ ඇසේ සෙම පටල බව පලිහ පිල්ලම බලාගන්න. මීට අමතරව පළතුරු මෙම බීටා කැරොටින් ඇස් හා එහි දැක්ම මත එහි යහපත් ප්රතිඵල සඳහා ප්රසිද්ධ කර ඇත. එය දර්ශනයක් අහිමි ඇස් ආරක්ෂා කිරීම සහ ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ප්රයෝජනවත් වේ ඒ නිසා එය විටමින් ඒ සඳහා phytonutrient සහ උත්ප්රේරකයක් වේ.

මේවාත් බලන්න: පළතුරු සෞඛ්ය ප්රතිලාභ හා පෝෂණ තොරතුරු – ලේ වැඩි හීමෝග්ලොබින්
අපේ ලේ රතු පාට කාගේ ප්රධාන අන්තර්ගතයට යන්න යකඩ වේ හිමොග්ලොබින් නම් වර්ණකය කිරීමට නියමිතය.

හිමොග්ලොබින් අපේ ශරීරයේ කොටස් වලට රුධිරය ප්රවාහනය කරන ලේ ප්රධාන කාර්යය සිදු කරනු ලබයි. වෛද්යවරුන් ලේ අඩු මට්ටමක ගැන කතා කරන විට, එය සාමාන්යයෙන් රක්ත හීනතාව නමින් හිමොග්ලොබින් හිගයක් සඳහන් කරයි.

රක්ත හීනතාව බරපතල තත්ත්වය නොවේ නමුත් එය දිගු කලක් පරීක්ෂාවෙන් තොරව හා ෙරෝගි පවතී නම්, එය ඉතා බරපතල ප්රතිවිපාක ඇති විය හැක. අඩු හිමොග්ලොබින් සුපුරුදු රෝග ලක්ෂණ දිගටම පවතින මහන්සිය, breathlessness, කරකැවිල්ල, ගෑස් සැපයීමට ක්ලාන්තය ඇතුළත් වේ.

පැෂන් විටමින් සී විටමින් C සමග දිනපතා අවශ්ය අගය 20% ක් වන යකඩ ඉහළ ප්රමාණයක් අන්තර්ගත වේ ශරීරය තුල යකඩ අවශෝෂණය ඉතා වැදගත් වේ. එය යකඩ වලක්වන හා රුධිරයේ හිමොග්ලොබින් වැඩි වේ.

ආහාර ගැනීමෙන් ශක්තිමත් කරගත
කලින් සඳහන් කළ පරිදි. පැෂන් පලතුරු විශේෂයෙන්ම ද්රාව්ය කෙඳි තන්තු ඉතා ඉහළ ප්රමාණයක් තියෙනවා. ද්රාව්ය කෙඳි වැඩි තොග laxative ඉහළ ප්රමාණයක් අඩංගු ආහාර ගැනීමෙන් හා වැඩි දියුණු කරන බව පලතුරු. ඔවුන් ආහාර පෝෂණ අවශෝෂණය දී ශරීරයේ වැඩි දියුණු ධාරිතාව යාමයි. ෆයිබර් වතුර අවශෝෂණය හා පහසු සහ සෞඛ්ය සම්පන්න පිටකිරීමේ ව්යාපාරය සඳහා කිරීමට මළපහ මෘදු.

පැෂන් පමණක් තන්තු පොහොසත් පමණක් නොව, ආහාර දිරවීමට වැඩි දියුණු කිරීම සඳහා තන්තු සහිත අත්යාවශ්යය වන ඉහළ ජල ප්රමාණය ඇත. එය බඩට ඉදිරිපත් ආහාර ජීර්ණ යුෂ ප්රමාණය වැඩි බව එහි එන්සයිම උපකාරයෙන් ආහාර ගැනීමෙන් උත්තේජනය කිරීමයි. එය ද එහි ප්රතිඵලයක් ලෙස තවත් බොහෝ ආමාශයික රෝග වලින් ශරීරය සමනය කිරීම සඳහා හැඳින්වේ.

ප්‍රතිශක්තිය
ප්රතිශක්තිය රෝග හා ආසාදන වලට ශරීරය සෞඛ්යයට අහිතකර සහ ඊයම් කරන්න බව වෛරස, බැක්ටීරියා, විෂ ආදිය වැනි විවිධ රෝග කාරක එරෙහිව අපේ ශරීරය ආරක්ෂක පද්ධතිය වේ. අපේ ප්රතිශක්ති පද්ධතිය අපේ ප්රතිශක්තිය සඳහා වගකිව යුතු වේ.

එය තර්ජනයක් හඳුනා ගැනීම සහ එය සැලකිය යුතු හානියක් පෙර පද්ධතිය සිට එය ඉවත් වැදගත් භූමිකාවක් ඇත. ප්රතිඔක්සිකාරක අපේ ප්රතිශක්ති පද්ධතිය “මිතුරෝ” ලෙස සඳහන් කර ඇත.

විටමින් A, විටමින් C සහ Xanthin සහ බීටා කැරොටින් වැනි phytonutrients අපගේ ශරීරයේ ප්රතිශක්තිකරණ කාර්යය උපරිම ප්රතිලාභ දී ඉතා ප්රයෝජනවත් වේ. එය සීතල, උණ හා වෙනත් ආසාදන වැනි පොදු රෝගයට එරෙහි ඉහළ ප්රතිරෝධය ප්රතිඵලයක්.

විටමින් C, විශේෂයෙන් සීතල සහ කැස්ස සමනය සඳහා ප්රසිද්ධ ඇත; එය ජලය ද්රාව්ය විටමින් වන බැවින් සහ, ශරීරය වෙතින් එහි පාඩුව ඉහළ අනුපාතයකින් වේ. මෙම අලාභය, විටමින් සී පොහොසත් ප්රභවය බව පැෂන් පලතුරු වැනි පලතුරු විසින් සපයන්න හැකි

කන්තුක වාහිනී සෞඛ්
ආශාව පලතුරු ඔබේ සිත ඇත්තටම සමීප විය යුතු ඇයි කට වඩා එක් හේතුවක් වේ. කොලෙස්ටරෝල් බොහෝ විට සිතේ අංක එකේ සතුරා. එය අවහිර ධමනි හා ඔබේ සිතේ වැඩි මානසික ආතතිය නිසා රුධිර පීඩනය උච්ඡාවචනය නිර්මාණය කරන්න.

පැෂන් කිසිදු කොලෙස්ටරෝල් සහ අවම මේද ඇත. එහෙත් එහි යහපත්කම යන්තම් අඩු මේද පල වීම නතර කරන්නේ නැහැ. පැෂන් ලේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන තන්තු ඉහළ ප්රමාණයක් අන්තර්ගත වේ. එය HDL (හොඳ කොලෙස්ටරෝල්) වැඩි සහ LDL (නරක කොලෙස්ටරෝල්) අඩු කරයි.

මේ හැරෙන්නට, එය අවිධිමත් හෘද ස්පන්දනය වලින් ආරක්ෂා සහ සංකෝචනය හා හෘද මාංශ පේශී පුළුල් පාලනය කරනු ලබන පොටෑසියම් ඇත. පැෂන් විරෝධී වැලකීමට තවදුරටත් ධමනි අභ්යන්තර රේඛාවක් දිගේ සමරු ඵලකය ගොඩනැගීමට අධෛර්යමත් හා පිරිසිදු.

භාවය වර්ධනය
පැෂන් සහ එහි මල් ඖෂධීය Alkaloids සහ එහි phytonutrients මෘදු sedative ගුණ ඇති බව ප්රකට ය අඩංගු වේ. එය පැෂන් ෆෲට් කන ස්නායු පද්ධතිය යහමින් සහ නින්ද ඇති කරයි බව සොයා ගත හැකි විය. මෙය ඉතා ඵලදායී භාවය වර්ධනය කරයි අතර, සැබවින්ම, බොහෝ වෛද්යවරුන් දැන් මානසික අවපීඩනය, සාංකාව සහ නින්ද නොයාම වැනි ගැටළු ප්රතිකාර කිරීම සඳහා මෙම ස්වභාවික අතිරේක භාවිතා කරයි. මෙම රෝග ප්රතිකාර කිරීම සඳහා ඖෂධ, ශක්තිමත් අනාරක්ෂිත සහ තවත් බොහෝ අතුරු ආබාධ ඇති. මෙම රෝග වලින් පෙලෙන පුද්ගලයන් දෛනික ආහාර වේලට ආහාර ද්රව්ය සංසුන් ස්නායු ඇතුළු මත අලුත් අවධාරණය පවතී වන්නේ ඒ නිසයි.

ඇදුම

වෛද්‍ය විද්යාවේ කිහිපයක් පිළිගත් සංගම් සමග එක්ව රොනල්ඩ් රෝස් වොට්සන් විසින් සිදු සවිස්තරාත්මක අධ්යයනයක් හා පර්යේෂණ ආශාව පලතුරු ලෙලි ඇත්තටම ඇදුම රෝගීන් සඳහා සහන දිය හැකි බව අනාවරණය වී ඇත. එය නිසා පැෂන් විරෝධී අගුණ, ප්රතිඔක්සිකාරක, සහ ප්රති-ගිනි අවුලුවන ගුණ විය හැකි බව අපෝහනය කරන ලදී. පාට, දම් පාට පැෂන් පලතුරු ෆ්ලේවනොයිඩ පාලනය තුළ ඇදුම රෝග ලක්ෂණ ගෙන ඒම තුළ දී විශේෂයෙන් ඵලදායී බවට සොයා ගෙන තිබේ.

මෙම අධ්යයනය කුඩා කණ්ඩායමක් පවත්වන නමුත් පැෂන් ෆෲට් සාරය අනාගතයේ දී සාම්ප්රදායික ඇදුම ඖෂධ වෙනුවට හැකි බව පොරොන්දුවක් සමග ගිවිසුමක් සම්පූර්ණ කරන ලදී. අධ්යයනය අඩු සහභාගී තිබූ බැවින්, වඩා අවසාන හා තීරනාත්මක ප්රතිඵලයක් සඳහා අධ්යයනය පුළුල් කිරීම සඳහා පෙන්නුම් වී ඇත.

පැෂන් පළතුරු හැකි අතුරු ආබාධ
සෑම දෙයක් දෙකක් sides- ධනාත්මක එකක් සහ අනෙක් සෘණ ඇති බව විශ්ව පාලනය පවතී. එසේම, පැෂන් පලතුරු සමඟ ද එය සමහර අවවාදය භාවිතා කිරීමට වඩා හොඳ වේ. එය කලාතුරකින් කෙනෙකුට අනතුරේ හැකි තරයේ සෞඛ්ය සම්පන්න පල වන නමුත් ඒ ගැන කිහිපයක් ලකුණු මතක තබා ගත යුතුය වුවද.

පැෂන් ෆෲට් ඇති sedative දේපල ඖෂධ සමඟ මැදිහත් විය හැක. ඔබ මේ වන විටත් මානසික පීඩනය හා කාංසාව සඳහා පරිපාලනය ඖෂධ වීම කරන්නේ නම් මෙය පලතුරු අවසර මාත්රාව ගැන ඔබේ වෛද්යවරයා විමසිය හැක. සමාන හේතු නිසා, අධික මත්පැන් හා පැෂන් ෆෲට් හැරිය යුතුය. ඔවුන් පවා තාවකාලිකව නම් වයසත් ඉතා උදාසීනව කරන්න පුළුවන්.

එය අධික රුධිර තනුක හැකි මෙම ඖෂධ බලපෑම වැඩි දියුණු කළ හැකි ලෙස පැනඩෝල් පැෂන් ගෙන නොකළ යුතුය. පැෂන් විරෝධී coagulant වන පැනඩෝල් සමඟ සෘණාත්මක වැටීම සෙතක් ගැති anticoagulant දේපල ඇති.

එක් ඉතා වැදගත් කරුණක්, “ඔබ වෛද්යවරයකු අවශ්ය වන විට ඔබ වෛද්යවරයකු බලන්න”. ආහාර ආරංචි මාර්ග වෛද්යවරුන් හා විශේෂඥ ඖෂධ වෙනුවට නොහැකි මතක තබා ගන්න. ඔබ නිර්දේශ ප්රතිකාර සහ ඖෂධ සමග ආහාර පියවර ගත හැක. ඔබේ වෛද්යවරයා සමඟ ඔබ පවසනවා නම් මිස, ප්රතිකාර නතර හා නිවැරදි උපදෙස් සඳහා වෛද්යවරයා ඔබගේ ආහාර සැලසුම් යොමු කරන්නේ නැහැ. පලතුරු ස්වභාවික පමණින්, එය විශේෂයෙන් විශාල ප්රමාණයක් සෑම කෙනෙකුටම ඒවා ආරක්ෂිත කිරීමට නොවේ.

පැෂන් කොළ මැල්ලුම සඳහා අවශ්‍යය ද්‍රව්‍යය
පැෂන් කොල මිටක් ( තුන් දෙනෙක්ට), ගා ගත් පොල් ටිකක්, රතු ලූනු හෝ ලොකු ලූනු, අමුමිරිස් කරල් 3, රස පමනට ලුණු, කහ කුඩු ස්වල්පයක්, එලවලු තෙල් හෝ පොල් තෙල් මේස හැදි 1 1/2

සාදන විදිය.
පැෂන් කොල ටික සෝදා වතුර පෙරෙන්න තියල හීනියට කොල පොඩි නොවන සේ ලියා ගන්න.(කොල පොඩි උනොත් තිත්ත ගතියට එනව .ඒ නිසා .මම නම් කැමති තිත්ත රසට.ඒ නිසා අවුලක් නෑ.අවශ්‍යය කොල ටික හීනියට ලියා ගන්න ).ඉට පස්සෙ ඒකට පොල් ටිකයි හීනියට ලියාගත් අමුමිරිස් ලූනූ දාල ලුණුත් දාල කහ කුඩු ටිකත් දාල හොදට මික්ස් කරන්න.(මැල්ලුම අනා ගන්න ).ඊට පස්සෙ තෙල් ටික දාල තෙම්පරාදු කරගන්න.අඩු ගින්දරේ වතුර නොදා මැලවෙන්න දෙන්න.ඊට පස්සෙ ඔයාල රස බලන්න. මේ වගේ චූටි චූටි කෑම එදිනෙදා කෑමට ගන්න ඒව ඔයාල කැමති දේවල් කියන්න.

මේ පැෂන් දලු මැල්ලුමත් එක්ක කෑමට සුදු බත් පරිප්පු මාළු මිරිසට පපඩමක් මිරිස් කරලක් බැදල ගත්තම බඩ පැලෙන්න කන්න පුළුවන් ඔන්න දෙයියනේ කියල..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සුදු වූ හිසකෙස් කළු කරගන්න ස්වභාවිකව අඹ මල් වලින් බෙහෙත් වට්ටෝරුවක් හදන හැටි

අද බොහෝ තරුණ තරුණියන්ට අකලට හිසකෙස් පැසීමේ ගැටළුවට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මේ හේතුව නිසා නිරායාසයෙන්ම ඔවුන් රසායනික ඩයි වර්ග‍යන් භාවිතා කිරීමට පෙළඹෙනවා. භාවිතා කිරීමේ පහසුව නිසාත්, වෙළඳපොලේ සුලභව පැවතීම නිසාත් මෙවැනි ඩයි වර්ග වෙළඳපොලේ බොහොම ජනප්‍රියයි. බොහෝමයක් ඩයි වර්ග ආනයනය කරන්නේ විදෙස් රටවලින්. ඒවායේ ඇති ප්‍රමිතිය පිළිබඳව කිසිම විටෙක අපට සෑහීමකට පත්වන්න බැහැ. මෙවැනි හිසට යොදන නොයෙකුත් රසායනික ඩයි වර්ග විෂ වීම හේතුවෙන් අකාලයේ ජීවිතයෙන් සමුගත් පුද්ගලයින් ගැන අපිට පසුගිය කාලයේ අසන්න ලැබුනා.

නමුත් අපේ පැරැණි සමාජයේ හිසට තෙල් දැමීමේ පුරුද්දක් පැවතියත් අද සමාජයේ බොහෝ දෙනා තෙල් සත්කාර කිරීමට දක්වන්නේ මැලි කමක්. එවැනි හේතු අකලට හිසකෙස් පැසීමටත් බලපානවා. එකල බොහෝ මවුවරුන් තම වත්තේ පොල් වලින් හෝ තැඹිලි වලින් සිඳගත් පිරිසුදු තෙල් හිසේ ගැල්වීම සිදුකළා.

එසේත් නැත්නම් පැරණි ඖෂධීය තෙල් වට්ටෝරු ගැන දැනුවත් වෙමින් හිසකෙස් පෝෂණයට වැඩි උනන්දුවක් ඔවුන් දැක්වූවා. නීලකාන්ති, නේත්‍රකාන්ති හා භෘංගමාලක ආදී තෙල් වර්ග පිළිබඳ වත් හොඳ වැටහීමක් ඔවුන් සතුව තිබුණා.

නමුත් වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙකුට මේ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නොමැතිකම හා ඖෂධීය තෙල් සත්කාරයන්ට ඔවුන් යොමු නොවීම හේතුවෙන් හිසකෙස් සම්බන්ධ ගැටළු සහ හිසේ රෝග ආදිය අද ක්‍රම ක්‍රමයෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා.

විදෙස් රටවලින් ආනයනය කරන කෙස් කළු කරන ඩයි වර්ග වෙනුවට අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ හිස කෙස් කළු කරන ඖෂධීය සත්කාරයන් බොහෝ තිබෙනවා. දේශීය ඖෂධ සුවිශේෂී වන්නේ මෙම සත්කාර සිදු කිරීමෙන් පසුවත් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන නිසයි.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ සුදු හිසකෙස් කළු කළ හැකි අගනා දේශීය ඖෂධ වට්ටෝරුවක්… මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :- අඹ මල්, අරළු, බුළු, නෙල්ලි, කුඹුක් පොතු, නිල් අවරිය, තල තෙල්

සාදාගන්නා අන්දම :-
මෙම ඖෂධ සියල්ල චූර්ණ කරගෙන තල තෙල් ලිප තබා එයට ඖෂධීය ද්‍රව්‍යයන්ද යොදා තෙල් හොඳින් සිඳගෙන පසුව ලිපෙන් බා නිවෙන්නට හරින්න. හංස පිහාටුවක් මෙම තෙලට දමාගත් පසු තද කළු පැහැයක් ගනියි. ඉන්පසුව මෙම තෙල් කෙස් ගස් කළු කර ගැනීමට යොදා ගන්න. අඹමල් වල ගුණාත්මක භාවයක් නොමැති වුවත් තද කළු වර්ණයක් එයින් ලබා දෙයි. ඒ සියල්ලම ඖෂධීය ගුණ සහිත ද්‍රව්‍යයන්ය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාවෙන් ඔඩු දිවූ කකුල් නොකපා, දියවැඩියාව සුව කරන විශ්මිත වෛද්‍යවරයා

වැරදි ආහාර පුරුදු, වැරදි ආහාර රටා, පරම්පරාවෙනුත් දියවැඩියාව වැලදෙනවා. දියවැඩියාව අයත් වන්නේ නිදන්ගත රෝගී කොටසකටයි. දියවැඩියාව සුව කිරීමේදී එය අවසානයේ කකුලේ කොටසක් කපා ඉවත් කිරීම තෙක් දුරදිග යනවා. දිය වැඩියාව යනු පප්‍රධාන බෝ නොවන රෝග වලින් හතරෙන් එකක්. ඕනෑම පුද්ගලයකුගේ රුධිරයේ කිසියම් තිබෙන සීනී ප්‍රමාණයක් ඇති බැව අප හොදින් දන්නවා. මෙම සීනි මට්ටම අසාමාන්‍යය ලෙස ඉහළ යාම දිය වැඩියාව යනුවෙන් හැඳින්වෙනවා.

නිරෝගී පුද්ගලයකු පැය 10ක් ආහාර නොගෙන සිටීමෙන් පසු රුධිරය පරීක්ෂා කළ විට එම රුධිර නියැදියේ සීනි, ඩෙසි ලීටරයට මිලි ග්රැම් 60 ත් 100 ත් අතර ප්‍රමාණයක් තිබිමත් හා ආහාර ගෙන පැය 2 කට පසු රුධිර නියැදියක් පරීක්ෂා කිරීමේදී එම රුධිර නියැදියේ සීනී, ඩෙසි ලීටරයට මිලි ග්රැම් 80 ත් 140 ත් අතර ප්රමාණයක් තිබීම සාමාන්‍යය අගයක් ලෙස පිළිගැනෙනවා. දියවැඩියාව වැළඳුණු රෝගියෙකුට වෛද්‍යවරයකු දෙන ප්‍රධානම උපදේශය නම් තම දෑස මෙන් දෙපා රැකගතයුතු බවය. නිසි ලෙස දෙපා රැකගත නොහැකි වුවහොත් අවසානයේ සිදුවන්නේ රෝගය උත්සන්න වී දෙපා කුණු වී, වනවී, කකුල් කැපී, ආබාධිතයකු ලෙසින් ඇඳට වැටීමය. සිරුරේ හැම අවයවයක්ම අපට එකසේ වටිනා බව අමුතුවෙන් කිවයුතු නැහැ.ඒත් දියවැඩියාව වැලඳුන රෝගීන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම හා නොසැලකිල්ල නිසා අද වන විට රෝගීන් බොහොමයකට තම දෙපා අහිමිවන තැනට වැඩ සිදුවී හමාරයි.

ඇත්ත වශයෙන්ම මෙය සෝචනීය තත්ත්වයකි. දියවැඩියාව උත්සන්න වී කකුලේ වන උඩුදුවා කපා දැමිය යුතු බවට වෛද්‍යවරු ලේබලය ඇලවු කකුල් නොකපා ඒවා සුවපත් කරන විස්මිත ජීවකයකු ගැන අසන්නට ලැබුණා. නාවල රාජගිරිය පාරේ විමල විහාරයට යාබදව පිහිටි දියවැඩියා පවුල් සායන මධ්‍යස්ථනය වෙත ගියෙමු.එහි සිදුවන දෑ දැකගැනීමට කර ගැනීමට එතරම් කල්මැරීමට අවශ්‍ය වුයේ නැත. රෝද පුටුවල වාඩිවු කකුල් වෙලාගත් රෝගීන් සිනහමුසුව පෙළගැසී සිටින්නේ තම වාරය එනතුරුයි. මෙම ස්ථානය ආරම්භ කර එය පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නාමරත්න මහතා හමුවීමට මත්තෙන් අපි එහි සිටි රෝගීන් කිහිප දෙනෙකු හා කතා බහ කළෙමු.

“මම මොනරාගල ඉඳලා ආවේ.මුලින් පුංචි තුවාලයක් හැදුණේ. ඉස්පිරිතාලෙන් ඛෙහෙත් දාලා මගේ කකුල වන වුණා. අන්තිමට කකුල කපන්න කිව්වා. ඔය අතරතුර තමයි මට මේ තැන ගැන අහන්න ලැබුණේ. මම මෙතැනට ආවේ මාස දෙකකට විතර ඉස්සර. එනකොට කකුල කුණුවෙලා තිබුණේ.දැන් මගේ කකුල සනීපයි. අඩිය තියලා ඇවිදින්න පුළුවන්. ඒත් දොස්තර මහත්තයා කියන්නේ දැන්ම ඇවිදින් එපා කියලා. තව මාසයක් දෙකක් යනකොට මට ඇවිදින්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා”

වසර 68ක් වයසැති මොනරාගල සිට පැමිණි ඇයගේ වැහැරී ගිය මුහුණේ දෑස් දීප්තිමත්ව දැල්වුණේ තව නොබෝ දිනකින් පොළවේ පය ගසා පෙර පරිදි ඇවිද යාමට ලැඛෙන දැඩි බලාපොරොත්තුව හේතුවෙනි.

“මගේ ගම ජාඇළ. දැන් මගේ වයස අවුරුදු 72ක්. අවුරුදු 40 දි තමයි මට දියවැඩියාව හැදුණේ. මුලින් මගේ යටිපතුළේ පුංචි තුවාලයක් හැදුණා. ඒකට ඛෙහෙත් ගත්තත් ටික ටික තුවාලෙ ලොකු වුණා. අන්තිමට කකුල වනවෙලා කකුලේ අඩිය කපන්න මට සිද්ධ වුුණා.හැබැයි කකුල සුවවුණේ නෑ. ඉස්පිරිතාලෙන් කොච්චර ඛෙහෙත් දැම්මත් දවසෙන් දවස කකුල වනවුණා. අන්තිමට දොස්තරලා කිව්වා දනිස්ස ගාවින් කකුල කපන්න ඕන කියලා.”

“මේ දොස්තර මහත්තයා ගැන අපේ පුතා තමයි සොයාගෙන තිබුණේ. මම මෙතැනින් ඛෙහෙත් ගන්න පටන් අරන් දැන් මාස තුනහමාරක් විතර වෙනවා. දැන් කකුල ගොඩක් සනීපයි. මුල් දවස්වල කකුලෙන් ඉවසන්න බැරි කුණු ගඳක් වහනය වුණා. දැන් ගඳ එන්නේ නෑ. තුවාලෙ වේලෙන්න පටන් අරන්. ඇත්තටම මේ දොස්තර මහත්තයා මතු බුදුවෙන්න ඕන.”

රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට පෙළගැසී සිටීම හේතුවෙන් වෛද්‍ය චන්දිම නාමරත්න මහතා හමුවීම පහසු නොවෙතැයි සිතූ මුත් අප ගැන තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව ඒ කාර්ය බහුල තත්ත්වය යටතේ වුව ඔහු අප සමග කතාබහ කිරීමට ඉඩක් වෙන්කර ගත්තේය. එමෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ස්ථානයට අපව කැඳවා ගිය වෛද්‍යවරයා සිනහමුසුව කීවේ ඔයාලට මෙතැන ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නම් නෑ. මොකද සමහර රෝගීන්ගේ තුවාලවලින් ලොකු දුර්ගන්ධයක් එනවා. දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයාට සහය වන්නේ තුරුණු වියේ පසුවන හෙදියන් කිහිපදෙනෙකි. එහි ප්‍රධාන වෛද්‍යවරයාට අමතරව තවත් වෛද්‍යවරයකු සිටිනවා.

ඒ ප්‍රධාන වෛද්‍යවරයාගේ සහෝදරයාය. සාමාන්‍ය ජීවිතයේදී අප තුවාල දැක ඇතත් මෙවැනි දුර්ගන්ධයන් සහිත කුණු වී ගිය තුවාල මීට පෙර කිසි දිනෙක දැක තිබුණේ නැත. සැබැවින්ම තුවාලවල ස්වභාවයත්, දුර්ගන්ධයත් කෙනෙකුට පියවි සිහිය පවා වෙනස් කරන තරම්ය. අප ඉතා අපහසුවෙන් එය දරාගෙන සිටියත් වෛද්‍යවරු දෙදෙනාටත් තුරුණු වියේ සිටි හෙදියන් කිහිප දෙනාටත් ඒ ගැන නම් ගානක් නැත.

ඔවුන් සියලූ ප්‍රතිකාර කරනු ලබන්නේ තමන්ගේ දෑතෙනි. අත් ආවරණ පැළඳගත් ඔවුන් දියවැඩියා රෝගීන්ගේ කුණු වී ගිය දැවැන්ත තුවාල අතපත ගාමින් කුණු වී ගිය කොටස් ඉවත් කරමින් ඒවාට ඛෙහෙත් ගල්වන්නේ සිනාමුසු මුහුණෙනි. ඔවුන්ගේ මුහුණුවල කිසිම වෙනසක් නැත. මැදිවියේ කාන්තාවකට ප්‍රතිකාර කරන අතරතුර වෛද්‍යවරයා අප ඇමතීය. මෙන්න බලන්න මේ අම්මාගේ එක කකුලක ලොකු තුවාලයක්. දැන් ඒක සනීප වේගෙන එන්නේ. බලන්න අනිත් කකුලට කරගෙන තියෙන දේ. මේ ළගදී අනුරාධපුරේ ගිහිල්ලා අව්වට රත්වෙච්ච ගල් උඩ වැලි උඩ ඇවිදලා. දැන් මේ කකුලේ ලොකු දියපට්ටයක් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න මං මේ දියපට්ටය ගලවනවා. එසේ කියු වෛද්‍යවරයා කුකුලෙකු හම ගහන ආකාරයට එම කාන්තාවගේ යටි පතුලේ හම ඉවත් කළේය.

බලන්න මේ වගේ කකුල හම ගහන්න පුළුවන්ද කියලා ඔයාලගේ. මේ කකුල සම්පුර්ණයෙන්ම හිරි වැටිලා තියෙන්නේ. කිසිම දෙයක් දැනෙන්නේ නෑ. මේ අය කොච්චර කිව්වත් ඛෙහෙත්වලින් දියවැඩියාව පාලනය කරගන්න උත්සාහ කරන්නේ නෑ. අනික වන්දනාමාන කරන්න ඕනෑ. මම ඒක එපා කියන්නේ නෑ. හැබැයි ඒවා කරන්න යනකොට අඩුම තරමින් මේස් ජෝඩුවක් හරි දාගෙන ගියා නම් මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. දැන් මේ තුවාලෙ සුව කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා.

එසේ කියු වෛද්‍යවරයා ඛෙහෙත් ගල්වා යටිපතුලට බැන්ඩේජ් රවුම් දෙකක් එක ළග තබා ඊට මතුපිටින් පුළුන් තබා බැන්ඩේජ් වෙලා අමුතු ආකාරයට කකුල සකස් කළේය. මම මේකට කියන්නේ ලාඩම් ගහනවා කියලා. යටට පොට්ටනියක් වගේ වෙන්න මේ විදියට සකස් කළාම කකුල බිමට හිටින්නේ නෑ. එතකොට තුවාලය බිමට ස්පර්ෂ නොවන නිසා ඉක්මනින් සුව වෙනවා. මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ ඉන්දියාවේ වැඩමුළුවකට ගිය වෙලාවේ එහෙ ඉන්න දක්ෂම වෛද්‍යවරයාගෙන්. ඒකත් කියලා ඉන්නම්කෝ. අපි වැඩමුළුවකට ඉන්දියාවට ගියා. ඒ වෙනකොට මම මහ රෝහලේ සේවය කරන නිර්වින්දන වෛද්‍යවරයෙක්. ඒ වැඩමුළුව තිබුණේ තුවාල ගැන. ඔය කාලේ මම ආමි රෝහලෙත් සේවය කළා. ඒ තුවාලවලට ඛෙහෙත් දාන්න. ඒ දවස්වල ඉඳලා මේ තුවාලවලට ඛෙහෙත් දාන එකට මගේ විශේෂ කැමැත්තක් තිබුණා. මම ඉන්දියාවට යනකොට සුව නොකළ හැකි තුවාල ගැන විස්තර අරගෙන ගියේ. එදා වැඩමුළුවට රටවල් පනස් ගණනකින් වෛද්‍යවරු ඇවිත් තිබුණා.

නමුත් තුවාල ගැන දේශනය යද්දී ගොඩක් අය නිදි. හැබැයි මම මහාචාර්යවරයාත් එක්ක කතාබහ කරගෙන වැඩේ කරගෙන ගියා. අන්තිමට මගේ තිබුණු උනන්දුව නිසා එතුමා මට ආරාධනා කළා කොචින්වල තිබුණු එයාගේ පෞද්ගලික රෝහලට එන්න කියලා. ඇත්තටම මම එහෙ ගිහින් මාසයක පමණ කාලයක් තුවාල සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් කළා.

ලංකාවේ තුවාල සම්බන්ධයෙන් පුහුණුවක් ලබපු වෛද්‍යවරු දෙන්නයි ඉන්නේ. ඉන් ප්‍රවීණ තත්ත්වයේ පුද්ගලයා හැටියට ඉන්නේ මහාචාර්ය මන්දික විෙජ්රත්න. අනිත් කෙනා මම. මේ ලබාගත් දැනුුම මම පාවිච්චි කරන්නේ මේ රටේ දියවැඩියා රෝගීන් සුවපත් කරන්න. සතියකට රෝගීන් හයසියයකට පමණ අපි ප්‍රතිකාර කරනවා. මේ රෝගීන් ගෙන් සියයට අනු නමයක්ම කකුල් කපන්න නිර්දේශ වෙච්ච අය.

ලංකාවේ හතර දිග් බාගයෙන්ම මිනිස්සු මාව හොයාගෙන එනවා. පාන්දර දෙකේ තුනේ ඉඳලා මේ අවට රැඳිලා උදේ පාන්දරම මෙතනට එනවා. මේ සේවය කරන තරුණ දරුවෝ දිහා බලන්න. ඒ අය මේ රෝගීන්ට ප්‍රතිකාර කරන දිහා බලන්න. සාමාන්‍ය කෙනෙකුට මේ දේවල් කරන්න බෑ. කවුද මෙවැනි දුර්ගන්ධය සහිත තුවාල අතගාන්න කැමති? දිනකට රෝගීන් 100 – 150 අතර ප්‍රමාණයකට මේ අය ප්‍රතිකාර කරනවා.

මුළු දවසම ඉන්නේ හිටගෙන. කන්න බොන්න කියලා විශේෂ වෙලාවක් නෑ. අපිට සමහර වෙලාවට දොර වහන්න බෑ. මොකද අන්තිම මොහොතෙත් එන්නේ කකුල් කපන්න නියම වෙච්ච අසාධ්‍ය රෝගියෙක්. එහෙම රෝගියෙක් ආවම ආයි හරවලා යවන්න බෑනේ. ඇත්තටම මේ සේවයට අපි කැපවෙලා ඉන්නේ. වැඩ ඉවර වුණාම හෙට දවසට සුදානම් වෙන්න ඕනෑ. මේ දරුවෝ තරුණ වයසේ ඉන්න අය නිසා සිකුරාදා හවසට මම ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ප්‍රවීණයන් ගෙන්නලා පැදුරු සාජ්ජයක් පවත්වනවා.

ඒ ඔවුන් මානසික ආතතියෙන් මුදවා ගන්න ඕන නිසා. මේ දරුවෝ නිවාඩු ගියපු දවස්වලට මගේ නෝනයි මගේ දරුවොයි මට මේ දේවල් කරගන්න උදව් කරනවා. අපිට විනෝදයකට කියලා එළියට යන්න වෙලාවක් නෑ. දරුවන්ගේ දේවල් වලට සම්බන්ධ වෙන්න වෙලාවක් නෑ. මගේ ළගට කකුල් කපන්න නියම වෙලා කකුල් කුණු වෙලා එන රෝගීන් මාස හතරක් පහක් යනකොට ඇවිදිනවා දැක්කම දැනෙන සතුටට අනෙක් සියලූ දේම අමතක කරන්න පුළුවන්. වෛද්‍ය චන්දිම නාමරත්න මහතා පවත්වාගෙන යනු ලබන දියවැඩියාව සම්බන්ධ මෙම ආයතනය මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත යුතු ස්ථානයකි.

මෙම සටහන තැබිමට හේතු වුයේ අන් කිසිම දෙයක් නොව වෛද්‍යවරු පාද ඉවත් කිරීමට නියම කළ දියවැඩියා රෝගීන්ගේ පාද කපා ඉවත් නොකර සුවපත් කිරීමට වෛද්‍ය නාමරත්න මහතා ගනු ලබන උත්සාහය හා ඔහු ඒ වෙනුවෙන් කරනු ලබන මහා කැපවීම නිසාවෙනි.

දිය වැඩියා රෝග ලක්ෂණ
අපට අවශ්ය ශක්තිය ලැබෙන්නේ සීනි වලිනි. රුධිරයේ තිබෙන මෙම සීනි ශරීරයේ සෑම සෛලයක් වෙතටම පරිවහනය කරයි. මෙම සීනි රුධිරයේ සිට සෛල තුළට ඇතුල් කිරීමට ආධාර කරන්නේ ඉන්සියුලින් නම් හෝමෝනයෙනි. සීනි අංශු සෛල තුළට ඇතුලු වන්නේ සෛල තුළ ඇති දොරටුවකින් නම් ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍යය යතුර ලෙස හැඳින්විය හැක. මෙම යතුර නොමැතිවූවිට සීනි අංශු සෛල තුළට ඇතුලු නොවන අතර රුධිරයට එම සීනි එකතු වන බැවින් රුධිරයේ සීනි මට්ටම ක්‍රමයෙන් ඉහළ යනවා. මෙසේ සෛල වල සීනි සාන්ද්රණය ඉහළ යාම නිසා දිවාරාත්රී දෙකේදීම මුත්‍රා පිටවීම වැඩිවෙයි.එනම් කෙනෙකුට සාමාන්යයෙන් මුත්රා පිටවන වාර ගණනට වඩා වැඩි වර ගණනක් මුත්රා පිටවෙයි. එසේම අධික පිපාසයද ඇතිවෙයි. සෛල වලට සීනි නොලැබීම නිසා ශරීරයට අධික තෙහෙට්ටුව දැනීම, අප්රාණික බව, නිතරම කුසගිනි ඇතිවීම, නිදිමත ගතිය සහ ශරීරය කෙට්ටුවීම වැනි ලක්ෂණ මතු කරයි. සමහරවිට මෙම රෝග ලක්ෂණ නොමැති වුවත් දියවැඩියාව තිබිය හැකිය. එබැවින් පවුලේ දිය වැඩියා රෝගීන් සිටීනම් රුධිර පරීක්ෂාවක කර ගැනීම අනිවාර්ය වෙයි.

දිය වැඩියා වර්ග – දැනට දිය වැඩියා වර්ග තුනක් හඳුනා ගෙන ඇත.
පළමු වර්ගයේ දිය වැඩියාව. දෙවන වර්ගයේ දිය වැඩියාව. තුන්වන වර්ගයේ දිය වැඩියාව. ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව යනුවෙන් මෙම දියවැඩියා වර්ග හැඳින්වෙයි. පළමු වර්ගයේ දියවැඩියාව

මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩුවීමක් හෝ කිසිසේත් නිපදවීමක් නොකෙරෙයි. බොහෝවිට මෙම තත්ත්වය හටගන්නේ කුඩා දරුවන්ට සහ තරුණ අයටවීම විශේෂත්වයකි. ප්‍රතිකාර සඳහා ඉන්සියුලින් පිටතින් ලබාදීමක් කළයුතුවෙයි.

දෙවන වර්ගයේ දියවැඩියාව
මෙහිදී ඉන්සියුලින් ක්ෂීරාව වුවත් ඒවා සෛල මගින් භාවිත නොකිරීම එයට හේතුවයි. මෙම තත්ත්වය ආහාර පාලනය මගින් හෝ ඖෂධ මගින් පාලනය කළ හැකිය. සමහරවිට පිටතින් ඉන්සියුලින් ශරීර ගත කිරීමට සිදුවනු ඇත.

ගර්භනී අවස්ථාවේදී ඇතිවන දිය වැඩියාව.
මෙහිදී එනම් ගර්භනී අවදියේදී රුධිට ගත සීනි මට්ටම වැඩිවිය හැක. දරු ප්‍රසූතිය පසුව ද රුධිරගත සීනි මට්ටම වැඩිවී තිබිය හැක. පසු කලකදී එය දිය වැඩියාව ඇතිවීමට හේතුවක් වනු ඇත. හොඳ රුධිර සීනි පාලනයක් නිරෝගී දිවියක් ගතකිරීම සඳහා අවශ්යවෙයි. කිසියම් ආකාරයකින් රුධිර සීනි මට්ටම ඉහළයාම ශරීර ඉන්ද්‍රියන්ට ප්‍රබල හානි ගෙන දෙන්නක් වෙයි. ස්මහරවිට ඇතිවන අතුරු ආබාධ කෙටි කාලීන හෝ දිගු කාලීන හෝ විය හැකිය. මෙම දිගුකාලීන බලපෑම් හෘදය, ස්නායු පද්ධතිය, ඇස සහ වකුගඩු යන ඉන්ද්රියයන්ට බෙහෙවින් බලපානු ඇත. ඒ අනුව හෘදයට කෙරෙන බලපෑම් වලදී හෘදයාබාධ ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර පාද වලට සැපයෙන රුධිර ප්රමාණය දුර්වලවීමද සිදුවෙයි.

ස්නායු පද්ධතිය දුර්වල වීමෙන් දෙපා හිරිවැටීම, තුවාල හට ගැනිම, අංශභාග තත්වයට පත්වීම අමතරව පාද කපා ඉවත් කිරීමට සිදුවන අවස්ථාද ඇත. ඇස් වලට කෙරෙන බලපෑම් වලදී ඇසේ සුද ඇතිවීම සහ අන්ධභාවය ඇතිවීම විය හැකිය. වකුගඩු වලට කෙරෙන බලපෑම් වලදී මුත්රා ආසාදන සහ වකුගඩු ක්රියා විරහිත වීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

රුධිර සීනි සාන්ද්රණය පාලනය නොවීමට හේතු
නිසි ආහාර පාලනයක් නොකිරීම, නියමිත ඖෂධ නිවැරදිව නොගැනීම, නිතිපතා ශාරීරික ව්යායාම් නොකිරීම, අධික මානසික ආතතිය, රෝගී තත්වයේ සිටින විටදී හෝ අසාදිත මට්ටමේ සිටින විට තම රුධිර සීනි මට්ටම පාලනය ගැන නොසැළකිලිමත් විම.

ආහාර පාලනය කරන්නෙ කොහොමද?

1 ) නිවසේ සියළු දෙනාටම සරිලන පරිදි සමබල ආහාර වේලක් සකස්කර ගැනීම, මෙම සමබල ආහාර වේලට පිෂ්ටය, ප්‍රෝටීන් ,මේදය, ඛ්නිජ ලවන, සහ විටමින් වර්ග අඩංගු විය යුතුය.

2) සමබල ආහාර වේලක ප්‍රධාන අංගය පිෂ්ටයයි. මෙම පිෂ්ටය කෙඳි බහුල ආහාර වලින් ලබා ගත යුතුවෙයි. අහරයේ කෙඳි වැඩි ප්‍රමාණයක් තිබීම ආහාරයේ තිබෙන පිෂ්ටය අවශොෂණය කිරීමට බාධා ගෙන අතර කුස ගින්න දැනීමටද ප්‍රමාද කෙරේ.

කෙදි සහිත ආහාර වලට නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මුංඇට, කඩල, අයත් වෙයි එසේ වුවත් තිරිඟු පිටි වලින් සාදන ආහාර වල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ නොතිබෙන බැවින් එවා ආහාරයට සුදුසු නැත. ලබා ගන්නා පිෂ්ට ප්රමාණය ගැන සැළකිලිමත් වියයුතු අතර සැම දිනක එකම් ප්‍රමාණයකින්ගත යුතුය. එක ආහාර වේලකට අධික පිෂ්ටය ප්රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය.

මේදය ලබාගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්රමාණය මෙන්ම වර්ගය ගැනද සැලකිළිමත් විය යුතුය. ඌරුමස්, හරක්මස්, එළුමස්, චීස්, යොදය සහිත කිරි බටර්, යනාදියෙ අඩංගු තෙල් සුදුසු නැත. සෝයා තෙල් සූරිය කාන්ත තෙල් එළවළු තෙල් පොල්තෙල් යනාදිය අඩුවෙන් භාවිත කළ යුතුය. ප්‍රෝටීන් ප්රමාණවත්ව ගැනිම අත්යාවශ්ය වන අතර එම අවශ්යතාව මුං ඇට, කඩල, කව්පී, පරිප්පු වලින් සපයයි. නියමිත වේලාවට ආහාර ගැනීමත් නොවරදවා කළ යුතු දෙයකි. ආහාරයට පසු අතුරු පස සඳහා පළතුරු, පැණි හා සීනි රහිතව මුදවපු කිරි, ගැනීම වඩාත් යෝග්ය වුවත් අයිස්ක්‍රීම් චොකලට්, පුඩිං වටලප්පන් වැනි දේ අතුරු පස ලෙස ගැනීම නුසුදුසුය. තර බාරු ශරීරයක් ඇත්නම් බර අඩු කර ගැනීමට උනන්දු විය යුතු අතර අධික කැලරි සහිත ආහාර ගැනීම ද අඩු කළ යුතුය. ලුණු භාවිතයද බෙහෙවින් අඩු කළ යුතුය. නිරතුරුවම ව්යායාම් වල නියලීම නීරෝගී බව රැක ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.

වෛද්‍ය චන්දිම නාමරත්න මහතා පවත්වාගෙන යනු ලබන දියවැඩියාව සම්බන්ධ මෙම ආයතනය මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත යුතු ස්ථානයකි. මෙම සටහන තැබිමට හේතු වූයේ අන් කිසිම දෙයක් නොව වෛද්‍යවරු පාද ඉවත් කිරීමට නියම කළ දියවැඩියා රෝගීන්ගේ පාද කපා ඉවත් නොකර සුවපත් කිරීමට වෛද්‍ය නාමරත්න මහතා ගනු ලබන උත්සාහය හා ඔහු ඒ වෙනුවෙන් කරනු ලබන මහා කැපවීම නිසාවෙනි.

දියවැඩියා රෝගයෙන් පීඩි විඳින රෝගීන්ට දැනගැනීම පිණිස පින් තකා මේ ලිපිය හැකිතාක් Share කර පිහිටක් වෙමු.

චන්දන කාරියවසම්, ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත

NO 11/1, විමල විහර පාර නවල,
වැඩි දුර විස්තර 0777355663, 0113188000

මොලය පෝෂණය කරන, ආතරයිටීස් රෝගය වැළඳීම අඩු කරවන වම්බටුවල ඇති ඔබ නොදත් ගුණ

වම්බටු කියන්නේ නටුවෙහි මෙන්ම බටු ගෙඩිය පුරාම පෝෂ්‍ය ගුණ රැසක් පවතින එළවළුවක් බව ඔබ දන්නවද? වම්බටු, තළනබටු, තිබ්බටු ආදී සියලුම බටු වර්ගවලට මෙම කාරණය පොදු බවයි පෝෂණවේදීන් පවසන්නේ.

පෝෂණ ගුණ
වම්බටු ගෙඩියේ අඩුවක් නැතිව විටමින්, ඛනිජලවණ පවතිනවා. එමෙන්ම ඉතාමත් වැදගත් ප්‍රති ඔක්සිකාරක ද (එනම්, ශරීරගත වෙන විෂ විනාශ කරන ද්‍රව්‍ය) අඩංගු වෙනවා. එමෙන්ම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ, වම්බටු ගෙඩියේ පොත්තේ ඇති පෝෂණ ගුණය මොළයේ පටල, හානිකර ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කරන බවයි. හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන වම්බටු, හෘදයේ නිරෝගි බව ඇතිකරවයි. පර්යේෂකයින් සඳහන් කරන්නේ, වම්බටු යුෂ මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන බවයි. ඒ වගේම රුධිර සංසරණය ක්‍ර‍්‍රමවත් කිරීමේ ගුණයක්ද වම්බටුවල පවතිනවා. වම්බටු වැඩි යකඩ අඩු කරයි. යකඩ සිරුරට නැතිවම බැරි පෝෂකයක් වුවද යකඩ වැඩිවීමද හොඳ දෙයක් නොවෙයි. වැඩිපුර යකඩ සිරුරේ තිබීම නිසා හදවත් රෝග, පිළිකා සෑදීමේ අවදානම වැඩිවනවා.

ඔසප් වීම මාසිකව සිදුවන කාන්තාවන්ට යකඩ වැඩිවීමේ අවදානමක් නැතත්, ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ යකඩ වැඩි වීමේ අවදානමක් පවතිනවා. පිරිමින්ටද යකඩ වැඩිවීමට ඉඩක් පවතිනවා. සන්ධිවලට හානි කරන විෂ ද අඩු කරන නිසා ආතරයිටීස් වැනි රෝග වැළඳීමේ ඉඩ අඩු කිරීමේ හැකියාවද වම්බටුවල තිබෙනවා.

ඔබේ ආහාර වේලට තවත් වම්බටු එක් කර ගැනීමට හේතු 8ක්
එහි අඩංගු විටමින් k හා බයෝ ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා දිනපතා වම්බටු ආහාරයට ගැනීම මගින් ලේ කැටි ඇති වීම වලකයි. නිසියාකාරව පිළියෙළ කළහොත් වම්බටු වලට ඔබේ කොලෙස්ටරෝල් (LDL) මට්ටම අවම කල හැක. ඔබ කෙදිනකවත් වම්බටු බැද ආහාරයට නොගත යුතුය. පිසිම කල යුතුය. වම්බටු වල ඇති තන්තු නිසා එය ඔබේ ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කර ජීර්ණය පහසු කරයි. දිනපතා වම්බටු ආහාරයට ගැනීමෙන් ඔබගේ රුධිර සංසරණය වර්ධනය වන අතර එහි අඩංගු, බොහෝ විට එළවලු වල මතුපිට පවතින පයිටෝනියුට්‍රියන්ට්ස් නිසා ඔබගේ මොලය පෝෂණය කරයි. වම්බටු ඔබගේ රුධිරයේ සිනි මට්ටම ක්‍රමවත් කරන අතර අඩු කාබන් හා වැඩි ජාරක තන්තු අන්තර්ගතය නිසා දියවැඩියාව පාලනය කරයි. අධික ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා ඔබගේ රුධිර පීඩනය ක්‍රමවත් කලහැක. ශරීරයට අවශ්‍යම ප්‍රමාණවලින් යකඩ, කැල්සියම් හා අනෙකුත් ඛනිජ වර්ග වම්බටු වල අඩංගුය. කැලරි නොමැති නිසා බර අඩු කිරීමට වම්බටු සුදුසුය. එසේම එහි මේද නොමැතිකම හා තන්තු වලින් අනුන බව එය බර අඩු කිරීමට සුදුසුම ආහාරයක් බවට පත් කරයි.

තෝරා ගැනීම
වම්බටු මිලදී ගැනීමේදී ගෙඩියේ ප්‍රමාණයට බර වම්බටු තෝරා ගන්න. ගෙඩියේ පොත්ත මෘදු හා දිළිසෙන ස්වභාවයකින් යුක්ත විය යුතුයි. කැලැල් වුණු, තැලුණු ගෙඩි මිලදී ගන්න එපා. වම්බටු උෂ්ණත්වයටත්, සිසිලටත් සංවේදී එළවලුවක් ෆැරන්හයිට් අංශක 50 (සෙල්සියස් අංශක 10 ක) උෂ්ණත්වයක ගබඩා කළ යුතුයි.

පිසින ආකාරය
වම්බටු උයන විට එහි රස වැඩි කිරීමට, වම්බටුවල ඇති සියුම් තිත්ත රසය ලුණු මගින් අඩු කරන්නට පුළුවන්. කැපූ වම්බටුවලට ලුණු ස්වල්පයක් ඉස මිනිත්තු 30ක් තබන්න. මෙමගින් වම්බටු බැදීමේදී වම්බටුවලට තෙල් උරා ගැනීමද අඩු කරනවා. රසවත් මෝජුවක් වශයෙන්, බැදුමක් වශයෙන් වගේම රසවත් ව්‍යංජනයක් වශයෙන්ද වම්බටු ආහාර වේලට එකතු කරත හැකියි.

කෙතරම් රසවත් වුවත් ඇතැම් රෝගවලට වම්බටු හානිදායකයි. සිරුරේ ගල් ඇති කරන ආහාර අත‍‍ළොස්සෙන් වම්බටු එක් වර්ගයක්. මේ නිසා ප්‍රතිකාර නොගන්නා වකුගඩු හෝ පිත්තාශ රෝගීන්ට මෙවැනි ආහාර එතරම් සුදුසු නැහැ.

වම්බටුවල ඇති එම ගුණය කැල්සියම් උරා ගැනීම අඩු කිරීමටද හේතු වනවා. මේ නිසා නිතර වම්බටුවල රස බැලීම එවැනි සංකූලතා සහිත පුද්ගලයන්ට නම් සුදුසු වන්නේ නැති බවත් මතක තබාගත යුතුයි.

උපදෙස්- ආහාර හා පෝෂණ විශේෂ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු
සටහන  – යශෝදා ඉන්දීවරී. (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කැළණි විහාරයේ බෝධිය යට පිහිටි නාග ලෝකයට යන අභිරහස් දොරටුවේ කතාව

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනය වීම සනිටුහන් කරන්නට ඉදි වුණු කැළණි විහාරයට ඉතාම දීර්ඝ වගේම අලංකාර ඉතිහාසයක් තිබෙනවා. අද වන විට කොළඹ අවට පිහිටි ප්‍රධානතම පන්සල් කිහිපයෙන් එකක් තමයි කැළණිය විහාරය.

කැළණිය විහාරය ඉදි වීම පිළිබඳ ඉතිහාස කතාව බොහෝ දෙනෙක් දන්නවා. නාග ගෝත්‍රිකයන් අතර ඇති වෙන්නට ගිය මහා යුද්ධය සමනය කිරීමට කෘතඥතාව පළ කිරීමක් වශයෙන් මනි අක්ඛික නා රජතුමා කළ ආරාධනාවකට අනුව බුද්ධත්වය ලබා අට වන වසරේදී බුදුන් කැළණියට වැඩම කළා. එහිදී බුදුන් වහන්සේ නාග ගෝත්‍රිකයන් උදෙසා ධර්ම දේශනාව සිදු කළ ස්ථානයේ තමයි කැළණි විහාරය ගොඩ නැංවුණේ. මෙහි පූජනීයත්වය තවත් ඉහළ නංවමින් ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු අංකුර අටෙන් බිහි වූ එක් අෂ්ඨ ඵලරූහ බෝධීන් වහන්සේ නමකුත් කැළණි විහාරය තුළ රෝපණය කෙරුණා.

කොහොම නමුත් මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ එකල නාග ලෝකය සහ මෙලොව අතර දොරටුව තිබුණු තැන ආවරණය වන විදිහට බව දන්නවාද? සාමාන්‍ය බෝධියකට වඩා ඉතාම ගැඹුරු සහ ශක්තිමත් පාදමක් මත මේ බෝධිය රෝපණය කර තිබීමම එයට හොඳ සාක්ෂියක්. පැති තුනකින් එන දිය පහර තුනක් එක්ව සකස් වුණු මේ නාග ලෝකයට යන දොරටුව නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණ සිදු වූ ද්වාර ස්ථානයයි.

නාගයන් ගැන කතා කරනකොට ඔවුන් වර්ග කෙරෙන ආකාරය දැන සිටීමත් වැදගත්. නාග, දේව නාග, අර්ධ නාග සහ මනු නාග ලෙස නාග කුල හතරක් තිබෙනවා. නාග ලෝකයේ සිටින්නේ මෙයින් නාග කුලය පමණයි. දේව නාගයන් දිව්‍ය ලෝකය තුලත්, මනු නාගයන් මනුෂ්‍ය ලෝකය තුලත් වාසය කරනවා. අර්ධ නාගයන් තමයි නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණය වෙමින් ජීවත් වුණේ. මනුෂ්‍ය ලෝකයට ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වුණා. බුලත් ඇතුළු නාග ලෝකයෙන් පැමිණි ගස්වැල් ගෙන එන ලද්දේත් මෙසේ අර්ධ නාගයන් විසින් බවයි කියවෙන්නේ.

අර්ධ නාගයන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන දොරටුව කැලණිය බෝධීන් වහන්සේ රෝපණය කිරීමත් සමග අවහිර කෙරුණා. මෙරටට බුදු දහම ලැබී බෞද්ධ සමාජයක් බිහි වීමත් එක්ක නාගයන්ගේ ආරක්ෂාව අවශ්‍ය නොවුණු නිසා එකල මනු නාග ගෝත්‍රිකයන් සමග ඇති වූ එකඟතාවක් මත මේ දොරටුව වසා දමන්න තීරණය වූ බවයි කියවෙන්නේ. මේ නිසා අද වන විට භෞතික ස්වරූපයෙන් කිසිදු නාග කුලයකට මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්න හැකියාවක් නැහැ. කොහොම නමුත් බෝධිය රෝපණය කරන විට ලැබුණු විශේෂ අවසරයක් මත චන්ද්‍ර මාසයේ 14,15,16 කියන තිථිවලදී මේ දොරටුව නාග ආත්ම සඳහා විවෘත වෙනවා. එවිට ඔවුන්ගේ මෙලොවට පැමිණ, කැළණිය පන්සලට වැඳුම් පිදුම් කර ආපසු යන බවයි කියවෙන්නේ.

අර්ධ නාගයන් මෙලොවට භෞතික වශයෙන් පැමිණීම නැවතී යාමත් එක්ක ඔවුන් සමග පැමිණි නාග කන්‍යාවන් සේවනයද නැවතී ගියා. අධික සරාගී බවකිනුත්, ඉහළ ලිංගික ශක්තියකිනුත් යුක්ත බව කියවෙන නාග කන්‍යාවන් එකල මනු නාග රජවරුන්ගේ සහ ප්‍රාදේශීය නායකයන්ගේ සේවනයට නිතරම යොදා ගැනුණා. කෙසේ නමුත් එය නැවතී යාම නිසා පසුව මෙලොව විසූ මනු නාගයන් පවා නාග නොවන ගෝත්‍ර සමග මිශ්‍ර වී තිබෙනවා. කොහොම නමුත් නාග ජාන වෙනත් මනුෂ්‍ය ගෝත්‍රවල ජාන හමුවේ ඉක්මනින්ම නෂ්ට වී ගියා.

මේ නිසා ගෙවී ගිය වසර 2000 කට අධික කාලය තුලදී නාග ගෝත්‍රිකයන් මෙරටින් තුරන්වම ගොස් තිබෙනවා. කෙසේ නමුත් කැළණිය බෝධිය යට පිහිටි දොරටුව අනාගතයේ විවෘත විය හැකි බවත්, සමහරවිට අනාගතයේදී මෙරට නැවතත් මනු නාග ගෝත්‍රයක් බිහි විය හැකි බවටත් සැක කළ හැකියි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

නිවසට සිරිකත කැන්දන බුදු පහන තියන නිවැරදි වත් පිළිවෙත් මෙන්න

ඇතැම් වේලාවන්වලට නිවසේ පහන පත්තු කීරීමේ දි එම පහනට යක්ෂයනගේ ප්‍රේතයන්ගේ ඇල්ම බැල්ම ලැබෙන බව සමහරුන්ගේ මතයක් තිබෙනවා.මල් වට්ටියක් පුජා කළ හැකි අවස්ථාවක මල් වට්ටියක් පුජා කළ යුතුයි. මල් වට්ටියක් පුජා කරන්න බැරි නම් එක මලක් හරි පුජා කරන්න. ගෙදර තුන්සුත්‍රය කීමෙන් පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙනවා. කරණිය මෙත්ත සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් දෙවියන‍්ගේ උපකාර ලැබෙනවා.

සෑමබෞද්ධ නිවසකම බුද්ධ ප්‍රතිමාවක් වන්දනා කිරිම චාරිත්‍රයක් බවට පත් වෙලා තිබෙනවා. නැගෙනහිර දිසාව දෙසට සිටින අයුරින් හෝ එසේත් නොහැකි අවස්ථාවල දී උතුරු දිසාව දෙසට සිටින අයුරින් හෝ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සැලකිල්ලට ගත යුතු කාරණාවක් වෙනවා. මේ දිසා දෙකටම තැබීමට අසීරු අවස්ථාවල දී පමණක් දකුණට මුහුණ ලා තැබිය හැකියි.

බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන නිවැරැදි ක්‍රමය මෙයයි‍. බුද්ධ ප්‍රතිමාවක් තැබීමේදී තමන් නිදන කාමර වලට මුහුණ ලා තැබීම සුදුසු නැහැ. තමන් නිදා ගන්නා කාමරවල බුද්ධ ප්‍රතිමා තබන අවස්ථා අපි දැක තිබෙනවා. එවැනි අවස්ථාවල දී නිදන ඇදට මුහුණලා ඇති ආකාරයට බුද්ධ ප්‍රතිමා තැබීම කෙසේවත් සුදුසු නැහැ. හැකි නම් නිදන කාමරයක බුද්ධ ප්‍රතිමා තැබීමෙන් වැළකී සිටිම වඩා සුදුසුයි. එසේ තබන අවස්ථාවල දී ඇද නොපෙනෙන ආකාරයට බුද්ධ ප්‍රතිමාව තැබිය යුතුයි. බුදුන් වහන්සේ ට කරන ගෞරවයක් ලෙසයි එලෙස අප පහන තබන්නේ. එසේ නිසි ඇගැයීමකින් එය නොකර අවස්ථාවල දී යම් යම් දෝස නිවැසියන්ට සිදුවන අවස්ථා අපි අසා තිබෙනවා.

මගේ නිවසේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියන ගෞරවනීය හැඟීම භක්තිය අනිවාර්යෙන්ම ඇති කරගන්නට අවශ්‍යයි. ඒ හැඟීම ඇති කරගෙන ජීවමාන බුදුන්වහන්සේට උපස්ථාන කරනවා කියන අරමු‍ෙණහි පිහිටුවා උතුම් අදහසින් තමාට පුළුවන් ආකාරයට වත්පිළිවෙත් කළ යුතුයි.

අතීතයේ නම් බෞද්ධයන් බුද්ධ කාලය ලෙස සලකා තුන්වරුවේ ම බුද්ධ වන්දනා කිරීම සිදු කළා. වර්තමානයේ සංකීර්ණ ජීවන ර‍ටාවත් සමඟ එසේ කිරීමට අපහසුවෛලා තියෙනවා.උදෑසන කාලයේ බුද්ධ වන්දනාව කිරීම ඉතා සුදුසුයි. සවස් කාලයත් සුදුසුයි.

බෞද්ධයන් බොහෝ දෙනෙකුට තියෙන තවත් ගැටලුවක් වශයෙන් මේ පහන පත්තු කරන්නට සුදුසු කාලය කුමක්ද ? යන ගැටලුව අපි මෙහිදි සාකච්ජා කරන්නට අදහස් කරනවා. පහන පත්තු කිරීමට නියමිත වේලාවක් නැහැ. දවසේ ඕනෑම වෙලාවක පහන පත්තු කිරීම සුදුසුයි. ඇතැම් වේලාවන්වලට පහන පත්තු කීරීමේ දි එම පහනට යක්ෂයන්ගේ ප්‍රේතයන්ගේ ඇල්ම බැල්ම ලැබෙන බව සමහරුන්ගේ මතයක් තිබෙනවා. ලොව්තුරා බුදුරජානන්වහන්සේ අරමුණු කරගෙන පිළිගැන්වුණ පහනක්, යක්ෂයෙක් ප්‍රේතයෙක් වෙනත් අමුනුස්සයෙක් එය බාරගන්නනේ නැහැ. එ නිසා ඒ පිළිබද සැකයක් තබා ගත යුතු වෙන්නේ නැහැ. ඒ ‍පිළිබඳ ඇති වැරදි මතවාද දුරු කරගත යුතුයි.

සර්වඥයන්වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කිහිපයක් පිළිබඳ අපි කතා කරමු. පළමු වන පිළිවෙත වන්නේ පහන් පුජා කිරීමයි. පහන් පුජා කරන විට නිතරම පහන ඉතා පිරිසුදු කළ යුතුයි දැලි කුණු වැකිලා නම් එය සෝදා පවිත්‍ර කළ යුතුයි. අනිවාර්යෙන්ම අලුත් පහන් තිරයක් පිරිසුදු තෙල් පහනට යෙදිය යුතුයි.

පහන දල්වන අවස්ථාවේ සිතිය යුතුයි තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ‍ගෙ ශිලාලෝකයෙන්, තමන්වහන්සේගේ ප්‍රඥාලෝකයෙන්, ධර්මාලෝකයෙන්, නිර්වාණාලෝකයෙන්, තුන්ලෝක ධාතුවම ආලෝකවත් කරන්නට යෙදුණා ඒ උතුම්වු බුදුරජාණන් වහන්සේ ගේ ශිලා‍ලෝකයට ප්‍රඥාලෝකයට ධර්මාලෝකයට නිර්වාණාලෝකය මේ පහන් ‍ආලෝකය පූජාකරමි පුජාකරමි පුජා කරමි පුජා කරමි පුජාවේවා කියලා පහන දල්වන අවස්ථාවේ සිතිය යුතුයි‍.

තවත් ගැටලුවක් තියෙනවා ඇතැම් බෞද්ධයින්ට පහන පත්තුකළ පසු එය පූජා කිරීමෙන් අනතුරුව නිවාදැමීම සුදුසුද කියා. එසේ කිරීම වරදක් නොවෙයි. සුවඳ දුම් පුජා කරන විට නිතරම ජිවමන බුදුන්ට පුජාකරනවා කියලා පුජා කළ යුතුයි. මහ විශාල සුගන්ධ ප්‍රමාණයක් එක වර බුදුන් වහන්සේ ට පුජා කරන්නට හොඳ නැහැ. සුගන්ධයන් බොහෝ ප්‍රමාණයක් බුදු කුටියේ දැල්වු විට උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා නම් උන්වහන්සේට වැඩ සිටින්නට අපහසුයි කියලා සිතලා මේ සුවඳ දුම් දැල්විය යුතුයි. ඒ නිසා උන්වහන්සේ වෙහෙසට පත් නොවන ආකාරයට මේ සුවඳ දුම් පුජා කළ යුතුයි. ඒ නිසා ජීවමානව බුදුන් වැඩ හිටියා නම් ඒ බුදු කුටිය සුගන්ධවත් කරන්නයි මේ සුවඳ ධුපය පුජා කරන්නේ කියලා පුජා කළ යුතුයි. ස්වාමිනි භාග්‍යවතුන්වහන්ස ඔබ වහන්සේ සිල් සුවදින් ගුණ සුවඳින් සදහන් සුවඳින් තුන්ලෝක ධාතුවම සුවඳවත් අමාදම් සුවඳින් තුන් ලෝක ධාතුවම සුවඳවත් කළ ඒ උතුම් ගුණයන්ට මේ දසත විහිදෙන සුවඳ ධූපය සුවඳවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.

සිසිල් පැන් දිනකට වරක් හෝ පුජා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ජීවමාන කෙනෙකුට ජීවත් වීමට පැන් අත්‍යවශ්‍ය වන්නා සේ පැන් පුජා කළ යුතු වෙනවා. ඒ වගේම පිරිසුදු භාජනයකට පැන් පුජා කළ යුතුයි. ස්වාමිනී නිවුණු සැනසුණු සිතක් ඇති සර්වඥයන් වහන්සේ ඔබවහන්සේට මේ පිවිතුරු සිසිල් පැන් පුජා කරමි පුජා වේවා. මේ උතුම් පුණ්‍ය කර්මයෙන් මටත් නිවි සැනසුණ සිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ වගේ සිසිල් පැන් පුජාව ඕනෑම වෙලාවක කළ හැකිය.

මල් වට්ටියක් පුජා කළ හැකි අවස්ථාවක මල් වට්ටියක් පුජා කළ යුතුයි. මල් වට්ටියක් පුජා කරන්න බැරි නම් එක මලක් හරි පුජා කරන්න. මල් කඩලා ඉතා පිරිසුදුවට තැන්පත් කරන්න. ඉන් අනතුරුව මල් බඳුන අතේ තියාගන සිතන්න‍. ස්වාමීනී භාග්‍යවතුන්වහන්සේ ඔබවහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුවු සේක. ‍සියලු කෙලෙස් සතුරන් නැසූ සේක. සංසාර චක්‍රයේ කෙලෙස් නැසු සේක. ආමිස ප්‍රතිපත්ති පුජාවන්ට සුදුසු වන සේක. රහසින්වත් පව් නොකළ සේක. අරහන් වන සේක. මේ ගුණයන්ගෙන් යුතු මේ උතුමන්ට මේ පිවිතුරු සුවඳ මල් පුජා කරමි. පුජා කරමි පුජා කරමි පුජාවේවා කියලා මල් තැන්පත් කරලා දෑත් එකතු කරලා වැඳලා, ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස‍ ඔබවහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන් බැබළුණ සේක. මලක් සේ සවනක් බුදුරුස් මාලාවන්ගෙන් බැබළුණ සේක. මලක් සේ බබළන ශ්‍රි සත් ධර්මය දේශනා කළ සේක. ඔබවහන්සේට මේ මල් පුජා කරමි කියලා ඒ පින්බලයෙන් දිර්ඝ ආයුෂයයෙන්ද ,ශරීර වර්ණයෙන් ද, නීරෝගි සැපයෙන්ද, ප්‍රඥවෙන්ද, බබළන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ගුණයෙන් ,නුවණින්, යස ඉසුරින්ද, සැප සම්පතින්ද ධන ධාන්‍යයෙන් ද බබළන්නට ලැබේවා. ඒවගේ මා හට චිත්ත ඒකාග්‍රතාව ලැබේවා. අටලෝ දහමින් කම්පා නොවන මානසික ශක්තිය වර්ධනය වේවා. මට නිර්වාණයට ‍මේ පින හේතු වේවා වාසනා වේවා.

මල් පහන් පුජා කර ගාථා කීම ප්‍රමාණවත් නැහැ. අර්ථයෙන් ධර්මයෙන් සිත කය දෙකම එක අරමුණක පිහිටා කටයුතු කළ යුතුයි. බුදුන් වන්දනාව කිරීමේ දී බිම හිදගෙන ඉතිපිසො, ස්වාක්ඛාතෝ, සුපටිපන්නො කියන ගාථා තුනෙන් තෙරුවන් වන්දනා කර වන්දාමි චේතියන් සබ්බන්.. කියන ගාථාවලින් සියලු චෛත්‍යන් වන්දනා කර යස්ස මූලේ කියන ගාථාවෙන් බෝධි වන්දනා කර එයින් පසු මල් පහන් සුවදදුම් පැන් පුජා කිරීම කළ යුතුයි. ඉන් පසුව නිවැරැදිව සුත්‍ර දේශනාවක් ගායනා කළ යුතුයි.

කරණීය මෙත්ත සුත්‍රය ගායනා කිරීම ඉතාම හොඳයි‍. කරණීය මෙත්ත සුත්‍රය කරනවා නම් දෙවිවරුන් බොහොම කැමැති. ඒ සුත්‍රය දේශනා කරන විට දෙවිවරුන් එයට සවන් දීලා සතුටට පත්වෙනවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය සියලු දෙනාගේ ජීවිතවලට ලබා දෙනවා . දෙවිවරුන් විතරක් නොවෙයි අමනුෂ්‍යයන්ගේ රැකවරණය ලැබෙන්න මේ සුත්‍රය හේතු කාරණා වනවා. ඒ වගේම ඔබට රතන සුත්‍රය ගායනා කිරීමෙන් රෝගා බාධ ආර්ථික ප්‍රශ්න ආදියත් යම් මට්මකට මඟ හරවා ගැනීමටත් ආහාරපාන සුලභ කර ගැනීමට හේතුනවා. ඒ‍මෙන්ම අමනුෂ්‍ය බලපෑම් නැති කර ගැනීමටත් තෙරුවන්ගේ මහනුභාව සම්පන්න බලයක් මේ සුත්‍රය සතු වෙනවා. ඒවගේම ශරිර වර්ණය ලබා ගැනීමට පිරිත් සුත්‍රයක් තියනවා. ඒ පිරිත් සුත්‍රයට කියන්නේ පූරෙන්තං බෝධි සම්භරේ නිබ්බත්තං වට්ටක ජාතියං යක්ෂපේතේන ධාවජ්ජී මහ සත්තං විවජ්ජයි

‍වට්ටක පිරිත දේශනා කරන විට ශරිරය තුළ තියෙන දෝස නැති වෙනවා. හමේ විස නැති වෙනවා ලප කැළැල් නැති වෙනවා. එකදවසින් නොවෙයි ටික කලයක් භක්තියෙන් යුතුව එය කළ යුතුයි. මේ පිරිත තුන්සිය විසිපස්වතාවක් වතුර භාජනයක් රැගෙන සත් ගායනා කළා නම් ඒ ජලය ටික ටික පානය කිරීමෙන් ශරීරය වර්ණවත් වීම සිදුවෙනවා. ඒවගේම තමයි පිරිමි පක්ෂයට නම් ශරිර ශක්තිය ලබා ගන්න නිරෝගි බව වැඩි කරන්න රෝග පීඩා අඩු කරගන්න ‍ බොහෝ උපකාර වනවා. ධම්ම පදයේ සදහන් වන ලෝක වර්ගය ලෝකවර්ගයේ ගාථා දොළහක් තියෙනවා. ඒ ගාථා සත් ගායනා කිරීම බොහොම වැදගත්.

පිරිමි පාර්ශ්වයේ නිරෝගී බව රෝග පීඩා ශරීර ශක්තිය ‍රෝග පීඩා ආදිය දුරු කර ගැනීමට කාන්තා පක්ෂයට නම් ශරීර ශක්තිය නිරෝගි බව වර්ධනය කර ගැනීමට ධම්ම පදයෙ තියෙන පුප්ප වර්ගය බෙහෙවින් වැදගත් වනවා. ඒ ගාථා නිතර නිතර භාවිත කිරීමෙන් මේ ගුණ ලබා ගන්න පුළුවන්. කයෙහි ඇති රෝග පිඩා දුරුවෙන්න සතුරු කරදර අනවිණ කොඩිවිණ නැති වීමට ඒරාෂ්ටක යන්ත්‍ර මන්ත්‍රාදියෙන් වන කරදර දුරුවෙන්න බොහෝ උපකාර වනවා.

කඳ පිරිත භාවිත කිරීම විරූපච්චහිමේ මෙත්තං මෙත්තං …යනුවෙන් ඇති පිරිත් පොතෙහි ඇති කඳ පිරිත භාවිත කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේ මතමන්ගේ නිවැස් වලට අමනුස්සයන් භුතයන් ‍ගෙන් යක්ෂයන්ගෙන් වන අමනුස්ස දෝස වන කරදර හිරිහැර ඇති සත් පුරුෂයන් ඉන්නවා නම් ‘ඉති තදුභය සේනා ගට්යයන් ‍අඤ්ඤමඤ්ඤං …’ලෙස ඇති දස මාර පිරිත භාවිත කරන්න විශේෂයෙන් මතක තබා ගත යුතුයි. මේ කිසිදු පිරිතක් පටිගත කර ශ්‍රවණය කිරීම කිසිදු පලක් නැහැ. තමන් හොඳින් පිරිසුදු වෙලා මේ ගාථාවන් සජ්ඣායනා කළ යුතුයි.

තව දුරටත් වැදගත් වන පිරිත් දේශනා තිබෙනවා. ඒ පිරිත් දේශනා අතර තුන්දොස් දුරු කරගැනීමට ලේ කෝප වීම් සෙම් රෝග ආදියට ජන්ද පිරිත ඉතා වැදගත් වෙනවා. ‍ඒ ලෙස බුද්ධ දේශනා රාශියක් සිද්ධ වෙලා තියෙනවා.

බ්‍රහ්ම මන්ත්‍රය නමින් හැඳින්වෙන පිරිතක් තිබෙනවා. බ්‍රහ්ම මන්ත්‍රය කියලා හඳුන්වන්නේ මෝර පිරිතයි. එය සජ්ඣායනා කිරීමත් ලෙඩ රෝග සතුරු කරදර ආදිය වළක්වා ගැනීමට උපකාර වෙනවා. එහි පුර්වාන්තය සහා අපරාන්තය කියලා පසුගාථා දෙකක් තියෙනවා. එහි පුර්වාන්තය උදෑසන කාලයේ සජ්ඣායනා කරන්නට අවශ්‍ය වෙනවා. අපරාන්තය අග කොටස නින්දට පෙර සජ්ඣායනා කරන්නට ඕන.

උදෑසන කාලයේ පුර්වාන්තය කොටස සත් ගායනා කිරීමෙන් හවස් වන තුරු ජීවිතයට ආරක්ෂා රැකවරණය ලැබෙනවා. සියලු බුදු වරුන්ගේ ආරක්ෂාව බෝධින්වහන්සේලාගේ ආරක්ෂාව ලබා ගන්නට මේ මෝර පිරිත උපකාරී වෙනවා. අපේ ඇතැම් බෞද්ධයන්ගේ මිථ්‍යා මතවාදයක් තියනවා තුන්සුත්‍රය නිවසේ සජ්ඣායනා කිරීම සුදුසු නැතැයි කියලා. ඇත්ත වශයෙන්ම එය මිථ්‍යා දෘෂ්ටි අදහසක්. ‍ගෙදර තුන්සුත්‍රය කීම පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙනවා. කරණිය මෙත්ත සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් දෙවියන‍්ගේ උපකාර ලැබෙනවා. මහ මංගල සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් අත්තරත්ඛාය තමන්ගේ ජීවිතයට යහපත සලසා ගැනීමට සුදුසු වෙනවා‍. ඒනිසා පුද්ගලික ජීවිතයේ ආරක්ෂාව සලසා ගන්න මහ මංගල සුත්‍රයට වඩා අනර්ඝ වූ තවත් දේශනාවක් නැති තරම්.

රතන සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් ආහාරපාන මිල මුදල් ලබා ගැනීමට ඇති බාධක කරදර දුරු කරගැනීමටත් රෝග පිඩා ආදිය දුරුවීමටත් උපකාරී වෙනවා. අමනුස්ස රෝග දුරු කරගැනීමට උපකාරී වෙනවා. මහානුභාව සම්පන්න ආරක්ෂාව ලැබෙන මේ තුන්සුත්‍ර දේශනාව නිතර භාවිතය ඉතා වැදගත් වෙනවා. දස දිසා පිරිත නිවෙසේ නිතර භාවිත කිරීමෙන් අමනුස්ස දෝස යක්ෂ දෝස වැළකි යනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මිථ්‍යා දෘෂ්ටියේ එල්බගෙන ඉන්න හොඳ නැහැ. මේ මිථ්‍යා මත දුරු කරගෙන නිවසේදීම පිරිත් දේශනා කිරීමෙන් තමන්ගේ සහ නිවසේ ආරක්ෂාව ඇති කරගැනී‍මට මෙන්ම මෙලොව පරලොව ආරක්ෂාව ද සලසා ගැනීමට උපකාරී වෙනවා. සියලු දෝස දුරු කර ඔබේ ආරක්ෂාව ඔබටම සලසා ගැනීමට පිරිත බොහෝ උපකාරී වෙනවා.

(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න පැණි පලා ඔසුව මේ විදියට භාවිතා කරන්න

දියවැඩියාව නොහොත් මධුමේහය අද ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ සීග්‍රයෙන් ප්‍රචලිතව පවතී. නමුත් සීනි මෙන් දියවැඩියා රෝගීන් කෙරෙහි කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොකරන සීනිවලට සාපේක‍ෂව තුන්සීයක් හාරසියක් තරම් ප්‍රමාණාත්මක ප්‍රණීත ගුණයකින් යුතු රසවත්කමින් පොහොසත් ස්වභාවික ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ කොළ හෙවත් පත්‍ර වියලා කුඩුකර සිනි මෙන් භාවිතයද (පවුඩර්) එම ශාකයේ කොළවල සාරය මිරිකා පෙරා ගැනීමෙන් දියර වශයෙන්ද භාවිතා කල හැකිය.

බොලිවියා රාජ්‍යය නිජබිම කරගත් දකුණු ඇමරිකා රටවල දක්නට ඇති මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගාකර සීනිවෙනුවට භාවිතා කරන ස්වභාවික ආදේශකයක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා එම ශාක වගාකර පැල අලෙවිය සිදුකරන තරුණ යුවලක් කෑගල්ල ගනේතැන්න ප්‍රදේශයදී අපට හමුවිය.

කෑගල්ල ගනේතැන්න ප්‍රදේශය පදිංචි කෙනත් කිරිවන්දෙණිය මහතා සහ ඔහුගේ බිරිඳවන කේ. එම්.ඩබ්ලිව්.එන්.ද සිල්වා ආයුර්වේද වෛද්‍යවරියද ස්ටෙවියා රිබදූනියා බර්තෝනි ශාකය වගාවක් වශයෙන් සිදුකර සීනි මෙන් භාවිතය සහ එම ශාකයේ පැල අලෙවි කරන්නීය.

මේ පිළිබඳව අප එම දෙපලගෙන් විස්තර විමසූ අවස්ථාවේ ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු සහ ව්‍යාපාරික වගාකරුවෙකු වන කෙනත් කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසුවේය.

අප මෙම ‘ස්ටෙවියා රිබදනියා බර්තෝනි‘ ශාකය වගාකිරීමට යොමුවූයේ අහම්ඛෙන් වුවත් අපට ඒගැන විස්තර මුලින්ම කීවේ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරෙක්. ඔහු අපට පැල කීපයක්ද දුන්නා. අපට එම පැල වර්ධනයවූ පසුව අතු වලින් තවත් පැල ව්‍යාප්තිය සිදුකරගන්නට හැකිවුණා. මෙවර සිංහල අලුත් අවුරුද්දට අපි වැලිතලප හැදුවේ මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාඛයේ කොළ මද පවනේ වියළිමෙන් පසුව බ්ලෙන්ඩරයක් මගින් ඇඹරීමෙන් ලබාගත් පිටිවලින් යැයි ඔහු අප සම`ග පැවසුවේය.

‘මේ ශාකයේ කොළ සාමාන්‍ය තෙත් වියළි පරිසරයක මඳ පවනේ ස්වභාවික හිරුඑලියට විවෘත තැබීමෙන් වියළා ගත හැකියි. එසේ එම කොළ වේළාගැනීමෙන් පසුව තරමක් තදවියළි කොළ පැහැයට පැමිණි පසුව ගෘහස්ථ පරිසරයේදීම සරල ක්‍රමයකට අඹරා කුඩුකර පිටි බවට පත් කරගැනීමෙන් පසුව සීනි මෙන් එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකියි. තේ සහ වෙනත් පලතුරු බීම වැනි රසවත් පාන වර්ග සඳහාත් පැණි රස කෑම වර්ග රසකැවිලි ආදියට සීනී වෙනුවට යොදාගත හැකි කදිම ස්වභාවික ආදේශකයක් බව මේ පිළිබඳව විස්තර කළ ඔවුහු කීහ.

ජපානය ඕස්ට්‍රේලියාව චීනය ජර්මනිය ඉන්දියාව නවසීලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල වෙළඳෙපාළේ මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොළ නොහොත් පත්‍රවලින් ලබාගන්නා වියළිකුඩු නැතිනම් පවුඩර් මිශ්‍රනය හෝ එම ශාකයේ පත්‍රවලින් සාදාගත් දියරය සීනි ආදේශකයක් වශයෙන් ගෙන පානීය බීමවර්ග රසවත් කෑම ටොපි සහ එවැනි රසකැවිලි වර්ග නිෂ්පාදනයේදී රසකාරකයක් වශයෙන් භාවිත කරයි.

ජපානය වැනි රටවල බොහෝ සෙයින් භාවිතාවන මෙය එරට වෙළඳ පොළේ සීනි වෙනුවට භාවිතා කරන ආදේශක රසකාරකයක් වශයෙන් අලෙවියද සිදුකරයි. ඇතැම් රටවල් සිනි වෙනුවට රසකාරකයක් වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද සිදු කරනු ලබයි. දන්තාලේප සහ සමහර සූකිරි වැනි දේවල් සහ ඖෂධ වර්ග නිෂ්පාදනයටද මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ වියළි කොළවලින් ලබාගන්නා කුඩු හෙවත් පවුඩර් හෝ පැණිරස දියරය සමහර රටවල් විසින් යොදාගනු ලබයි

මේ පිලිබඳව වැඩිදුර විස්තර සීනි හා සාපේක‍ෂව කෙතරම්දුරට මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ භාවිතය ව්‍යාප්තිය සහ ගූණාත්මක බව සම්බන්ධව විද්‍යාත්මක විස්තරයක් එවන් දේ පිළිබඳ ප්‍රමාණික සහ විද්‍යාත්මක දැනුමක් ඇති කෘෂි විද්‍යා මහාචාර්ය පියල් මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මේ සම්බන්ධ තෙරතුරු ඉදිරිපත් කලේ මෙසේය

අඩි හයක් පමණ උසැති මේ ශාකයේ කොළ දීප්තිමත් තද පැහැයක් ගනියි. stevia rebaudiana bertoni යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය කොලවල ඇති පැණි රස නිසාම එය මෙරට උදවිය පැණි පලා යයි හඳුන්වන නමුත් මෙය අපගේ දෙAශීය ශාකයක් නොවන නිසා වඩාත් උචිත වන්නේ ඊට හිමි විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වීමයි. මෙම ශාකය සූරියකාන්ත කුලය ශාක ප්‍රභවයකි. ඉංග්‍රිසියෙන් සුගර්ලීෆ් ස්වීට්ලීෆ් යනුවෙන්ද හින්දි බසින් මධුපත්‍රී, ශත පත්‍ර වශයෙන්ද සංස්කෘත බසින් සෞම්‍ය ගන්ධ නමින්ද හඳුන්වයි.

මෙහි ඇති සුවිශේෂිතාව නම් සීනිමෙන් මිනිස් සිරුරට අහිතකර නොවීම සහ සීනි වලට සාපේක‍ෂව තුන්සියයක් හාරසියයක් වරක් පමණ ප්‍රණිත රසයෙන් අනූනවීමයි.

දකුණු ඇමරිකා රටක් වන බොලීවියා රාජ්‍යය මෙම ශාකයේ නිජබිම වශයෙන් හැඳින්විය හැකියි. නිවර්තන හෙවත් උෂ්ණ කලාපීය රටවල ව්‍යාප්තිය සහිත මෙම ශාකය වගාකිරීම සිදුවන්නේ අතු කැබලි සහ බීජ මගිනි. වගාව සඳහා වඩා ඵලදායක වන්නේ අතුකැබලි මගින් පැල බෝකරගැනීමයි. බීජ ව්‍යාප්තිය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙන අසීරු දුෂ්කර කාර්යයකි. ත‍ම් ස්ටෙවියා ශාකය වගා කිරීමට යෝග්‍ය වන්නේ වැලි සහිත ජලවහනය හොඳින් සිදුවන ලෝම පසයි. වගාබිම් සඳහා යෝග්‍ය පසේ පී එච් අගය 6.5 ත් 7.5 අතර වෙයි. මෙම ශාකය මල් කොළ ආදිය විවිධ රටවලදී සුළුවශයෙන් වෙනස්කම් සහිත ස්වභාවයක් දැකිය හැකියි.

වගාකරන ඇතැම් රටවල් පටක රෝපණය මගින් ලබාගන්නා පැලද වගා කරනු ලබයි ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ ශාක විශේෂ වර්ග 240 ක් පඹණ ලොව පුරා ව්‍යාප්තව පවතී. එයින් ශාක ප්‍රභේද 90ක් පමණ විවිධ වූ දේශගුණික තත්වයන් යටතේ වගාකළ හැකියි එම ප්‍රභේද අනුවර්තනයවී ඔරොත්තුදී වර්ධනයවීමේ හැකියාවෙන් යුතුයි. දීර්ඝ කාලීනව කළ පර්යේෂණ මගින් මෙසේ ශාක ප්‍රභේද එකිනෙකට වෙනස් දේශගුණි තත්වය්ට සුදුසු අයුරින් වැඩිදියුණුව ඇත

සාමාන්‍යයෙන් උතුරු පැරගුවේ වගා බිමක අස්වැන්න නෙළීම වසරකට තෙවරක් හෝ සිවු වරක් සිදුකරනු ලබයි. අතු කැබලිවලින් පැළ ලබාගැනීමේදී කපාගත් අතු කැබලි කැපූ දින සිට දින 25ක් -30 ක් ඉක්මයානොදී සිටුවීමන් හොඳින් වර්ධනය වන පැළ ලබාගත හැකියි. පැළ ලබාගැනීමට අතු කැපීමට සුදුසු කාලය වන්නේ පෙබරවාරි මාර්තු මාසයන්හිදීය. මේ ශාකයේ මල් හටගැනීම නොවැම්බර් මාසයදී ආරම්භවේ. ඉතා කුඩා නමුත් ප්‍රිය උපදවන පෙනුමක් ඇති ලා දම් පැහැයට හුරු සුදු පැහැ මලක් දකින්නට හැකිවෙයි

මුල් කාලීනව ලතින් ඇමරිකා වැසියන් තම ආගමික විශ්වාස ඇදහිලි චාරිත්‍රවලදී පූජාවන් සඳහා මේශාක කොටස් යොදාගෙන ඇත. යනුවෙන් මේ පිලිබඳව බොහෝ දුරට විස්තර කළ මාරසිංහ මහතා පැවසුවේය

දකුණු ඉන්දියාවේද කෝවිල්වල ගණ දෙවියන් උදෙසා පූජා පැවැත්වීමේදී මේ ශාකය ප්‍රයෝජනයට ගනු ලබන බව වාර්තාවේ. ඔසු ගුණය සම්බන්ධව එතරම් විද්‍යාත්මකව සනාථවූ ප්‍රබල සාධක නොවූවත් විවිධ රටවල පාරම්පරික සම්ප්‍රදායික ප්‍රතිකර්මවලදී ඖෂධ වශයෙන් භාවිතා කරයි. ඒ අනුව චීනය ජපානය ඇතුුඵ ලොව රටවල් බොහොමයකදී දියවැඩියාව සහ අඩු රුධිර පීඩනය ඇති රෝගීන්ගේ රුධිර පීඩන තත්ව ක්‍රමවත් කිරීමේ ගූණයක් ඇතිබව මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව අන්තර්ජාල තොරතුරුවලින් කියවේ. එසේම සමේ රෝග තත්වයන් වැලැක්වීමටත් දත්මුල් ඉදිමීටද මෙය ආරක‍ෂණ ගුණයකින් යුතු විශේෂ ඔසුවක් බවටද විවිධ රටවලින් වාර්තාවී ඇත

වටිනා ආහාර නිෂ්පාදනයක් වශයෙන් මේ සීනි ආදේශක ස්ටෙවියා රිබදූනියා බර්තෝනිහි වටිනාකම 2006 වසරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට හා අවධානයට යොමුව ඇත. 2012 වසරදී සීනි ආදේශක රස කාරක ගුණයකින් යුතු නිෂ්පාදනයක් වශයෙන් බටහිර රටවල සුපිරි වෙළඳ සංකීර්ණයන්හි අලෙවිය ආරම්භ විය.

(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

ගෙදර මීයෝ පිරිලද? මේ සරල ක්‍රම ටික කරන්න ආයෙ කවදාවත් මීයො එන්නේ නෑ

ඔබේ ගෙදර මීයෝ පිරිලද? අද වෙනකොට ගොඩක් ගෙවල්වල තිබෙන ප්‍රශ්නයක් තමයි මේ මී කරදරය. ඇත්තටම කිව්වොත් ඉතා කුඩා කාලයකදි වේගයෙන් වර්ධනය වෙන මී ප්‍රශ්නය ඉතා විශාල වසංගතයක්. මීයන් තුරන් කරන්න ආදේශක ගොඩක් තිබුණත් ඒ ආදේශක වලින් බොහෝ වෙලාවට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ මී කරදරය තිබෙන නිවසකට ඒ වෙනුවෙන් යොදන්න පුළුවන් පහසු ප්‍රතිකර්ම කීපයක්.

කපුරු බෝල – අපි බොහෝ වෙලාවට කපුරු බෝල භාවිතා කරන්නේ ඇඳුම් කාවෝ කන එකෙන් වලක්වා ගන්න. ඒත් ඔයගොල්ලෝ දන්නවද මේ කපුරු සුවඳට මීයෝ පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ ගෙදර සිදුරු සහිත මීයන් ගැවසෙන ස්ථානවල කපුරු බෝල තියන එක. තව දෙයක් මේ කපුරු බෝලවල සුවඳ මීයන්ට විතරක් නෙවෙයි, අපේ සෞඛ්‍යයටත් අහිතකරයි කියලා මතක තියා ගන්න. ඒ නිසා මේ කපුරු බෝල ඉටිකවර වල දාලා අවශ්‍ය තැන්වල විතරක් තියන්න. කුඩා දරුවන් ගැවසෙන ස්ථානවල තබන්න එපා. ටික කාලයකින් මේ කපුරු බෝල දියවෙලා යනවා, එතකොට ආපහු කපුරු බෝල තියන්න.

ඇමෝනියා – සබන් කුඩු වර්ගයකින් හැදි දෙකක් වතුරු වීදුරු කාලකුත් එක්ක ඇමෝනියා කුඩු කෝප්ප දෙකක් අරගෙන මේ සියල්ලම භාජනයකට දාලා මිශ්‍ර කරගන්න. මතක ඇතුව අත්වැසුම් යුගලයක් නම් පළදින්නම ඕන. හදාගත් දියරය භාජනවල දාලා මීයෝ ගැවසෙන ස්ථාවල තියන්න. මෙයින් නිකුත්වන සුවඳ මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ.

පෙපර්මින්ට් තෙල් – පෙපර්මින්ට් තෙල්වල තියන මිහිරි සුවඳට මීයෝ කැමති නෑ. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ පුළුන් බෝල හදලා පෙපර්මින්ට් තෙල්වල ගිල්වලා මීයෝ ගැවසෙන තැන්වලින් තියන්න.

ළූණු – මීයෝ අකමැති තවත් දෙයක් තමයි ළූණු. ඒ නිසා මීයෝ ගැවසෙන තැන්වල ළූණු පෙති කීපයක් කපලා තියලා බලන්නකෝ. මේක මීයන් එළවන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක්.

ගම්මිරිස් – ගම්මිරිස් කුඩුත් මීයෝ එළවන්න භාවිතා කරන්න පුළුවන්. මීයෝ ගෙවල් හදලා තියන තැන් බලලා ගම්මිරිස් කුඩු ටිකක් තියලා බලන්න.

දවුල් කුරුඳු – ”බේ ලීප් ” හෙවත් දවුල් කුරුදු වලින් කොළ ටිකක් මීයෝ එන තැන්වලින් තියන්න. ඒවා රස කෑමක් කියලා හිතලා මීයෝ ආහාරයට ගන්නවා. ඒත් මේ දවුල් කුරුඳු ආහාරයට ගැනීමෙන් මීයන් මරණයට පත්වෙනවා.

පූස් තඩියෙක් – ඉතින් මී කරදරයට තවත් හොඳම විසඳුමක් වෙන්නේ පූස් තඩියෙක් ඇතිකරන එක. අපි පොඩිකාලේ අහලා තියනවනේ මීයයි පූසයි කියන්නේ ජන්මාන්තර හතුරෝ කියලා.

සර්පයන් – කියපු ගමන් බලන්න ඇති නේද පිස්සුද කියලා. ඔයාලා දැකලා ඇතිනේද රබර් වලින් හදලා තියන සර්පයෝ සමහරු මේවා නිසා සෙල්ලම් ලෙල්ලම් කරගන්නවා. ඒ වගේ රබර් සර්පයෝ කීපදෙනෙක් අරගෙන මීයන් වැඩිපුර ගැවසෙන තැන්වලින් තියලා බලන්න. සර්පයන්ට කොහොමත් බය මීයෝ බඩුත් පැක් කරගෙන ගෙදරින් යන්නම යාවි.

බේබි පවුඩර් – බේබි පව්ඩර් සුවඳත් මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ. මීයන් ගෙවල් හදලා තියන තැන්වලට බේබි පවුඩර් ටිකක් ඉහලා බලන්න.

මී උගුල් – මීයෝ අල්ලන්න පාවිච්චි කරන මී උගුල් දැන් වෙළඳපොලේ ගන්න තියනවා. ඔයාලත් ඒ වගේ උගුල් දෙකක් තුනක් ගෙනැත් තියලා බලන්න. මේක සත්තු මරන්න අකමැති අයට හොඳ ක්‍රමයක්. මොකද මීයෝ අහුවුනාට පස්සේ මිනිස්සු ගැවසෙන්නේ නැති, ගෙවල් නැති පැත්තක් බලලා ගිහින් දාන්න පුළුවන්.

කුණු – කුණු කියන්නේ මීයන් බෝවෙන්න හේතුවෙන ප්‍රධානම මාධ්‍යයක්. අපි ගෙවල්වල එදිනෙදා ඉවතදාන කුණු කන්න මීයෝ එනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මීයෝ එන්නේ මේ වගේ අපද්‍රව්‍ය තියන තැන්වලටයි. මෙයින් වැලකීමට නම කසල දැමීම සදහා හොඳින් වැසිය හැකි පියන් සහිත බඳුන් භාවිතා කරන්න. ඒ වගේම ආහාර සියල්ල හොඳින් වැසිය හැකි පියන් සහිත භාජන වල දාන්නත් අමතක කරන්න එපා. බහුල වශයෙන් මීයන් බෝවන්නේ අපිරිසිදු ස්ථානවල, ඒ නිසා මුළුතැන්ගෙය විශේෂයෙන්ම පිරිසිදුව තබාගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අධික කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන හෙළ සත්කාරයක්

සිරුරු තුළට නිහඬව ම රිංගා මරණය කරා කැඳවාගෙන යන්නට උත්සාහ කරන අධි කොලෙස්ටරෝල් තත්ත්වය බොහෝ දෙනකුට ගැටළුවක් වී ඇති අතර, එය මට්ටුකිරීම සඳහා එන්නතක් නිපදවීමට හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්‍යේෂණ කංඩායමක් සමත්වී තිබෙනවා. දිනපතා ගන්නා බෙහෙත් වෙනුවට වසරකට වරක් එන්නත ලබාදීම මගින් කොලෙස්ටරෝල් සාර්ථකව පාලනය කිරීමට ඉන් හැකිවනු ඇතැයි අදහස් කෙරෙනවා. මෙමගින් අහිතකර කොලෙස්ටරෝල් කොටස වන L D L නිපදවීමට හේතුවන ප්‍රෝටීනය විනාශවෙතැයි සඳහන් වන අතර, දැනට සුදුස්සන් 72 දෙනකුට එන්නත ලබා දී එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතිනවා.

මේ අතර අප සිත්වලට එන්නත් කර ගත යුත්තේ, අධිකොලෙස්ටරෝලතාව ට ඇරෙන මාවත්, වසා දැමීමේ ක්‍රම වේද යි. කොලෙස්ටරෝල් කියන්නේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය මේදයක්. එය සිරුරට අවශ්‍ය හෝමෝන් වර්ග , පිත් යුෂ ආදිය නිපදවීමට උපකාරි වන්නක්. කොලෙස්ටරෝල් වලින් කොටසක් සිරුර තුළම නිපදවෙන අතර, ආහාර මගින් ද කොටසක් එක්වෙනවා.ගැටළුව වන්නේ අහිතකර ලිපිඩ කොටස් සමග සංචිතය වැඩිවීමයි. රුධිරයෙහි L D L සමග V LD L හා ට්‍රය්ග්ලිසරොයිඩ කොටස් වැඩිවී, හිතකර HDL කොටස් අඩුවීමත් සමග අධි කොලෙස්ටරෝලතාව ඇතිවනවා.

අහිතකර ලිපිඩ වැඩිවී ඒවා රුධිර නාල තුළ තැන්පත්වීමෙන් රුධිර නාල අවහිරවී හර්දයාබාධ ආඝාත වැනි භයානක රෝග ඇතිවිය හැකියි. එහෙයින් කොලෙස්ටරෝල් තත්ත්වය මැන බැලීමත් , එය වැඩි නම් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැන්මත් ඉතා වැදගත්. වැඩි වුවත් නොවූවත් අදාල පාලන ක්‍රම අනුගමනය කිරීම රෝගයෙන් ඈත්වී සිටීමට උපකාරීවනවා. සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර රටාවක් පවත්වාගෙන යාම, සිරුර ව්‍යායාමයෙහි යෙදවීම, උසට සරිලන බරක් පවත්වා ගැනීම, දුම්පානයෙන් හා අධික මත්පැනින් වැළකීම යන කරුණු කෙරේ අපේ අවධානය මෙහිදී යොමුවිය යුතුයි.

සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය අඩංගු ආහාරවලින් වැලකීම හෝ ඒවා අවම කිරීම අවශ්‍යයි. අධික ලුණු හා අධික සීනි ආහාර සුදුසු නැහැ. පිෂ්ටය අධික ආහාර ද සීමා කළ යුතුයි. බටර් චීස් රතුමස් බිත්තර කහ මද, මස්වල තෙල් සහිත කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි, ෆාම් තෙල් පොල් තෙල් ,ගැඹුරු තෙලෙහි බදින ලද ආහාර සොසේජස්, ව් ක්ෂණික ආහාර , කේක් අයිස්ක්‍රීම් කුකීස් මාගරින් බිස්කට් වැනි ආහාර අවම කිරීම යහපත්. ඔලිව් තෙල් , තල තෙල් සූරියකාන්ත තෙල් රට කජු තෙල් ,සෝයා තෙල්, ආදිය අසංතෘප්ත මේදය බැවින් අහිතකර නැහැ. එහෙත් ඒවා අධිකව ගැනීම තරබාරුවීමට බල පෑ හැකියි. අලිගැටපේර කජු රටකජු ආදියත් ඔමේගා 3 සහිත හුරුල්ලා කුම්බලාවා මැකරල් සැමන් වැනි මාළුත් ආහාරයට සුදුසුයි.

එළවළු පලතුරු හිතකර කොලෙස්ටරෝල් වන HDL වර්ධනයට හේතුවනවා. රනිල භෝග හා කුරුට්ට සහිත ධාන්‍ය වර්ගත් ඉතා හිතකර ආහාරයි .රතු නිවුඩු හාලෙහි ඇති මොනොකොලින්ස් කොලෙස්ටරෝල් අඩුකර දෙන බව සඳහන් වනවා.නිවිති, කොහිල මුරුංගා, ඇඹරැල්ලා ගෝවා ලීක්ස් ගුණදායකයි වෙල් තම්පලා, තෙබු කොළ, ජපන් බටු කොළ , දඹල කොළ, මෑ,කොළ අධිකොලෙස්ටරෝල් පාලනයට බල පානවා. ගස්ලබු පේර දිවුල් දොඩම් නාරං බෙලි වෙරළු වැනි පලතුරු ආහාරයට සුදුසුයි.දෙළුම් වල ඇති , රුධිරයෙහි නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමේ හැකියාව නිසා එය රුධිර පීඩනය පාලනය කරමින් කොලෙස්ටරෝල් දිය කර හරින බව සඳහන් වෙනවා.
සීනි රහිත තක්කාලි දෙහි යුෂ තැඹිලි බෙලිමල් රණවරා තැඹිලි කොළ කැඳ එළවළු සුප් පානය කිරීම ට සුදුසුයි.

කුස්සියේ ප්‍රයෝජනයට ගැනෙන සුදුලූනු ගොරක කුරුඳු පොතු කහ ඉඟුරු ගම්මිරිස් උළුහාල් හා කර පිංචා සුවිශේෂ ගුණ දෙන බව සඳහන්. ඒවායින් රුධිර නාලවල අවහිරතා අවම වී කොලෙස්ටරෝල් පාලනය කෙරෙනවා.කහ වල ඇති කර්කමින් සංයෝගය අහිතකර කොලෙස්ටරෝල් වලින් 26% ක් කපා දැමීමට සමත් බව සඳහන් කෙරෙනවා. හෑම වෑංජනයකටම කහ එකතු කර ගැන්මෙන් තවත් රෝග ගණනාවකින් ඈත්වීමට හැකියි. ගොරක කාබොහයිඩ්‍රේට් මේදය බවට පත්කිරීමේ වේගය අඩුකර රුධිරය තුළ හැසිරෙන ලිපිඩ අඩුකර දෙනවා. වෑංජනවල ඇති ගොරක කැබලි විසි නොකර සපා කෑමෙන් හෝ පිසිනවිට අඹරා දැමීමෙන් වැඩි වාසි අත් කරගත හැකියි.

කරපිංචා ද විසි නොකර ආහාරයට ගත යුත්තක්. ඒවායේ ඇති plavonoids හා කෙඳි මගින් රුධිරයේ අහිතකර LDL කොටස් පාලනය කෙරෙනවා. රුධිරය කැටි ගැසීම් වළකන සුදුලූනු රුධිර නාල අවහිරවීම් වළකන සුවිශේෂ ඖෂධයක්. දිනකට සුදුලූනු බික් හතරක් පමණ අමුවෙන් හෝ යන්තම් උණුවතුරෙන් තම්බා ආහාරයට ගන්නේ නම් ඉතා හිත කරයි. දිනකට පැය බාගයක්වත් ව්‍යායාම් වල යෙදීමෙන් සිරුරේ ලිපිඩ අඩු කර ගැන්මටත්, තරබාරුවෙන් මිදී උසට සරිලන බරක් තබා ගැන්මටත් , තවත් බොහෝ රෝගවලින් ඈත්වීමටත් හැකියි. වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයියිසිකල් පැදීම වැනි ව්‍යායාම් ඒ සඳහා වඩාත් සුදුසුයි.

අධිකොලෙස්ටරෝල් වලට අත් බෙහෙත්
සුදුලූනු ගොරක කරපිංචා රතුලූනු ගම්මිරිස් ලුනුමිරිසක් සේ හොඳින් අඹරා බත් සමග නිතර ආහාරයට ගන්න. උළුහාල් මේස හැන්දක් රැයක් පොඟවා උදේ අඹරා හිස්බඩ එම වතුරත් සමගම ආහාරයට ගන්න. සුදුලූනු ග්‍රෑම් 1ක් අඹරා තලප කර එය මෝරු වීදුරුවක් සමග උදේ හා සවස පානය කරන්න. සුදුලූනු බික් තුනක් කිරි වීදුරුවකට දමා උණුකර මඳක් නිවා නින්දට පෙර බොන්න. ඉඟුරු තේ හැන්දක් දමා තේ එකක් සදා මීපැණි දමා බොන්න. ලෙමන් යුෂ වීදුරුවකට , ගම්මිරිස් මී පැණි ස්වල්පය මගින් එක්කර දිනකට වරක් දෙකක් බොන්න. කුරුඳු කුඩුකර තේ මෙන් සකසා සතියකට වරක් බොන්න. උණුසුම් කිරි වීදුරුවකට කහ තේ හැන්දක් හා මී පැණි ස්වල්පයක් එක්කර දිනකට දෙවරක් බොන්න. උළුහාල් තේ හැඳිතුනක් රැයෙහි වතුර කෝප්පයක පෙඟෙන්නට තබා උදේ හිස්බඩ එම ජලය පානය කරන්න. උස් ජෝගුවක දිග කුරුඳු පොත්තක් කෙළින් සිටුවා ඊට උතුරන වතුර වත්කර , නිවෙන්නට හැර වරින්වර පානය කරන්න. නිමවූ පසු නැවත ,උතුරන වතුර දමා නිවා පානයට ගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව සුව කරන, මල බද්ධයට ගුණ දෙන කෝවක්කා සම්බෝලේ

‘බිම් බීක’ යන සංස්කෘතික නාමයෙන් හදුන්වන කොවක්කා ආයුර්වේදයේ වසර ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Coccinia grandis කොක්සිනියා ග්‍රයින්ඞ්ස් ය. කොවක්කා වැලකි. දිය වැඩියාවට සුදුසු ඖෂධයක් ලෙස වඩාත් ප්‍රචලිතය. මෙයින් සලාද, වෑංජන ලෙස ද කිරට හෝ කොස්ඇට, පරිප්පු යොදා පිසිය හැකිය. ගෙඩි වෑංජන මෙන්ම සලා ද සෑදිය හැකිය. කොළ තැම්බූ වතුර පානයක් ලෙස බීමට පුලුවනි.

කොවක්කා ග්‍රෑම් 100 ක පෝෂණ ගුණ
කැල්සියම් මිලි ග්‍රෑම් 40, විටමින් සී 1.4, කාබෝහයිඩ්‍රේට්ස් 1.4, කෙදි ග්‍රෑම් 1.6 නියසීන් මිලි ග්‍රෑම් 7, පොස්පරස් මිලි ග්‍රෑම් 30, ප්‍රෝටීන් ග්‍රෑම් 1.2, රයිබොප්ලේවින් මිලි ග්‍රෑම් 0.8ක් අඩංගුය.

මළ බද්ධය වලක්වන කෝවක්කා ගෙඩි
ගෙඩිවල බීටා කැරෝටීන් අන්තර්ගත වේ. එසේම කෝවක්කා ගෙඩි සහ කොළ වල විටමින් සී අන්තර්ගතය. එසේම ප්‍රෝටීන් සහ කෙදි, කැල්සියම් අතින්ද පොහොසත්ය. කෝවක්කා ගෙඩි ඉදුනු පළතුරක් ලෙස ද සුප් සදහා ද යොදා ගත හැකිය. කෝවක්කා කොළ වේලා ඖෂධීය පානයක් ලෙස ද එසේම කොල වලින් කොළ කැද ද සෑදිය හැකිය. කොවක්කා ගෙඩි මළ බද්ධයට ඉතාමත් ගුණ පළතුරකි. සාමාන්‍යයෙන් කෝවක්කා ගෙඩි මගින් රුධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට අඩු කරයි. එසේම අක්මාවට හිත එන්සයිම අඩංගු වේ. ඒ මගින් සීනි පරිවෘත්තීය යහපත් මට්ටමක පවත්වා ගනි. ලාදුරු රෝගීන්ට ද ස්වාස ප්‍රදාහ අවස්ථා වලදී ද කොවක්කා ගෙඩි හා කොළ ඉතා යෝග්‍ය වේ.

ආයුර්වේදයේ බෝ නොවන රෝග සදහා යොදන කසාය වලට මෙම කෝවක්කා අඩංගු වේ. මධුමේහය හෙවත් දියවැඩියාව රෝගයට ද වර්තමානයේ නොයෙකුත් විස ශරීරගත වීම නිසා බොහෝ ඖෂධ වල සංකූලතා නිසා ද ආහාරත් සමග කෘෂි රසායනික ද්‍රව්‍ය වල විෂ ශරීර ගතවිම නිසා ද ඇති වන අක්මාවේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඉතා ගුණ මහගු ඖෂධයකි.

අධික රුදිර වහනයට හොද ඔසුවක්.
ගොනෝරියා වැනි සමාජ රෝග සදහා වෛද්‍ය උපදෙස් අනුව කෝවක්කා භාවිතා කල හැකිය. එසේම කාන්තාවන්ගේ ආර්තවයේදී අදික ලෙස රුධිරය පිටවීම වැලැක්විමට ද නොයෙකුත් වර්ගයේ බෝ නොවන තුවාල සදහා ද එසේම කාන්තාවන්ගේ සුදයාමේ රෝගයටද අක්මාවල ඉදිමිම සදහාද, කැස්ස, වැඩිපුර මූත්‍රා පිටවීම, ඇදුම රෝගය, උණ, සම ආශ්‍රිත විවිද කුෂ්ඨ වර්ග, ලේ හිග වීම නිසා ඇති වන රක්ත හීනතාවයට කෝවක්කා ඉතා සුදුසු ඖෂධයකි. ඒ අතරින් දියවැඩියාව සදහා වසර 3000 ක පෙර සිට කොවක්කා සුදුසු ඖෂධයක් ලෙස ආයුර්වේදයේ සදහන්ව ඇත. එම නිසා වසර දහස් ගණනක් තිස්සේ දියවැඩියා රෝගීන් සදහා කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කර තිබිනි.

වර්තමානයේ විවිධ පරීක්ෂණ මගින්ද කෝවක්කා දියවැඩියාවට ඉතා සුදුසු ඖෂධයක් ලෙස විදයාත්මකව සනාථ කර ඇත. එහෙත් දියවැඩියා රෝගීන් තම රෝග තත්වය සදහා ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස වෛද්‍ය උපදෙස් වලින් තොරව කෝවක්කා භාවිතා නොකල යුතුය. මන්ද යත් සිරුරේ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩු වීම (හයිපොඩ්‍රයිසිනික්) වඩාත් භයානක බැවිනි.

රුධිරය ආශ්‍රිතව හටගන්නා විවිධ හමේ රෝග සදහා කොවක්කා කොළ පල්පය භාහිර ආලේපනයක් ලෙස යොදා ගත හැකිය. රුධිරයේ අහිතකර කොසේටරෝල් ප්‍රමාණය ඉතා වැඩි වූ අයටද එය පාලනය කිරිම සදහා කෝවක්කා ගෙඩි සහ කොළ ඵල දායක වේ. එය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කල යුතු වේ.

අස්ථි ශක්තිමත් කිරිමට හා සිරුර නිරෝගීව තබා ගැනීමට කෝවක්කා කොළ ගුණදායක වේ. ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට ද ආරක්ෂා යාන්ත්‍රණය ශක්තිමත් කිරිමට මෙන්ම හෟදයේ, අක්මාවේ, වකුගඩු සදහා නිසි පෝෂනයක් සැපයමට කෝවක්කා වලට හැකියාව තිබේ. එසේම රුදිරය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයද, වේදනා නාශක ගුණයද, බැක්ටීරියා විනාශ කිරීමේ ගුණයද පවතී. නීරෝගී පුද්ගලයන් සඳහා ඉහත සදහන් රෝග වලක්වා ගැනීමට කොවක්කා ආහාරයක් ලෙෂ භාවිතා කල හැකිය. අආහාරයක් ලෙස.

දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන කෝවක්කා (Ivy Gourd/ Scarlet Gourd/ Kowai) යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයක්. කෝවක්කා ගෙඩි ළපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු හෝ තද රෝස පැහැයක් ගනී. කෝවක්කා වැලෙහි ළපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරන අතර කෝවක්කා කැඳ හා කොවක්කා ව්‍යංජනය භාවිතාවේ පවතියි. ඉන්දියානු, මැලේසියානු හ තායි ආහාර වර්ග වල බහුලව දැක ගත හැක.

රෝග රැසකට කදිම ඔසුවකි
සාම්ප්‍රදායික වෙදකම තුළ ලාදුරු රෝගය, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් සහ වෛරස ආදිය සඳහා කෝවක්කා ඔසුවක් ලෙස භාවිතා කර ඇත. සිංහල වෙදකමට අනුව කෝවක්කා කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට ගුණදායක ඔසුවක් වේ. ඉතා ඉක්මනින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමේ ඇති හැකියාව නිසා දියවැඩියා රෝගීන් අතර ප්‍රචලිතයි.

අවධානම් සහිතයි
නමුත් කෝවක්කා රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමක් සිදු විය හැකි නිසා සීනි අඩු අය හට පරිස්සමින් භාවිතා කල යුතු වේ. එනිසා ඕනෑම ආහාරයක් වගේම පමණ දැනගෙන භාවිතා කිරීමයි වඩාත් යහපත් වෙන්නේ.

කෝවක්කා සම්බෝලෙ
බේකින් සෝඩා ටිකක් ගෙඩි වලට ඉහළා හොදට සෝදා ගත්තා. පසුව කෝවක්කා හීනියට කපා ගන්න. පසු එකට හීනියට කපා ගත් ලුනු, කැමති නම් තක්කාලි, අමුමිරිස් කරලක් දමා ගන්න.

පසු රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු , දෙහි ඉස්ම ටිකක් දමා හොදට මිශ්‍ර කර ගන්න. තියෙනවා නම් උම්බලකඩ ටිකකුත් දමා ගන්න.කන විටම මිශ්‍ර කර ගන්න.

සුබ දිවියක් – නේරංජනා කස්තුරිආරච්චි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හෙළයන්ගේ ආයුෂ වැඩි කරපු මැල්ලුම් වර්ග 7 ක් හදන හැටි මෙන්න

අම්මා තරම් කවුද අපිට ආදරේ? අපි අම්මගේ බඩේ ඉඳිද්දිත් ඇය කාලා තියෙන්නේ ගුණ දේවල්. අපිට කන්න දෙන්නෙත් ඒවා. නොකා හිටියම අපිව හොයාගෙන ඇවිත් කනකම් බනින්නෙත් අම්මා. ගුණ දෙයක් කන්න ළමයෝ කියලා කොයිවෙලෙත් කියන අම්මට සප්‍රයිස් එකක් දෙන්නත් එක්ක ගුණ දෙයක් හදන්න පුළුවන්. ලේසියෙන් හදන්න පුළුවන් රස සහ ගුණ පිරුණු කෑම වර්ගයක් තමයි මැල්ලුම්. අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එක්ක මැල්ලුම් හදමු.

කතුරුමුරුංගා කොළ මැල්ලුමට අවශ්‍ය ද්‍රව්‍ය – කතුරුමුරුංගා කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, උම්බලකඩ, ලුණු, තෙල්

සාදාගන්නා ආකාරය
කොළ ටික හොඳින් හෝදලා වතුර බේරුණාට පස්සේ හීනියට ලියාගන්න ඕනි (පෑනෙන් නෙවේ පිහියෙන්). ඒකට කපාගත්තු රතුළූණුයි අමුමිරිසුයි උම්බලකඩයි එකතු කරනවා. ඊට පස්සේ පෑන් එකක් අරන් තෙල් චුට්ටම චුට්ටක් දාලා, රත්වෙනකොට ඒකට ගාගත්තු පොලුයි ලුණුයි දාන්න තියෙන්නේ. පොල් ටික මැලවේගෙන එනකොටම අපේ කොළ මිශ්‍රණය දාලා මද ගින්නේ මලවගන්න. රහ වැඩි කරන්න කහ කුඩු චුට්ටකුයි කුරුඳු කුඩුයි එකතු කරන්න පුළුවන්.

මඤ්ඤොක්කා කොළ මැල්ලුම
ඌව පළාතේ ජාතික ආහාරය මොකද්ද කිව්වොත් මඤ්ඤොක්කා කොළ මැල්ලුම කියන තරමටම ඒක ඒ පළාතේ ජනප්‍රියයි. සමහර පළාත්වල ආහාරයට ගන්නේ නෑ විසයි කියලා. පව් ඉතින්.

අවශ්‍ය ද්‍රව්‍ය – මඤ්ඤොක්කා කොළ, තිබ්බටු,ථ රතුළූණු, වියළි මිරිස්, ගාගත් පොල්, ලුණු, තෙල්

සාදාගන්නා ආකාරය
මුලින් ම කෙටිල්ලක් තියෙන්නේ. හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරුණාට පස්සේ වංගෙඩියේ දාලා කොටන්න ඕනි. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරොත් රහ වැඩි වෙනවා. ටිකකින් ගාගත්තු පොල් ටික දාලා කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්න ඕනි. වෙන මොකටවත් නෙවෙයි කොළ එකේ අමු ගතිය නැති කරන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ. වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගන්න ඕනි. ඊට පස්සේ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පස්සේ කොළ මිශ්‍රණය දාලා මලවගන්නයි තියෙන්නේ.

ගොටුකොළ මැල්ලුමට අවශ්‍ය ද්‍රව්‍ය – ගොටුකොළ, රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, උම්බලකඩ, ලුණු, කහ

සාදාගන්නා ආකාරය
ගොටුකොළ ටික හීනියට කපාගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ ගාගත්තු පොල් ටික අරගෙන ඒකට රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කහ සහ රස අනුව ලුණු දානවා.
ඊටත් පස්සේ මේ දෙක එක්කහු කරලා මලවා ගන්නයි තියෙන්නේ. උම්බලකඩ ටිකක් දැම්මම පට්ට රහයි.

රණවරා මැල්ලුම
රණවරා කියන්නේ අපේ ආයුර්වේදයේ නිතරම සඳහන් වෙන දක්ෂයෙක්. රණවරා කෑවාම හමේ පාට වැටෙනවාය කියලාත් කියනවා. අවශ්‍ය ද්‍රව්‍ය – රණවරා කොළ, රතුළූණු, අමුමිරිස්, ලුණු, ගාගත් පොල්

සාදාගන්නා ආකාරය
රණවරා කොළ ටික හීනියට ලියාගන්න. රතුළූණු ටිකයි අමුමිරිස් ටිකයි හීනියට කපාගෙන ඒවා ගාගත් පොල් එක්ක මිශ්‍ර කරගන්න. ලුණු අවශ්‍ය පමණින් එකතු කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට මැල්ලුම් කොළ ටික දාලා මලවා ගන්නයි තියෙන්නේ. පස්සේ රහ වැඩි කරගන්න දෙහි චුට්ටක් දාන්න.

කෝවක්කා කොළ මැල්ලුම
කෝවක්කා කියන්නේ දියවැඩියා රෝගීන්ට දිව ඔසුවක්. ඉතින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන මේ ගුණ සපිරි ආහාරය හදාගන්න විදිය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය – කෝවක්කා කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, ලුණු, දෙහි, තෙල්

සාදාගන්නා ආකාරය
කොළ ටික හීනියට ලියාගෙන පැත්තකින් තියන්න. ගාගත් පොල් ටිකට ළූණු, අමුමිරිස්, ලුණු සහ දෙහි එකතු කරලා හොඳ මිශ්‍රණයක් හදාගන්න.
තෙල් ටික රත් වෙන්න තියල, කොළ ටිකයි පොල් මිශ්‍රණයයි ඒකට දාල අවසානයේ මලවා ගන්න.

මොණරකුඩුම්බිය කොළ මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය – මොණරකුඩුම්බිය කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, ලුණු, දෙහි

සාදාගන්නා ආකාරය
මොණරකුඩුම්බිය කොළ ටික හීනියට ලියලා පැත්තකින් තියාගන්න. පොල් ටිකට රතුළූණු, අමුමිරිස්, ලුණු එකතු කරගන්න. මේ පොල් මිශ්‍රණයත් කොළත් එකතු කරලා මලවා ගන්න. අවසානයේ දෙහි එකතු කරගන්න.

මුගුණුවැන්න කොළ මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය – මුගුණුවැන්න කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, ලුණු, දෙහි

සාදාගන්නා ආකාරය
මුගුණුවැන්න සිහින්ව කපාගෙන ඒකට රතුළූණු සහ අමුමිරිස් එකතු කරගන්න. ලුණු රස පදමට දාපු ගාගත් පොල් මිශ්‍රණය කොළ එක්ක මිශ්‍ර කරලා යාන්තම් මලවා ගන්න. ඊට පස්සේ දෙහි ටිකක් එකතු කරගන්න.ගොඩක් පළා මැල්ලුම් හදද්දී එකම විදියකුයි අනුගමනය කරන්නේ. මලවාගැනීමේ දී කොළ පාට නැති වෙන විදියට ඕනැවට වඩා තම්බලා අම්මගෙන් බැණුම් අහගන්න නම් එපා ඔන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අවවාදයයි – මිරිස් කෑලි ආහාරවලට එක්කර ගැනීමෙන් වලකින්න

මා.. රටේ ප්‍රදාන නගරය වන කොළඹට පැමිණි අතර ඒහිදී උදෑසන ආහාර ගැනීමට සිංහල කඩයකටම ගොඩවිය. ඇණවුම පරිදි කෑම ගෙනැවිත් දුන්නෙමි මේසයට වේලාසනම මා ඔවුන්ට කියුවා මස්මාංශ අඩංගු ආහාර හෝ පොල්සම්බල් නොමැතිව ගෙනෙනා ලෙස. පොල්සම්බල් කීවට ඒවා කිරි සම්පූර්ණයෙන් ඉවත් කෙරූ පොල්කුඩු නිසා ඇගේ ලේ පුළුස්සා ගැනීමට මා අකමැති නිසා කිසිදා අවන්හලකින් පොල්සම්බල් කන්නේ නැහැ. බත්පතේ ඇත්තේ කෑලි මිරිස් විශාල ප්‍රමාණයක් දැමූ කංකුන් තෙම්පරාදුව සහ පරිප්පු සහ සුදු බත් පමණි මා පරිප්පු කන්නේද නැති බැවින් කෑමට ඇත්තේ කෑලි මිරිස් දැමූ කංකුන් සහ සුදු බත් පමණි. ඉතින් මේමාරක කෑලි මිරිස් තෝරා බේරා ගැනීමට මට විනාඩි 7 ක් පමණ ගතවිය පසුව එය හිමින් ගිල දමා කඩිනමින් එළියට පැමිනියේ මහත් දුකකිනි.

හොදින් බලන්න මේ කුඩා බත් පතේ ඇති සුළු කංකුං ප්‍රමාණයේ අඩංකු කෑලි මිරිස් ප්‍රමාණය කොතෙක්ද කියා. අප ආමාශයේ සහ අඩි 21ක් දිගැටි අන්ත්‍රයේ මේවා ඇලීමෙන් එහි බිත්ති කාදනයවේ. මන්ද කෑලිමිරිස් යනු මිරිස් පොතු සහ මිරිස් ඇටයි මේවා ඇළුනු පසු පහසුවෙන් ගැලවී නොයයි. දින ගනන් පවා ඇලී තිබේ. ඒහේතුවෙන් ඒ ඒ ස්ථාන කාදනයවී ඇතිවන ආසාදන හේතුවෙන් විශාල වේදනාවක් ඇතිවේ. නමුත් ශරීර අබ්‍යන්තර වේදනාවක් නිසා නිස්චිතව කොතනකදැයි අවබෝද නොවේ. ඇතැමුන්ට පපුවේ වේදනා ලෙස තවෙකෙකුට බඩේ වේදනාලෙසත් දැනේ. මෙය මනසට මහත් පීඩාකාරී බැවින් මානසික ඒකාග්‍රතාව බිද වැටේ. ආතතිය ඉහලයයි. ඒවගේම තරහව කේන්තිය උස්සන්නවේ. ශිරුරේ උශ්ණත්වය ඉහල යනවා වගේම ඒ හෙතුවෙන් දරුපල අහිමිවීම් සරුබව හීනවීම මතක ශක්තිය අඩුවීම ඇතිවේ.

බොහෝදෙනා ඉහත තත්වයන් බඩේ ඇසිට් රුදාව එහෙමත් නැතින්ස්ම් අම්ල පිත්ත රෝගයැයි වැරදි වැටහීමෙන් වසර ගනනින් බෙහෙත් බොයි. ඇතැමුන්ගේ අන්ත්‍රයේ ආසදිත කොටස් කපා ඉවත් කොට බද්ද කිරීම්ද සිදුකරයි.

රටපුරා සෑම අයෙකුම පෙලෙන මේ රෝගයට ප්‍රදානම හේතුව කෑලි මිරිස් බැවු මා පර්යේශන මගින් තහවුරු කරගත්තෙමි ලෝකේ බොහෝ රටවල මෙය කැමට නොගත් අතර අප රටේ පැරැන්නන්ද කෑලි මිරිස්,හෝ රතු පැහැවූ මිරිස් නොකෑවේය. බොහෝ දෙනෙකු මේ කෑලි මිරිස් එක්කර ගන්නේ එයින් කිසිදු රසෙහි වෙනසක් සිදුවන නිසා නොවේ අනෙකා කරන නිසාත් අලංකාරය නිසාත් පමණි. අද ජාතියම විදවන්නේ අර්තයක් නොහැදින අනිකා කරනා දේ කිරීමෙන් බවද කිව යුතුයි.

ඔබට අවැසි බැදුමට තෙම්පරාදුවට අමු කොච්චි හෝ ගම්මිරිස් ප්‍රමාණවත් ලෙස එක්කර ගන්න. එයින් මේ බයානක වසංගතයෙන් මිදීමට ඔබට හැකියාව ලැබේ ඔබලා උජාරුවට කන චිලීෆේස්ට් නැමැති දෙහිද ඇත්තේ මේ කෑලි මිරිස් සහ ඉස්සන්ගේ ඉවත් කල හිස් කොටස් සහ මස්, බදින ලද තෙල්, අජින මොටෝ පමණි. ආමාශයේදී මේ කෑලි මිරිස් වල මිරිස් ඇට හෝ කැබලි දිරන්නේ නැත. මලපහ සමග එලෙසම පිටවේ. ඇතැම්විට අද කෑ කෑලි මිරිස්, කැබලි දින ගනනකට පසුව මලපහ සමග පිටවේ. එයින් ඔබට,වැටහේ අමාශයේ හෝ අන්ත්‍රයේ කොතෙක් තියුනු ලෙස මේවා තැවරේද කොතෙක් වේලා ආමාශ බිත්තියට හෝ අන්ත්‍ර වලට මෙයින් හානි පැමිණේද කියා.

වස විසෙන් තොර නිවැරදි හෙළ ආහාර රටාව තුලින් නිරෝගී වෙමු. නිරන්තරයෙන් හෙළයාගේ නීරෝගීකම වෙනුවෙන් කැපවෙනමා හේනෙ පැලේ අප්පුහාමි. තෙරුවන්සරණයි..

(උපුටාගැනීම හේනෙ පැලේ අප්පුහාමි)