ඔබේ ගෙදරත් කරදරකාරී මැස්සන්, මදුරුවන් සදහටම එළවන්න මෙන්න නියම ක්‍රමේ

මැසි මදුරු කරදරය ඔයාගේ ගෙදර වටපිටාවට යහපත් දෙයක් නෙමෙයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. අවට පරිසරය පිරිසිදු නැති වුණාම වගේම, අව්ව වැස්ස කාලයටත් සීමාවක් නැතුව මැසි මදුරු කරදරය පැතිරෙනවා. මැසි මදුරු කරදරය සමාන්‍ය දෙයක් කියලා ඔයාට සමහර විට හිතෙන්න පුළුවන්. ඒත් ඔයා නිසි අවධානය මේ මැසි මදුරු කරදරයට යොමු නොකළොත් වසංගත රෝග, බෝවන රෝග වගේම විවිධ ආසාදන තත්ත්වයන් ඔයාව හොයාගෙන එන්න පටන් ගන්නවා සීමාවක් නැතුවම. ඉතිං ඒ නිසා ඔයාගේ ගෙදර වගේම නිවස අවට පරිසරය තුළද හැඩකාරී අපි මේ කියන මැසි මදුරු කරදරය තියෙනවා නම් මේ කියන විසඳුම්වලින් එකක් හෝ කිහිපයක් භාවිත කරලා මැසි මදුරු කරදරයට සමු දෙන්න දැන් පුළුවන්.

දෙහි යුෂ සහ කරාබුනැටි
පැඟිරි කුලයට අයිති පළතුරක් තමයි දෙහි කියන්නේ. ඉතිං දෙහිවල අන්තර්ගත පැඟිරිමය ගුණය නිසා ඔයාට ඉතාමත් ඉක්මනින් මැසි මදුරු කරදරයට විසඳුමක් හොයා ගන්න පුළුවන්. රසායනික සංඝටක අන්තර්ගත දියර වර්ග මැසි මදුරු කරදරය වෙනුවෙන් භාවිත කරන එක ඔයාටත් ඔයාගේ නිවස තුළ ජීවත් වෙන ලොකු කුඩා කාටත් එතරම් හොඳ දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි හැඩකාරී ඔයාට මේ ස්වභාවික ක්‍රම ටික කියලා දෙන්න තීරණය කළේ. ඔයාගේ ගෙදර මදුරුවන් ටිකක් වැඩි පුර ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතිං ඔයාට පුළුවන් මැටි භාජනයකට දෙහි කොළ ටිකක් සහ පොල් මුඩු ටිකක් එකතු කරලා පුච්චලා එන දුම, මදුරුවන් වැඩි පුර ඉන්න අඳුරු සහිත ස්ථානවලට පතුරුවා හරින්න. පැඟිරි ගන්ධය නිසා මදුරුවන් ඉවත් වෙලා යනවා. ඉතිං දිනපතාම මේ ක්‍රි‍යාව කළොත් ඔයාට මදුරු කරදරයෙන් හිතුවටත් වඩා ඉක්මනින් නිදහස් විය හැකියි.

ඔයාගේ ගෙදර ගෙමැස්සන් ඉන්නවා නම් දෙහි ගෙඩි කිහිපයක යුෂ ඉවත් කරගෙන එයට කරාබුනැටි කිහිපයක් කුඩු කර හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව කුඩා බෝතලයකට එකතු කර ගෙමැස්සන් වැඩි පුර ගැවසෙන ස්ථානවලට ස්ප්‍රේ කරන්න. එතකොට ගෙමැස්සන් ඉවත් වෙලා යනවා. තවත් පුංචි ක්‍රමයක් භාවිත කරලා ගෙමැස්සන්ගේ කරදරය මගහරවා ගන්න පුළුවන්. කරබුනැටිවල සැරට මැස්සන් ඉතාමත් අකමැතියි. ඉතිං මේ සැරට දෙහි යුෂවල සැර එකතු වුණාම එහි සැර සහිත බව දෙගුණ තෙගුණ වෙනවා. දෙහි ගෙඩියක් අරගෙන හරි අඩක් වන සේ වෙන් කර ගන්න. ඊට පස්සේ වෙන් කර ගත් දෙහි බෑවේ තැනිත් තැන කරාබුනැටි රදවන්න. මේ විදිහට සකස් කළ දෙහි බෑවක් මැස්සන් වැඩි පුර ගැවසෙන තැන් වල තියලා තිබ්බම සැර අධික නිසා මැස්සන් ඉවත් වෙලා යනවා.

පැඟිරි තෙල්
පැඟිරි තෙල් කියන්නේ මැසි කරදරයට වගේම මදුරු කරදරයටත් සාර්ථක විසඳුමක්. ගොඩක් වේලාවට පාඩම් කරන දරුවන්ට නම් පැඟිරි තෙල් කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. මොකද මදුරු කරදයෙන් මිදෙන්න පැඟිරි තෙල් අත්දුටු ප්‍රත්‍යක්ෂ අත් බෙහෙතක්. ඉතිං පැඟිරි තෙල් මගින් මැස්සන් වගේම මදුරු ආකාර්ෂණයද නවත්වා ගත හැකියි. හරිම පුංචි දෙයක් තමයි ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ. ස්පොන්ච් කැබැල්ලකට පැඟිරි තෙල් හොඳින් ස්ප්‍රේ කරලා මැසි මදුරුවන් වැඩිපුර ගැවසෙන තැන්වල තියලා තියන්න. පැඟිරි තෙල්වල සැර ගන්ධය නිසා ඔවුන් ආකාර්ෂණය වෙන්නේ නැති තරම්. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මැස්සන් ගැවසෙන ස්ථානවලට පැඟිරි තෙල් ස්ප්‍රේ කිරීමේ හැකියාවද තියෙනවා.

ලැවෙන්ඩර් තෙල්
ලැවෙන්ඩර් තෙල් කියන්නෙත් පැඟිරි තෙල් වගේම මැසි මදුරුවන් විකර්ෂණය කරන්න පුළුවන් හරිම හරිම සාර්ථක ක්‍රමයක්. මුලින්ම ලැවෙන්ඩර් තෙල් ස්වල්පයක් ස්පොන්චි කැබැල්ලකට ස්ප්‍රේ කර ගන්න. ඊට පස්සේ ලැවෙන්ඩර් තෙල් පෙගවු ස්පොන්ච් කැබැල්ල එක් රැයක් තුළ අවට වාතාශ්‍රය නොලැඹෙන සේ ආවරණය කරලා තියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මැස්සන් ගැවසෙන තැන් හොයලා මේ ස්පොන්ච් කැබලි තියලා තියන්න. මෙහි සැර අධික බව නිසා මැස්සන්ගේ සංවේදී බව ටිකෙන් ටික අඩු වෙලා යනවා. අන්න එතකොට තමයි ඔවුන්ගේ ආකාර්ෂණය වීම නවතින්නේ. ඔයාට ඕන නම් කුඩා පිරීසියකට තෙල් බින්දු කහිපයක් දාලා ගෙමැස්සන් ගැවසෙන තැන්වලින් තියලා ගෙමැස්සන් ආකාර්ෂණය වීම අවම කර ගන්න පුළුවන්.

(උපුටාගැනීම hadakari.com වෙඩ් අඩවියෙන්)

ගෝවා මල් ක්‍රිස්පි බැදුමක් හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න

ගෝවා මල් කියන්නේ අපි කවුරුත් කන්න ආස එළවළුවක් නේ. ගොඩක් අය කන්න කැමති ගෝවා මල් ‍තෙල් දාලා. ගෝවා මල් තෙල් දාලා කෑවත් හැමදාම එකම විදියට එකම රසයකට කනකොට ටිකක් එපා වෙනව නේද? ඔන්න අපි අද ඔයාලට කියන්න යන්නේ ගෝවා මල් ක්‍රිස්පි තෙම්පරාදුවක් විදියට ගෙදරදීම බොහොම පහසුවෙන් හදාගන්න හැටි. පහල තියෙනවා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ හදන හැටි. අපේ යාළුවොත් හදලම රස බලන්න. ඔයාලට හැමදාම ගෝවා මල් මෙහෙම හදලා කන්න හිතේවි.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – මේ තියෙන්නේ ක්‍රිස්පි බැදුමට අවශ්‍ය ද්‍රව්‍ය – ගෝවා මල් 250g, හාල් පිටි 50g, ලුණු පදමට, ගම්මිරිස් පදමට, ගෝවා මල් බැදගැනීමට අවශ්‍ය පමණට තෙල්.

මේ තියෙන්නේ ගෝවා මල් තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය – කපා ගත් ළූණු ගෙඩි 1, කපා ගත් මාළු මිරිස් කරල් 2, කෑලි මිරිස් තේ හැඳි 1, කහ තේ හැඳි 1/2, අඹරා ගත් සුදු ළූණු , අඹරා ගත් ඉඟුරු, ලුණු පදමට, තෙල්.

මෙන්න හදන හැටි – ගෝවා මල් හොඳින් සෝදා පොඩියට කපා ලුණු, ගම්මිරිස් සහ හාල් පිටි මිශ්‍ර කර හොඳින් කලවම් කර ගන්න. තෙල් රත් වූ පසු ගඹුරු තෙලෙහි බැද ගන්න. පසුව තෙමපරාදු කිරීමට වෙනත් බාජනයක් ලිප තබා තෙල් එකතු කරන්න. තෙල් රත් වන විට ඉඟුරු, සුදුලූණු තෙලට දමා සුවඳ හමන විට මාළු මිරිස්, ලූණු එකතු කරන්න. එයට කහ, ලුණු, කෑලි මිරිස් එකතු කර මිශ්‍ර කරන්න. එයටම බැදගත් ගෝවා මල් එකතු කර හොඳින් කලවම් කරමින් විනාඩි 3-5ක් පිසගන්න.

ම් දැන්නම් සුවදෙ ඉන්න බෑ නේද? කාලම රස බලන්න. ඉතින් මේ ලිපිය ඔයාලට වැදගත් කියලා හිතුනනම් ඔයාලගෙ යාළුවන්ටත් මේ දේවල් ඉගෙනගන්න Share කරන්න අමතක කරන්න එපා.

මොලයේ ලේ කැටි හැදීම, මුඛ දුර්ගන්ධය වළකන, දිව ඔසුවක්වූ එනසාල් පානය

එනසාල් යනු කෑම රසවත් කරවන කුළුබඩුවක් පමණක් නොවේ. එනසාල් බොහෝ විට කෑම වලට එකතුකර ගන්නේ කුළුබඩුවක් ලෙසිනි. එය ඖෂධයක් ලෙසින්ද හැඳින්විය හැක.

වකුගඩු හරහා ශරීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉතා හොඳ ඔසුවක් ලෙසින් ද එනසාල් හැඳින්විය හැක. මුත්‍රා හොඳින් පිටකිරීමට ද උදව් කෙරේ. මේ සඳහා ආහාරයක් ලෙසින් අනුභව කිරීම ප්‍රමාණවත් වන අතර මුත්‍රා මාර්ගයේ රෝග පසුකාලීනව වකුගඩු රෝගයන්ට ද මුල් විය හැක. එම නිසා එනසාල් ආහාරයට එකතු කරගැනීම නිසා එවැනි අවදානම් තත්ත්වයන් වළක්වා ගතහැක. මුත්‍රාශය, වකුගඩු, මුත්‍රා මාර්ගය, හොඳින් පිරිසිදු කර ඒවායේ ඇති අනවශ්‍ය ලවණ හා අනවශ්‍ය ජලය ආදිය වළක්වා ගැනීමට උපකාරී වේ.

ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝග සඳහා එනසල් ඉතා ගුණදායක ඖෂධයකි. එනසල්වල ඉඟුරුවලට සමාන ගුණයක් ඇත. එම නිසා සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණට එනසාල් ස්වල්පයක් තම්බා බීම ඉතා ගුණදායක වේ. බඩ පුරවා දැමීම, නිසි ලෙස ආහාර නොදිරවීම, මළබද්ධය වැනි තත්ත්වයන්ට එනසාල් ඉතා ගුණදායක වේ.

එමෙන්ම පිළිකා සෑදීම වැළැක්වීමටත් සෑදුණු පිළිකාමය තත්ත්වයන් පාලනය කිරීමටත් එනසාල්වල ඇත්තේ පුදුමාකාර ගුණයකි. දියවැඩියාව, අධික රැධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග බොහෝමයකටත් මානසික ආතතිය සඳහාත් එනසාල් ඉතා ගුණදායක වේ.

මෙය තේ පානය කරන ආකාරයට පානය කළ හැක. ඒ සඳහා එනසාල් කුඩු කර පානය කරන්න. කෙඳි සහිත කුළුබඩුවක් නිසා රුධිරයේ අහිතකර කොලොස්ටරෝල් පාලනයට ද උදව් වේ. මෙමඟින් මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක. මුඛයේ ඇතිවන තුවාල, මුඛයේ දුර්ගන්ධය ආදිය පලවා හැරීමට ද උදව් වේ.

එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීම බොහෝ මුඛ ආශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාරයක් ද වේ. මේ නිසා ඔබේ ආහාර වේලට දිනපතා එනසාල් ඇට 2, 3ක් වත් එකතු කරන්න.

ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

පාන් ටෝස්ටර් එකෙන් හදාගන්න පුළුවන් ඔබ නොදත් රසවත්ම කෑම වර්ග 7ක් මෙන්න

ටෝස්ටර් එකක් එහෙමත් නැත්නම් සැන්ඩ්විච් මේකර් එකක් නම් බොහෝමයක් ගෙවල් වල තියෙනව. ඔය මැදට සැමන් ටිකක් ළූණු ටිකක් දාල පාන් කෑල්ලක් ටෝස්ට් කරගන්නව ඇරුනම මේ උපකරණෙන් වෙන වැඩක් ගන්න හුඟ දෙනෙක් දන්නෙ නෑ. අද මේ කියන්න හදන්නෙ පාන් ටෝස්ට් කරන්න විතරක්ම ගන්න ටෝස්ටරෙන් රස කෑම ජාති කීපයක්ම හදාගන්න හැටි.

ටෝස්ටර් පේස්ට්‍රි
සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – පේස්ට්‍රි ශීට්ස් (ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් අඩු මිලකට), ස්ක්‍රැම්බල් කරගත් බිත්තර, කැමති චීස් වර්ගයක්, චොප් කරගත් ළූණු ටිකක්, ගම්මිරිස් කුඩු

මෙන්න හදන හැටි
පේස්ට්‍රි ශීට් එක පැකට් එකේ තියෙන විදියට ශීත ගතිය නැති උනාම තුනී කරගන්න. ටෝස්ටරේ ප්‍රමාණෙට කොටු හතරක් කපාගෙන, ඉන් දෙකක් ටෝස්ටර් එකේ අතුරගෙන ඒ මැදට බිත්තර, ළූණු සහ චීස් තියාගන්න. උඩින් ගම්මිරිස් කුඩු පොඩ්ඩක් ඉහලා ඉතිරි පේස්ට්‍රි ශීට් දෙකෙන් වහල ටෝස්ට් කරගන්න. කැමති නම් හැම් හෝ බේකන් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ටෝස්ට් කරන්න අවශ්‍ය වෙලාව ටෝස්ටර් එකින් ටෝස්ටර් එකට වෙනස් වෙන නිසා සාමාන්‍යයෙන් පාන් ටෝස්ට් වෙන්න යන වෙලාව අනුව ඇරල බලන්න. රන්වන් පාටට ටෝස්ට් වෙලා නම් ප්ලාස්ටික් පැතලි හැන්දකින් එළියට අරගන්න.

චොකෝ චිප්ස් ටෝස්ටර් කේක්
සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – දියකරගත් බටර්/ මාගරින් හෝ එළවළු තෙල් කප් 1/2 (මෙශරින් කප්), පිටි ග්‍රෑම් 125, සීනි ග්‍රෑම් 100, බේකින් පව්ඩර් මේස හැන්දක්, කිරි මිලිලීටර් 30, වැනිලා මේස හැන්දක්, පොඩි බිත්තර 2, චොකලට් චිප්ස් හෝ කුඩාවට කපාගත් කුකින් චොකලට් මේස හැඳි 3 ක්.

මෙන්න හදන හැටි
සීනි දිය වෙන තුරු බටර් සහ සීනි බීට් කරගන්න. (හෑන්ඩ් විස්ක් එකකින් කිරීම ප්‍රමාණවත්) ඒකටම බිත්තර, වැනිලා සහ කිරි එකතු කරගෙන බීට් කරගන්න. මේ මිශ්‍රණයට බේකින් පව්ඩර් මිශ්‍ර කර, හලාගත් පිටි ටිකෙන් ටික එකතු කරල මිශ්‍ර කරගන්න. අන්තිමට චොකලට් චිප්ස් එකතු කරන් මිශ්‍ර කරගන්න. ටෝස්ටර් එකට බටර් හරි එලවලු තෙල් හරි බ්‍රශ් එකකින් ගාගෙන, කේක් මිශ්‍රණය ටෝස්ටර් එකට හැන්දකින් ප්‍රවේසමෙන් දාගෙන ටෝස්ට් කරගන්න. මිනිත්තු තුන හතරකින් ඇරල ටූත් පික් එකකින් ඇනල බලන්න. තෙත ගතියට එනව නම් තව ටික වෙලාවක් තියල ගන්න.

බිත්තර රොටි /එළවළු රොටි
සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – පාන් පිටි කප් 2, තෙල් මේස හැඳි 3, ලුණු, කැරට්, ලීක්ස්, ළූණු, ලුණු, ගම්මිරිස් දාගත් බිත්තර මිශ්‍රණයක් හෝ එළවළු රොටි ෆිලින්ග් එකක්.

මෙන්න හදන හැටි
මුලින් තියන ද්‍රව්‍ය තුන එකට දාල කලවම් කරන්, වතුර ටික ටික එකතු කරමින් හොඳටම සොෆ්ට් පිටි බෝලයක් අනාගන්න. වතුර ටිකක් වැඩියෙන් දාගන්න. මේ ඩෝ එක සොෆ්ට් වෙන්න ඕන. දැන් ඒ ඩෝ එක පොඩි පොඩි බෝල කීපෙකට කඩාගෙන, ඒ බෝල වලින් භාගයක් වැහෙන ගාණට තෙල් දාල පැය 4ක් විතර තියන්න. පැය දෙකකින් පස්සෙ බෝල ටික අනිත් පැත්ත හරවන්න මතක තියාගන්න. පැය හතරකට පස්සෙ මේ පොඩි බෝලයක් තුනී කරන් ටෝස්ටර් එකේ ප්‍රමාණයට කොටුවක් කපාගෙන ටෝස්ටර් එකට දාගන්න. මැද වල වගේ කොටස හිටින්න දාගෙන ඒ වලට එළවළු රොටි මිශ්‍රණය හෝ බිත්තර මිශ්‍රණය දාල තවත් තුනී කරගත්ත ඩෝ කොටසකින් වහල ටෝස්ට් කරන්න.

ස්ටෆ්ඩ් පොල් රොටි
සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – පොල් රොටි මිශ්‍රණය, චිලි පේස්ට්/ පැණි පොල්/ තෙල්දාපු හාල් මැස්සො, බටර්

මෙන්න හදන හැටි
සාමාන්‍ය පොල් රොටියට වඩා රොටිය තුනී කරගන්න. ඒකට බටර් තවරල ඊට උඩින් උඩින් කිව්ව වගේ කැමති පිරවුමක් මැදට දාල දෙකට නවාගෙන ටෝස්ටර් එකට දාල ටෝස්ට් කරගන්න.

ටෝස්ටර් ඔම්ලට්
සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – බිත්තර 3, චොප් කරගත් ළූණු, චොප් කරගත් අමු මිරිස්, ගාගත් කැරට්, සිහින්ව කපාගත් ලීක්ස්, ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3 ක්, චොප් කරගත් තක්කලි, ලුණු, ගම්මිරිස්

මෙන්න හදන හැටි
බිත්තර වලට කිරි එකතු කරගෙන, ගෑරප්පුවකින් බීට් කරගෙන පැත්තකින් තියාගන්න. තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට කැරට්, ළූණු සහ අමුමිරිස් එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. අන්තිමට ලීක්ස් එක් කර ලුණු, ගම්මිරිස් රස අනුව එකතු කරන් තක්කලිත් එකතු කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. තෙම්පරාදුව නිවුනට පස්සෙ ඒක බිත්තර වලට මිශ්‍ර කරගෙන හැන්දකින් ටෝස්ටර් එකට හිමීට පුරවගෙන ටෝස්ට් කරගන්න.

ටෝස්ට් පීසා/කැල්සෝන්
සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – පිටි කප් 1, ඊස්ට් තේ හැඳි 1, සීනි තේ හැඳි 1/2, ඔලිව් තෙල් මේස හැඳි 1, ලුණු තේ හැඳි 1/2, මොසරැල්ල චීස්, තක්කලි සෝස් හෝ පීසා සෝස්, කැමති මස් හෝ එළවළු ටොපින් එකක්

මෙන්න හදන හැටි
පිටි, යීස්ට් සහ සීනි මිශ්‍ර කරගන්න. ඒකට ඔලිව් තෙල් සහ ලුණු එක් කරල මද රස්නය ඇති වතුර ටික ටික එකතු කරන්, අතේ නොඇලෙන පදමට හොඳින් අනාගෙන, තෙත මිරිකගත් පිරිසිදු රෙද්දකින් වහල පැයක් තියන්න. ටෝස්ටරයට ඔලිව් තෙල් හෝ බටර් බ්‍රශ් කරගන්න. හදාගත් ඩෝ එකෙන් කොටසක් ගෙන පිටි තවරාගත් ලෑල්ලක ටෝස්ටරේ ප්‍රමාණයට තුනී කරගෙන ටෝස්ටරයට දමාගන්න. ඒ මත තක්කලි සෝස් තවරා ටොපින්ග් එක දාගෙන උඩින් මොසරල්ලා චීස් දාගන්න. ඒකට උඩින් ඒ වගෙම තුනී කරගත් ඩෝ එකකින් වහල ටෝස්ට් කරගන්න.

ටෝස්ට් සමෝසා
සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – ස්ප්‍රින්ග් රෝල් ශීට්ස් (ඕනම සුපිරි වෙළඳ සැලකින් ලබාගන්න පුළුවන්), අබ, සූදුරු, තම්බා පොඩි කරගත් අල, කපාගත් ලීක්ස්, ළූණු, තම්බා ගත් ග්‍රීන් පීස්, කහ, මිරිස් කුඩු, ලුණු කුඩු, ගරම් මසලා.

මෙන්න හදන හැටි
තෙල් ටිකක් ලිපේ තියල අබ, සූදුරු තෙම්පරාදු කරගන්න. ඒ තෙලට අල, ලීක්ස්, ළූණු, ග්‍රීන් පීස් සහ පහේ සියල්ල එක් කරල හොඳින් මිශ්‍රකර ගන්න. ටෝස්ටරයේ තෙල් බ්‍රශ් කරගෙන ස්ප්‍රින් රෝල් ශීට් එක ටෝස්ටරයේ ගාණට කපාගන්න. එයින් එකක් ටෝස්ටරයේ තියල, හදාගත්ත ෆිලින්ග් එක පුරවගෙන කොන් වලට බිත්තර සාරු තවරල, තව ස්ප්‍රින්ග් රෝල් ශීට් එකකින් වහල ටෝස්ට් කරගන්න.

කෑමට වඩා ආරක්ෂාව වැදගත්
ටෝස්ටර් එකෙන් පිළිස්සුන දේවල් එළියට ගන්නකොට පැතලි ප්ලාස්ටික් හැන්දක් භාවිතා කරන්න. ටෝස්ටර් එක තද කරලනෙ වහන්න වෙන්නෙ. රත් වෙන්න කලින් අතින් තද කරල වහන්න පුළුවන් උනාට ඊට පස්සෙ ටෝස්ටර් එකේ උඩ රත් උනාම අත පිච්චෙනව ඒක වළක්වා ගන්න අවන් මිට්ස් නැත්නම් ඝණකම රෙද්දකින් ටෝස්ටර් එක තද කරන්න අමතක කරන්න එපා. ටෝස්ටර් එකෙන් පිළිස්සුන දේවල් එළියට ගන්න කොට ටෝස්ටරය ස්විච් එකෙන්ම ඕෆ් කරන්න මතක තියාගන්න. කේක් මික්ස් වගෙ දියරමය දෙයක් ටෝස්ටර් එකට දාන කොට හැන්දකින් ප්‍රවේසමෙන් වටේට හලාගන්නෙ නැතුව දාගන්නත් මතක තියාගන්න.

(උපුටා ගැනීම lifie.lk වෙබ් අඩවියෙන්)

ස්වයං රැකියාවක් ලෙස අත මිට සරු කරන බිම්මල් වගාවක් ගෙදරදීම නිවැරදිව පටන් ගන්න විදිය මෙන්න

බිම් මල් වගාව කියලා කියන්නේ කෙනෙකුට විශාල ආදායමකට යන්න පුළුවන් ස්වයං රැකියාවක් වගේම තමන්ගේ පරිභෝජනය සදහා උනත් පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්‌. අද වෙනකොට මේක සුපිරි ආහාරයක්‌ තත්වයට පත් වෙලා තියෙන්නේ වෙලදපොලේ පවතින අධික මිල නිසා. අද බිම් මල් කිලෝවක වෙළදපොල මිල රුපියල් දෙසිය පනහකට තුන්සියයකට වඩා වැඩියි. ඒ තරම් මිලක් බිම් මල් වලට ලැබිලා තියෙන්නේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් වෙළදපොලට සපයන්න නිෂ්පාදකයන්ට නොහැකි වීම නිසා මිස නිෂ්පාදනය සදහා ලොකු පිරිවැයක් දරන්න සිද්ද වෙන හේතුව නිසා නෙවෙයි.

මොනතරම් පෝෂ්‍යදායි ආහාරයක්‌ උනත් බොහෝ දෙනෙක් බිම් මල් ආහාරයට ගන්න මැලි කමක් දක්වන්නේ විෂ සහිත බිම් මල් එහෙමත් නැත්තම් නයි හතු කියන වර්ගය හදුනා ගන්න තියෙන අපහසුතාවය නිසා. විෂ සහිත බිම් මල් අදුනාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒ වගේ බිම් මලකට කෘමි ආකර්ෂණයක් නැහැ. ඒ වගේම තද වර්ණයකින් යුක්ත වෙනවා, දුගදක් හමනවා. මිට අමතරව ළුණු කැබලි සමග තැම්බිමේදී ළුණු දම් පාටට හැරෙනවා. රිදී හැන්දක් ස්පර්ශ කලොත් හැන්ද කළු පාටට හැරෙනවා. මේ වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඒ බිම් මල් විෂ සහිත බිම් මල් විදියට අදුන ගන්න පුළුවන්. අපි මේ කියන්න යන්නේ ස්වයං රැකියාවක් ලෙස මේ ව්‍යාපාරයට සම්බන්ද වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට හෝ නිවසේ පාවිච්චියට බිම් මල් වගා කරගෙන පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට ඒක කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ස්වයං රැකියාවක් වශයෙන් බිම් මල් වගා කරන අය මේ තාක්ෂණය අනෙක් අය දැන ගන්නවාට කැමති නෑ. ඒකට හේතු ගොඩාක් තියෙනවා.

දැන් බලමු මේ කියන බිම් මල් නිෂ්පාදනය සිද්ද වෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේකට අවශ්‍ය දේවල් ගැන බලමු. මෙතන තියෙන අනුපාතයන්ට තමන්ට ඕන තරමේ මිශ්‍රණයක් හදාගන්න පුළුවන්

මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය – සැහැල්ලු ලි කුඩු 25 Kg ක්, හාල් නිවුඩු 2.5 Kg ක්, සෝයා පිටි / මුන් පිටි / සමපෝෂ 250g ක්, මැග්නීසියම් සල්ෆේට් 50g ක්, අළු හුණු / ඩොලමයිට් 500g ක්, අවශ්‍ය පමණට ජලය.

බිම් මල් මලු සදහා අවශ්‍ය ද්‍රව්‍ය – පොලි ප්‍රොපිලින් කවර අගල් 7 x 14 ගේජ් 200 මි මි 0.01 (මේ සදහා කිසිම විටක පොලිතින් කවර යොදාගන්න එපා) විෂ්කම්බය අගල් 1 සහ උස 3 / 4 පි වී සි බට කැබලි, රබර් පටි, කපු පුළුන් / කොට්න් වේස්ට්, කඩදාසි කැබලි අගල් 2 x 2 ප්‍රමාණයට.

මෙන්න බිම් මල් වගාකරගන්න ක්‍රමේ
වැස්සට නොතෙමුනු ලී කුඩු හලා පිරිසිදු ස්ථානයක අතුරන්න. එයට සහල් නිවුඩු මුන් / සෝයා පිටි / සමපෝෂ සහ අළුහුණු දමා හොදින් මිශ්‍ර කරන්න. දැන් ජලය කෝප්පයක දිය කර ගත් මැග්නීසියම් සල්ෆේට් එයට ඉසින්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදා හොදින් මිශ්‍ර කරගන්න. සකස් කර ගත් මිශ්‍රණය පොලි ප්රෝෆිලින් මලු වලට ඇතුළු කර මල්ලෙන් 3/4 ක් පමණ හොදින් පුරවා ගන්න. (පිරවූ පසු වගා මල්ලක් කිලෝ 1 ක් පමණ බරකින් යුක්ත වෙන්න ඕනේ )

බට කැබලි තුලට පුළුන් ඇබ යොදා රබර් පටි දැමීම
ඊට පස්සේ මේ සකසා ගත් වගා මලු ජීවානුහරණය කරගැනීම කරන්න වෙනවා. ඒ සදහා ග්‍රීස් බැරලයක් යොදාගන්න පුළුවන්. බැරලයේ පියනේ මැද යකඩ ඇනයක් මගින් සිදුරු කරන්න ඕන. ඊට පස්සේ ලි කුඩු මිශ්‍රණය සහිත පැකට් බැරලයේ ඇසිරිම සදහා බැරලය පතුලේ සිට අගල් 7 ක් පමණ ඉහළින් කම්බි දැලක් තැන්පත් කර ගන්න ඕනේ. බැරලයේ අගල් 5 ක් පමණ ජලය පුරවලා වගා මලු කම්බි දැල මත තැන්පත් කරලා බැරලයේ පියන තදින් වහලා පැය කිහිපයක් තම්බා ගැනිම මගින් මේ වගා මලු ජීවානුහරණය කර ගන්න පුළුවන්.

මේ ආකාරයට තම්බා ගත් වගා මලු තුලට දින දෙකකට පසු බිජ ඇතුල් කිරීම කරන්න පුළුවන්. බිජ ඇතුල් කල වගා මලු දිලීරය වර්ධනය වීම සදහා අඳුරු ස්ථානයක තැන්පත් කර තැබිය යුතු වෙනවා. දින 25 ත් 30 ත් ඇතුලතදී ලි කුඩු මාධ්‍යය තුල ඇති දිලීරය සුදු පැහැයෙන් වර්ධනය වී තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඉන් පසු අදුරු කාමරයෙන් ඉවත් කර ගන්නා වගා මලුවල ඉහලින් කවරය කපා ඉවත් කරන්න පුළුවන්. එය රාක්කයක තිරස්ව තැන්පත් කර තබා ගන්න ඕනේ.

අස්වනු නෙලන අවස්ථාවේදී වගා මලු පවතින කාමරය තුල වාතයේ තෙතමනය නිසි ආකාරව පවත්වාගෙන යා යුතු වෙනවා. ඒ සදහා දිනපතා උදේ හවස ස්ප්‍රේෂරයක්‌ මගින් මිහිඳුමක් ආකාරයට ජලය ඉසීම, පොලවේ අතුරා ඇති වැලි තෙත් කිරීම වැනි දෑ කරන්න පුළුවන්. අස්වනු නෙලන අවස්ථාවට පැමිණි මේ එක වගා මල්ලකින් දින 7 – 10 කට වරක් 8 – 10 පමණ වතාවක් බිම මල් නෙලා ගන්න පුළුවන්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හෙම්බිරිස්සාව එක්ක එන අමුතු ලෙඩ රෝග රැසක් – මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවානම් සැළකිලිමත් වෙන්න

කෝටර දාහය (sinusitis)
කෝටර යනු මුහුණේ අස්ථි තුළ පවත්නා වාතය පිරි කුහර විශේෂයකි. ඒවා නාස් කුහරය වටා පිහිටා ඇත. මෙම කුහර ශ්ලේෂ්මල පටලයකින් හෙවත් තුනී සෛල ස්ථරයකින් ආස්තරය වී ඇති අතර කුඩා සිදුරු මගින් නාස් කුහරය හා සම්බන්ධ වේ. කෝටර තුළ ඇතිවන ප්‍රදාහය කෝටර දාහය ලෙස හැඳින්වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු වැඩිහිටියන් සහ ළමුන් අතරින් 2% කට පමණ තීව්‍ර කෝටර දාහය ඇතිවේ. සෙම්ප්‍රතිශ්‍යාව නිසා නාස් කුහරයේ සහ කෝටරවල ශ්ලේෂ්මල පටල ඉදිමීම හෙවත් ප්‍රදාහයක් ඇතිවේ. එම නිසා ශ්ලේෂ්මල පටල ශ්ලේෂ්මලය හෙවත් සොටු දියර වැඩිපුර ස්‍රාවය කරයි. ශ්ලේෂ්මල පටලය ඉදිමීම නිසා කෝටරවල සිදුරු අවහිර වන අතර එමගින් සොටු දියර කෝටර තුළ එකතු වීම සිදුවේ. කෝටර දාහය ඇති රෝගීන්ට උණ, නාසය සිරවීම, සොටු දියර ගැලීම, කැස්ස, හිසරදය, මුහුණේ ඇතිවන වේදනාව සහ තද ගතිය, මුහුණ ඉදිමීම සහ උඩු ඇන්දෙහි දත් කැක්කුම ඇතිවිය හැක. සාමාන්‍යයෙන් හිසරදය සහ මුහුණේ වේදනාව ඉදිරියට නැවීමේදී සහ හාන්සි වීමේදී වැඩිවේ.

මැද කනේ ආසාදනය (Otitis media)
මැද කන (කන්බෙරය හෙවත් කර්ණ පටහ පටලය පිටුපස ඇති අවකාශය) යුස්ටේකීය නාළය නැමැති කුඩා නාළයක් මගින් උගුර හා සම්බන්ධ වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු රෝගීන්ගේ උගුරෙහි ඇති බැක්ටීරියා හෝ වෛරස යුස්ටේකීය නාළය ඔස්සේ මැද කනට ඇතුළු විය හැක. මැද කනේ ආසාදනවලින් 80% ක් පමණ වෛරස නිසා ඇතිවේ. බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) බැක්ටීරියාව නිසා ඇතිවේ. වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ මැද කනේ ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් 20% කට මැද කනේ ආසාදන ඇතිවේ. සාමාන්‍යයෙන් මැද කනේ ආසාදන වලින් 80% ක් පමණ ප්‍රතිකාර නොමැතිවම දින 3 ක් තුළ සුවවේ. මැද කනේ ආසාදනයක් ඇතිවිට තද කන් කැක්කුම, නින්ද නොයාම, තද උණ, කහ හෝ කොළ පැහැති සොටු දියර ගැලීම, වමනය, අලස බව, ක‍නෙන් දියර හෝ සැරව ගැලීම සහ ඇතැම්විට කන් ඇසීම අඩුවීම සිදුවේ. කතා කිරීමට නොහැකි කුඩා දරුවන් දැඟලීම, කලබල කිරීම, නින්ද නොයාම, හෝ නොනවත්වාම ඇඬීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැක.

උත්සන්න වූ ඇදුම රෝගය
ඔබ ඇදුම රෝගියෙක් නම්, සෙම්ප්‍රතිශ්‍යාවට ඔබගේ ඇදුම රෝගය තීව්‍ර කිරීමේ හැකියාව ඇත. ඇදුම රෝගය උග්‍ර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ තදගතිය, කැස්ස, සහ පපුවේ රාං රූං ශබ්දය ඇතිවිය හැක. මෙම තත්ත්වය වඩාත් බහුල ළමුන් අතරය.

තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය (Acute bronchitis)
ශරීරයේ ප්‍රතිශක්තිය අඩු සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය ඇතිවිය හැක. බැක්ටීරියා හෝ වෛරස මගින් ශ්වාසනාලිකා ආසාදනය වීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, කහ පැහැති ඝණ සෙම පිටවීම (ඇතැම්විට රුධිරය තැවරී තිබිය හැක). පපුවේ තදගතිය හෝ අපහසුතාවය, වෙවුලා ඇති වන මද උණ, තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ රාං රූං ශබ්දය, හිසරදය, උගුරේ වේදනාව, සහ නාසය අවහිර වීම දැක්විය හැක. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය වැළඳුණු බොහොමයක් රෝගීන් කිසිදු ප්‍රතිකාරයකින් තොරව සති කිහිපයක් තුළ සුවය ලබයි. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහයේ රෝග ලක්ෂණ හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය සතියකට වඩා පවතී නම් ඔබගේ වෛද්‍යවරයා හමුවීම අත්‍යාවශ්‍ය වේ.

නියුමෝනියාව (Pneumonia)
ඉතාමත් කලාතුරකින් අඩු ප්‍රතිශක්තියක් ඇති සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට ශ්වසන පද්ධතියේ පහළ කොටසේ ඇතිවන උග්‍ර ආසාදනයක් වන නියුමෝනියාව වැළඳිය හැක. නියුමෝනියාව ඇතිවිට දිගුකල් පවත්නා කැස්ස, ඝණ සෙම පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, වෙවුලා තද උණ ගැනීම, වයස්ගත අයගේ හෝ ප්‍රතිශක්තිය අඩු අයගේ ශරීර උෂ්ණත්වය අඩුවීම, කහින විට හෝ හුස්ම ගන්නා විට පපුවේ වේදනාවක් ඇතිවීම, අධික දහඩිය දැමීම, ශරීරයේ වේදනාව, සහ හිසරදය ඇතිවිය හැක. ඇතැම් අයට පාචනය, ඔක්කාරය, සහ වමනය ද ඇතිවේ. සමහර වයස්ගත අයට නියුමෝනියාව වැළඳුණු විට සිහිමඳ ගතියක් හටගැනීම සිදුවේ. නවජ දරුවන් සහ ළදරැවන් නියුමෝනියාව ඇතිවිට වමනය, උණ, කැස්ස, නොසන්සුන් වීම, විඩාපත් විලාසයක් ගැනීම, හුස්ම ගැනීමේ අපහසුව, සහ කිරි බීම හෝ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක.

යම් රෝගියකුට සෙම්ප්‍රතිශ්‍යාව සමඟ තද උණ, මානසික ව්‍යාකූලතාවය හෝ සිහිමඳ බව, පපුවේ තියුණු වේදනාව, රුධිරය තැවරුණු ඝණ සෙම පිටවීම, හෝ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ සති 3 කට වඩා පවතීනම් එම රෝගියා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.

ටොන්සිල් ප්‍රදාහය (ගල මූල ග්‍රන්ථි ප්‍රදාහය) සහ උගුරේ වේදනාව
ටොන්සිල් යනු උගුරේ පිටුපස කොටසේ ඇති වසා ග්‍රන්ථි දෙකකි. එම ග්‍රන්ථිවල ඇතිවන ඉදිමීම සහ ප්‍රදාහයක් ටොන්සිල් ප්‍රදාහය (Tonsillitis) ලෙස හැඳින්වේ. එවිට උගුරේ වේදනාවක් ඇතිවේ. ටොන්සිල් ප්‍රදාහය වෛරස හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා හටගනී. බැක්ටීරියා නිසා හටගන්නා ටොන්සිල් ප්‍රදාහයට ප්‍රධාන වශයෙන් ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් (Streptococcus pyogenes) බැක්ටීරියාව හේතු වේ. උගුරේ වේදනාව සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් අතර පවතින බහුල සංකූලතාවයකි. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා සබැඳි උගුරේ වේදනාවට හේතුවන්නේ වෛරසයක් මගින් ආසාදනය වීමයි. බැක්ටීරියා ආසාදන මගින් ඇතිවන උගුරේ වේදනාවට ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) බැක්ටීරියාව ප්‍රධාන හේතුවක් වේ. ඔබට අධික උගුර රිදීමක් හෝ සුව නොවන උගුරේ වේදනාවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා උචිත වේ. සාමාන්‍යයෙන් ටොන්සිල් ප්‍රදාහය සහ උගුරේ වේදනාව ගිලීමේ අපහසුතාවයක් ඇතිකරයි.

වැඩිහිටියෙකුට හෝ දරුවකුට පහත ලක්ෂණවලින් අවම වශයෙන් එකක් හෝ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ. ඇතැම්විට ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ සහ වෙනත් ප්‍රතිකාර අවශ්‍යවීම එයට හේතුව වේ.

මේ රෝග ලක්ෂණ අනතුරුදායකයි! වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
හුස්ම ගැනීමේ අපහසුව, කන් කැක්කුම, සති 2 කට වඩා පවතින සෙම්ප්‍රතිශ්‍යාව, සතියකට වඩා පවතින සෙම පිටවන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ උග්‍ර වීම, සතියකට වැඩි කාලයක් පවතින කෝටර ප්‍රදාහයේ රෝග ලක්ෂණ (නළල, ඇස්, සහ නාසය වටා ඇති වේදනාව),102°F (39°C) ට වඩා උණ පැවතීම, වයස අවුරුදු 2 ක් හෝ එයට වඩා වැඩි දරුවන්ට උණ දවස් 3 කට වඩා පැවතීම, වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට උණ දවසකට වඩා පැවතීම.

වයස සති 12 කට (මාස 3 කට) වඩා අඩු දරුවකුට 100.4°F (38°C) කට හෝ එයට වැඩියෙන් උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

(උපුටා ගැනීම දේශය පුවත්පත)

අල වලින් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස කෑම වර්ග 5ක්

අල කියන්නෙ අපේ ආහාර වේලට කිට්ටු හිතවන්තයෙක්. පොඩි කාලෙ තම්බල පොඩි කරල කාපු අල ලොකු වෙනකොට උයල, තෙල් දාල වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පොටෑටෝ චිප්ස් වගේ විදි වලටත් අපි කනව. හැබැයි අල කන්න පුළුවන් මේ විදියට විතරද? නෑ… අල කියන්නෙ කෑම වර්ග බොහොමයක් හදාගන්න පුළුවන් අපූරු එළවළුවක්. බලමු අල වලින් වෙනස් විදියට හදාගන්න පුළුවන් රස කෑම ටිකක් හදන විදිය.

හෑශ් බ්‍රවුන්ස්
හවසකට වගේම උදේ කෑම වේලටත් ගන්න පුළුවන්. ලේසියෙන්ම හදාගන්නත් පුළුවන් නිසා පොඩි අයට ඉස්කෝලෙ ගෙනියන්නත් කියාපු කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය – අල ගෙඩි 2, බිත්තර 2, පාන් පිටි මේස හැඳි 2, ලුණු රස අනුව, ගම්මිරිස් අවශ්‍ය නම්.

මෙන්න හදන හැටි – අල ගෙඩිය පොතු හැර සිහින්ව ග්‍රේටරයකින් ග්‍රේට් කරගන්න. අයිස් වතුරට දමා, අයිස් වතුරෙන් එක වරක් සෝදා, හොඳින් මිරිකා වතුර ඉවත් කරගන්න. බිත්තර දෙකට ලුණු, ගම්මිරිස් සහ පිටි එකතු කර හොඳින් බීට් කරගන්න. බිත්තර මිශ්‍රණයට අල එක් කර මිශ්‍ර කරගන්න. නන්ස්ටික් පෑන් එකකට බටර් ස්වල්පයක් තවරා රත් වෙන්නට හරින්න. හැන්දකින් සාදාගත් මිශ්‍රණය පෑන් එකේ තැන තැන තබා, හැන්දෙන් තද කර, පැතලි කරගන්න. දෙපැත්තම රන් වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න.

පොටැටෝ සැලඩ්
පාන් කන්න, නිකන් කන්න, බිරියානි වගේ බතක් එක්ක උනත් මේ සැලඩ් එක ගැලපෙනව. අවශ්‍ය ද්‍රව්‍ය – තම්බා කොටු කපාගත් අල ගෙඩි 3, මයෝනේස් මේස හැඳි 3, ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3, විනාකිරි තේ හැඳි 1/2, සීනි තේ හැඳි 1/4, ලුණු රස අනුව (අවශ්‍ය නම්), ගම්මිරිස් (අවශ්‍ය නම්), චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්, චොප් කරගත් පාස්ලි මේස හැන්දක්.

මෙන්න හදන හැටි – අල සහ කොළ වර්ග දෙක හැර අනෙක් සියල්ල එකට එක් කර හොඳින් බීට් කරගන්න. එයට අල සහ කොළ ටික එක් කරගෙන මිශ්‍ර කර, හොඳින් වසා විනාඩි තිහක් පමණ ශීත කර පිළිගන්වන්න.

චිකන් ස්ටෆ්ඩ් පොටෑටෝ
පාස්ටා වගේ දෙයක් එක්ක සයිඩ් එකක් විදියටත්, වැඩිය නොකන කෙනෙක්ට රෑ කෑමටත් ගැලපෙනව. අවශ්‍ය ද්‍රව්‍ය – අල ගෙඩි 3ක්, ෆ්‍රශ් මිල්ක් කප් 1/4, පාමසන් චීස් කප් 1/4, ලුණු, ගම්මිරිස්, තම්බා පොඩි කරගත් චිකන් කප් 1, චොප් කරගත් ළූණු, මොසරැල්ල චීස්, චොප් කරගත් පාස්ලි ටිකක්.

මෙන්න හදන හැටි – අල ගෙඩි බෙරි නොවෙන ගාණට තම්බා දෙපැත්තෙන් කුඩා පෙති දෙකක් ඉවත් කර හරස් අතට දෙකට කපාගන්න. (සිටුවා තබන්න පුළුවන් විදියට.) සෑම අල භාගයකම මැද හාරා ඉවත් කර වලක් සාදාගන්න. ඉවත් කරගත් අල කොටස් ටිකට කිරි, පාමසන් චීස්, ළූණු, ලුණු සහ ගම්මිරිස් එක් කර පොඩි කරගන්න. එයට චිකන් සහ පාස්ලි ටිකත් එක් කර මිශ්‍ර කරගන්න. සාදාගත් මිශ්‍රණය අල කප් වලට පුරවා, උඩින් මොසරැල්ලා චීස් ඉස, සෙල්සියස් 180ට විනාඩි 15ක් බේක් කරගන්න.

මෑශ්ඩ් පොටැටෝ කප්ස්
හවසට කන්න වගේම ප්‍රධාන වේලකට සයිඩ් එකක් විදියටත් ගැලපෙනව. අවශ්‍ය ද්‍රව්‍ය – තම්බා පොඩි කරගත් අල කප් 2, ගසාගත් බිත්තර 3, ගාගත් චෙඩාර් චීස් හෝ මොසරැල්ල චීස් කප් 1, බැද කපාගත් බේකන් කෑලි කප් 1/2 (අවශ්‍ය නම්), පොඩියට කපාගත් ළූණු කොළ කප් 1/2

මෙන්න හදන හැටි – සියල්ලම එකට මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ටිකක් ලුණු ටිකක් එකතු කරගන්න. මෆින් ට්‍රේ එකකට බටර් තවරා සාදාගත් අල මිශ්‍රණය පුරවා ගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.

මෑශ්ඩ් පොටැටෝ පෑන් කේක්ස්
උදේ වේලකට කියාපු කෑමක්… පොඩ්ඩොන්ට ඉස්කෝලෙ ගෙනියන්නත් කියාපු අපූරු කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය – තම්බා පොඩි කරගත් අල කප් 2, බිත්තර, පාන් පිටි මේස හැඳි 5, ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3, බටර් මේස හැන්දක්, ලුණු රස අනුව, බැදගන්න බටර්.

මෙන්න හදන හැටි – බැදගැනීමට අවශ්‍ය බටර් හැර අනෙක් සියල්ල එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය අතට ගෙන පැතලි කල හැකි පදමට තිබිය යුතුයි. දියාරු වැඩි නම් පිටි එක් කරගන්න. බටර් රත් වෙන්නට නන්ස්ටික් පෑන් එකකට දමා මිශ්‍රණයෙන් කුඩා කොටස් අතින් පැතලි කර පෑන් එකට දමා රන්වන් පාට වනතුරු දෙපැත්ත හරවා බැදගන්න.

(උපුටා ගැනීම lifie.lk වෙබ් අඩවියෙන්)

ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න පළතුරු වලින් රසම රස බීම වර්ග 05 ක් හදාගන්න හැටි

ගෙදරට එන අපේ නෑ හිත මිතුරන්ට ගෙදරට ආවම අපි තේ, කෝපි, බීම හැර දෙන්න පුළුවන් දිව පිනවන ගෙදරදිම විනාඩි 5න් හදා ගන්න පුළුවන් බීම ජාති 05 ක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න හදන්නෙ. ඉතින් හැමදාම කඩෙන් ගෙනත් හදලා දෙන කෝඩියල් එකට වඩා රසය ගුණය දෙකම සපිරි මෙම බීම වර්ග 05 ත් ඔයාට පුළුවන් ඔයාගෙ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න.

කොමඩු පානය
ඇත්තටම ගෙදරට එන අමුත්තන්ට මෙය නම් වෙනස්ම අත්දැකීමක් වේවි. කොමඩු කිව්වම ඉතින් ගොඩක් දෙනා නිකන්ම කනවා ඇරෙන්න වෙනස් දෙයක් කරන්න හිතන්නෙ නෑ නේ. ඉතින් එහෙම එකේ ගෙදරට එන අමුත්තන්ට කොමඩු ජූස් එකක් හදලා දුන්නොත් කොහොමද ?

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – කොමඩු ගෙඩියක්, ලුණු, සීනි, සුදු කිරි පිටි මේස හැදි 02ක්. සාදාගන්නා ආකාරය – ඇට ඉවත් කර ගත් කොමඩු මද හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. එයට වතුර කෝප්ප කාලක් එකතු කර ගෙන සුදු කිරි පි‍ටි මේස හැදි දෙක ද එකතු කොට නැවතත් හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. බ්ලෙන්ඩර් කර ගත් කොමඩු ජූස් එක පිරිසිදු භාජනයකට වත් කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා සීනි එක් කොට මිශ්‍ර කර ගන්න. මෙම කොමඩු ජූස් එක දැන් ඔයාට පුළුවන් ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න. අවශ්‍ය නම් මෙයට අයිස්ක්‍රීම් හැන්දක් එක්කරන්නත් පුළුවන්.

ගස් ලබු පානය
ගස් ලබු කියන්නෙ ඉතින් කවුරුත් කන්න ආස පෝෂදායි පළතුරක් නේ. ගෙදරට එන අමුත්තන්ට වෙනසකටත් එක්ක ගස් ලබු වලින් හදා ගත්ත බීම එකක් බොන්න දෙමුද?

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – ගස් ලබු ගෙඩියක්, ලුණු, සීනි, දෙහි. සාදාගන්නා ආකාරය – ඇට ඉවත් කර ගත් ගස් ලබු මද ටික වතුර කෝප්ප භාගයක් පමණ යොදා හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. එම බ්ලෙන්ඩර් කර ගත් ගස් ලබු පානය භාජනයකට දමා අවශ්‍ය පරිදි ලුණු හා සීනි එක් කොට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කර සාදා අමුත්තන්ට පිළිගන්වන්න.

කැරට් ජූස්
කැරට් කිව්වම ඉතින් ගොඩක් දෙනෙක් දන්නෙ අපි කැරට් එළවලුවක් විදියට ගන්නවා කියලා විතරයි නේ. ඒත් අපට පුළුවන් අපේ ගෙදරට එන අමුත්තන්ට කැරට් බීම එකක් හදලා දෙන්න. වෙනස්ම වෙනස් ආකාරයෙන් අළුත් දෙයක් පිළිගන්වලා අමුත්තන්ව සතුටු කරන්න ආස ඔබත් මේ ආකාරයට කැරට් බීම එකක් හදා ගන්න

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – පිරිසිදු කර සෝදා ගත් කැරට් අලයක්, වතුර කෝප්ප භාගයක්, සීනි හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට, දෙහි යුෂ ස්වල්පයක්. සාදාගන්නා ආකාරය – පිරිසිදු කර සෝදා ගත් කැරට් අලය පොඩි කොටස් වලට කපා ගන්න පසුව එය බ්ලෙන්ඩර් එකට දමා වතුර එක්කොට හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. ජුස් එකක් ආකාරයෙන් බ්ලෙන්ඩර් කර ගත් කැරට් පානය වීදුරුවකට දමා අවශ්‍ය පරිදි සීනි හා ලුණු මිශ්‍ර කොට දෙහි යුෂ ස්වල්පයක් එක් කර හොදින් මිශ්‍ර කර පිළිගන්වන්න.

අඹ පානය
අඹ කියන්නෙ නම් ඉතින් අපි කොයි කවුරුත් කන්න ආස රසම රස පළතුරක් නේ. අඹ වලත් එක එක වර්ග තියෙනවා. කොහු අඹ, රට අඹ, ඇටඹ, කරත්ත කොළොම්බු, වගේ අඹ වර්ග තියෙනවා. ඉතින් මේ අතර කරත්ත කොළොම්බු වගේ අඹ යොදා ගෙන රසට බීම එකක් හදලා ගෙදර එන අමුත්තන්ට පිළිගන්වන්න ඔබටත් පුළුවන්.

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – සූරාගත් අඹ කෝප්පයක්, සීනි හා ලුණු අවශ්‍ය පදමට, දෙහි ස්වල්පයක්. සාදාගන්නා ආකාරය – සූරාගත් අඹ බ්ලෙන්ඩරයට දමා වතුර ස්වල්පයක් එක් කොට හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් අඹ මිශ්‍ර පානය හොඳින් පෙරා ගෙන එයට සීනි හා ලුණු අවශ්‍ය තරමින් එක්කොට දෙහි යුෂ ස්වල්පයක් කලවම් කර මිශ්‍ර කර ගන්න. දැන් මෙම පානය පිළිගැන්වීමට ඔබට පුළුවන්.

දෙහි
දෙහි නම් ඉතින් අපිත් හදන් බොනවා. දෙහි වලත් වර්ග තියෙනවා. දෙහි පවුලෙ වර්ග අතර ලෙමන්, හීන් නාරං, නාරං, පෝච්චි දෙහි, ඇඹුල් දොඩම්, කියන වර්ග ඕනම එකක් බොන්න ගන්න පුළුවන්.ඉතින් මෙන්න මේ ඕනම වර්ගයක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගෙ ගෙදරට එන අමුත්තන් වෙනුවෙන් දෙහි බීම එකක් හදා දෙන්න. සාදාගන්නා ආකාරය – දෙහි ගෙඩි දෙකක පමණ දෙහි යුෂ ගෙන එයට ශීත වතුර කෝප්ප භාගයක් එක් කොට ගන්න. පසුව අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා සීනි එක් කොට හොදින් මිශ්‍ර කර පිළිගන්වන්න.

ඉතින් මේ අකාරයට ඔබටත් පුළුවන් ඔබේ නිවසට එන අමුත්තන්ට වෙනස් වෙනස් විදියෙ දේවල් පිළිගන්වන්න. හැමදාම දෙන කඩේ කෝඩියල් බීම වීදුරුවටයි, තේ එකටයි, කෝපී එකටයි වඩා වෙනස් දෙයක් වේවි ඇත්තටම මෙය නම්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දද කුෂ්ට, අර්ශස්, ඇඟ දැවිල්ල, පිතට ගුණ දෙන දිව ඔසුවක් වූ නා මල් පානය

“නා” කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය. ඒ වගේම නාමල් ඉතා පූජනීයයි. අටවිසි බෝධි වෘක්‍ෂවලට අයත් ශාකයක්. මංගල, සුමන, රේවත, සෝභිත, යන බුදුවරුන් බුදු බව ලබාගෙන තිඛෙන්නේ මේ පූජනීය නා බෝධිය පාමුලදීයි. ඒ හේතුව නිසාම ලංකාවේ බොහෝ වෙහෙර විහාර ආශ්‍රිතව නා වෘක්‍ෂයන් දක්නට ලැඛෙනවා. ඒ වගේම උද්‍යාන අලංකරණ කටයුතු සඳහාත් නා ශාකය බහුල වශයෙන්ම යොදා ගන්නවා.

අනුරාධපුර යුගයේදී නා ගසට ලංකාවේ සුවිශේෂී තැනක් හිමිවූ බව ඉතිහාසය දෙස බැලීමේදී තහවුරු වෙනවා. 14 වැනි සියවසේ කළ ඇම්බැක්කේ කැටයම් සඳහා යොදාගෙන තිඛෙන්නේ නා ලීය, නා කියන්නේ බොහෝ කලක් පවතින ශක්තිමත් දැව වර්ගයක්. ආගමික සහ සංස්කෘතික වැදගත්කම් රැසකින් සමන්විත නා ශාකය අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය තුළත් සුවිශේෂී ඖෂධයක් බව කීවොත් ඇතැම් අය මවිත විය හැකියි. ඇත්ත වශයෙන්ම නා කියන්නේ හොඳ අගනා ඖෂධයක්. ආයුර්වේදයට අනුව නාග කේශර සහ නාග පුෂ්ප යන අන්වර්ථ නාමයන්ගෙනුත් නා හඳුන්වනවා. මේ ශාකයට නාග කේශර යනුවෙන් හඳුන්වන්නේ නාමල් රේණු බහුල වශයෙන් ඖෂධ පිණිස ගන්නා නිසයි.

ආයුර්වේදයට අනුව ත්‍රිජාත නමින් ඖෂධ ප්‍රභේද තුනක් පවතිනවා. ඒ තමයි කුරුඳු. එනසාල් සහ තේජ පත්‍ර යන ඖෂධයන්. ත්‍රිජාත ඖෂධවල තිඛෙන වැදගත්කම තමයි ඒ ඖෂධ මුඛය සුවඳවත් කරනවා. ඒ වගේම හෘදය සඳහා හිතකරයි. ඒ ත්‍රිජාත ඖෂධවලට නාමල් එකතු කළාම එය චතුර්ජාත ලෙස හඳුන්වනවා. ඒ අනුව පැහැදිලි වන දෙයක් තමයි නා කියන්නේ ආයුර්වේදයේ භාවිත කරන අද්විතීය ඖෂධයක් බව.

මධ්‍ය ප්‍රමාණ මීටර් 12ක් 13ක් වගේ උසකින් සමන්විත නා ගහේ කොළ තද කොළ පාටයි. යටි පැත්ත අළු පාටයි. දැකුම්කලු රත් පැහැ නා දලු සාහිත්‍යධරයන් කාන්තාවන්ගේ දෙතොලටත් උපමා කළ අවස්ථා තිඛෙනවා. සුදු පාට ලස්සන ප්‍රිය උපදවනසුලු නාමලේ මැද කහ පාට රේණු රැසක් පවතිනවා. දේශීය ඖෂධ නිපදවීමේදී මේ නාමල් රේණු හා ඇට බහුල වශයෙන් යොදා ගන්නවා.

ඉන්දියාව, ලංකාව, නේපාලය, බුරුමය, තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල දක්නට ලැඛෙන නා වෘක්ෂය රුධිර ගැලීම් ආශි්‍රත රෝගවලට ඉතාමත් සුවදායක ඖෂධයක්. නාසයෙන් හේතුවක් නැතිව රුධිරය පිටවන අවස්ථාවලදී කාන්තාවන්ගේ අධික ලෙස සිදුවන මාස් ශුද්ධිය අවස්ථාවලදී, රුධිරය පිටවන අර්ශස් රෝගවලදී නා මල් රේණු මඳක් වියළා පත අට එකට සිඳුවා දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් බොනවා නම් ඉතාම සුවදායකයි. ඒ සියලුම රුධිරය පිටවන රෝග ඉක්මනින් සුවතට ගැනීමට මේ ඖෂධීය කෂාය ඉතාම ගුණදායකයි.

ආයුර්වේදයේ සඳහන් ආකාරයට පිත් දෝෂය වැඩි වූ විටදී ඇගට දැවිල්ලක් ඇතිවෙනවා. පිත්ත දෝෂය සමනය කරන්න නාමල් රේණුවලට හැකියාවක් තිඛෙනවා. නාමල් මඳක් වියළා කෂායක් ලෙස ගන්නවා නම් රුධිරය පිටවන තත්ත්වයේ අර්ශස් පවා සුවකර අර්ශස් ගෙඩි හැකිළවීමේ හැකියාවක් මේ කෂාය තුළ පවතිනවා.

“සුශ්‍රැත සංහිතාව” භාවප්‍රකාශය වගේ ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවල සඳහන් ආකාරයට ඖෂධ පිණිස නාමල් රේණු සොයා ගන්න අපහසු වූ අවස්ථාවකදී එයට ආදේශකයක් ලෙස නෙලුම් මල් රේණු සුදුසුයි කියලා සඳහන් වෙනවා.

නා ඇට කියන්නෙත් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ භාවිත කරන සුවිශේෂී ඖෂධයක්. නිසි ක්‍රමවේදයකට අනුව නා ඇට තෙල් සිඳගෙන ඒ තෙල් බාහිර ඉදිමුම්, වේදනා, කැක්කුම්, ආශ්‍රිත ස්ථානවල දිනපතා උදේ සවස ආලේප කරනව නම් ඒ කැක්කුම්, වේදනා, ආසාදන ඉක්මනින් සුව වෙනවා වගේම ඉදිමුම් බහිනවා.

දේශීය චිකිත්සාව තුළත් නාමල් රේණු කියන්නේ අගනා ඖෂධයක්. සුද යෑම රෝගයට බහුල වශයෙන් භාවිත කරනවා. ඒ වගේම යුනානි වෛද්‍ය ක්‍රමයේදී වගේම සිද්ධ වෛද්‍ය ක්‍රමයේදීත් නා ඖෂධය ඔසු නිපදවීමට යොදා ගන්නවා. නාමල්වල ප්‍රදාහ නාශක ගුණයක් පවතිනවා. ඒ නිසාම නාමල් කෂාය යම් රසායනික කහට රසයකින් යුක්තයි. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝග සුවයටත් මේ නාමල් කෂාය පානය කිරීම ඉතාම යෝග්‍යයි. යමකුට අතීසාරය වැනි රෝග තත්ත්වයකදී දිය හැකි කදිම කෂායක් තමයි නාමල් කැකුළු කෂාය. දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් ඒ කෂාය පානය කළොත් ඉක්මන් සුවයක් ලැබේවි. අතීතයේ කාන්තාවකට දරු ප්‍රසූතියක් වූ විටකදී ගර්භාෂය පිරිසුදු කිරීමට කෂායක් ලෙස නාමල් දී තිඛෙනවා. අද කාලයටත් මේ ගුණාත්මක කෂාය බොනව නම් එය සෞඛ්‍යයට හිතකරයි.

බොහෝ දෙනෙක් නාමල් කෂායේ පවතින කහට ගතිය නිසා මෙය පානය කිරීමට මැළිවන්න පුළුවන්. ඒ නිසාම දරුවකු ප්‍රසූත කළ මවකට ගර්භාෂය පිරිසුදු වීමටත් පෙර සඳහන් කළ රෝගයනට ප්‍රතිකාර ලැබීමටත් නාමල් ඖෂධයක් ලෙස පානය කළ හැකි ආකාරයක් මම කියන්නම්. නාමල් රේණු කොටසක් ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩුකර එයට සමානව උළු හාල් සහ තේජ පත්‍ර කුඩු කොටස් දෙකක් අරගෙන හොඳින් මිශ්‍රකර ගන්න. ඒ ආකාරයට මිශ්‍රකරගත් කුඩු සුළං නොවදින ඇසුරුමකට දමා වරකට ඒ කුඩු ග්‍රෑම් 5ක් පමණ ප්‍රමාණයක් කිරි සමඟ මිශ්‍රකර දිනපතා උදේ සවස දින පහක් පමණ ආහාරයට ගන්න. ඉහත සඳහන් සෑම රෝගයකටම වගේම දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගේ ගර්භාෂය පිරිසුදු කරන්නත් මේ ඖෂධීය ආහාරය ගුණදායකයි.

නාමල් කුඩුකර උණු වතුර කෝප්පයකට තේ හැඳි කාලක් බැගින් මිශ්‍රකර දිනපතා උදෑසන පානය කරනව නම් එයත් ඉතා ගුණදායකයි. ඒ වගේම නාමල් වියළා හොඳින් කුඩුකර එය නැවතත් එළගිතෙලින් අඹරා රස්නෙ කාලයට ඇතිවන අතුල් පතුල් දැවිල්ලට අලේප කරන්න. එමගින් ශරීරයට නැවුම් සිසිලසක් දැනේවි.

ඇතැම් අවස්ථාවලදී නළලෙ සෙම පිරුණු ගතියත් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවන් පවතිනවා. එවන් අවස්ථාවලදී නා කොළ අරගෙන හොඳින් කොටා කල්කයක් ලෙස නළලෙ ආලේප කරන්න. ඉක්මනින් සෙම ඉවත් වෙනවා.

ඒ වගේම අධික උෂ්ණ කාලයෙදි දහදිය දැමීම නිසා ශරීරයෙන් දැඩි දුගඳක් හමනවා. ඒ වගේ අසීමිත උෂ්ණ රෝග තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් අපහසුතාවනට මුහුණ දෙන අවස්ථා තිඛෙනවා. නාමල් කුඩු සහ සැවැන්දරා කුඩු සමානව අරගෙන හොඳින් මිශ්‍රකර ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැය දෙකකට පමණ පසුව ඇග සෝදන්න. දහදිය දුගඳ නැතිකර ශරීරයෙන් කාන්තිමත් සුවඳක් ලබා දෙන්න මේ ප්‍රතිකර්මය ඉතා ගුණදායකයි.

ගුරුවරුන්, ගායකයන්, වෙළෙදාම් කරන්නන් වැනි අය අධික ලෙස උගුර වෙහෙසවීම නිසා උගුර බැරැන්ඩි ගතියක් ඇති වෙනවා. එවැනි පුද්ගලයන් නාමල් රේණු සහ එනසාල් ස්වල්පයක් මිශ්‍රකර සූකිරි ස්වල්පයක් සමග ආහාරයට ගන්න. උගුරේ පවතින සෙම ගතිය සුළු මොහොතකින් නැති වෙලා යාවි.

ඒ වගේම රුධිරය ගලන අර්ශස් රෝගයට තවත් ප්‍රතිකර්මයක් පවතිනවා. ඒ තමයි නාමල් කුඩු සමග සූකිරි ස්වල්පය බැගින් විටින් විට ආහාරයට ගැනීම. ඒ තුළින් රුධිරය ගලන අර්ශස්වලට විසඳුමක් ලබන්න පුළුවන්. කුෂ්ඨ රෝගයෙන් පීඩා විඳ එය සුව වූ පසුවත් බොහෝ දෙනකුට පවතින ගැටලුවක් තමයි කුෂ්ඨවල කැළැල් ශරීරයෙන් නොමැකී යෑම. එවන් කුෂ්ඨ කැළැල් සහ තුවාල කැළැල් මකා දීප්තිමත් සමක් ලබා ගැනීමට නාමල් රේණු කුඩු සමග පිණ්ඩ තෛල (වෙළෙඳපොළේ පවතී) මිශ්‍රකර දිනපතා හමේ ආලේප කරන්න. ටික කලක් මේ තෛලය සමේ ආලේප කරද්දී සමේ ඇති කැළැල් කෙමෙන් කෙමෙන් මැකී යෑමේ සතුට ඔබට විඳින්නට පුළුවන් වේවි.

නාමල් ඖෂධය ඇතුළත්ව සකස් කරන ලද ඖෂධ වර්ග වෙළෙඳපොළ තුළත් ඔබට ලබා ගන්න පුළුවන්. ස්ත්‍රී රෝගවලට භාවිත කරන පුෂ්‍යනුග චූර්ණය, නාරායන තෛලය වැනි ඖෂධ තුළත් නා ඖෂධය අන්තර්ගතයි. ඒ වගේම ස්ත්‍රී රෝගවලට භාවිත කරන කුමාර්යාසවය තුළත් මේ ඖෂධය අන්තර්ගතයි. ඒ වගේම පෙණහලු ආශ්‍රිත රෝග සඳහා ලබා දීමට සුදුසු ‘ද්‍රාක්ෂාරිෂ්ටය’තුළත් නා ඔසුව අඩංගුයි’ රෝගයක් වැලඳී එය සුව වූ පසුව ශරීරය පුෂ්ටිමත් කිරීමට ලබා දීමට සුදුසු ච්‍යාවන ප්‍රාශාවලේහ ඖෂධය තුළ වැඩි වශයෙන් නෙල්ලි ඖෂධය අන්තර්ගත වුණත් එහි නාමල් රේණු ඖෂධයත් අන්තර්ගතයි.

ජ් සමිත් මධුරංග.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඉදිරියට නෙරා එන බඩ අඩුකරගන්න රාබු අල වලින් අපූරු බෙහෙත් වට්ටෝරුවක්

දිරියට නෙරා ආ උදරය දිනකට අඟල බැගින් අඩු කරගන්න මේ ඛෙහෙත් වට්ටෝරුවෙන් හැකිවන අතර දැන් කාන්තාවන්ට තියෙන ගැටළුවක් වන උදරය ඉදිරියට නෙරා ඒමෙන් ඇතිවන අපහසුතාවය මගහැරවා ගැනීමට ද පුළුවන්. මෙම ඛෙහෙත සාදාගෙන පාවිච්චි කිරීමෙන් කාන්තා සහ පිරිමි ඔබ සැමගේ ම තමන්ගෙ ඉදිරියට නෙරා ආ උදරය ඉක්මනින් අඩු කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙම ඛෙහෙතෙන් අපගේ ශරීරයේ තියන අතිරික්තයක් වූ මහත සහ ජලය තුරන් කර දමා මොලයේ තාර්කික හැකියාව, මතකය ඒවගේම කන්වල ඇසීමේ පරාසය සහ ඇස් පෙනීමේ පරාසය වැඩිකර දෙනවා. මෙම ඛෙහෙත් වට්ටෝරුව අපට සාදා ගැනීමට අවශ්‍ය වන නැවුම් ලෙමන් සහ මී පැණි ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට හැකියාව තිබේ.

රාබු යනු ඉතා ගුණ එළවළුවකි එමගින් අතීසාරය, සැල්මොනෙල්ලා, ක්ෂය රෝගය වැනි මිනිස් සිරුරේ ඇති බොහෝ රෝග වලට සුවය ගෙනදෙනවා. එසේම බොහෝ පරපෝෂිතයින් ඇති කරන බැක්ටීරියා විනාශ කරමින් මිනිස් සිරුරේ ඇති රෝග නැසීමට උපකාර වෙනවා. එසේම එය අග්න්යාශයේ සිට ආමාශය හා බඩවැල් යුෂ හා එන්සයිම ස්රාවයට උත්තේජනය වන පරිදි එය ආහාර ජීර්ණ අවයව වල කාර්යය ද වැඩි දියුණු කර දේ. එසේම හෘදය සහ සංසරණය මෙන්ම අක්මාවේ කාර්යය ඉතා හොදින් කිරීමට උපකාරී වෙනවා. මහළු වියේ පසුවන පුද්ගලයන්ට තිඛෙන සන්ධි, පේශී, හෝ තන්තුමය පටක තුල වේදනාව වන රූමටික ආතරයිටිස් රෝග තත්වයද මගහරවා ගන්න පුළුවන්.

සිරුරේ බර අඞු කිරීමට සඳහා මෙම ඛෙහෙත් වට්ටෝරුව සෑදීමට අවශ්‍ය වන්නේ රාබු අල කීපයක්, ලෙමන් ගෙඩි තුනක්, මී පැණි මේස හැදි තුනක් පමණි.

සාදා ගන්නා ආකාරය මෙසේය
පළමුව රාබු හොදට අබරා ගන්න. ඉන් පසුව ගැඔුරු භාජනයක් ගෙන එයට ලෙමන් ගෙඩි තුන සහ රාබු කවලම් කරගන්න. ඉන් පසුව එයට මී පැණි මේස හැඳි තුන දමා ලී හැන්දක් ආධාරයෙන් හොදට කවලම් කරගන්න. මෙම ආකාරයට සිදු කල පසු ඔබ ඔබගේ ඛෙහෙත් වට්ටෝරුව සාදාගෙන අවසන්ය. ඔබ මෙම ඛෙහෙත් වට්ටෝරුව වීදුරු ජෝගුවකට දමා ශීතකරණයේ තැබීම ඉතාමත් සුදුසුය.

ඉහත කී ආකාරයට ඔබ සාදාගත් ඛෙහෙත් වට්ටෝරුව දිනකට දෙවරක් ඔබ ආහාර ගැනීමේදී ඔබගේ ආහාර වේල සමග එක තේ හැන්දක් බැගින් ආහාරයට එකතු කරගෙන ආහාරයට ගන්න. මෙය සති තුනක් නොකඩවා ආහාරයට ගෙන ඔබ ඔබගේ ඉදිරියට නෙරා ආ උදරය දිනෙන් දින හැකිලී යන ආකාරය ඔබම නිරීක්ෂණය කරන්න

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අධි රුධීර පීඩනය, වකුගඩු රෝග ඇතුළු රෝග රැසකට ගුණ දෙන කෙසෙල් මුව, සම්බෝලයක් විදියට හදාගන්න හැටි

කෙසෙල් මුව කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන කෑමක්. රෝග රැසකට ගුණ දෙන කෑමක්. මේ තියෙන්නේ කෙසෙල් මුව වල තියෙන ගුණ, ඔසප් චක්‍රය ක්මවත් කරයි. කිරිදෙන මව්වරුන්ට හ දියවැඩියා රෝගීන්ට ගුණ ගෙන දේ. රක්තහීනතාවයට සහනය දේ. වකුගඩු වල ක්‍රියාවලියට උපකාරී වේ. මලබද්දයට සහනය දේ. උදරයේ තුවාල වලට සහනය දේ. ගර්භාෂය ශක්තිමත් කරයි. අධික රුධීර පීඩනයට සහනය දේ.

ඉතින් මේතරම් ගුණයෙන් අනූන කැමක් අළුත් රසයකින් හදන හැටි තමයි ඔන්න අද අපි ඔයාලට කියන්න යන්නේ. ගොඩක් අය කෙසෙල් මුව තෙල් දාල හරි නැත්නම් කිරට උයල තමයි කන්නේ. ඒත් කෙසෙල් මුව සම්බලක් විදියට හදුවොත් කොහොමද. අළුත් රසකට කන්න පුළුවන් නේද? හැමදාම කෙසෙල් මුව කන්නේ තෙල් දාල හරි නැත්නම් කිරට උයල හරිනම් මෙන්න මේ විදියට ඔයාලත් හදලා කාලා බලන්න. අළුත් රසයකට.

අපි මුලින්ම කියන්න යන්නේ කෙසෙල්මුව කරිය සෑදීමේ ක්‍රමය
භාජනයක් ගෙන තෙල් මේහැඳි 2 ක් එකතු කරන්න. අබ ඇට ටිකක් දමා පුපුරන කම් තියන්න. කපා ගත් ළුනු හා මිරිස් එකතු කර ටිකක් බැද ගන්න. කපා ගත් කෙසෙල්මුව එකතු කරන්න. ඔබ කැමති ආකාරයට කුළුබඩු හා ලුණු එකතු කරන්න. වතුර ටිකක් දමා භාජනයේ මූඩිය වසන්න. පසුව ගා ගත් පොල් එකතු කරන්න. දැන් ඔබේ කරිය කෑමට සූදානම්.

කෙසෙල් මුව සම්බොලේ හදාගන්න විදිය
“සම්බෝල” කිව්වාම නම් සිංහල අපේ ගැමි ආරෙට කෑම කන කාගෙත් කටට රස දැනෙනන කෑමක්නේ, නේද…? හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් “සම්බෝල” ගැන නෙවෙයි. “කෙසෙල් මුව” කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.

කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි. (මේ photos වල තියෙනවා වගේ) මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා. (ඇත්තටම අපි විහුලුවට කියන “කෙහෙල් මල්” තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි. ) කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්. (අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)

දැන් අපි බලමු කොහොමද කෙසෙල් මුව සම්බොලේ හදාගන්නේ කියලා. හදාගන්න මෙන්න මේ දේවල් ඕන. ලපටි කෙහෙල් මුවක්, හීනියවට ගා ගත් පොල් මිටක් පමණ, උම්බලකඩ කුඩු ටිකක්, රතු ලූණු ටිකක්, සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමණ, පදමට සෑහෙන සේ ලුනු කුඩු, දෙහි.

කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න. ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා) මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න. රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා උම්බලකඩ දමන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඉරිඟු, සහල්, කඩල, මුං ඇට වලින් ඔයාලා හැමෝම කන්න කැමති ත්‍රිපෝෂ ගෙදරදී නිවැරදිව හදන හැටි මෙන්න

පොඩිකාලේ කාපු ත්‍රිපෝෂ රසය තාම අමතක කරන්න බැරි රසයක්. ලොකු පොඩි කවරුත් කැමති ඒ ත්‍රිපෝෂ රසයටම සමාන රසවත් අග්ගලා ගෙදරදීම හදාගන්න ආකාරය මේ ලිපියෙන් අපි අද ඔබට ගෙනාවා. කෑම කන්නේ නැති බර අඩු පොඩ්ඩන්ට ආසාවෙන් කන්න පුළුවන් අමතර ආහාරයක් විදිහටත් මේ අග්ගලා ගැලපෙනවා. මේ ගෙදර හදපු ත්‍රිපෝෂ, රසයෙනුත් ගුණයෙනුත් හරිම ඉහළයි. අමතක කරන්නේ නැතිව ඉක්මනින්ම හදලා බලන්න. හොදම දේ දරුවන්ටනේ.. ආදරේ වෙනුවෙන් මොනවද කරන්න බැරි ?එහෙම නේද ?

මෙන්න මේ දේවල් අපට ඕන වෙනවා – මුං ඇට, කඩල, ඉරිගු, රටකජු, ආමන්ඩ්, සහල් මේ හැම දෙයක්ම ග්‍රෑම් 100 බැගින් තමයි ඕන.

මෙන්න මෙහෙමයි හදන්නේ – සියලුම ධාන්‍ය හොදින් සෝදා අවුවේ වියලා ගන්න. වෙනම කබලේ බැදගන්න, සියුම්ව කුඩු කරගන්න. සියල්ල එකට මිශ්‍ර කරන්න. අවශ්‍ය පමණට, පොල්, සීනි, තිබේ නම් කිතුල් පැණි යොදා මිශ්‍ර කර ගුලි සාදා පිළිගන්වන්න.

මීට අමතරව තල, සෝයා ඇට, ඇතුළු ධාන්‍ය වර්ගත් එකතු කරගන්න පුළුවන් කියලත් මතක තියාගන්න. (මේ ආහාර වට්ටෝරුව වයස අවුරුදු 1ට වැඩි දරුවන්ට වඩාත් සුදුසුයි). ගෙදර හැදුව ත්‍රිපෝෂ රස අග්ගලා හරිම රසයි. ඒක නම් නොකියාම බැහැ.

ඉරේෂා
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ගොඩක්ම කෙට්ටුයිද? ටිකක් මහත් වෙලා ඇඟ හැඩකරගන්න ඕනෙද? එහෙනම් මෙන්න රහස් බෙහෙත් වට්ටෝරු කිහිපයක්

මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න ඕනි නෑනේ දැන් මේක බලන ඔයාලත් දන්නවනේ.. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් විදියේ ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් ‘සයිඩ් ඉෆෙක්ට්ස්’ හරිම වැඩියි. ඉතින් ඇග කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි ඛෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000 ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ.

ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න ඛෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මේ අතුරු ආබාධ නැති මේ ආයුර්වේද ක්‍රම ඔයගොල්ලෝ නිවැරදිව භාවිතා කරොත් කෙසග ඇග හොද පෘෂ්ටිමත් ඇගක් බවට පත් කර ගන්න පුළුවන් වේවි.

කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපලා එය මතට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම. රටඉඳි වල ඇට ඉවත් කර ඒ තුලට එලගිතෙල් පුරවා මීපැණි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය. නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න. හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න. අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැණි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම. තිප්පිලි, වියලි ඉගුරු චූර්නය ස්වල්ප ප‍්‍රමාණයක් බත් සමග මිශ‍්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.) බිත්තර සුදුමදය එලකිරි සමග මිශ‍්‍ර කර පානය. කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2 ක ප‍්‍රමාණයක් කා එල කිරි පානය කරන්න.

මහත් වෙන්න තවත් රහසිගත වට්ටොරුවක් පහලින් දක්වන්නම්. හැබැයි මේ ඛෙහෙත් වට්ටෝරුව කල් තබාගැනීම ගැන ප්‍රශ්න තියෙනවා
උදු පිටි ග්‍රෑම් 50ක්, රටඉදි ගෙඩි 20ක්, ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්, එළගිතෙල් මි.ලි 50ක්, මීපැණි මි.ලි 50ක්

(පිරිසිදු එළගිතෙල් සහ මී පැණි හොයාගන්න වෙනවා) ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න. දැන් මේ රටඉදි, අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න. ඒකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න. මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කරගන්න ඕන.ඒක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න. දැන් ඔයා ඛෙහෙත හදලා ඉවරයි.

වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි. දැන් මේ හදාගත්ත ඛෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා. කිසිම අතුරු ආබාධයක් නැතුව. ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයාම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවකට ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්.

අපි අපේ දේ විශ්වාස කරන්න ඕන. අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා. කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ගොරකා වලින් කොලෙස්ටරෝල් නැත්තටම නැති කරගන්න ක්‍රමයක්

ගොරකාවල ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි. මෙම ගුණය නූතන විද්‍යාත්මක විශ්ලේෂණ වලින්ද සනාථ වී ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ගොරකා යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. මෙම ඖෂධය නිෂ්පාදනය සඳහා කරන ලද නිරීක්ෂණ වලින් වාර්තා වුයේ ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන ගොරකා වලින් ශ්‍රී ලංකාවේ ගොරකා වල මෙම ගුණය අධික බවයි. මේ නිසාම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගොරකා විදේශ රටවල් මිලට ගන්නා ලදී. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගොරකා වලට ඉහළ මිලක් ලැබුණි. එහෙත් දැන් ඔවුන් ගොරකාවල අඩංගු රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමේ ක්‍රියාකාරී පදාර්ථය රසායනාගාරයේදී නිපදවා ගනු ලබයි. ස්වාභාවිකව ලැබෙන එම පදාර්ථය ලබාගැනීමේ එැකියාව ශ්‍රී ලාංකික අප සතුව තවමත් ඇත.

අපේ ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා එකතු කරනු ලැබේ. හෙත් දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අපේ ගෘහණියන්ද පෙළඹී සිටීම කණගාටු දායකය. ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි. නාගරික ප්‍රදේශ වල ගොරකා ගෙවත්තේ වගා කිරීම අපහසු වුවත්, තවමත් සුළු මුදලකට මිලට ගත හැකි ගොරකා ඔබේ ආහාරයට එකතු කරගෙන ගුණ අත් විඳින්න.

Garcinia Cambogia ලෙස විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගොරකා අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළු තැන්ගෙට නැතිවම බැරි රසකාරකයක්. හොදින් ඉදුනු ගොරක ගෙඩියේ පිටුපස කොටස කඩා, ගෙඩිය ඇතුලට ලුණු ගම්මිරිස් බිදක් දමා, අග කොටස තලන ලද අමු කුරුදු කෝටුවකින් මේ මද කනකොට අපූරු රසයි.

ගොරකා ආහාරයට ගැනීම ඔබේ සිරුරේ මේදය දහනයට හා තරබාරු කම අඩුකිරීමේ මහගු ඔසුවක් බව දැන සිටියාද?මේ ආයුර්වේද ඔසුව ශරිරයේ බර අඩු කිරිමට හා අමාශයේ ඇතිවන පිළිකා හා ආහාර දිරවීමේ අපහසුතා වලට කදිම විසදුමක්. නවතම වාර්තා අනුව ශරීරයේ තරබාරුකම අඩු කරන නිශ්පාදන අතර ඉදිරියෙන්ම ඉන්න ගොරක සමත් වෙලා තිබෙනවා.

දැන් අපි කියන්න යන්නේ ගොරක වල ඇති තවත් වටිනා ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

මේද තැන්පත්වීම වලකයි
සිට්‍රික් අම්ලයේ (citric acid) අතුරුඵලයක් වන HydroxyCitric Acid (HCA) අම්ලය ගොරක නිස්සාරණයක අඩංගුවන ප්‍රධානම සංඝටකයක්. එම HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරනවා. සරළව කිව්වොත් සාමාන්‍ය තත්ව යටතේදි ශක්තිය ලෙස වැය කිරීමෙන් පසු අපේ ශරීරයේ ඉතුරුවෙලා තිබෙන වැඩිපුර සීනි සහ කාබෝහයිඩ්‍රේට, citrate lyase එන්සයිමය මගින් මේද අම්ල (fatty Acid) සහ කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරනවා. ඉන ,උකුල, සට්ටම් ආදියේ තැන්පත් වෙන්නේ මේ අතිරේක මේදය. ඉතිං ගොරකා වලින් කාබෝහයිඩ්‍රේට මේදය බවට පරිවර්තනය වීමේ වේගය අඩපණ කරනවා. මේ නිසා මේද තැන්පත් වීම වලකිනවා.

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරන බව ඉහත අපි සදහන් කලා. මේ හේතුවෙන් රුධිරය තුල සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩුකිරීම සිදුකරනවා. මේ හේතුවෙන් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලකා හිතකර කොලෙස්ටරෝල් නිපදවීම සිදුකරනවා එමෙන්ම අධිරුධිර පීඩනය පාලනය කිරිමත් මෙයින් සිදුවෙනවා.

කෑම රුචිය මර්ධනය කරයි
අපගේ මොළයේ ඇති serotonin නම් රසායනිකය මගින් බඩගිනි ඇතිවීම නැතිවීම, අාහාර රුචිය ආදිය පිලිබද අපගේ මොළයට සංවේදන සැපයීම (උත්තේජනය) සිදුකරනු ලබනවා.ගොරක වල අඩංගු HCL hydroxycitric acid මහින් එම serotonin මට්ටම ඉහල දැමීම තුලින් කෑම රුචිය මර්ධනය කිරිම හා පැණි රස ආහාර සදහා ඇති ආසාව අඩු කරනවා.

ශරීරෙය් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි
ගොරක වලින් සිදුවන තවත් ඉතා වැදගත් මෙහෙයක් තමා ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා කාර්යක්‍ෂමව සිදුකිරීමට උදව් වීම. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ අපේ ශරීරය ස්ථායීව පවත්වාගැනිම සදහා ශරිරය ඇතුලත සිදුවන රසායනික ප්‍රතික්‍රියාදාමයක්). ගොරක වල ඇති HCL මගින් ශරීරය තුල සිදුවන මෙම ප්‍රතික්‍රියා, තුලිත කර කාර්යක්‍ෂමව සිදුවීමට උදව් වෙනවා. මේනිසා ශරීරයට අතිරේක ශක්තියක් වැය කරන්නට සිදුවෙනවා. ඉතිං මේ සදහා අවශ්‍ය ශක්තිය ලබාගන්න ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරලා ශක්තිය ලෙසට භාවිතා කරන්නට සිදුවෙනවා .මේ හේතුවෙන් ශරීරයේ තරබාරු කම අඩු වීම සිදුවෙනවා.

ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කරයි
ගොරක මගින් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. නවතම අධ්‍යනයන්ට අනුව ගොරක වල ඇති අධික විටමින් c ප්‍රමානය නිසා රෝගාබාධ හා ආසාදනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරනවා. එමෙන්ම හෙම්බිරිස්සාව සාමාන්‍ය උණක් වැනි රෝගි තත්වයන්ගෙන් කෙටි කලකින් සුවය ලැබීමටත් උපකාරි වෙනවා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සූරියකාන්ත තෙල් සත්කාරයෙන් ඔබේ මුඛයේ ඇති වේදනා විඳින දත් කුහර නැත්තටම නැති කරගන්න ක්‍රමයක් මෙන්න

ඔබගේ දතෙහි විවරයන් ඇතිවූ පසු එය සුව කළ නොහැකිය යන්න පොදු මතය වේ. ඒ සඳහා දන්ත වෛද්‍යවරයෙක් වෙත යාම ඔබට ඇති එකම විසඳුමයි. නමුත් දැන් ඔබගේ දත් ශරීරය මගින්ම පෝෂණය කර සුව කළ හැකිය. එය මීට පෙර නොසිතූ නව කරුණකි. බ්‍රිතාන්‍ය වෛද්ය ජර්නලය අධ්යයනය මගින් විවරයන් සුව කළ හැකි බව පෙන්වා දී තිඛෙනවා. මෙම පර්යේෂණ කණ්ඩායම් තුනකට ඛෙදී සිටි විවරයන් සහිත දරුවන් හැට දෙකක් ඇතුලත් විය.

පළමු කණ්ඩායම විටමින් D ගෙන ධාන්‍ය තොර ආහාර පරිභෝජනය කළා. දෙවැනි කණ්ඩායම විටමින් D ගෙන සාමාන්ය ආහාර පරිභෝජනය කළා. තෙවන කණ්ඩායම ප්‍රමිතියෙන් යුත් ආහාර එකතුව ඔටාමිල් පරිභෝජනය කළා.

මෙම අධ්‍යනයේ ප්‍රතිඵල පහත ලෙස සඳහන් විය.
තෙවන කණ්ඩායමේ විවරයන් ඉහළ ගොස් තිබුනා. දෙවන කණ්ඩායමේ හොද තත්වයක් තිබු අතර පළමු කණ්ඩායම හොඳම ප්‍රතිඵල ලැබුණා. (සියලුම දෙනාගේ පාහේ කුහරයන් සුව වී තිබේ.) මෙම අධ්‍යනය නිසා අපි දන්ත විවරයන් ගැන නිවැරදි තොරතුරු නොදන්නා බව ඔප්පු වී හමාරය.

දත් දිරා යෑමට හේතුව කුමක් දැයි විමසා බලමු.
මේදය ද්‍රාවණය කරන විටමින් ප්‍රමාණවත් ලෙස ආහාර වල නොතිබීම (A, D, E, K), ප්‍රමාණවත් තරම් ඛනිජ සිරුරට නොලැබීම, ඛනිජ සහ විටමින් නොමැතිකම නිසා පොස්පරස් සහ කැල්සියම් බහුල අනුපාතයට ඛනිජ ඇටකටු වලින් ඉවත්ව ගොස් අස්ථි සහ දත් දිරා යෑමට පත්වේ.

ඔබගේ මුඛ සෞඛ්ය වර්ධනය සහ විවරයන් ආපසු වැසීමේ ක්‍රමය.
සීනි භවිතා නොකරන්න, Phytic අම්ල වලින් මිදෙන්න, සූරියකාන්ත තෙල් මේස හැන්දක් ගෙන හොදින් කට සෝදාහරින්න. ශරීරය තුළ Phytic අම්ලය රඳා පවතින විට, සියලු විටමින් සහ ඛනිජ අවශෝෂණය කර ගැනීමට උපකාර වන ආහාර පරිභෝජනය. (විටමින් A, D, E, K පොහොසත් ආහාර).

ලබා ගත යුතු අතිරේක විටමින් වර්ග
ජෙලටින්, විදුරුමස් හා ආහාර දිරවීමට අවශ්‍ය දෙයක්. මැග්නීසියම්, පොස්පරස් සහ මැග්නීසියම් ඵලදායි ලෙස භාවිතා කිරීමට අවශ්‍ය වේ, මෝර තෙල්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දවසකට විනාඩි 5ක් කැපකර බඩ අඩු කරගෙන කෙට්ටු වෙන්න ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන සාර්ථක ක්‍රමයක්

බඩ අඩු කර ගෙන කෙට්ටු වෙනවා කියන එක නම් ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ සදහා ඔබට කෑම පාලනය , අඩික ලෙස ව්‍යායාම් කිරිම හෝ බොහෝ සෙයින් මුදල් වියදම් කර ශල්‍ය කර්මයක් වැනි දෙයක් කරන්නම වෙනවා. නමුත් මේ කිසිම දෙයක් නොකර බඩ අඩු කර ගන්න ඉතා සාර්ථක ක්‍රමයක් ගැන ජපාන වෛද්‍යවරයෙක් සොයා ගෙන තිඛෙනවා. පසුගිය කාල වකවානුව පුරාම ඔහු විසින් ජපන් කාන්තාවන් විශාල ප්‍රමාණයකට මෙම ක්‍රමය මගින් සාර්ථකව කෙට්ටු වෙන්න හැකියාව ලබා දීලා තියෙනවා. අද අපි සුදානම් වෙන්නේ සාර්ථකව කෙට්ටු වෙන්න පුළුවන් මේ ක්‍රමයගැන ඔබව දැනුවත් කරන්න.

මේ විශ්මිත වෛද්‍යවරයා විසින් ව්‍යායාම් නොකර , කෑම පාලනය නොකර බඩ අඩු කර ගන්න ක්‍රමවේදය ගැන ලියු උපදෙස් පොත මේ වන විට ආසියාවේම පමණක් මිලියන 6ක් අලෙවි වී තිඛෙනවා. ඔහු කියන විදියට නම් කෙට්ටු වීම සදහා මිල අධික ව්‍යායාම් උපකරණ වලට මුදල් වියදම් කිරීම ඇත්තෙන්ම බොරු වැඩක්. රෝල් කිරීම සදහා තුවා කිහිපයක් , ටුවයින් නුල් හා හාන්සි වීමට පැතලි ඇදක් වැනි ප්‍රදේශයක් පමණක් මේ විශ්මිත ක්‍රම වේදය සදහා හොදටම ප්‍රමාණවත් කියා ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.

මුලින්ම ඔබේ ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන ලෙස තුවා වලින් රෝලක් හදා ගත යුතුයි. එය නොලිහෙන ලෙස ටුවයින් නුලකින් ගැට ගසා ගන්න. සදා ගත් තුවා රෝල ඔබ හාන්සි වීමට බලාපොරොත්තු වෙන පැතලි ස්ථායේ තබන්න. දැන් ඔබ හිස් උඩ අතට තබා තුවා රෝල හරියට ඔබේ නාභිය කෙලින් පහලට සිටින සේ ඒ මත ඇල වෙන්න. ඔබගේ කකුල් දෙක මදක් ඇත් කර මාපට ඇගිලි දෙක එකට ගාවන්න. අත් දෙකද පිටුපසට කර සුලගිලි දෙක එකට ගෑවෙන සේ තබා ගන්න. දැන් ඔබට තියෙන්නේ මේ ඉරියව්වේ විනාඩි 5 බැගින් දිනකට තුන් වතාවක් කිරිම පමණයි.

දැන් ඔබට සිතෙනු ඇති මේක හරිම සරල ව්‍යායාමයක් කියලා. නමුත් එය එසේ නොවෙයි. කරලම බලන්නකෝ යාලුවනේ. මේ විදියට ඉන්න මුලදී ඔබට ටිකක් අපහසු වේවි. කමක් නෑ විනාඩි 5ක් හරියටම ඉන්න බැරි නම් පුළුවන් තරම් වෙලා ඉන්න උත්සහා කරන්නකෝ. ඒ වගේම හොදින් මතක තියා ගන්න විනාඩි 5 අවසානයේ නැගිටින කොට එක වර නැගිටින්න එපා. හෙමිට පැත්තට හැරිලා හෙමිට නැගිටින්න ඕනේ. මේ ව්‍යායාමය විනාඩි 5 බැගින් දිනකට තුන් වතාවක් කිරීම ප්‍රමාණවත්.

ඇත්තටම මෙය ඇදීම් ගණයට අයත් වෙන ඉරියව්වක්. මෙමගින් මේදය ඉතාම වේගයෙන් දහනය වී ඔබව විශ්මිත ලෙස කෙට්ටු කරනවා මෙන්ම යම් ප්‍රමණයකට ඔබේ උසද වැඩි කර ගන්න පුළුවන්. මෙම සොයාගැනීම් සියල්ල මේ ක්‍රමවේදය උත්සාහ කර බලා සාර්ථක ප්‍රතිපල ලබා ගත්ත පුදගලයන් මගින් සනාථ කර තිඛෙනවා.

මේ ක්‍රමවේදය අනුගමනය කල ප්‍රතිපල ලබා ගත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුනේ මුල් සතිය තුලදීම ඔවුන්ට තම සිරුරේ ලොකු වෙනසක් තේරුණු බවයි. ඒ කියන්නේ ඔබට ඉක්මනින්ම මේ ක්‍රමයෙන් කෙට්ටු වෙන්න පුළුවන් කියන එකයි. ඔක්කොටම වඩා මේ ක්‍රමයේ සිත් ඇද ගන්නා කාරණාව වන්නේ මේ සදහා වැය වන්නේ දිනකට විනාඩි 15ක් වීම යන්නයි.

එහෙනම් යාලුවනේ ඔයාලත් දවසකට විනාඩි 15ක් මේ ඉරියව්වෙන් ඉදලා ඉක්මනට බඩ අඩු කරගෙන කෙට්ටු වෙන්නකෝ.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

විස පිරුණු කුකුළු මස් පීකුදු ගැන තිත්ත ඇත්ත කතාව – ඔබත් අදම දැනුවත් වෙන්න

අනේ පුතේ ඉක්මනට ලොකු වෙන්න නම් බත් විතරක් කාලා බෑ. මේ මස් කෑල්ලත් කන්නැයි බොහෝ මව්වරු තම දරුවන්ට බත් කැවීමේදී කියති. එමෙන්ම අසීරුවෙන් මුදල් සොයා විශේෂ ආහාරයක් ලෙස ගෙදරට ගෙන එන කුකුළු මස් කිලෝවේ පීකුදු කොටස වෙන්කර ගෙන දරුවාගේ බත් පිඟානට බෙදීමට අම්මලා අමතක නොකරති. තවත් පවුල්වල පීකුදු කොටස වෙන්වනුයේ ගෙදර සිටින ගැබිනි මව හෝ රෝගී දෙමාපියන් වෙනුවෙනි. ඒ කුකුළු මස් සහ විශේෂයෙන්ම පීකුදුවල ඇති ඉහළ ‍ප්‍රෝටීන ගුණය ගැන අප දිගුකලක සිට දන්නා බැවිනි. එහෙත් එලෙස ළබැඳියන්ට ලබාදෙනුයේ මරණීය විෂ කැටිවූ දෙයක් බව අප නිකමටවත් සිතන්නේ නැත. නමුත් දේශීය වෙළෙඳ‍පොළේ ඇති කුකුළු මස් ඔබ සිතනා තරම් සෞඛ්‍යාරක්ෂිත නොවනා බව දැන් තහවුරුව ඇත. මේ ඔබ කියවන්නේ දිව පිනවන රසට වස මුසු වීමේ එකී කතාන්දරයයි.

ලාංකික සමාජය තුළ ගොවිපලවල ඇති කරන කුකුළන්ගේ මස් පිළිබඳව මුල් කාලයේ කිසිදු සැකයක් තිබුණේ නැත. එකල අප එය සැලකුවේ වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙසය. ඇතැම්හු එය ගම් කුකුළු මස්වලටත් වඩා සෞඛ්‍යවත් ආහාරයක් ලෙස සැලකූහ. නමුත් පසුකාලීනව ගොවිපළවල කුකුළන්ට ලබාදෙන වර්ධක හෝමෝන නිසා මිනිසුන්ට අධික ස්ථුලභාවය වැනි රෝග ඇතිවන බවත්, දැරියන් ඉක්මනින් වැඩිවිය පත්වන බවටත් සමාජයේ මත පැතිරෙන්නට විය. කුකුළු මස් පිළිබඳ ලාංකිකයෝ සැකෙන් බලන්නට පුරුදු වූයේ ඉන් පසුවය.

කටින් කට පැතිරෙන්නට වූ කතා නිසාම කුකුළු මස් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක නියුතුවීම කාලීන අවශ්‍යතාවක් විය. ඒ කුකුළු මස්වල යම් අහිතකර සංඝටකයක් වේ නම් ඉන් පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමටත් එවැන්නක් නොමැති නම් කටකතා මගින් මස් නිෂ්පාදන ආයතනවලට වන හානියද මගහැරීමටත් එවැනි පරීක්ෂණයකට හැකියාව ඇති බැවිනි. අවසන එකී ජාතික වගකීම පැවරුණේ මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයටය. එහි ‍පෝෂණය හා ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකය මගින් එකී පරීක්ෂණ මීට කලකට පෙර ආරම්භ කරන ලදී. එහි අංශ ප්‍රධානී ආචාර්ය රුවිනී ලියනගේ ඒ පිළිබඳ පවසනුයේ මෙසේය.

වෙළෙඳ‍පොළේ තිබෙන කුකුළු මස් නිෂ්පාදනවල මිනිස් සිරුරට හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු වන බවට සමාජ මතයක් ගොඩනැගුණා. එබැවින් විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ලෙස මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීම අපේ වගකීම වුණා. නමුත් මෙවැනි කටයුත්තකට විශාල සම්පත් දායකත්වයක් අවශ්‍යයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බරණ ජයවර්ධනත් අපට මේ පරීක්ෂණයට විශාල දායකත්වයක් ලබාදුන්නා මෙම පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳ‍පොළේ අලෙවි වන කුකුළු මස් නිෂ්පාදනවලින් නියැදි ලබා ගැනීමට සිදුවිය. ඒ සඳහා ප්‍රධාන සන්නාම තුනක පමණ නියැදි වෙළෙඳ‍පොළෙන් ලබා ගත් බව ආචාර්ය රුවිනි ලියනගේ පවසන්නීය. ඊට අමතරව එම නියැදි විවිධාකාර මාංශ නිෂ්පාදන ආවරණය වන පරිදී ලබා ගන්නා ලදී. ඒ අනුව ප්‍රධාන වශයෙන් කුකුළන්ගේ ළැම (Brest), පීකුදු (Liver) සහ වැලි බොක්ක (Gizzard) යන කොටස්වල නියැදි ලබා ගැනීම සිදුවිය. මෙහිදී මෙම වර්ග තෝරා ගැනීමට විශේෂ හේතුවක්ද විය. ඒ අතර ළැම, පීකුදු හා වැලි බොකු සඳහා වෙළෙඳ‍පොළේ පවතින ඉහළ ඉල්ලුමක් පැවැතීමද විශේෂයෙන් සලකා බලන ලදී.

මෙවැනි පර්යේෂණයක ප්‍රතිඵලය වඩාත් නිවැරදි වීම අනිවාර්යය. එබැවින් මේ පර්යේෂණය සඳහා ජාත්‍යන්තර තත්ත්වයේ උපකරණ මෙන්ම පර්යේෂණ ක්‍රමවේදයන්ද භාවිත කරන ලදී. දේශීය වෙළෙඳ‍පොළෙන් ලබාගත් කුකුළු මස් නියැදි පරීක්ෂණයට ලක් කිරීමේදී ලැබුණු ප්‍රතිඵලය පුදුම එළවන සුලු විය. ඒ එක් නියැදියක ‘ආසනික්’ නම් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටම ඉක්මවා ගොස් ඇති බව පර්යේෂණවලින් තහවුරු වූයේය. මෙය වූ කලී ඉතා බරපතළ තත්ත්වයකි. මන්ද යත් එලෙස ආසනික් ලෝහය අධි සාන්ද්‍රණයෙන් වාර්තා වූයේ කුකුළු පීකුදු (Liver)වලය. මෘදු බව සහ රසය නිසා කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයන් තෙක් සෑම පරාසයකම ජනයා පීකුදු ආහාරයට ගැනීමට දක්වනුයේ මහත් රුචියකි.

එවැනි ආහාරයක ආසනික් වැනි විසක් පැවතීම ඉතා භයානක බව අමුතුවෙන් කිව යුතු නොවේ. පර්යේෂණ කණ්ඩායමේ ඊළඟ අභියෝගය වූයේ කූඩුකර ඇති කරනා කුකුළන්ගේ සිරුරට ආසනික් ඇතුළු වූයේ කෙසේද යන්න සෙවීමයි. මෙහිදී පර්යේෂණ කණ්ඩායමේ සැකය මුල සිටම යොමු වූයේ කුකුළන්ට ලබාදෙන ආහාර පිළිබඳවය. ඒ පිළිබඳ ගැඹුරින් කළ සොයා බැලීමේදී වාණිජ කුකුළු ගොවිපළවල භාවිත කරනා ප්‍රධාන ආහාර දෙකක් හඳුනා ගැනීමට පර්යේෂණ කණ්ඩායමට හැකිවිය. ගොවිපළවල කුකුළෝ ජීවිත කාලය පුරාම මෙකී ආහාර ද්‍රව්‍ය දෙක මත යැපෙන අතර එකී ආහාර සඳහා කාබනික හා ඛනිජ ලවණද එක් කරනා බව තහවුරු කර ගැනීමටද පර්යේෂණ කණ්ඩායමට හැකි වන්නේය. ඒ අනුව එම ඛනිජ ලවණ එක් කිරීමේදී ඊයම් (Pb) ආසනික් (As) කැඩිමියම් (Cd) යන බැර ලෝහ කුකුළු ආහාරවලට එක්වේදැයි පර්යේෂකයෝ සොයා බැලූහ.

ඒ සොයා බැලීමේදී බ්‍රොයිලර් කුකුළන්ට දෙනු ලබන ඇතැම් ආහාරවල එම බැර ලෝහ අධිකව අඩංගු බව තහවුරු කර ගත හැකි විය.මෙම පර්යේෂකයන්ගේ අවධානය ඊළඟට යොමු වූයේ ගොවිපළ කුකුළන්ට වැලඳෙන විවිධ ඌනතා රෝග වළකාලනු වස් කුකුළු කෑම සමග අංශුමාත්‍ර ලෙස මුසු කරනා කොපර් (Cu) මැග්නීසියම් (Mg) වැනි මූලද්‍රව්‍ය ප්‍රමාණය ඉක්මවා කුකුළු කෑම තුළ අඩංගු දැයි සොයා බැලීමටය. එකී ප්‍රතිඵල අනුව කුකුළු මස්වලට ආසනික් මුසුවනුයේ අන් කිසිවක් නිසා නොව කුකුළු ආහාරවලට එක් කරනා පෙරකී මූලද්‍රව්‍ය නිසා බව තහවුරු විය. සත්ව ආහාර සඳහා ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම, පිරිසිදු පානීය ජලය කුකුළන්ට ලබා නොදීම වැනි කරුණු නිසා කුකුළන්ගේ ආසනික් ශරීරගත වීම වඩාත් වේගවත් වෙයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අප මේ පිළිබඳව කළ විමසීමේදී කුකුළු මස් සඳහා SLS1161-2003 (paultry Meat) යන ප්‍රමිති සහතිකයද කුකුළු ආහාර සඳහා SLS244 (Compund paultry Feeds) යන ප්‍රමිති සහතිකයද පවතින බව සඳහන් විය.

එහෙත් වෙළෙඳ‍පොළේ විවිධ සන්නාම යටතේ මෙන්ම සන්නාම රහිතවද ගජරාමෙට අලෙවි වන කුකුළු මස් හා මංශ කොටස්වල අදාළ ප්‍රමිතිය තිබේදැයි සොයා වැටලීම් කරන බවක් නම් දකින්නට නැත. මෙම තත්ත්වය අනුව කුකුළු මස් මිලට ගැනීමේදී එහි පීකුදු කොටස බැහැර කිරීම ඔබේ පවු‍ලේ සෞඛ්‍ය කෙරෙහි හිතකර ලෙස බලපානා බව කිව හැක. ඊට අමතරව වෙළෙඳ‍පොළෙන් කුකුළු පීකුදු (Chiken Liver) පමණක් මිලට ගැනීමෙන් වැළකීමද ඉතා වැදගත්ය. කෙසේ වෙතත් පීකුදුවල ඇති ඉහළ ‍ප්‍රෝටීන ප්‍රමාණය නිසාම, කුඩා දරුවන්, ගැබිනි හා කිරිදෙන මව්වරුන්, රෝගීන් වැනි සෑම කෙනකුටම ලබාදීමට අප උනන්දු වන්නෙමු.

එබැවින් මින් ඉදිරියට ඔවුන්ගේ ජීවිත පිළිබඳ වඩාත් සිතාමතා කටයුතු කිරීමට ඔබට සිදුවනු ඇත. බැර ලෝහ ශරීර ගත වීම ඉතා භයානක රෝග රැසකට හේතු වෙයි. ශරීරයේ ඉන්ද්‍රියන් තුළ බැර ලෝහ තැන්පත්වීම පිළිකා සහ වකුගඩු ආසාදනය සඳහා ප්‍රධාන හේතුවක් වෙයි. ඊට අමතරව අස්ථි පද්ධතිය, අක්මාව හා ස්නායු පද්ධතිය බරපතළ ලෙස රෝගී කරවීමට බැර ලෝහවලට හැකි බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරුව ඇත. එබැවින් කුකුළු පාලනයේදී භාවිත කරනා ආහාරවල ප්‍රමිතිය ගැන වඩාත් හොඳින් සොයා බැලීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුය. ඊට අමතරව කුකුළු ගොවිපළවල ප්‍රමිතිය, කුකුළන්ට ලබාදෙන ජලය වැනි කරුණු පිළිබඳවද වඩාත් සැලකිලිමත් වීම අනිවාර්ය වෙයි. නොඑසේනම් මස්වලින් මරණීය රෝගවලට ලක්වීමට අපට අනිවාර්යයෙන්ම සිදුවන්නේය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හෘද රෝග, පිළිකා, දියවැඩියාව, කොලොස්ටරෝල් නසන මුං ඇටයේ බලය

මුංඇට ආහාරයට ගැනීම තුළින් ළඟා කරගත හැකි සෞඛ්‍යමය වාසි බොහොමයි. ශාකමය ප්‍රෝටීන ප්‍රභවයක් සොයන්නෙකුට පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත හැකි ආහාරයක් ලෙස සැලකෙන රනිල භෝග අතරින් මුංඇටවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මුංඇට එදිනෙදා ආහාරයක් ලෙස පැරුන්නන් මෙන්ම වර්තමාන පෝෂණවේදීන් අතරත් ජනප්‍රියව ඇත්තේ එහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය හා ප්‍රණීත බව නිසාම පමණක් නොවේ. ඉන් ඔබ්බට ගිය විවිධාකාර වාසි රැසක් මේවා ආහාරයට ගන්නාට අත්වෙනවා. මේවා අත්කර දීමට එහි ඇති ප්‍රතිඔක්සිකාරක හා විෂබීජ නාශක ගුණ වැනි දේත් ඉවහල් වෙනවා.

මුංඇට ග්‍රෑම් 100ක කැලරි 347ක ශක්තිය අන්තර්ගත වෙනවා. එමෙන්ම එහි මේදය අඩංගු වන්නේ ග්‍රෑම් 1ක් තරම් සුළු ප්‍රමාණයක්. මෙහි කාබොහයිඩ්‍රේට ග්‍රෑම් 63ක් ද, ප්‍රෝටීන ග්‍රෑම් 24ක් ද, තන්තු ග්‍රෑම් 16ක් ද අන්තර්ගත වෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල්හි මුංඇටවල විටමින් ‘බී‘ ඉහළ මට්ටමක් ඇති අතර විටමින් ඒ,සී,ඊ හා කේ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතයි. එමෙන්ම මුංඇටවල කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැංගනීස්, කොපර්, හා මැග්නීසියම් යන ඛණිජ ලවණත් අන්තර්ගත වෙනවා. මුංඇට ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් ශරීරයට දෛනිකව අවශ්‍යය විටමින් ඒ වලින් 2%ක් ද, විටමින් සී වලින් 8%ක් ද කැල්සියම්වලින් 13%ක් හා යකඩවලින් 37%ක් ද ලබාගත හැකි අතර එමඟින් සෝඩියම් මිලිග්‍රෑම් 15ක් හා පොටෑසියම් මිලිග්‍රෑම් 1246ක් ශරීරයට ලැබෙනවා.

දියවැඩියා අවදානම අඩු කිරීම
දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ හැකියාව මුංඇට ආහාරයට ගැනීමෙන් අඩු වන අතර ශරීරයේ ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. මුංඇට ආහාරයට ගැනීම මඟින් රැධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම, කොලෙස්ටරෝල්, හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමත් අඩු කරනවා.

කොලෙස්ටරෝල් මට්ටම හා හෘද රෝග අවදානම අඩු කිරීම
මේවා ආහාරයට ගැනීම තුළින් රැධිර නාල අවහිර වීම වැළකෙන අතර රුධිර සංසරණය හොඳාකාරව සිදුවෙනවා. මීට අමතරව ප්‍රදාහ තත්ත්ව ඇති වීමත් වළකින අතර රැධිර නාලවල හානි වූ කොටස් ප්‍රතිස්ථාපනය වීමත් සිදු කෙරෙනවා. රුධිර නාලවල අවහිරතා අවම වීම නිසා අධි රුධිර පීඩනය වැළඳීම සිදු නොවන අතර හෘදයාබාධ අවදානමත් ආඝාත අවදානමත් අඩුවෙනවා.

පිළිකා අවදානම නෑ
මුංඇට ආහාරයට ගන්නා අයට එහි අඩංගු ඇමයිනෝ අම්ල, ඔලිගොසැකරයිඩ හා පොලිෆීනොල නිසා ශරීරයේ ගැටිති ඇතිවීම මෙන්ම පිළිකා ඇතිවීමටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව ලැබෙනවා. මීට අමතරව ඩී.එන්.ඒ. දාමවල හානි ඇතිවීම හා විකෘති වීම වැළකෙනවා.

ශරීරයේ බර බහියි
මුංඇට ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 16ක් පමණ අන්තර්ගත නිසා ඒවා ආහාරයට ගත්විට උදරය පිරී ඇති බවක් ඇඟවෙනවා. මේ නිසා වැඩිපුර ආහාර ගැනීම නැවතෙනවා. මීට අමතරව මෙහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය නිසාත් මුංඇට සුළු ප්‍රමාණයකින් තෘප්තිමත් වන්නට ඒවා ආහාරයට ගන්නන්ට පුළුවන්. එමෙන්ම මුංඇට රනිල භෝග අතරින් පහසුවෙන්ම දිරවාගත හැකි රනිල භෝගය නිසා බඩ පුරවා දැමීම් වැනි තත්ත්ව ඇති වන්නේත් ඉතා කලාතුරකින්.

ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම
මුංඇටවල අඩංගු ශාක පෝෂක රාශිය විෂබීජ නාශක ගුණය සිරැරට ලබාදෙනවා. මෙමඟින් ශරීරයට වැඩි ප්‍රතිශක්තිකරණ හැකියාවක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න උදරයක් ලබාදෙනවා. මේ නිසා අනෙකුත් ආහාරවල පෝෂකත් පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකි වෙනවා.

සමෙහි සෞඛ්‍යය ඔප්නැංවීම
වඩා තරැණ සෞඛ්‍යමත් සමක් ප්‍රතිඵල කරන්නට මුංඇටවල අඩංගු ශාක පෝෂක මගින් ශරීරයේ කොලැජන්, ඉලාස්ටින්, හයලුරොනික් අම්ලය වැනි දේ නිපදවීම උත්තේජනය කරනවා.

විශිෂ්ට ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස
මුලින් කීවාක් මෙන්ම ශාකමය ප්‍රෝටීන ප්‍රභව සොයන කායවර්ධක ක්‍රීඩකයින්, ගිලන්ව සිටින්නන් වැනි අයට ඉතා සුදුසු ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස මුංඇට ඉහළින්ම තිබෙනවා. මුංඇටවල ඉහළ ග්ලොබියුලින් හා ඇල්බියුමින් ප්‍රතිශතයක් අඩංගුයි. එමෙන්ම මුංඇට මඟින් ලෙයුසීන්, අයිසොලෙයුසීන්, වැලීන් වැනි ඇමයිනෝ අම්ලත් යහමින් ශරීරයට ලැබෙනවා.

(උපුටා ගැනීම දේශය පුවත්පත)

පීනස සහ හිසරදය දුරුකරවන හිසකෙස් වඩවන, සම පැහැපත් කරවන, මුගුණුවැන්න මුල් කසාය සාදාගන්නා හැටි

කතාකරන භාෂාවෙන් අප “මුකුණුවැන්න” ලෙස හැදින් වුවද මෙහි නිවැරදි නාමය වනුයේ “මුගුණුවැන්නය”. මෙවර ඖෂධීය ශාක යටතේ මුගුණුවැන්න ගැන කතා කිරීමට සිතුවේ තම පරිසරයෙන් ඉතාමත් පහසුවෙන් සොයා ගත හැකි ශාකයක් වුවද, බොහෝ දෙනා ආහාරය සදහා යොදා නොගන්නා බැවිනි.

මෙහි ඇති ඖෂධීය වටිනාකම කොතෙක්ද යන්න අවබෝධ කර ගැනීමෙන් දිනපතාම ආහාරයට මුගුණු වැන්න ගැනීමට සිතෙනු නොඅනුමානය. එහෙත් අවම වශයෙන් සතියකට දවස් තුනක් වත් ආහාරයට ගත යුතුය. එමගින් බොහෝ ලෙඩ රෝග වලින් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සම්පූර්ණ පැළෑටියම ඖෂධ සදහා භාවිතා කෙරේ.

මුගුණුවැන්න කෙතරම් ගුණදායකද ?
ඇස් වලට ගුණදායකය, ඇස් පෙනීම වර්ධනය කරයි. හිසකෙස් වඩවයි, පටක වල ගෙවී යාම අඩු කරයි. (හන්දි රෝග වලට ඉතාමත් හොද ඖෂධයකි) අකලට හිසකෙස් පැසීම, වැටීම නවතාලයි, හිසකෙස් කළු පැහැ ගන්වයි, ධාරණ ශක්තිය ලබා දෙයි, සිරුරේ ප්‍රතිශක්තිකරණයට උදව් කරයි. සම පැහැපත් කරයි. සමේ රෝග වලට සුදුසුයි. හොදින් මළ පිටවේ. ආහාර හොදින් දිරවයි, පිත සමනය කරයි, කිරි දෙන මවුවරුන් ගේ තණ කිරි වැඩි කරයි, රක්ත දූෂණය, දැවිල්ල, කුෂ්ට රෝග, පාණ්ඩු රෝග, වාත රක්තය නැති කරයි. අපස්මාරයට, සෙංගමාලයට ද හොදය. මුත්‍රා සමග ලේ සහ සැරව පිට වන විට මුත්‍රා දැවිල්ලටත් සුදුසුය. කුඩා ළමයින්ට කොළ කැද ඉතාමත් සුදුසු පානයකි. කැද ආකාරයෙන් පානය කිරීමේදී එය ශරීරයට උරා ගැනීම පහසු වේ. මුගුණුවැන්න ආහාරයට ගැනීමේදී මැල්ලුමක් විදියට පමණක් නොව කැද ආකාරයෙන් හෝ දලු තම්බා ද පානය කළ හැකිය.

මුගුණුවැන්න මගින් රෝග කිහිපයක් සදහා අත් බෙහෙත් සකස් කර ගන්නා ආකාරය
ඇදිරි වේලාවේ ඇස් පෙනීම අඩු අයට සහ හිස කැක්කුමට මුගුණුවැන්න කොළ තල තෙලෙන් අඹරා නළලේ ආලේප කරන්න. රාත්‍රියේ ඇස් පෙනීම දුර්වල අයට මෙම ශාකය කුමන ආකාරයෙන් හෝ පිස ගෙන ආහාරයට ලබා ගැනීමෙන් සහනයක් ලබා ගත හැකිය. හිසරදයට මුගුණුවැන්න දඩු ඉස්ම නස්න කිරීම, පීනසට මුගුණුවැන්න මුල් කසාය ගම් මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම, සෙංගමාලය සදහා මුගුණුවැන්න පත්‍ර අමු නෙල්ලි අමු කහ සමග කොටා ලබා ගත් යුෂ වලට එළකිරි සහ මී පැණි දමා මිශ්‍ර කර පානය කරන්න.

මුත්‍රා දැවිල්ලට මුගුනුවැන්න මුල් පොල් කිරෙන් පිස ගෙන, මිරිකා යුෂ පානය කිරීම සුදුසුය. මුගුණුවැන්න තෙල් ඇස් දැවිල්ල, හිස දැවිල්ලට, මුඛයේ රෝග පමණක් නොව කට දිව පැලීමට ද භාවිතා කෙරේ. මෙහිදී තෙල් සාදා ගන්නේ මෙසේය.

මුගුණුවැන්න කොටා අඹරා කල්කයක් ආකාරයෙන් සකසා. එය තැඹිලි තෙල් සහිත බාජනයට දමා ලිප උඩ තබා, එහි ජලය ඉවත්වන තෙක් රත්කර ගත යුතුය. ඒ ආකාරයෙන් හොදින් රත් කර ගැනීමෙන් තෙල් ලබා ගැනීමට හැකිය.

දිව තොල් පැලීම, කට තුවාල වීම සදහා මුගුණුවැන්න කිරි හොදි ඉතාමත් ගුණදායකය. මෙම කිරි හොද්දට කෝමාරිකා ස්වල්පයක් ගෙන මිශ්‍ර කර භාවිතා කරන්න. එහි පිට පොත්ත සූරා අයින් කර කිරි හොද්දට මිශ්‍ර කරන්න.

මුගුණුවැන්න කපා, තුන පහ රතු ලූනු, ජලය මිශ්‍ර කර බාජනයකට දමා රත්කර, එයට පොල් කිරි දමා මිශ්‍ර කර ගැනීමෙන් මුගුණුවැන්න කිරිහොද්දක් සාදා ගත හැකිය. මුගුණුවැන්න කොළ කැද වල ධාතු වර්ධනය කිරීමේ ගුණය ද ඇත.

මුගුණුවැන්න වැනි තවත් ශාක
මුගුණුවැන්න වැනි වෙනත් ශාක ද දක්නට ලැබේ. ඒවා ඖෂධිමය ගුණයෙන් යුක්ත වන්නේ නැත. ඒ නිසා නියම මුකුණුවැන්න ශාකය තෝරා ගැනීම ප්‍රවේශමෙන් සිදු කළ යුතුව තිබේ.

නියම මුගුණුවැන්න ශාකයේ තැනින් තැන මල් සමග ගැට, පුරුක් දක්නට ලැබේ. සමහර වර්ග වල ඒ ආකාරයෙන් පුරුක් පිහිටා නැත. දණ්ඩ දිගට විහිදී ගොස් ඇති අතර පත්‍ර පමණක් දක්නට ලැබේ. මෙවන් පත්‍ර මුගුනුවැන්න යැයි රැවටී ආහාරය සදහා ලබා ගන්න එපා. මුගුණුවැන්න ආහාරයට සකසා ගැනීමේදී ලුණු වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා සොදා ගත යුතු අතර, අමුවෙන් ආහාරයට ලබා ගැනීමේදී ප්‍රවේශම් වීම අත්‍යාවශ්‍යය. සම්බෝලයක් ආකාරයට සාදා ගන්නේනම් දෙහි ඇඹුල් මිශ්‍ර කර ගැනීම අත්‍යවශ්‍ය වේ. කිරි හොද්දට වුවද දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කිරීම ඉතාමත් සුදුසුය. එයට හේතුව වනුයේ එමගින් ජීර්ණය වීම පහසු කිරීමයි.

කොමඩු ඇට මේ තරම් ගුණදායී කියලා දන්නවනම් ඔබ කවදාවත් කොමඩු කාලා ඇට විසිකරන්නේ නෑ

කොමඩු කන විට ඇටත් එක්කම පල කන්න කියල අපේ පැරැන්නෝ කිව්වේ ඇයි කියල දැන් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන්නේ. බොහෝ දෙනා සාමාන්‍යයෙන් සිදු කරනේ කොමඩු ගෙඩියක් කැපු පසුව එහි ඇට සියල්ලම කරදරයක් සේ සලකා ඉවත් කර දැමීමයි. අද වන විට පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ඇට රහිත කොමඩු පවා අලෙවි කිරීමට තිබෙනවා. කෙසේ වෙතත් ඔබ කොමඩු ඇට වියළා තබා ගන්නවා නම් එමගින් ඔබට විශාල සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්නට පුළුවන්.

කැලරි ඉතා අවම වශෙන් අන්තර්ගත වන කොමඩු ඇට තුල අන්තර්ගත වන අතිශය වැදගත් පෝෂ්‍ය පදාර්ථයන් ලෙස ප්‍රෝටීන්, විටමින් B ඇතුළු අනෙකුත් විටමින් වර්ග, මැග්නීසියම්, පොස්පරස්, යකඩ, පොටෑසියම්, කොපර්, මන්ගනීස් සහ සින්ක් සදහන් කරන්නට පුළුවන්. සෞඛ්‍යයට අහිතකර වන ස්නක් වර්ග වෙනුවට කොමඩු ඇට වියළා රෝස් කර ආහාරයට ගැනීමත් සෞඛ්‍යයට හිතකර වනවා.

රෝස් කරන ලද කොමඩු ඇට සකසා ගන්නා අයුරු
වියළා ගත් කොමඩු ඇට හොඳින් සෝදා ගන්න. සෝදා ගත් කොමඩු ඇට රැයක් පහන් වන තුරු ජලයේ ගිල්වා තබන්න. ඉන් පසුව කොමඩු ඇට තුලින් අංකුර දමන තුරු දින කිහිපයක් සිටින්න. කොමඩු ඇට ආවරණය වී ඇති කළු පැහැති බාහිර පොත්ත ඉවත් කර අවන් එකකට දමා හෝ හිරු එළිය යටතේ හොඳින් වියළා ගන්න. පසුව එම කොමඩු ඇට බැදගැනීමට සිදුසු තාච්චියකට දමන්න. එයට එළවළු සුළු ප්‍රමාණයක් හෝ ඔලිව් තෙල් සුළු ප්‍රමාණයක් එක්කර ලුණු කුඩු ස්වල්පයක්ද එක්කරන්න. එසේ සකස් කර ගත් කොමඩු ඇට ෆැරන්හයිඩ් අංශක 325 ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 20 පමණ බැදගන්න. විනාඩි 20 ක කාලයෙන් පසුව බැදගත් මිශ්‍රණය සිසිල් කර ආහාරයට ගන්න. ඔබට අවශ්‍ය නම් එයට කුරුඳු කුඩු ස්වල්පයක්, ලෙමන් යුෂ ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් එක්කරගන්න. කොමඩු ඇට මගින් සලසා ගත හැකි සෞඛ්‍යය ප්‍රතිලාභ දහයක් පහතින්

දියවැඩියාව නිසි ලෙස කළමනාකරණය කිරීම
දියවැඩියාව පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවන විවිධ රෝගී තත්වයන්ට සුවයක් සලසා ගැනීමට කොමඩු ඇට භාවිතා කරන්නට පුළුවන්. කොමඩු ඇට තුල අන්තර්ගත වන ඇමයිනෝ අම්ල මගින් රුධිර නාලිකා ලිහිල් කිරීම සිදු කරන නිසා ඔක්සිකාරය ආතතිය මගහරවා ගන්නට පුළුවන්. එසේම, කොමඩු ඇට සතු වන මැග්නීසියම් මගින් කාබෝහයිඩ්‍රේට පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කර රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමත් සිදු කරනවා. මෙවන් හේතු නිසා “Applied Sciences and Environmental Management” සඟරාවේ පවා 2014 වසරේදී කොමඩු ඇට මගින් දියවැඩියාව සුව කරන බවට අධ්‍යයන වාර්තාවක් පලකරනු ලැබුවා.

මෙම සෞඛ්‍යය ප්‍රතිලාභ ලබා ගැනීමට පහත පියවරයන් අනුගමනය කරමින් කොමඩු ඇට භාවිතා කර තේ පානයක් සකස් කර පානයකරන්න.

ජලය කෝප්ප හතරකට කොමඩු ඇට අහුරක් එක්කරන්න. එය රත්කර ගැනීමට සුදුසු භාජනයකට එක්කර එහි කට වසා විනාඩි 45ක් පමණ රත් කර ගන්න. පසුව එම පානය සිසිල් කර පානය කරන්න. මෙය තේ පානයක් ලෙස දිනපතා පානය කිරීමට හුරු වන්න.

තෙහෙට්ටුව දුරු කිරීම
කොමඩු ඇට අහුරක් ආහාරයට ගැනීම මගින් ශරීරයේ ශක්ති මට්ටම වර්ධනය කර තෙහෙට්ටුව දුරු කර ගන්නට පුළුවන්. කොමඩු ඇට යකඩ වලින් පොහොසත් වන නිසා ශක්තිය නිපදවීමට අවශ්‍ය වන ඔක්සිජන් ශරීරය පුරාවට ගෙනයාමට රුධිරයේ හිමොග්ලොබින් වෙත උපකාර කරනු ලබනවා. එසේම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට සහ යකඩ මගින් කැලරි ශක්තිය බවට පත් කිරීම සඳහාත් කොමඩු ඇට උපකාර වනවා. ශරීරයේ තෙහෙට්ටුව දුරු කිරීමට අවශ්‍ය කරන “L-citrulline” ඇමයිනෝ අම්ලයත් කොමඩු ඇට තුල අන්තර්ගත වනවා.

හදවත සෞඛ්‍යය සම්පන්නව තබා ගැනීම
ඔබ කොමඩු ඇට ආහාරයට ගන්නවා නම් ඔබේ හදවත හොඳ තත්වයෙන් තිබෙන බව තහවුරු කර ගන්නට පුළුවන්. කොමඩු ඇට තුල මොනසැකරයිඩ සහ පොලිසැකරයිඩ මේද අම්ල අන්තර්ගත වනවා. මේවා මගින් හෘද්‍යාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව සලසනවා. එසේම මෙම සෞඛ්‍යය සම්පන්න මේදයන් විසින් නරක කොලෙස්ටරෝල් මට්ටමත් නිසි ලෙස අඩු කරනු ලබනවා. ඊටත් අමතරව කොමඩු ඇට තුල අන්තර්ගත වන පොටෑසියම් මගින් හදවත් සෞඛ්‍යය වර්ධනය කරන අතර ඇමයිනෝ අම්ලයන් වන “citrulline” සහ “arginine” මගින් ධමනි නිසි ලෙස පවත්වා ගෙන හදවත් සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා.

රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීම
කොමඩු ඇට තුල අන්තර්ගත වන ඇමයිනෝ අම්ලයන් අතරින් “arginine” වැනි ඇමයිනෝ අම්ල මගින් ශරීරය විසින් නිපදවන “arginine” ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට සපයාදී රුධිර පීඩනය නිසි ලෙස නියාමනය කරනු ලබනවා. ශරීරය තුල මැග්නීසියම් අඩු වූ විටරුධිර පීඩනය ඉහළ යන නිසා කොමඩු ඇට තුල අන්තර්ගත වන මැග්නීසියම් ප්‍රමාණය රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට උපකාර වනවා. ශරීරයේ මැග්නීසියම් අගය අඩුවීම නිසා පොටෑසියම් මට්ටමත් පහල බසිනවා. මේ නිසා ශරීරයට ලැබෙන මැග්නීසියම් ප්‍රමාණය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්විය යුතු වනවා.

මාංශ පේශී සෞඛ්‍යය සම්පන්නව පවත්වා ගැනීම
ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් පසුව ඇතිවන මාංශපේශී වේදනාව දුරු කර ගැනීමට කොමඩු ඇට ඉතා ඵලදායී වනවා. මාංශ පේශී පටක වර්ධනයට කොමඩු ඇට සතු “L-citrulline” උපකාර වනවා. මෙමගින් මාංශපේශී ලිහිල් කර ක්‍රියාශීලී බවක් ඇති කරවනවා. කොමඩු ඇට තුල අන්තර්ගත වන මැග්නීසියම් මගින් ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශෝෂණය කිරීම වේගවත් කරවන නිසා මාංශපේශී ශක්තිමත් කිරීම මෙන්ම මාංශපේශී වල ඇතිවන වේදනාවද දුරු කරනු ලබනවා.

මේද දහනය
කොමඩු ඇට “citrulline” ලෙස හඳුන්වන සංයෝගයකින් පොහොසත් වනවා. මෙම සංයෝගය පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීම මගින් ශරීරයට අත්‍යාවශය ඇමයිනෝ අමලයක් වන “arginine” නිෂ්පාදනය කරනවා.“Arginine” මගින් ශරීරයේ තැම්පත්වී ඇති මේදය දහනය කිරීමද සිදු කරනවා. කොමඩු ඇට තුල කැලරි අවම වන නිසා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා එය උපකාරයක් වනවා. කොමඩු ඇට සතුව මේදය සුළු ප්‍රමාණයක් අන්තර්ගත වුවත් ඒවා ශරීරයට සෞඛ්‍යය සම්පන්න වන “monounsaturated” සහ “polyunsaturated” මේදය ලෙස හඳුන්වන්නට පුළුවන්.

මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය
කොමඩු ඇට ෆෝලික් අම්ලය සහ විටමින් B9 සපයා ගැනීමට ඇති ඉතා හොඳ මුලාශ්‍රයක් වනවා. මොළයේ නිසි වර්ධනයක් සඳහා මෙය අත්‍යාවශ්‍ය වන අතර ගර්භනී මව්වරුන්ට ෆෝලික් අම්ල ඌනතාවයක් ඇතිවූ විට දරුප්‍රසූතියේදී විවිධ ගැටළු ඇති වන්නට ඉඩ තිබෙනවා. කොමඩු ඇට සතු සෞඛ්‍යය සම්පන්න මේද අම්ලයන් විසින් “neurotransmitters” වල ක්‍රියාකාරිත්වය වේගවත් කර මතක ශක්තිය සහ ඥාන ශක්තිය වර්ධනය කිරීමත් පොටෑසියම් මගින් පරිකල්පන හැකියාවවර්ධනය කිරීමත් ප්‍රතිඔක්සිකාරක මගින් මොළයේ සෛල ආරක්‍ෂා කිරීමත් සිදු කරනු ලබනවා.

අක්‍ෂි අබාධ දුරු කිරීම
කොමඩු ඇට සතු විටමින් A සහ විටමින් C දෑස් සඳහා සුවදායක වනවා. කොමඩු ඇට ආහාරට ගැනීමෙන් වයස් ගත වීමේදී සිදුවන අක්‍ෂි වියළීම, අක්‍ෂි වල ඇතිවන ස්නායු ආභාද සහ “glaucoma” වැනි රෝග මෙන්ම වෙනත් අක්‍ෂි ආභාද වලින් වැලකී සිටින්නට පුළුවන්.

හිසකෙස් වල සෞඛ්‍යය වර්ධනය කිරීම
හිසකෙස් යනු වැඩි වශයෙන් ප්‍රෝටීන් වලින් සැදුම්ලත් අංගයක් නිසා ප්‍රෝටීන් අඩංගු වන ඕනෑම ආහාරයක් හිසකෙස් සඳහා ගුණදායක වනවා. කොමඩු ඇට තුල ප්‍රෝටීන් වැඩි වශයෙන් අන්තර්ගත වන නිසා කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් හිසකෙස් වල වර්ධනය වැඩි කර ගන්නට පුළුවන්. කොමඩු ඇට තුල අන්තර්ගත වන යකඩ මගින් හිසකෙස් සවිමත් කිරීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කිරීම මෙන්ම හිසකෙස් වියළි මලානික වීම නවතා දමනවා. එමන්ම බැදගත් කොමඩු ඇටතුල අන්තර්ගත වන කොපර් මගින් මෙලනින් නිෂ්පාදනය වීම වේගවත් කර හිසකෙස් සඳහා පැහැපත් වර්ණයක්ද එක්කරනු ලබනවා. කොමඩු ඇට ආහාරයට ගන්නවාට අමතරව කොමඩු ඇට මගින් සකස්කල තෙල් හිසෙහි ආලේප කිරීම මගිනුත් හිසකෙස් වල නිසි වර්ධනයක් ඇතිකර ගන්නට පුළුවන්.

සම පැහැපත් කර ගැනීම
කොමඩු ඇට තුල අන්තර්ගත වන විටමින් C සම පැහැපත් කර අකලට වියපත්වීම දුරු කරන ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් වනවා. විටමින් C මගින් සමේ වර්ධනයට අවශ්‍ය වන කොලේජන් නිෂ්පාදනය වීමත් වේගවත්කරනු ලබනවා. තවද, කොමඩු ඇට සතු “oleic” අම්ලය සහ “linoleum” අම්ලය මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර සමට සිදුවන විවිධ ආසාදනයන් දුරු කරනු ලබනවා. කොමඩු ඇට ආහාරයට ගන්නවාට අමතරව කොමඩු ඇටමගින් සකස් කර ගන්නා ලද තෙල් සමෙහි ආලේප කර ස්නානයට පෙර හොඳින් සම්භාහනය කරන්න.

(උපුටාගැනීම විශ්ම ලෝකය වෙබ් අඩවිය)